[ratings]
ගෙයි දිග පළල තීරණය කිරීමේදී වඩු රියනින් මැන ගතයුතු බව පෙර ඉසිවරු දක්‌වා තිබේ. මේ මානයන් මුනුෂ්‍ය ශරීරයට නොහොත් වාස්‌තු පුරුෂයාගේ පිණ්‌ඩයට සාපේක්‍ෂ බව පෙර සඳහන්කර ඇත. එහිදී වත්මන් මේට්‌රික් ක්‍රමයට හෝ අඩි අගල් ගණනට වඩු රියන් පරිවර්තනය කර ගැනීම සාමන්‍ය ස්‌වභාවයයි. මේ පැරණි මානයන් හි මූල ධර්මයන් දැන් ගෙන භාවිත කිරීමෙන් යහපත් ප්‍රතිඵල අත්කර ගත හැකිය.
ගෘහයක වර්ග ඵලයෙන් ලැබෙන අය ප්‍රමාණය වැයට වඩා විඩියෙන් වෙනස්‌ව තිබිය යුතු බවට තිබෙන මතය අප විමසා බැලිය යුතුය. ගෙට ඇතුළු වන විශ්ව ශක්‌තිය හා පිටවන ශක්‌තිය ගණනය කිරීම මෙහි අදහසයි. ඉරට්‌ටේ ගණනක් වන අටෙන් වැඩි කිරීමෙන් සහ බෙදීමෙන් අය ද ඔත්තේ ගණණක් වන නවයෙන් වැඩි කර බෙදීමෙන් වැය ද ලබාගැනීමේ ගණිතමය ක්‍රමයෙන් ඉස්‌මතු වන්නේ ඉතිරිය පිළිබඳ සාපේක්‍ෂතාවයයි. ගෙයි පිහිටුවන උලුවහු ගණන ඔත්තේ ප්‍රමාණයකට තැබීම ජනෙල් සහ කවුලු ඉරට්‌ටේ ගණනකට තැබීම පැරණි සිරිතයි. මෙහි අදහස නම් ගෙට ඇතුළු වන ශක්‌තිය ඉතිරි කිරීමත් පිටවන ශක්‌තිය ශුන්‍ය කිරීමත් බව තේරුම් ගතයුතුය. එයට අමතරව අවකාශය සමබර කිරීමටද සිදුවේ.
ගෙයි ප්‍රධාන උලුවස්‌ස තැබිය යුතු ස්‌ථානය මගින් මෙම සංකල්පය වඩාත් තීව්ර වේ. ප්‍රධාන උලුවස්‌ස තැබීමේ දී අනුගමනය කරන වාස්‌තු විද්‍යා මූලධර්මයන් කීපයෙකි. ඉදිරි පස පාද අටකට බෙදාගැනීම එක් ක්‍රමයෙකි. ඉදිරි පස පාස අටකට බෙදා ගැනීම එක් ක්‍රමයෙකි. එහිදී උතුර දකුණ ආදි දිශාවන්හිදී උලුවහු තබන විට ඇති වන සුබ අසුබ කල් තියා කිව හැකි වී ඇත. එය පොදු ක්‍රමයක් යෑයි සිතමි. ගෙයි ඉදිරි පස බිත්තියට පිටුපා සිට ගත් පුද්ගලයකු ගේ වම් පස සිට දකුණට ගැන බලා මේ උලුවස්‌ස තැබීම කරති. නමුත් ප්‍රධාන බිත්තිය නවයකට බෙදා දැක්‌වීම තවත් ක්‍රමයෙකි. ඒ මගින් කියෑවෙන්නේ නව ග්‍රහයන්ගේ පිහිටීහයි. රවි චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, සිකුරු, හනි, රාහු, කේතු වශයෙන් දකුණට එය ගණන් බැලෙන කල්හි පළමුවැනි පාදය අතහැර සඳු අඟහරු සිකුරු හෝ ගුරු පාදය තොරාගත හැකිය. එය තොරා ගතයුත්තේ ගෙයි හිමියාගේ උප්පත්ති ග්‍රහ බලය අනුවයි. සාමාන්‍යයෙන් හතර හෝ පස්‌වන පාදය පොදුවේ ප්‍රධාන උලුවස්‌ස තැබීමට සුදුසු යෑයි දක්‌වා ඇත. නමුත් පෙර කී මූලධර්මයන්ට අනුව එහි උචිත අනුචිත බව තේරුම් කරගත හොත් මැනවි. මේ කවියෙන් ඒ බැව් පැහැදිලි වේ.
දිග බෙදමින් ගෙයි නවයට සතර විදිය දැන සොඳ ලෙස
දකුණට ඉන් පසක්‌ද වමතට තුන් භාගයක් සලස
සෙසු තැන මින් බලා සොඳින තබනු ගෙයි දොර කඩ සිතු ලෙස
වැඩ සෑදෙයි සන්තොස ලෙස විසුම කලොත් මෙලෙස
වර්ග ඵලය අනුව ගෘහයට ලැබෙන නැකත ගෙයි හිමියාගේ නැකත හා සීහේ නම් අඩු ගණනේ ක්‍ෂේම නැකතක පිහිට වී නම් සුදුසුය. කැති නැකතේ සිට නැකැත් හතකට අයත් නම් ප්‍රධාන දොර නැගෙනහිරට දමා නැකතේ සිට ගැනෙන නැකත් සත පැමිණි විට දකුණට ද අනුරයෙන් පටන් ගත් සතට පැමිණි විට බටහිරටද දෙනටෙන් පටන් ගතවිට උතුරට ද තැබීම සුදුසු යෑයි කියා තිබේ. මෙහිදී බටහිර දොර තැබීමට කවුරුත් මනාප නොවීම ප්‍රශ්නයකි. නමුත් ඉඩම් කැබලි කැඩීමේදී ඇතිවන තත්ත්වයන් මත බටහිර දිශාව ගැනීම වැළැක්‌විය නොහැකි වූ තැන එය ශාස්‌ත්‍රානුකූලව ගත හැකි බවද සිහි තබාගත යුතුය.
පමණට වඩා කුඩා ලෙස ප්‍රධාන උලුවහු තැබීමද විශාල උලුවහුතැබීම ද මගින් ලැබෙන ප්‍රතිඵල නම් ශක්‌තිය විකෘති වීමයි. එම නිසා උලුවස්‌සේ පළල මෙන් දෙගුණයක් උස සිටින ලෙස උලුවස්‌ස මැන ගැනීම පුරාණ ක්‍රමයයි. මේ උලුවහු වල පුරාණ හැඩ රුව ගැනද මෙහිදී සටහන් නොකරම බැරිය. එයට කොටස් නමයකි. මේ හැඩයේ උලුවහු විහාරස්‌ථානයන්හිද දේවාලයන්මිද අදත් දක්‌නට ඇත. පුරාණ වලව් නොහොත් ප්‍රභූ ගෙවල් වලද මෙවැනි උලුවහු දක්‌නට තිබේ. උලුවස්‌සේ සියල්ල එකිනෙකට කිටි කිටියේ තද කර ඇත්තේය. ඉඩව්වක් ඇත්තේම නැත. එම නිසා අසව්වකින් කරකැවෙන මෙම දෙරටු මගින් ඇති වන වාස්‌තු දොaස අවම ඇත්තේම නැත. එම නිසා අසව්වකින් කරකැවෙන මෙම දෙරටු මගින් ඇති වන වාස්‌තු දොaස අවම තත්ත්වයට පත්කර ඇත. අවසාන වශයෙන් උලුවහු පැන ශාන්ති කර්ම කිරීමද මෙවැනි උලුවහු වලට නියමිතය.
ප්‍රධාන උලුවස්‌ස ඉදිරියෙන් දොර මෙන් දෙගුණයක දිග ප්‍රමාණයකට මෙහායින් මහා මාර්ගයක් පැවැතීම මඩ ගොහොරුවක් පැවැතීම වෘක්‍ෂයක් පැවැතීම මෙන්ම ප්‍රතිමා ආදිය පැවැතීම මගින් ගෙට අසුබ ගෙන දෙන බව කියවෙන පැරණි මතයද සලකා බැලිය යුතුය. එවැනි ස්‌ථාන නුදුරුව පැවැතීම මගින් පිටතින් ලැබෙන ධනාත්මක ශක්‌තිය අභිබවා විකර්ශන ශක්‌තිය ක්‍රියාකරන බව පැහැදිලි කරදිය යුතුය. මෙහිදී වෘක්‍ෂය ගනිමු. එලෙස ගසක් ඇත්නම් දරුවන්ට රෝග හා වෙනත් දොස් ඇති වන බව කියා ඇත. ගසක ක්‍රියාකරන නොයෙකුත් ශක්‌ති විශේෂ විශ්ව ශක්‌තිය අභිබවා මෙහිදී ගෙතුලට ඇතුළු වේ. ඒ මගින් ආබාධ ගෙනෙන්නේ දරුවන්ටයි.
We found this article from Divaina on 2012/03/30.
Also Sinhala to English Google word to word translation can be found here