ප්‍රිය දසුනට නව අරුතක්‌

2224
ප්‍රිය
ප්‍රිය

ඕනෑම නිවසකට අලංකාරය කැඳවන සහ නිවසේ ශ්‍රියාවට, සෞභාග්‍ය ඉතිරෙන මූලික කරුණු අතර නිවසේ ප්‍රධාන උළුවස්‌ස ඉදිරිපස මිදුල ප්‍රදේශයට ඉතා වැදගත් තැනක්‌ හිමිවේ. එබැවින් නිවසක්‌ ඉදිරිපස මිදුල අලංකාර කරගැනීම සඳහා විවිධ මල් වර්ග හා විසිතුරු ශාක වැවීමට බොහෝ දෙනා උනන්දු වෙති. ප්‍රසන්න වූ මිදුලක්‌ දර්ශනය වීම නිවැසියන්ට මෙන්ම යන එන සැමට ප්‍රිය උපදවන දසුනක්‌ වන අතර බෙලි, අඹ, කොහොඹ, ඇට්‌ටේරියා, කෝමාරිකා, දුටුසතුටු වැනි ශාක රෝපණය කිරීමෙන් අනවශ්‍ය සූර්ය රශ්මිය වළකා පිරිසිදු වාතාශ්‍රය ලබමින් නිදුක්‌ව නිරෝගීව දිවි ගෙවීමටද හැකි වේ.

මීට අමතරව අපේ මුතුන්මිත්තන් මෙකී වෘක්‌ෂවල එනම් අඹ ගසේ පත්තිනි මෑණියන් වැඩවසන බවටද, බෙලි ගසේ ශ්‍රියා කාන්තාව වැඩවසන බවටද, කොහොඹ ගසින් පරිසරය සිසිල්වීමද, ඇට්‌ටේරියා ගසෙන් ගෙවත්තේ පවතින විවිධ අමනුෂ්‍ය දෝෂ ඉවත් වීමද, දුටුසතුටු ශාකයෙන් ඇස්‌වහ කටවහ දුරුවන බවටද තිබූ විශ්වාසය නිසා නිවෙස්‌ ඉදිරිපිට මෙම ශාක වවා ගැනීමට උනන්දු වූහ.

මේ අතර නිවසේ අලංකාරයටත්, තම හිත සුව පිණිසත් තුරුලතා රෝපණයට අමතරව බොහෝ නිවෙස්‌ ඉදිරිපිට ඉතා අලංකාරවූ සුවිශේෂී දර්ශනයක්‌ දැකිය හැකිය. එනම් නිවසේ ප්‍රධාන දොරටුව ඉදිරියෙන් නිවසින් පිටතට වන්නට පැන් පුරවා සුදු මල් අතුරා තබා ඇති මල් බඳුනයි. “ප්‍රිය දසුන” නමින්ද හඳුන්වන මෙය නිවෙස්‌වල තැබීමෙන් නිවසට සිරිකත සෞභාග්‍යය උදාවී යස ඉසුරු සැප සම්පත් ලැබීම හා මෙම මල් බඳුන ඉදිරියට හමුවී යන එන ගමන් ඉතා සුබවෙතැයි යන්න බොහෝ දෙනාගේ පිළිගැනීමයි.

මෙම පිළිවෙත අද ඊයේ ආරම්භ වූවක්‌ නොව මීට ශතවර්ෂ ගණනාවකට පෙර විසූ අපේ පැරැණි ජනතාවද මෙම පිළිවෙත අනුගමනය කර ඇති බවට බොහෝ සාක්‌ෂි ඇත. එහෙත් අද අපේ ගෘහනියන් මෙන් නොව එදා අපේ පැරැණි කාන්තාවෝ මෙම ප්‍රිය දසුනට නිකම්ම මල් දැමුවා නොවේ. සියලු සුබ සිද්ධිය ප්‍රාර්ථනා කරමින් ඔවුන් ඒ සඳහා ඉතා රහසිගත මන්ත්‍රයක්‌ භාවිත කොට ගත්හ.

එනම් සත්වාරයක්‌ පෙරන ලද පැන් ගෙන ඔබ තෝරා ගන්නා බඳුනට දමා ගන්න. කතා නොකර සුදු මල් 21 ක්‌ කඩාගෙන එම මල් 21 පහත දැක්‌වෙන මන්ත්‍රය එක මලකට එකවර බැගින් කියමින් ජල බඳුනේ තැන්පත් කරන්න. තමන්ට පමණක්‌ ඇසෙන සේ මෙම මන්ත්‍රය කියමින් බඳුනට මල්දමා ඔබගේ නිවසේ යහපත ප්‍රාර්ථනා කිරීමෙන් ඔබ බලාපොරොත්තු වන සෞභාග්‍යය නිරතුරුව ඔබට ලැබෙනු ඒකාන්තය.

මන්ත්‍රය :-

“සාමන් සාමන් පූජාච තුම්මේහි සාමන්”

We found this article from Divaina on 2012/12/28.
Also Sinhala to English Google word to word translation can be found here