පිළිවෙත් සපුරා නව නිවසට පිවිසෙන්න

0
696
පිළිවෙත්
පිළිවෙත්

[ratings]

චන්ද්‍ර මාස ක්‍රමය අනුව එළඹෙන වෙසක්‌ මාසය තුළ යෙදෙන නැකත් තම කටයුතු සඳහා යොදා ගන්නට බොහෝ දෙනෙකු ප්‍රිය කරති.
ගෞතම සර්වඥයන් වහන්සේ බිහිවුණේද, බුදු බව ලබා ගත්තේද, පිරිනිවණ පෑවේද වෙසක්‌ මස පුර පසළොස්‌වක පොහොය දිනකය.
එසේම උන්වහන්සේ ගේ බොහෝ කටයුතුවලට වෙසක්‌ මාසය සම්බන්ධය.

ඒ නිසා වෙසක්‌ මාසය තුළ යෙදෙන තැකත් ඉතා විශිෂ්ට බව ඈත අතීතයේ සිට පිළිගැනීමක්‌ වේ.

වෙසක්‌ මාසය තුළ බොහෝ කටයුතු රැසකට ශුභ නැකත් යෙදෙයි.

බෞද්ධ පිළිවෙත්

ඉදිරි කාලයේදී ගෘහ ප්‍රවේශය සඳහා ඇති නැකත්වලදී මෙහි පහත සඳහන් වත් පිළිවෙත් ප්‍රයෝජනයට ගැනීමෙන් ජීවිත පැවැත්මට ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයෙන් මහඟු රුකුලක්‌ ලැබෙනවා ඇත.

මේවා බොදු පිළිවෙත් නිසා සම්‍යයක්‌ ද්‍රෂ්ඨීක දෙවියන්ගේ ඇල්ම බැල්ම වැටී කාර්ය සිද්ධිය ඇතිවී මානසික සුවයද ලැබේ.

ක්‍රි. මු. පද්ධති

කාණ්‌ඩ හයකින් යුක්‌තව ඉංගී්‍රසි භාෂාවෙන් නිකුත් කර ඇති ක්‍රිෂ්ණ මූර්ති පද්ධති ග්‍රන්ථාවලියේ තුන්වන වෙළුමේ 261 වැනි පිටුවෙ “ගෘහ ජාතකම්” පරිච්ඡේදයේ ගෘහ ප්‍රවේශම්” සහ “භූමි පූජා” සිරිස්‌තල යටතේ දක්‌වා ඇත්තේ රෙහෙන, මුවසිරස, පුස, උත්‍රපල්, හත, සිත, සා, අනුර, උත්‍රසල, දෙනට, සුවන, උත්‍රපුටුප සහ රේවතී යන නැකත් තාරකා ගෘහ ප්‍රවේශය සහ භූමි පූජා සඳහා උත්තම බවය.

ශුභ දවස්‌

ගෘහ ප්‍රවේශය සඳහා සුදුසු දවස්‌ වශයෙන් එහි දක්‌වා ඇත්තේ සඳුදා, බදාදා සහ සිකුරාදාය.

ශුභ ලග්න

ගෘහ ප්‍රවේශයට ශුභ ලග්න වශයෙන් එහි සඳහන් වන්නේ, වෘෂභ, සිංහ, වෘශ්චික සහ කුම්භ යන ලග්නයන්ය.

මේ කරුණු මෙසේ යොදා ගැනීමෙන් ධනය කීර්තිය සහ පෞරුෂත්වය ලැබෙන බවද එහි සඳහන් වේ.

අභිජිත් මුහුර්ථය

ක්‍රි. මු. පඬිතුමා සඳහන් කරන්නේ නැකත් නැති හදිසි අවස්‌ථාවක ගෘහ ප්‍රවේශය කරන්නට අවශ්‍ය නම්, සිතේ කිසිම සැකයක්‌ තබා නොගෙන “අභිජිත් මුහුර්ථ” යෙන් ගෘහ ප්‍රවේශය කරන ලෙසය.

ඒ තරමටම මෙම අභිජිත් මුහුර්ථය ගෙවදීමට ඉතාමත් විශිෂ්ටය.

සූර්ය උදා ලග්නයෙන් 04 වැන්න අභිජිත් ලග්නය වශයෙන් සැලකේ.

ගර්ගාචාර්ය වරයාද නාරද ඉසිවරයාද සූරිය නාරායන් වැනි විශිෂ්ට ජ්‍යෙතිෂ ආචාර්යවරුද අභිජිත් මුහුර්ථය ප්‍රශස්‌ත යයි වදාරති.

බ්‍රහ්ම මුහුර්ථය

සියලු බුදුවරු බුද්ධත්වය ලැබුයේද, ලෝක සත්වයාගේ හිතසුව පිණිස බුද්ධ ඥානයෙන් ලෝකය දෙස බැලුවේද මේ බ්‍රහ්ම මුහුර්ථය යෙදෙන අලුයම් වේලාවෙහිදීය.

මේ බ්‍රහ්ම මුහුර්ථයද ගෘහ ප්‍රවේශයට අති විශිෂ්ට බව අත්දැක ඇති කරුණකි.

ශිවා ලිතය

කාර්ය බහුල යුගයක ජීවත්වන අපට එදිනෙදා කටයුතු සඳහා යොදා ගත හැකි විශිෂ්ටතම නැකත් ක්‍රමයක්‌ “ශිවා ලිත” ශාස්‌්‍රයෙහි එයි.

ඊශ්වර දෙවියන් විසින්, සුර අසුර යුද්ධයේදී අසුරයන් පරාජය කිරීම සඳහා ඉතා ඈත අතීතයේදී යොදා ගන්නා ලද මේ ගුප්ත මුහුර්ථ ක්‍රමය, පාර්වතී දේවියගේ ආරාධනය නිසා ලෝකයාගේ යහපත උදෙසා ප්‍රකාශ කරන ලද්දේ යෑයි සඳහන් වේ.

“ශිවා ලිත” යෙහි සඳහන් වන අභිජිත් මුහුර්ථයත් (කලින් කියන ලද අභිජිත් මුහුර්ථය නොවේ) මෛත්‍රී මුහුර්ථයත් යන මුහුර්ථ දෙකමද ගෘහ ප්‍රවේශයෙහි විශිෂ්ටය.

මේ ශාස්‌ත්‍ර ක්‍රමයේදී මහ කන්ෂත්‍ර ක්‍රමයේ යෙදෙන විසි මහ දොaෂ ගැන බැලීමට අවශ්‍ය නැත. පංචාංග ශුද්ධිය අවශ්‍ය නැත.

රාහු කාලයද බලපාන්නේ නැත.

ඕනෑම දවසක ඕනෑම කටයුත්තකට මේ මුහුර්ථ ක්‍රමය උපයෝගී කරගත හැකිය. එසේම විශිෂ්ට ඵල ලැබේ.

භාරතයේ ශාස්‌ත්‍රඥයන් මේ “ශිවාලිත” ශාස්‌ත්‍ර ක්‍රමයෙන් අපමණ ප්‍රයෝජන ගනිති.

අපේ සමහර ජ්‍යෙතිෂ ගුරුකුලවල අයද මේ ශාස්‌ත්‍රයෙන් රහස්‌ වැඩ ගන්නා බවක්‌ පෙනේ.

එහෙත් හැට පැයේ ලිත අනුව දින ශුද්ධිය ගැන බලන්නට පරෙස්‌සම් වන අපේ සමහර ගම්බද ජ්‍යෙතිෂ් ශාස්‌ත්‍රඥයන් “ශිවා ලිත” ශාස්‌ත්‍රයක්‌ තිබෙන බවක්‌ වත් නොදන්නා බවක්‌ පෙනේ.

පංචාංග ශුද්ධිය විවිධාකාර වෙනස්‌කම් සහිතව පංචාංග ලිත්වල සටහන් වන මේ යුගයේ පංචාංග ශුද්ධිය පිළිබඳව බියෙන් තොරව නැකතක්‌ සාදා ගත හැක්‌කේ “ශිවා ලිත” ශාස්‌ත්‍ර ක්‍රමයෙනි.

චන්ද්‍ර මාස

එහෙත් චන්ද්‍ර මාස ක්‍රමයටද “ශිවා ලිත” මුහුර්ථ ශුද්ධ කළ යුතු නිසා සමහර මාසවල මේ මුහුර්ථ ගලවා ගැනීමට අපහසුය. ඒ නිසා දිනපතා මේ මුහුර්ථ යොදා ගත නොහැකිය.

ගෙවදීමේ වත් පිළිවෙත්

නව නිවසකට ගෙවදීමට දින තුනකට පෙර ගෙයි ඇතුළත සහ පිටත හොඳින් ශුද්ධ පවිත්‍රකර කහ දියර ඉස දොර ජනෙල් වසන්න.

ළිඳ සහ ළිඳ අවටද හොඳින් පිරිසිදු කර දියර ඉසින්න. ඉන්පසු මංගල උළුවස්‌ස ඉදිරිපිට දිග අතට ගොක්‌ කොල පහන් පැලක්‌ තනා බුද්ධ පිළිම වහන්සේ නමක්‌ එහි වඩා හිඳුවා, මල්, සුවඳ දුම්, ගිලන්පස සහ ගිතෙල් පහන් තුනක්‌ හෝ තිතෙල් යෙදූ පොල්තෙල් පහන් තුනක්‌ පුදා තෙරුවන් වැඳ “කරණීය මෙත්ත සූත්‍රය” කියා පිං කැමැති සම්‍යයක්‌ ද්‍රෂ්‍යටික දෙවියන්ට සතර වරම් දෙවියන්ට මෙන්ම ඉඩමට හා නිවසට අරක්‌ගත් බහිරව දේවතාවන්ටද පිංදී ආරක්‌ෂාව පතන්න.

සතර කොනේ මල් පැළ

ඉන්පසු නිවසේ සතර කොනේ කොක්‌කොළ මල්පැළ සතරක්‌ තනා එහි පහනක්‌, බුලත්, මල්, සුවඳ දුම්, කහ පැන් බඳුනක්‌, එලඟිතෙල් ස්‌වල්පයක්‌, වේලිච්ච මිදි, උක්‌ සකුරු, මී පැණි, කිරිබත්, කෙසෙල්ගෙඩි, කැවිලි වර්ග කිහිපයක්‌ තබා ඉඩමට නිවසට අරක්‌ගත් බහිරව දේවතාවන්ට පුද කැපකර, “මේ නව නිවසත් එහි වසන්නට යන තමන්වත් හොඳින් ආරක්‌ෂාකර දෙන ලෙස” අයෑද සිටින්න.

සුවඳ දුම් අල්ලමින් මල් පැළ හතර වෙතම ගොස්‌ මේ අයෑදීම කරන්න.

පිරිත් සඡ්ජායනය

ඉන්පසු සුබ මුහුර්ථ වේලාව ලංවන විට භික්‌ෂුන් වහන්සේ නමක්‌ ලවා පිරිත් සඡ්ජායනය කරවන්න.

නැතිනම් පිරිත් කැසට්‌ පටයක්‌ වාදනය කරන්න.

ශුභ මුහුර්ථ වේලාවට ගෙහිමියා සුබ දිශාව බලා මංගල උළුවස්‌සට වැඳ දොර විවෘත කළ යුතුය.

ඉන්පසු මල් අතුරන ලද බන්දේසියක බුද්ධ පිළිම වහන්සේ නමක්‌ වඩා හිඳුවා පිළිමවහන්සේට පිටුපසින් බුලත්, පොල් ගෙඩියක්‌, කහ පැන් බඳුනක්‌, කැකුළු හාල් ටිකක්‌, ලුණු සහ අලුත් රෙද්දක්‌, දැල් වූ පහනක්‌ තබාගෙන ගෙහිමියා නව නිවස තුළට පිවිස, බුද්ධ පිළිමවහන්සේ නැගෙනහිර බලා සිටින සේ උඩකින් තබා එලඟි තෙල් පහනක්‌ දල්වා තිසරණ සහිත පංචශීලය සමාදන්වීම වැදගත්ය.

ගෘහණියද ඥති හිතමිත්‍රාදීන්ද දැත පිරෙන්නට බඩු රැගෙන ගෙහිමියා පිටුපසින් පිළිවෙළින් නව නිණසට ඇතුළුවීම සුදුසුයි. කිසිවකු පාවහන් හෝ හිස්‌ වැසුම් පැළඳ නොසිටිය යුතුයි.

ඉන්පසු ගෘහ මූලිකයා සාලය මැදට කිට්‌ටුව ලිපක්‌ තනා සුභ දිශාව බලා කිරි උතුරා යන තුරු ඉතිපිසෝ ගාථාව කියමින් ගින්දර දැමීම කළ යුතුය.

මේ සඳහා නැකත් වේලාවක්‌ද තිබේ නම් ඒ වේලාවට කිරි උතුරුවන්න.

කිරි ඉතිරෙන විට කිරි උතුරා යන දිශාව බලා ගන්න. කිරි නිවුනු පසු නිවස පුරා ඉසින්න. එදිනට ඇති ශුභ දිසාවට කිරි උතුරා යැම ශුභය.

ලිප ගිනි මෙලවීම

ෆ නව නිවසේ ලිප ගිනි මෙලවීමටද නැකතක්‌ ලබාගෙන ඒ වේලාවට ලිප ගිනි මොලවා ගෘහණිය කුස්‌සියේ ලිපේ කිරිබතක්‌ පිසිය යුතුය.

ෆ කුස්‌සියේ ලිපේ කිරිබත ඉදුනු පසු නිවසේ තබා ඇති බුද්ධ පිළිම වහන්සේ ඉදිරියේ ගිලන්පස සහිත බුද්ධ පූජාවක්‌ තබා, බුදුන් වැඳ “කරණීය මෙත්ත සූත්‍රය” කියා විෂ්ණු දෙවියන්ට, කතරගම දෙවියන්ට, සතර වරම් දෙවියන්ට, ශක්‍ර දේවේන්ද්‍රයාට සහ ඉඩමට නිවසට අරක්‌ගත් බහිරව දේවාතාවන්ට පින් අනුමෝදන් කරවා ආරක්‌ෂාවත් පිහිටත් ඉල්ලා සිටින්න.

ඉන්පසු සුබ මූර්ථ වේලාවට කෑම මේසය විවෘත කර සියලු දෙනාටම සංග්‍රහ කර සතුටුවීමෙන් සියලු දොaෂ භංගවී නිවසේ සිරියාව රැඳී සෞභාග්‍ය ළඟාවේ.

බහිරව පූජා

නව නිවසට ගෙවදීමට පෙර ඉඩමට සහ නිවසට අරක්‌ගත් බහිරව දේවතාවන්ට බහිරව පූජාවක්‌ දීමටද සුදුසුය. ෆ ඉඩමට සහ නිවසට අරක්‌ගත් බහිරව දේවතාවන්ගෙන් ඉඩමට නිවසට සහ නිවසේ වසන අයට බහිරව දොaෂ යෙදෙන්නේ සතර වැන්න සහ සතර වැන්න අධිපතියා දුර්වල වූ විටය.

විශේෂයෙන් සිව් වැන්නේ උප ස්‌ථානාධිපතියාගේ සහ සිව්වැන්න අධිපතියා ගමන් කළ නැකත අධිපතියාගේ බල දුබලතා ගැනද බැලිය යුතුය. (ක්‍රි. මු. පද්ධති)

බහිරව දොaෂ

සූර්ය මාසය අනුව භූමි නාගයාගේ බඩේ හැරෙන්නට වෙන තැනක මංගල සංකුව (කුඤ්ඤය) සිටුවීමෙන්ද, වැරැදි තැනක අත්තිවාරම් කැපීම ආරම්භ කිරීමෙන්ද, වැරදි තැනක මුල්ගල තැබීමෙන්ද, නිවස සඳහා යොදාගත් මුහුර්ථවල සිව් වැන්න දුබලවීමෙන්ද බහිරව දෝෂ ඇතිවේ.

We found this article from Divaina on 2011/10/07.
Also Sinhala to English Google word to word translation can be found here