පෙර පව් හදිසි අනතුරු කේන්ද්‍රයෙන් හෙළිවන හැටි

0
776
පව්
පව්

පෙර භවයන්හි කරන ලද්දාවූ පාපකර්ම කර්ම පථ බවට පත්වූවෝ සතර අපා උත්පත්තිය ලබති. ප්‍රාණඝාත – සොරකම බීමත් වීමෙන් ශරීරය විනාශ කරගත් අය ඇතුළු පස්‌ පවේ ගිලුණු ඇත්තෝ මරණින් මතු අටමහ නරක, ප්‍රේත ලෝක අසුර භූමි, තිරිසන් ආත්ම ආදී අභව්‍ය ස්‌ථානවල උත්පත්ති ලබයි. ඒ අය යම් යම් ආකාරයේ පිං කර තිබුණත් මහග්ගත කුසල් උපදවා ගන්නට හැකි නොවූ අය මෙලෙස සතර අපාවල වසර දහස්‌ ගණන් දුකට පත් වෙති.

මෙහිදී කර්ම පථ යන්නත් මහග්ගත කුසල යන්නත් පාඨකයාට ගැටලු මතු කළ හැකි බැවින් ඒ ගැන මදක්‌ විස්‌තර කොට කේන්ද්‍රයෙන් හෙළිවන පාපකර්ම සහ ඒවාට විපාක ලැබෙන අන්දම විස්‌තර කිරීමට බලාපොරොත්තු වෙමි.

ප්‍රාණ ඝාතය යනු සතුන් මැරීමය. එම පාපය සම්පූර්ණ වී කර්ම පථයක්‌ බවට පත්වීම සඳහා කාරණා පහක්‌ තිබිය යුතුය. එනම් 01. පණ ඇති සතෙක්‌වීම. 02. පණ ඇති සතෙක්‌ බව දැන ගැනීම. 03. මැරීමට ෙච්තනා පහළවීම. 04. ඒ සඳහා උපක්‍රමය යෙදීම. 05. මැරීම යන කරුණු පහය. අනෙක්‌ සියලු පාපයන්ටද එලෙස කරුණු පහක්‌ එකතුවන අන්දම ධර්මය පරිශීලනය කිරීමෙන් අවබෝධ කළ හැක. එලෙස පූර්ණ පාප කර්ම පථ නම් වෙයි. නිත්‍ය ලෙසම සතර අපා උත්පත්ති ලබාදෙයි.

නමුත් කෙනෙකුට මහග්ගත කුසල් කරගත හැකි නම් එම අකුසල්වලින් මිදිය හැකිය. මහග්ගත කුසල් යනු සමථ විදර්ශනා වැනි භාවනා වඩා තමන්ගේ මනස යහපතට වෙනස්‌වන ඵලයක්‌ තුළට පිහිටුවා ගැනීමටය. එවිට ඉහත කී අකුසල් වලට විපාක දීමට ඉඩකඩ නැති වන්නේය. අංගුලිමාල කතාව උදාහරණ කළ හැක. මව මැරීම, පියා මැරීම, සංඝබේදය ආදී කරුණු පංචානන්තරිය පාප නම් වෙයි. එම පාප කර්ම කොපමණ මහග්ගත කුසල් කිරීමට එළඹුනත් එයට සිත නොපිහිටන බැවින් අවීචි මහ නරකය වැනි ඉතා බිහිසුණු අභව්‍ය ස්‌ථානවල ඉපිද වසර කෝටි ගණන් දුකට පත්වේ. දෙව්දත් තෙර කතාව උදාහරණ වෙයි.

මෙලෙස මහග්ගත කුසලුත් නැති, පංචානන්තරිය පාපත් නැති, කර්ම පථ වූ පාපත් නැති සියලුම සෙසු පව් කර්ම නම් වේ, මේවා මනුෂ්‍ය ආත්ම භව ලැබීමේදී ගොනා පසුපසින් එන රියසක මෙන් තම තමන් කරා නොවරදීම පැමිණ විපාක අත්කර දෙන්නේය.

අපට මාතෘකාව වන්නේ කේන්ද්‍රයෙන් හෙළිවන පාපකර්ම සහ ඒවාට ලැබෙන ප්‍රතිවිපාක පිළිබඳ අවබෝධයක්‌ ලබාගැනීමය. පෙර භවයන්හි කර්ම පථ ගණයට අයත් නොවූ කර්ම බවට පමණක්‌ පත්වූ විවිධ පාපකර්ම උපඡ්ජ වේදනීය හෝ අපරාපරිය වේදනීය වශයෙන් හෝ සම්බන්ධ වන අතර මෙලොව මේ භවය තුළදීද කරනු ලබන සාහසික පාපකර්ම දිට්‌ඨ ධම්මවේදනීයවශයෙන්ද මේ භවය තුළ විපාක අත්කරයි.

මේ අනුව කේන්ද්‍රයක 1, 2, 3, 10, 11, 12 යන භාවාස්‌ථාන වල ස්‌වභාවය, ඒවා තුළ පවතින ග්‍රහයන්ගේ අශුභ සංයෝග, දෘෂ්ඨ§ නිසා පවතින පීඩා වීම් වැනි තත්ත්වයන්ගෙන් පෙන්වන්නේ පෙර භවයන්හි සිදුකරන ලද සත්ව හිංසන, ඝාතනවලට සහාය වීම් වැනි ක්‍රියාවන් තුළින් සිදු කරනු ලැබූ අකුසල කර්මයන්ය. ඒවා ක්‍රියාත්මක වීමේදී ඒ ඒ ග්‍රහයන්ගේ මහදසා හෝ අන්තර් දශාවන් එළඹී තීබීම එසේම ග්‍රහචාරයෙන් එම උත්පත්ති පිහිටීමට සමාන පීඩාවීම් ඇතිවන කාලයන් තුළ ජන්මියාට හදිසි අනතුරු තත්ත්වයන් ඇති කොට ශරීරයේ යම් යම් ස්‌ථාන කුඩුපට්‌ටම් කොට අධික දුක්‌ ධන හානි මෙන්ම ශරීරාංග අඩුකර දැමීම දිගුකල් ඔත්පල වීම් ආදිය පාප විපාක ලෙස ලැබේ.

විශේෂයෙන් රවි – සඳු – ලග්නාධිපති – අටවැන්න අධිපති ආදීන් තද බල පීඩාවන්ට පත්වන සංයෝග දෘෂ්ඨි ආදියෙන් යුක්‌තවීම ක්‍රියාවන් තුළින් උපදවන ලද පව්බල පණ ගන්වයි.

විශේෂයෙන් ඊර්ෂ්‍යා වෛර ක්‍රෝධ ආදී තත්ත්වයන් සිතුවිලි තුළින් උපදින ලද ඒවා වන අතර පරුෂ වචන කේලාම්, බොරු කීම් වැනි වචන හෙවත් තමන්ගේ කටහඬ තුළින් උපදවාගත් සියලු පාපවල විපාක සුළු සුළු අනතුරු බාධක කරදර බලාපොරොත්තු සුන් වීම් දීර්ඝ කාලීන ලෙඩ දුක්‌ සුළු සුළු වශයෙන් නිරන්තර අයහපත් සෞඛ්‍ය තත්ත්වයන් ඇතිවීම වැනි පාප විපාක අත්කරයි.

එවැනි පාප විපාක කේන්ද්‍රයේ 4, 5, 6, 7, 8 යන භාවස්‌ථාන මෙවන් ප්‍රතිවිපාක වලට මූලික වන බව කිව යුතුය. මෙලොව මිනිසා කර්මය පදනම් කරගෙන උපත ලබා තිබේ. කර්මය විනිවිදගෙන ඉදිරියට යන්නට බුද්ධ දේශනාවෙන් උපදෙස්‌ ලැබී තිබේ. කර්ම විඳිමින් ඒවා සම්මා දෘෂ්ඨයෙන් හෙවත් නිවැරදි අවබෝධයෙන් යුතුව එවැනි පව්කම් වලින් මිදී ජීවත්වීමට මිනිසාට බුද්ධිය තිබේ. නමුත් පාවිච්චි නොකරයි. එක්‌ කර්මයක විපාක විඳින ගමන් තවත් අලුත් පාපකර්ම උපදවයි.

එසේ වන්නේ නිවැරදි දහම් අවබෝධය නැතිකමෙනි. එක්‌ කර්මයකට ආත්ම හතක්‌ දක්‌වා විපාක දෙන බලයක්‌ ඇති බව කම්ම විභංග සූත්‍රයෙහි දැක්‌වේ.

යම් ග්‍රහයෙක්‌ පාපග්‍රහයෙකුගේ සංයෝගයක සිට තවත් පාප දෘෂ්ඨ කීපයකින් ඔහු පීඩාවේ නම් ඔහුට හිමි ශරීර කොටසේ හෝ ඔහු සිටි භාවයට අයිති ශරීර කොටසට හෝ අනතුරක්‌ ඇති කොට ශෙල්‍ය කර්මයන්ට භාජන කරයි. තවත් ග්‍රහයන්ගේ පාප දෘෂ්ඨිවලට ලක්‌ව සිටින බැවින් ශෙල්‍යකර්මයද නැවත නැවත කිරීමට සිදුවන තත්ත්වයට ජන්මියා පත් කරවයි.

මෙම ග්‍රහ පිහිටීම් ඇති අයට එකී ග්‍රහයන්ගේ මහ දසා අතුරු දශා පවතින විට විශේෂයෙන් ග්‍රහචාරයද එම පිහිටීමට යම් සමගාමී බවක්‌ ඇති කළ මෙම තත්ත්වයන්ට මුහුණදීමට සිදුවනු ඇත. මේවා ඉතා සූක්‍ෂමව පරීක්‍ෂා කර බැලිය යුතුය.

රවි කුජගෙන් අශුභ දෘෂ්ඨි ලැබීම හෝ අශුභවාදීව සංයෝග වූ විට ජන්මියාට ගින්නෙන් හෝ කැපුම් කෙටුම් වැනි අනතුරු ඇතිකරයි. එම සිදුවීම් ජන්ම පත්‍රයේ ඔවුන්ගේ පිහිටීම අනුව සූක්‍ෂමව පරීක්‍ෂාකර හඳුනා ගැනීම එවැනි විපත් වලින් ජන්මියා යම් පමණකට හෝ මුදා ගත හැකිවීමක්‌ වෙයි.

යුරේනස්‌ ග්‍රහයා තදබල ලෙස රවිට අශුභ දෘෂ්ඨ ලබාදීම හෝ අශුභ සංයෝග ඇතිවීම හෝ යම් ජන්ම පත්‍රයක වේ නම් යන්ත්‍ර සූත්‍ර මගින් හෝ වාහන මගින් හෝ විදුලියෙන් හෝ ජන්මියාට අනතුරු ඇතිවන පිහිටීමක්‌ වේ.

දෙවන භාවය තුළ රවි කේතු සංයෝගවීම නිසා රාහුගේ අශුභ දෘෂ්ඨියක්‌ ලැබීම සිදුවුවහොත් රාහු මහ දශාවේ රවිගේ අතුරු දශාව තුළ ජන්මියා රිය අනතුරකට භාජන කරවයි. 08 වන භාවය හා 08 වන භාවාධිපතියා අඟහරු හා රාහුගෙන් පීඩාවී ඇත්නම් රාහු මහ දශාවේ අඟහරු අන්තර් දශාව තුළ ජන්මියා අනතුරකට ලක්‌වෙයි.

මේ ආදී වශයෙන් පාප සහ පාප විපාක ලබා දෙන ග්‍රහ බලපෑම් විශාල ලෙස පවතී. මේ ග්‍රහබලයන් යෙදෙන්නේ තමන් කළ අකුසල් නිසාවෙනි.

We found this article from Divaina on 2012/09/14.
Also Sinhala to English Google word to word translation can be found here