පොරොන්දම් ගැලපුනත් විවාහ බිඳ වැටෙන්නේ ඇයි ?

0
908
පොරොන්දම්
පොරොන්දම්

[ratings]

විවාහ ය ගැන කතාකරන විට අමතක කළ නොහැකි වචනය පොරොන්දම් බැලීමයි. පොරොන්දම් නොබලා කරන විවාහ අප රටේ නැතුවා නොවේ. එහෙත් වර්තමානයේ කෙරෙන විවාහ වලින් වැඩි ප්‍රමාණයක්‌ කෙරෙන්නේ කුමන ආකාරයක හෝ පොරොන්දම් බැලීමකින් පසුවය.

මොනවා තිබුණත් පොරොන්දම් නොගැලපුනොත් විවාහයක්‌ සිදු කිරීමට අප රටේ දෙමාපියන් කැමති වන්නේ නැත. දිගු කාලීන ප්‍රේaම සම්බන්ධතාවන් ඇති කරගත් තරුණ තරුණියන් වෙනත් කිසිදු නොගැලපීමක්‌ නැතත් පොරොන්දම් නොගැලපීම නිසා විවාහයට අවසර ගැනීමට නොහැකිව ලතැ වෙමින් සිටිති. එසේම විවිධ අඩුපාඩු තිබුණක්‌ පොරොන්දම් වැඩි ප්‍රමාණයක්‌ ගැලපේ නම් ඒවා අමතක කර දමා විවාහ සිදු කිරීමට පෙළඹෙන දෙමාපියෝද සිටිති. මේ අනුව බලන විට විවාහ කෙරෙහි පොරොන්දම්වල බලපෑමේ ප්‍රමාණය තේරුම්ගත හැකිවේ. විවාහ වීමට අවශ්‍යතා තිබුණත් පොරොන්දම් නොගැලපුනහොත් වැඩිදෙනා බියක්‌ දක්‌වයි. ගැලපෙන පොරොන්දම් සහිත කේද්‍ර හමුනොවීමෙන් විවාහ විය යුතු වයස ඉක්‌මවමින් සිටින අයද බොහෝ දෙනෙකු සමාජයේ සිටිති. කුජ ශනි 7, 8 රාශිවල සිටීම පාපග්‍රහ පිහිටීම් සහිතවීම හතර කේJද්‍රය පාලුවීම කුජ ශනි, කුජ ශුක්‍ර යෝග තිබීම යන කරුණුද විවාහයට අවස්‌ථා අහිමිකරන බව පෙනේ.

යහපත් විවාහයක්‌ සිදුකර ගැනීමේදී මූලික කරුණු බවට පත්වන්නේ දෙදෙනාගේ කැමැත්ත, යහපත් හැදියාව, ගැලපෙන සමාජ තත්ත්වය, ප්‍රමාණවත් ආර්ථික ශක්‌තිය හා උගත්කම ආදියයි. මෙම කරුණු ගැලපේ නම් ඊළඟට ඔවුන්ගේ අනාගත යහපත ගැන විමසා දැන ගැනීමට කේJද්‍ර පරීක්‌ෂණයට ලක්‌ කළ යුතු වන්නේ අනාගතය දැනගත හැකි වෙනත් ක්‍රම වේදයක්‌ නොමැති නිසාය.

ඒ අනුව විවාහයක්‌ සිදු කිරීමට තීරණයක්‌ ගනු ලබන්නේ කේJද්‍ර ගැලපීමෙන් පසුවය. කේJද්‍ර ගැලපීම ලෙසට වර්තමානයේ බහුලව භාවිත කරන ක්‍රම වේදය පොරොන්දම් බැලීමයි. එය පහසු කරවීම සඳහා ලංකාවේ භාවිත කරන හැම පංචාංග ලිතකම පොරොන්දම් පරීක්‌ෂාව සඳහා පරිච්ඡේදයක්‌ වෙන්කර තිබේ. ඒ හැම ලිතකම තිබෙන්නේ සමාන කරුණු වන අතර ඒවා මෙසේ දැක්‌විය හැක.

01. විසි පොරොන්දම

02. දස පොරොන්දම

03. ග්‍රහ පාපාංශක බැලීම

04. ඒක දින පොරොන්දම

05. අෂ්ට කූටය

06. කුජ භෞම දෝෂය

මේ පිළිබඳ විස්‌තර ලිතක්‌ කියවා දැනගත හැකිවේ. විවාහ පරීක්‍ෂණයේදී බොහෝවිට සිදු කෙරෙන්නේ මේ ලිත්වල දී තිබෙන උපදෙස්‌ පරිදි දස පොරොන්දම, විසි පොරොන්දම, අෂ්ට කූඨය සුදර්ෂන චක්‍රය හා කුජ දොaෂය පරික්‍ෂා කර බලා ගැලපීම් ප්‍රමාණය සටහන් කිරීමයි. එය සියයට ගණනක්‌ ලෙස දැක්‌වෙන අතර සියයට හැටපහකට වඩා පොරොන්දම් ගැලපේ නම් විවාහයට ශුභ ලෙසට ගනු ලැබේ.

මෙම පොරොන්දම් පරීක්‌ෂණවලට අනුව සිදුකරන්නා සියලු විවාහ ප්‍රීතිමත් වාසනාවන්ත ඒවා බවට පත්වනවානම් කිසිම ගැටලුවක්‌ නැත. එහෙත් පොරොන්දම් නොබලා කෙරෙන විවාහ සමහරක්‌ ඉතා යහපත් ලෙස තිබියදී ඉතා හොඳින් පොරොන්දම් ගැලපෙන බවට නිර්දේශ කරනු ලැබූ විවාහ බොහෝමයක්‌ අසාර්ථක වී තිබේ. දික්‌කස ද වීම්, වැන්දඹු බවට පත්වීම් එයටත් එහා ගිය දුක්‌බර සිදුවීම් මේ අතර සිදුවන අසමගිතා, ලෙඩදුක්‌, දුක්‌කරදර සහිතව ගෙවන විවාහ ජීවිතද බොහෝමයක්‌ මෙයට ඇතුළත් වේ. මේ අනුව බලන විට විවාහයක අනාගත ශුභ සිද්ධිය විමසා බැලීම සඳහා කෙරෙන පොරොන්දම් බැලීමේ ක්‍රමවේදය එතරම් සාර්ථක නොවන බව පෙනීයයි. මෙය ජ්‍යෙdතිෂ්‍ය කෙරෙහි සෘජුවම එල්ලවන අපවාදයක්‌ බැවින් පොරොන්දම් බැලීමේ ශාස්‌ත්‍රානුකූල භාවය විමසා බැලීමට සිදුවේ.

ජ්‍යෙdතිෂය සෘෂි භාෂිතයක්‌ නිසා එය තුළ කුමන නිගමනයට වුවද පැමිණීමට හැකියාව තිබෙන්නේ සෘෂි වරුන්ගේ ප්‍රකාශ පදනම්කර ගෙන පමණි. පොරොන්දම් බැලීම සත්‍ය හා විශ්වාසදායක එකක්‌ වන්නේ සෘෂි භාෂිතයක්‌ වුවහොත් පමණි. ජ්‍යෙdතිෂ්‍යට සම්බන්ධ ආදි මුනිවරුන් විසින් රචිත මූලික ජ්‍යෙdතිෂ්‍ය ග්‍රන්ථවලින් අද දෘෂ්‍යමානවන්නේ කිහිපයක්‌ පමණි. ඒ අතරින් අප විසින් වැඩිපුර භාවිත කරනුයේ බෘහත් පරාශර හෝරාශාස්‌ත්‍ර ග්‍රන්ථයයි. සෘෂිවරයකු නොවුණද වරාහමිහිරාචාර්යයන් එවකට ශේෂව පැවති සියලු සෘෂි භාෂිතවල සාරාංශයක්‌ ලෙසට රචිත බෘහත් ජාතකයද බහුලව භාවිත කෙරේ. පෞරාණික බවින් හා සත්‍යතාවයෙන් පිරිපුන් මේ ග්‍රන්ථ දෙකේම විවාහයට අදාළව ජ්‍යෙdතිෂ්‍ය කරුණු රැසක්‌ ඉදිරිපත් කර ඇතත් පොරොන්දම් පරික්‍ෂා කිරීම ගැන සඳහන් නොවේ.

විවාහය පිළිබඳ කරුණු ඉදිරිපත් කරන ජ්‍යෙdතිෂ්‍ය ග්‍රන්ථ සංඛ්‍යාව සුළුපටු නොවේ. විවාහ පටලය විවාහ කල්පදාමය, විවාහ මකරන්දය, විවාහ චක්‍රය, රූපවල්ලි චක්‍රය, සුදර්ශන චක්‍රය ආදිය සෘජුවම විවාහය ගැන ලියෑවී තිබේ. මෙයට අමතරව ජානක චJද්‍රිකා, ජාතකාභරණය, සන්තාන දීපිකා, ගම්බුහෝරාශාස්‌ත්‍ර, ගර්ගජාතක, සංග්‍රහ ශිරෝමණි, ලඝූජාතකය, ජෛමිනි සූත්‍රය, මුහුර්ත දර්පනය, මුහුර්ත චින්තාමණිය, මුහුර්ත ප්‍රකරණය, මුහුර්ත දීපිකාව, මුහුර්ත ගණපතිය, හෝරාභරණය, ශ්‍රීධරටීකා, සාර සංග්‍රහ, වශිෂ්ඨ සංහිතා, දෛවඥ කාමෙනුව, හෝරාසාරය, සිද්ධාන්ත ශිරෝමනිය, නාරද සංහිතාව, දෛවඥ මනෝහරය, භාව කුතුහලය, සාරාවලිය, සුභාශුභ සංග්‍රහය, ජ්‍යෙdතිඃ ප්‍රකාශය, ජ්‍යෙdතිෂශාරය, බීජ ලCෂ්‍යය, බාව ප්‍රකාශය වැනි ග්‍රන්ථවල විවාහයට අදාළ ජ්‍යෙdතිෂ්‍ය කරුණු සම්භාරයක්‌ ඉදිරිපත් කර තිබේ. පොරොන්දම් ගැලපීම වැනි සරල පරීක්‌ෂණයකින් විවාහයක ශුභාශුභ තීරණය කළ හැකි නම් මෙතරම් විස්‌තර සමුදායක්‌ අවශ්‍ය නොවේ. එපමණක්‌ නොව මේ ග්‍රන්ථවලින් කිසිදු සම්භාවනීය ග්‍රන්ථයක පොරොන්දම් බැලීමක්‌ ගැන සඳහන් වන්නේ ද නැත.

මෑත කාලීනව රචනා කරන ලද ග්‍රන්ථ කිහිපයක හා පංචාංග ලිත්වල පොරොන්දම් බැලීමේ අවශ්‍යතාව ගැන සඳහන් වුවද පැරණි ජ්‍යෙdතිෂයේ එවැන්නක්‌ පැවැති බවට සාක්‌ෂි නොමැත. පැරණි කාලයේ විවාහ නැකැත් පවා සඳු බලවත් වූ රාත්‍රි කාලයට සකස්‌කර තිබේ.

පැරණිම ජ්‍යෙතිෂ්‍ය ග්‍රන්ථ අතරින් පළමුව පොරොන්දම් ගැන විස්‌තර ඉදිරිපත් වන්නේ හෝරාභරණයෙනි. මහේන්ද්‍රපාදයන් විසින් එහි දස පොරොන්දමක්‌ ගැන සඳහන් කර ඇත. මුල් කාලීන ජ්‍යෙතිෂ්‍ය ග්‍රන්ථවල විවාහ වන කාන්තාවගේ ජන්ම නැකත පුරුෂයාගේ ජන්ම නැකතට ගැලපිය යුතු බව දක්‌වා ඇත. එය පදනම් කර ගනිමින් දස පොරොන්දම කවුරුන් විසින් හෝ සකසා ඇතැයි සිතිය හැකි අතර හෝරාභරණයේ මහේන්ද්‍රපාදයන් විසින් එය මෙසේ දක්‌වා තිබේ.

දිනං ගණංච මාහේන්ද්‍රං – සත්‍රීසෘක්‍ෂං යෝනි රේවච

රාශි රාශ්‍යාධිපං වශ්‍යං – රජජු මේධස්‌තනෝ දස

මෙම පොරොන්දම් දහයම ගැලපේනම් විවාහයට ශුභ බවද පහකට වැඩිනම් මධ්‍යම බවද අඩුනම් අශුභ බවද දක්‌වා තිබේ. එහෙත් එහිදී ද තීරණය ගත යුත්තේ ඉන්ද්‍රගුරුලුව අනුව කෙරෙන පරීක්‍ෂණයකින් හා කේන්ද්‍රවල ඇති ග්‍රහ පිහිටීම් පරීක්‍ෂා කිරීමෙන් පසුව බව කියා තිබීමෙන් මහේන්ද්‍රපාදයන් පවා මෙය සාර්ථක ක්‍රමයක්‌ ලෙස පිළිනොගත් බවට සනාථ වේ. තවන් ඉදිරියට යනවිට දෙවන පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ අත්තනගලු විහාරවාසී අනවමදර්ශි හිමියන් විසින් රචිත දෛවඥකාමෙනු ග්‍රන්ථයේ පොරොන්දම් දහඅටක්‌ මෙසේ දක්‌වා ඇත.

දිනං ගණඤච මාහේන්ද්‍රං – සත්‍රී දීර්ඝර්ඤචාථ යෝනයඃ

රාශි රාශ්‍යාධි පෝවශ්‍යං – රජජු වෙ_ධ සතතඃපරම්

භූතං ලිංගඤච ජාතිශව – ගෝත්‍රම් පක්‍ෂි විධිස්‌ථතා

යෝගින්‍යායශ්ව දේවශ්ව – වර්ගස්‌Fවෂ්ටා දශේරිතඃ

යනුවෙන් ඒවා දක්‌වා ඇති අතර සියල්ල ශුභ නම් විවාහයට ශුභ ලෙසද නමයට අධික නම් මධ්‍යම ලෙසද අඩුනම් අශුභ ලෙසද දක්‌වා තිබේ.

එසේවුවද මෙයට අමතරව කපුටුබලි පූජාවක්‌ මන්ත්‍ර ජපකර තබා ශුභාශුභ බැලීමට ද තත්කාල නිමිත්තක්‌ බැලීමට ද ග්‍රහයෝග පරීක්‍ෂා කිරීමටද නියම කරන නිසා දෛවඥකාමෙනු කතු හිමියන්ද පොරොන්දම් බැලීම පමණක්‌ විවාහයකදී ප්‍රමාණවත් නොවන බව පිළිගෙන ඇති බව පෙනේ. මේ අනුව නිගමනය කිරීමට සිදු වන්නේ පොරොන්දම් බැලීමෙන් පමණක්‌ විවාහයක ශුභ අශුභ ප්‍රකාශ කළ නොහැකි බවයි.

එසේම කුජ භෞමෙද්‍රdaෂ හා ග්‍රහ පාපාංශ පරීක්‍ෂණයද දැනට භාවිත වන ක්‍රමය එතරම් ජ්‍යෙdතිෂයට අනුකූල නොවන බව කිවයුතුය. පාප කේද්‍රවලට පාප කේන්ද්‍ර ගැලපෙන බවට පරාශරයේද දක්‌වා ඇතත් පාප ග්‍රහදෝෂ භංගවන විධි රැසක්‌ දක්‌වා ඇති බැවින් ප්‍රබල ශුභ ග්‍රහ පිහිටීම් සහිත කේන්ද්‍ර ගැලපූ විටද පාපදෝෂ භංග වන බව පිළිගත යුතුව ඇත. විෂ විෂෙන් මෙන්ම බෙහෙතින්ද නැසෙන බැවිනි.

විවාහයකදී සිදුවන සියලු ආපදා විපත් විමසා දැනගැනීමට හා වාසනාව යහපත තහවුරු කර ගැනීමට අවශ්‍ය කරුණු ජ්‍යෙdතිෂයේ ඇතුළත්ව තිබේ. විවාහ පමාවන, වළක්‌වන යෝග, වෙසඟන යෝග, ස්‌වාමියා හැරයන යෝග, කුලදම් නසන යෝග, පුරුෂාකාර හැසිරෙන යෝග, වඳ යෝග, පවිටු යෝග, බිරිඳ හෝ සැමියා නසය යෝග, හදිසි මාරක, රෝගීවන යෝග, මෙන්ම වාසනාවන්ත යහපත් විවාහ ඇතිකරන යෝගද සිය දහස්‌ ගණනින් දක්‌වා තිබෙන්නේ පොරොන්දම් නොවැදගත් වන බැවිනි. පොරොන්දම් ගලපා විවාහ වන කිසිවකු ඉන්පසුව ඇතිවන ප්‍රශ්න ගැටලුවලදී ජන්ම කේන්ද්‍ර රැගෙන ජ්‍යෙdතිෂ්‍ය වේදියෙකු හමුවනවා මිසක පොරොන්දම් පත්‍රය ගෙන යන්නේ නැත. එය බලා ප්‍රතිකර්ම කිසිවෙකු නියම කරන්නේද නැත. එය නොවැදගත් එකක්‌ බවට විවාහයත් සමගම පත්වන්නේ මේ අයුරිනි. ඒ නිසා කෙනකුගේ ජීවිතයේ පැවැත්ම කෙරෙහි බලපෑම් ඇති කරන්නේ ජන්ම කේන්ද්‍රයේ ඇති ග්‍රහ පිහිටීම් මිස පොරොන්දම් නොවන බව කිව යුතුය. ජන්ම කේන්ද්‍ර යහපත් නම් පොරොන්දම් සියයට පණහක්‌ ගැලපීම ප්‍රමාණවක්‌ වේ. සෘෂි භාෂිතයට අනුව ජන්ම නැකතේ යම් බලපෑමක්‌ තිබුණද වෙනත් කිසිම පොරොන්දමක්‌ නොගැලපීම විවාහයට බල නොපාන බව කිවයුතුය. නැකත ගැන මිසක පොරොන්දම් ගැන සෘෂිවරු සඳහන් කර නොමැති බැවිනි. දෙදෙනකු අතර දිගුකාලීන යහපත් සබඳතාවක්‌ තිබුණි නම් ජන්ම කේන්ද්‍ර වලින් එය සනාථ වෙනවා නම් පොරොන්දම් විවාහයට අවශ්‍ය නැත. අවසන් වශයෙන් කිවයුතු වන්නේ විවාහයක ශුභාශුභ කිව හැකි වන්නේ පූර්ණ කේන්ද්‍ර පරීක්‌ෂණයකින් මිසක පොරොන්දම් බැලීමෙන් නොවන බවයි. පොරොන්දම් ගලපා කරන විවාහ බිඳ වැටෙන්නේ කේJද්‍ර නොගැලපෙන බැවිනි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here