බිරිඳගේ ගති කේන්ද්‍රයෙන් දැනගන්න

3109
බිරිඳගේ
බිරිඳගේ

බිරින්දෑවරුන් පිළිබඳ පූර්ණ විග්‍රහයක්‌ බුදුදහමේ පවතී. විශේෂයෙන් මෙම තත්ත්වයන් පැරැණි සෘෂිවරුන් ද පවසා ඇත්තේ ඒ ඒ පුද්ගලයාගේ ජන්ම පත්‍රවල ග්‍රහ පිහිටීම් අනුවය. බුදුදහම මෙම තත්ත්වය පෙන්වා ඇති පරිදි සෘෂි මතයන් ගේද එයට සමානකමක්‌ පවතින බව පෙනේ. විවාහ පරීක්‍ෂාවේදී යුවතිපති දෙදෙනකුගේ විවාහ දිවිය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී පොරොන්දම් කරුණුවලට පමණක්‌ම තැන දී ක්‍රියා කළහොත් වැරදීයැමේ ඉඩකඩ 80% ක්‌ පමණ තිබේ.

පොරොන්දමට වඩා විශේෂිත වශයෙන් ග්‍රහ පිහිටීම් පිළිබඳව මූලිකත්වය දිය යුතුය. ජ්‍යෙdතිෂය සමග ඇතැම් බුද්ධ දේශනාවන් ද ගුරුකොට ගැනීම සාර්ථක මග පෙන්වීමක්‌ වන්නේය.

යම් කාන්තාවක්‌ විවාහයෙන් පසු බිරිඳක්‌ බවට පත්වේ. එම විවාහය තුළ බිරින්දෑවරුන් ක්‍රියාත්මක වන ආකාර 07 ක්‌ බුදුදහමේ දැක්‌වෙයි. ඒ හත් ආකාර භාර්යාවන් පිළිබඳ ජ්‍යෙdතිෂමය ඇසින් දැකගත හැකි අන්දම මේ ලිපියෙන් පෙන්වා දීම මෙහි අරමුණ වෙයි. බිරින්දැවරුන් හත් දෙනා මෙසේ වෙයි.

1. ස්‌වාමි භාර්යා. 2. චෝර භාර්යා. 3. වදක භාර්යා. 4 මාතු භාර්යා. 5. භගිනි භාර්යා. 6. දාසි භාර්යා. 7. සකී භාර්යා යනුවෙනි.

ස්‌වාමි භාර්යා යනු යම් පුද්ගලයකුගේ කේන්ද්‍රයේ 7 වැනි භාවය වූ විවාහ ස්‌ථානය සිංහ රාශිය වූ විට එහි රවි ග්‍රහයා තැන්පත් වී සිටීම හෝ වෙනත්a ස්‌ථානයක සිට සුබ දෘෂ්ඨි ලබා දී ඇත්නම් එම භාර්යාවගේ අණ සකට එම පුද්ගලයා නොදැනුවත්වම යටවෙයි. අශුබ දෘෂ්ඨියක්‌ රවි හත්වැන්නට දී ඇත්නම් එම භාර්යාව සැමියා යටත්කොට තම මතයම ක්‍රියාත්මක කරයි. ගුරු – ශුක්‍ර වැනි ග්‍රහයින්ට පෙනේ නම් එම තත්ත්වය තරමක්‌ ලිහිල් වේ.

එසේම කුජ ග්‍රහයාට හිමි මේෂ රාශිය 07 වැන්න වූ තුලා ලග්න හිමියන්ටත්, වෘෂ්චික රාශිය හත්වැන්න වූ වාෂභ ලග්න හිමියන්ගෙන් 7 වැන්නේ කුජ සිටීම හෝ දෘෂ්ටි පතිතවේ නම් ඔහුට ලැබෙන්නේ සොර බිරිඳක්‌ බව ජ්‍යෙdතිෂ නියමය වෙයි. බුද දහමේ දැක්‌වෙන්නේ “චෝර භාර්යා” යන්න එයින් පැහැදිළි වේ. සමාජ අත්දැකීම් අනුව සැමියාට හොරෙන් විවිධ අන්දමට කටයුතු කරන බිරින්දෑවරුන් ඔබට ඒ අනුව හඳුනාගෙන අවබෝධයට ගත හැකි වේ.

“වදක භාර්යා” ලෙස බුදුදහම දක්‌වන වර්ගය ජ්‍යෙdතිෂය අනුව මකර හා කුම්භ යන රාශි 07 වැනි ස්‌ථානය වූ අයගේ එම ස්‌ථානය තුළ සෙනසුරු සිටීම හෝ වෙනත් තැනක සිට දකින ලද්දේ නම් එය වදක භාර්යාවක්‌ ලබන පිහිටීමකි. සෙනසුරු සියලු වද බන්ධනවලට අධිපති ග්‍රහයාය. එතැනට ඔහු ස්‌වක්‌ක්‍ෂේත්‍රව පිහිටීම පැවතුනත් ඒ බලය වද බJධන සිදුවීමය. ඇතැම් පවල්වල එවැනි බිරින්දෑවරු ඇතුවට වඩා කරන කතා හා ක්‍රියාවන් සැමියාට වදයක්‌ බවට පත්වීම වෙයි.

මකර ලක්‌නයෙන් උපත ලබා හත්වැන්න කටක රාශිය වූ අයගේ පුර චJද්‍රයා යෝගවී සිටීම හෝ වෙනත් තැනක සිට චන්ද්‍රයා 7 වැන්න දැකීම හෝ වේ නම් එම පුරුෂයාට ලැබෙන බිරිඳ ඉතා ගුණ යහපත් කෙනෙකි. මවක්‌ තම දරුවකුට දක්‌වන ලෙන්ගතු ස්‌වභාවයට සමානව සැමියා කෙරේ බැඳී සිටී. මේ බිරිඳ මාතු භාර්යා ලෙස බුදුදහමේ හැඳින්වෙයි. සඳු අව චJද්‍රයා වී එවැනි අන්දමෙන් පවතී නම් බොහෝ කොට එවැනි ගුණයෙන් යුතු වැන්දඹුවක්‌ භාර්යාව විය හැකි බව ජ්‍යෙdතිෂ නියමය වෙයි

ධනු – මීන යන ලග්නවලින් ඉපදුන අයගේ විවාහ ස්‌ථානය තුළ බුධ සිටීම හෝ සුබ ස්‌ථානයක සිට දුටුවේ නම් එම පුරුෂයාට ලැබෙන බිරිඳ සහෝදරියක්‌ මෙන් ඔහුට සලකන කෙනෙක්‌ වෙයි. යස ඉසුරු පවා ලබාගත හැකි තත්ත්වයන්ද ඇය නිසා ලැබෙන බව ජ්‍යෙdතිෂයේ දැක්‌වෙයි. මෙවැනි බිරින්දැවරුන් බුද්ධ දේශනාවේ දී භගිනි භාර්යා යනුවෙන් හැඳින් වෙයි. සමාජය තු=ළින් ඔබට එවැනි භාර්යාවන් දැකගත හැකිය. තමන් ආශ්‍රය කරන අය තුළින් ඔබට එවැනි අය හඳුනාගත හැක.

මේෂ හෝ වෘෂ්චික යන ලග්න හිමියන්ගේ හත්වන භාවය පිළිවෙළින් තුලා හා වෘෂභ වේ. සිකුරු ග්‍රහයා එම ස්‌ථානය තුළ සිටීම හෝ වෙනත් සුබ ස්‌ථානයක සිට දැකීම හෝ සිදුවේනම් එම පුද්ගලයාට ලැබෙන බිරිඳ ඉතා මුදු මොලොක්‌ ගුණ සහිතව සැමියාට සෑම දේකටම උදව් උපකාර කරයි. එවැනි භාර්යාවන් “දාසි භාර්යා” ලෙස බුදුදහමේ දැක්‌වෙයි.

ධනු සහ මීන යන රාශියක්‌ 07 වන භාවය වූ කේන්ද්‍ර හිමි පුරුෂයන්ගේ විවාහයට ලැබෙන බිරිඳගේ ගතිගුණ ගුරුගේ පිහිටීම අනුව උදාවෙයි. ගුරු 7 වැන්නේ හෝ සුබ ස්‌ථානයක සිට හත්වැන්න දැකීම සිදුවන්නේ නම් තමන්ට යස ඉසුරු සම්පත් ලබාදෙන පිහිටීමක්‌ බව ජ්‍යෙdතිෂ නියමය වෙයි. මෙම භාර්යාවන් සැමියා ඇසුරු කරන්නේ යහලුවකු ඇසුරු කරන පරිදිය. බුදු දහමේ මෙම භාර්යාවන් “සකි භාර්යා” හෙවත් යහලු භාර්යා ලෙස හැඳින්වෙයි.

මෙම ග්‍රහ බලය සේම හත්වැනි භාවයට වැටෙන සුබ ග්‍රහයන්ගේ දෘෂ්ඨි අනුව නරක තත්ත්වයන් ඉස්‌මතු නොවීම සිදුවිය හැකි අතර පාපි ග්‍රහයන්ගේ අශුභ දෘෂ්ඨි නිසා හොඳ යෑයි සම්මත භාර්යාවන්ද වෙනස්‌ වී පිහිටිය හැක. එය එකිනෙකාගේ කේJද්‍රවල ග්‍රහ පිහිටීම අනුව තීරණය කළ යුත්තේය.

We found this article from Divaina on 2012/09/28.
Also Sinhala to English Google word to word translation can be found here