බුධගේ අපල දුරුකර ගැනීමට නොවරදින පිළිවෙත්

0
61
බුධගේ අපල
බුධගේ අපල

බුධගේ අපල ඇතිවන්නේ අකුසල කර්ම නිසාවෙනි. බොහෝ අය තමනට ශිල්ප ඥනය ලබාදුන් ගුරුවරුන්ට නින්දා අපහාස සිදුකිරීම, පහරදීම, ඔවුන්ගේ වචනය පිළිනොපැද සිත් රිදවීම තුළින්ද බුදුපිළිම කඩා බිඳ දැමීම, බෝධීන් වහන්සේලා කපා විනාශ කිරීම, හොර අත්සන් යෙදීම, බොරු සාක්‍ෂි දීම, ධර්ම ග්‍රන්ථ බණ පොත් විනාශ කිරීම වැනි පාපකාරී ක්‍රියා හේතුවෙන් අකුසල් රැස්‌කර ගනී.

පෙර ආත්මයේ සිදුකරන ලද එකී අකුසල ක්‍රියාවන්ට විපාක වශයෙන් බුධ ග්‍රහයාගෙන් එල්ල වන්නා වූ බුධගේ අපල පීඩාවන්ට ගොදුරු වීමට සිදු වේ. එලෙස බුධ ග්‍රහ අපලයක්‌ උදාවී ඇති ජන්මීන්ට පහත දැක්‌වෙන ශාන්තිකර්ම අනුගමනය කිරීමෙන් සියලු බාධක ජයගෙන සතුටින් ජීවිතයට මුහුණ දීමේ අවස්‌ථාව උදාකරගත හැකිය.

බුධගේ අපල යට වත්පිළිවෙත්

බදාදා දිනවල බුධ හෝරාවෙන් එනම් උදේ 6.00 – 7.00 අතර හෝ රාත්‍රි 8.00 – 9.00 අතර කාලය තුළ බෝධියේ ඊසාන දිශාවේ ගිතෙල් හා අබ තෙල් මිශ්‍ර පහන් දල්වා නාමල් සමඟ සුවඳ දුම් පූජා කරන්න. අපලකරුගේ උසට සරිලන ලෙස කොළ පැහැති මල් මාලයක්‌ අවශ්‍ය වුවත් එය දුර්ලබ කටයුත්තක්‌ බැවින් ෂඩ් වර්ණ (බෞද්ධ කොඩියේ පාට) මල් මාලයක්‌ සමඟ බුධගේ අපල දුරුවේවා කියා ලියූ කොළ පාට කොඩියක්‌ ඉහත දිශාවේම එල්ලන්න.

පෙරාගන්නා ලද පැන් කළයක්‌ ගෙන අටවිසි පිරිතෙන් 108 වරක්‌ ද සබ්බ පාපස්‌ස අකරණං ගාථාවෙන් 108 වරක්‌ ද පිරිත් කර බෝධිය නහවා බුධ පීඩාහර ස්‌තෝත්‍රය 9 වරක්‌ කියා බුධ අධිපති විෂ්ණු දෙවියන්ට හා ජන්මියාගේ ඉෂ්ට දේවතාවන්ට පිං අනුමෝදන් කර බුධගේ අපල දුරුවේවායි ඉල්ලා සිටින්න.

බුධගේ අපල

බුධ පීඩාහර ස්‌තෝත්‍රය

බුධො බුද්ධිමනං ශ්‍රේෂ්ඨො බුද්ධිදාතා ධනප්‍රදඃ

ප්‍රියගුකලි කාශ්‍යාමඃ තාඤ්ජ නෙත්‍රො මනෝහරඃ

ග්‍රහාපමො රෞහිණෙයො නක්‍ෂත්‍රෙශො දයාකරඃ

විරුද්ධ කාර්යහන්තාච සෞෙම්‍යා බුඬි වීවර්ධනඃ

චන්ද්‍රත්ම ජො විෂ්ණු රූපී ඥනිෙඥ ඥනි නායකඃ

ග්‍රහ පීඩා හරො දාර පුත්‍ර ධාන්‍ය පශු ප්‍රදඃ

ප්‍රියාංගු කලි කාශ්‍යමං රූපෙණා ප්‍රතිමං බුධම්

සෞම්‍යං සෞම්‍ය ගුණෝපේතං තං බුධං ප්‍රණාමාම්‍යහම්

බුධස්‌ත්වං බුද්ධි ජනනො බොධ්‍යවාන් සර්වදානෘණං

බුධස්‌වං බුද්ධි ජනනො බොධ්‍යවාන් සර්වදානෘණං

නතාව බෝධං තුරුතේ සෝමපුත්‍ර නමෝස්‌තුතෙ

ගුරු පුත්‍රශ්ච තාරායො විබුධො භෙධ නස්‌තුථා

සෞම්‍යං සර්ව ගුණෝ පෙතො රත්නදානඵල ප්‍රදඃ

උත්පාතරූපී ජගතාං චන්ද්‍ර පුත්‍රො මහාද්‍රතිඃ

සූර්ය ප්‍රිය කරෝ විද්වාන් පීඩාං හරතු මේ බුධඃ

දිනපතා රාත්‍රි නින්දට පෙර ආගමික වතාවත්වලින් අනතුරුව පහත සඳහන් බුධ ස්‌තෝත්‍රය හා සෙත්කවිය නව වර බැගින් ගායනා කර සෙත ප්‍රාර්ථනා කරන්න.

බුධගේ අපල

ස්‌තෝත්‍රය

උත්පාත රූපො ජගතාං

චන්ද්‍ර පුත්‍රො මහා ද්යුතිං

සූර්ය ප්‍රිය කරො විද්වාං

පීඩං හරතු මේ බුධං

සෙත් කවිය

අමත නිවන් මග තිලොවට පහදා

සැපත නිවන් රස ලැබදී නොමදා

සුගත සුගත මුනි තෙදබල විහිදා

බුධ ග්‍රහ අපලය දුරලන් සැමදා

මැණික්‌ හා යන්ත්‍ර පැළඳීම

මරකත මැණිකක්‌ ඇල්ලූ රන් මුදුවක්‌ දකුණු අතේ සුළඟිල්ලේ පළඳින්න. නැතහොත් කොහොඹ කොළයක ආකෘතියකට සවිකර ගෙල පළඳින්න. ශිව සිදම්බරම් හෝ සබ්බපාපස්‌ස යන්ත්‍රය පැළඳීම ඉතා සුබ වේ.

ඖෂධ පැන් ස්‌නානය

නාමල් රේණු, යව ඇට, ගෝරෝචන, ගල්පෙඳ, යන ඖෂධ අඟහරුවාදා දිනක නැවුම් කළයකට දමා එයට පෙරාගන්නා ලද පැන් පුරවා පැය 12 කට පසු බදාදා උදැසන සාමාන්‍ය ස්‌නානයෙන් පසු ඖෂධ පැන් කළය පෙරා ස්‌නානය කරන්න.

ගෙවත්තේ උතුරු දිශාවේ කොහොඹ පැළයක්‌ රෝපණය කර ස්‌පර්ශ කරමින් සාත්තු කරන්න. රැකබලා ගන්න.

බුධ කොළ පැහැය නියෝජනය කරන බැවින් මුං ඇට හෝ මුං ඇට වලින් සාදන ආහාර වර්ග උගත් එහෙත් අසරණ අයට දන් දීම ඉතා හොඳය. අධ්‍යාපනය හදාරන භික්‌ෂූන් වහන්සේලාට පොත්පත් හා වෙනත් අවශ්‍ය ද්‍රව්‍ය සපයා දීම බණ පොත් පූජා කිරීම තම අනුග්‍රාහකත්වයෙන් බණ, පිරිත් දේශනා කරවීම ගිරවුන් ප්‍රමුඛ සිරගතව සිටින කුරුල්ලන් නිදහස්‌ කිරීම ද බුධගෙන් ඇතිවන්නා වූ ග්‍රහ පීඩාවන්ගෙන් මිදීමට සාර්ථකම ප්‍රතිකර්ම වන්නේය.

We found this article from Divaina on 2013/10/27.