භව ගමන සරසන භාව රාශි සහ ග්‍රහ බලය

1624
භව ගමන
භව ගමන

භවයේ පැවැත්ම යනු නැවත නැවත ඉපදීමය. එසේ ඉපදීම සඳහා හේතුවන්නේ මිනිස්‌ ක්‍රියාකාරකම් අනුව නිර්මාණය වන ප්‍රබලකර්ම විපාකයන්ය. මේ තත්ත්වය සාමාන්‍ය ජන වහර අනුව මෙන්ම ජ්‍යෙdතිෂ්ශාස්‌ත්‍රීය සිද්ධාන්ත සහ අප විශ්වාස කරන බුදු දහම අනුවද තහවුරු වෙයි.

ජ්‍යෙdතිෂ් ශාස්‌ත්‍රය සිද්ධාන්ත සංහිතා සහ හෝරා වශයෙන් කොටසක්‌ තුනකි. ග්‍රහ ගමන්, උදා අස්‌න, වක්‍ර, නැකැත්, රාශී, ග්‍රහණ, ග්‍රහ යුද්ධ පිළිබඳව සිද්ධාන්ත කොටසින්ද ලෝකයේ ඇති සියලු වස්‌තූන්ගේ ඇතිවීම, පැවතීම, විනාශය පිළිබඳ කරුණු සංහිතා කොටසින්ද උදාවන ලග්නය, නැකත, ග්‍රහයෝග අනුව ජන්මියාගේ ජීවිත වල ප්‍රකාශ කිරීම පිළිබඳ කරුණු හෝරා කොටසින්ද විස්‌තර වෙයි.

සිද්ධාන්ත සහ සංහිතා කොටස්‌වල විස්‌තර වන්නේ බුදු දහමේ ලෝක විෂය පිළිබඳව දක්‌වන ලද කරුණු වුවද ඒ පිළිබඳ අප දන්නා තොරතුරු සීමාසහිත වෙයි. ලෝක විෂය පිළිබඳ කරුණුවල සීමාවක්‌ නොවීම ඊට හේතුවයි. හෝරා කොටසින් විස්‌තර වන කරුනු චතුරාර්ය සත්‍ය දේශණාව තුළින් මෙන්ම විවිධ සූත්‍ර දේශනාවන් ගෙන්ද මනාව පැහැදිලි වෙයි.

ලෝක නිර්මාණය පිළිබඳව අග්ගCඳ්Cඳ සූත්‍රයේ සඳහන් වන කරුණු සහිත කොටසින් විස්‌තර වන ඇතැම් කරුණු හා සමාන කමක්‌ පවතී. ආකාචාරීව සිටි සැහැල්ලු කය සහිත ජීවීන් පෘථුවි ගත ද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් මිනිස්‌ ප්‍රජාව ආරම්භ වූ බව ආගමානුකූල කරුණු අනුවද විෂ්ණු නාමයෙන් හඳුන්වන මූල ප්‍රකෘතිමය කොටස, වෛකාරික, භූත, තෛජස වශයෙන් වෙන්වී එම කොටස්‌වල පරමාත්මාංශය අධික වූ විට සූර්යයා දී ග්‍රහයෝද ජීවාංශය අධික වූ විට මනුෂ්‍ය ආදී සත්වයෝද ඇතිවන බව ජ්‍යෙdතිෂ්ශාස්‌ත්‍රානුකූල කරුණු අනුවද පැහැදිලි වෙයි. මිනිස්‌ ක්‍රියාකාරම් ඇතුළුව සිදුවන ක්‍රියාවන් හේතුවෙන් පරිසරය විෂම වී අවසානයේ ජලතලයක්‌aa පමණක්‌ ඉතිරි වන තත්ත්වය ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රානුකූලව දශ අවතාර ආදී සියලු දේ අවසානයේ විෂ්ණු කෙරෙහි හෙවත් මූල ප්‍රකෘතියෙහි තැන්පත්වීම වශයෙන් විස්‌තර වෙයි.

සූර්යයා ප්‍රධාන ග්‍රහයන් නව දෙනෙක්‌, ඊට අයත් රාශි (12) දොළහක්‌ රාශි දොළහකට අයත් නැතෘත් විසිහත (27) ක්‌ වශයෙන්ද ෂඩ් වර්ගය වශයෙන්ද පුරුෂ ස්‌ත්‍රී වශයෙන්ද ඔත්තේ සහ ඉරට්‌ටේ වශයෙන්ද

කෲර සෞම්‍ය රාශි වශයෙන්ද, විෂම සම සහ මර, තිර, උභය වශයෙන්ද ධාතූ, මූල, ජීව සහ දිවා- රාත්‍රී බල වශයෙන්ද, භූත සහ සත්ව බල රාශි වශයෙන්ද,ථ රාශිවලට අයත් දිශා වශයෙන්ද රාශි නාමයන්ට ආරෝපිත ජීව සහ අජීව වස්‌තු වශයෙන්ද, රාශිවල මිත්‍ර ස්‌වක්‍ෂේත්‍ර, උච්ඡ, නීච, සතුරු ග්‍රහයෝ වශවෙන්ද, මූල ත්‍රිකෝණ, ස්‌ථාන බල, දිග් බල, කේන්ද්‍ර වශයෙන්ද බාධක ස්‌ථාන සහ ග්‍රහයෝ වශයෙන්ද, ග්‍රහයන්ගේ විවිධ අවස්‌ථා සහ භාව රාශි ස්‌වභාවයන් ජ්‍යෙdතිෂයේ විස්‌තර වෙයි. මේ තත්ත්වයන් අනුව මිනිස්‌ ජීවිතයට ඇතිවන බලපෑම ඵල සහ අපල වශයෙන් විස්‌තර වෙයි. බුදුදමහට අනුව මිනිස්‌ ක්‍රියාකාරකම් අනුව පරිසරය හිතකර වීමත් අහිතකර වීමත් වශයෙන් මේ කරුණු විස්‌තර වෙයි.

ජ්‍යෙdතිෂ්‍ය අනුව ජන්ම පත්‍රයක්‌ කොටස්‌ දොළහකින් සමන්විත වෙයි. භාව සහ රාශිවශයෙන් මෙම කොටස්‌ හැඳින්වෙයි. ජීවන රටාව, ඥති මිත්‍ර සබඳතා සතුරන්, ශරීරයේ කොටස්‌ සහ වැළඳනෙ රෝග පීඩා පිළිබඳව මෙම භාවයන්ගෙන් විස්‌තර වන්නේය. පළමුවැනි භාවයෙන් කේන්ද්‍ර හිමියාගේ ජීවන ශක්‌තිය, පෞරුෂත්වයද දෙවැනි භාවයෙන් විවාහ ජීවිතය හා ධනය පිළිබඳවද, තුන්වැනි භාවයෙන් ආත්ම ශක්‌තිය සහ බාල සහෝදරයින්ද හතර වැනි භාවයෙන් මව, නිවාස, ඉඩකඩම්, යාන වාහනද පස්‌වැනි භාවයෙන් දූ දරුවන් සහ අධ්‍යාපනයද හයවැනි භාවයෙන් නැන්දා, මාමා සහ ලෙඩ රෝග, ආරවුල් ණයවීම් පිළිබඳවද හත්වැනි භාවයෙන් භාර්යාව සහ සැමියාද අටවැනි භාවයෙන් උරුම බධා සහ මරණයද නමවැනි භාවයෙන් පියා ගේ දුක සැප, ආගම් භක්‌තිය, විදේශ ගමන් සහ වාසනාවද දහවැනි භාවයෙන් රැකියාව සහ පියාද එකොළොස්‌වැනි භාවයෙන් ලැබීම්, මිත්‍රයන් සහ වැඩිමහල් සහෝදරයන්ද දොළොස්‌වැනි භාවයෙන් වියදම් සහ විවිධ දුෂ්කරතාවයන්ද පිළිබඳ තොරතුරු නිරූපණය වෙයි. ඒ භාවයෙන්ට හිමි වන ශරීරයේ කොටස්‌ පිළිබඳව මින් පෙර ලිපියක විස්‌තර කර ඇති නිසා ඒ ගැන සඳහන් නොකරන අතර පිළිකුල් භාවනාවේදී සියලුම ශරීර කොටස්‌ සහ රෝග පිළිබඳව විස්‌තර වෙයි. බෞද්ධාගමිකයෝ මෙය හොඳින් අවබෝධ කරගත් තත්ත්වයකි.

බුදු දහමට අනුව අප දන්නා බොහෝ සූත්‍ර දේශනාවල මේ කරුණු මැනවින් පැහැදිලිකර ඇත. ඥති සබඳතාවන් යහපත් ලෙස උරුම වන්නේ පෙර භවයන්හි සබඳකම් අනුවය. බෝසතාණන් වහන්සේ සම්බන්ධ අතීත කථාවන් අනුව ඒ තත්ත්වය මැනවින් පැහැදිලි වෙයි. සතුරු බල ගොඩනගන්නේද අතීත සබඳතාවන් අනුවය. සමගිය කරුණා මෛත්‍රී ගුණයෙන් යුක්‌තවීමත් දානාදී කුසල ක්‍රියාවන්හි නිරතවීමත් අනුව උපත ලබන හැම භවයකදීම යහපත් ප්‍රතිඵල උරුම වෙයි. යහපත් ජීවන වෘත්තියක්‌ හිමිවීම, මනා පෞරුෂත්වයක්‌ උරුම වීම, ධනය, තත්ත්වය, පවුල් ජීවිතය, ආදායම් මාර්ග සාර්ථක වීම, උසස්‌ තනතුරු ලැබී වාසනාව උදාවීම, ප්‍රීතිමත් විවාහ ජීවිතයක්‌ උරුමවීම, උසස්‌ බුද්ධියක්‌ හිමිවීම, අධ්‍යාපන කටයුතු දියුණුවීම, කුසල ක්‍රියාවන්හි නිරතවීමේ සසර පුරුද්ද අනුව ලැබෙන සපලදායී උරුමකම්ය. බොහෝ සේ ණය වීම, ලෙඩ රෝග ආරවුල් සහ උරුම කම්වල බාධා ඇතිවීම, වැයවීම් යන මේ සියලු ව්‍යසනයන්ට හේතු ඉතා පැහැදිලි ලෙස බොහෝ සූත්‍ර දේශනාවන්හි සඳහන්ව ඇත. මෙවැනි තත්ත්වයන්ගෙන් වැළකී ජීවත්වීම සඳහා පුද පූජාවන්හි නිරතවීම, ත්‍රිවිධ රත්නය කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කිරීම වැඩිහිටි උපස්‌ථානය, දාන, ශීල, භාවනා වන්හි යෙදීම වැනි යහපත් කටයුතු වල නිරතවීම, සුදුසු බව සාමාන්‍ය ජනතාව පරම්පරාගත පුරුද්දක්‌ ලෙස පිළිගෙන ඇත. පෙර භවයන්හි කරන ලද කර්ම විපාක මැඬලීමේ අපේක්‍ෂාවෙන් නිරත වන මෙම පිළිවෙත් ආගමානුකූලව මෙන්ම ජ්‍යෙdතිශාස්‌ත්‍රානුකූලවද පිළිගත හැකි ප්‍රතිපත්ති සමූහයකි.

පෙර භවයන් පිළිබඳව අවබෝධ කර ගැනීමේ හැකියාව අභිඥාලාභී සෘෂිවරු සහ බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා සතුවූ විශේෂ තත්ත්වයකි. ලෝක විෂය පිළිබඳව අසීමිත ලෙස කරුණු කාරණා සෙවීම් නිෂ්ඵල ක්‍රියාවක්‌ බව අප අවබෝධ කරගන්නේද ආගමානුකූල පැහැදිලි කිරීම් සහ සෘෂි භාෂිත අනුවය. එවැනි සෘෂි භාෂිත පිළිබඳ පූර්ණ අවබෝධයක්‌ ලබාගැනීම දුෂ්කර කාර්යයක්‌ වුවද කවර හෝ අයෙක්‌ ජන්ම ලාභය ලබන වේලාවට අනුව සකස්‌ කර ගන්නා ජන්ම පත්‍රයකට හිsමි වන්නේ විශේෂ වූ තත්ත්වයකි. එහි ඇති භාව, රාශි සහ ග්‍රහ බල දුබලතා අනුව හිමිවන ජීවන තොරතුරු මෙන්ම පෙර භවයේ ස්‌වභාවය පිළිබඳව තොරතුරුද ප්‍රකාශ කළ හැකිවීම ඊට හේතුව ලෙස සඳහන් කළ හැකිය. මේ තත්ත්වය වඩාත් පැහැදිලිව විමසා බලන විට භාව, රාශි සහ ග්‍රහ බල දුබලකම් යනු භව ගමන සරසන සහ විරුප කරන බාහිර සහ අභ්‍යන්තරය දැකිය හැකි විද්යුත් සෙලෝ පටියක්‌ හා සමාන වූ තත්ත්වයකි.

ජන්ම පත්‍රයක භාව නිවේදකත්වය පිළිබඳ කරුණු අනුව මේ තත්ත්වය පැහැදිලි වෙයි. දොළොස්‌ රැසට හිමිවන භාවය සහ ස්‌ථාන ගතවන ග්‍රහයන්ගේ බලපෑම අනුව ජන්මියාගේ අතීත සහ අනාගත ජීවන තොරතුරු දර්ශනය වන ආකාරය වඩාත් පැහැදිළි කර ගැනීමට මතු සඳහන් කරුණු උපකාරී වනු ඇත.

පළමුවන කොටුව වන ලග්න භාවයෙන් ජන්මියාගේ හිස, මුහුණේ උඩ කොටස, ගතිගුණ, ක්‍රියාකාරිත්වය, ඥනය, සෞඛ්‍ය, දුක සැප, ආයුෂ, ජයග්‍රහණය, නින්දා ප්‍රශංසාද දෙවන කොටුව වන ධන භාවයෙන් සාහිත්‍ය ඥණය, මුදල් ආධාර දෙන අය, නඩු කෝළහල ආදියේදී උපකාර කරන අය, පරිහරණය කරන ආයුධ, දර්ශනවාදීකම, චංචල නිශ්චල ධනය, ඔප්පු-තිරප්පු, රන් රිදී, මුතු මැණික්‌, ශක්‌තියෙන් උපයන දේ, උරුම හිමිකම්, අයිතිවාසිකම්, ආහාර පාන වාග් ශක්‌තිය, ණයට ගැනීම, නැතිවූ දේ, අඹුදරුවන්, දෙවන විවාහය, මුහුණ, දකුණු ඇස, මරණයට හේතුවද තුන්වන කොටුව වන සහජ භාවයෙන් සහෝදර මස්‌සිනාවරු, අසල්වැසියන්, පණිවුඩකරුවන්, ආත්මාභිමානය, වීර්යය, චිත්ත බලය, සහජ ඥනය, ප්‍රඥව, දූෂමාන ආරංචි, ජනප්‍රවාද, කේලාම්, ගිවිසුම් අත්සන් කිරීම, ලිපි ලේඛන, ගමන් බිමන්, පොත්පත්ද හතරවන කොටුව වන බන්ධුභාවයෙන් හෘදය, ජීවිත රහස්‌, ජය පරාජය, ඵලදීම, පදිංචිය, වාසස්‌ථාන, නිවාස, ඉඩ කඩම්, යාන වාහන, ප්‍රවේනි දේපළ, භූමිලාභ, මැණික්‌ ලාභ, ගොවිතැන්, ගෙවැදීම්, ශාස්‌ත්‍ර විධි, වෙළෙඳ ව්‍යාපාර, මව සහ ඥතීන් ද පිළිබඳව විස්‌තර වෙයි.

පස්‌වන කොටුව වන පුත්‍ර භාවයෙන් ඥන ශක්‌තිය, මතක ශක්‌තිය, චිත්ත ස්‌වභාවය, දුර දක්‌නා නුවණ, ඉගෙනීම අත්දැකීම්, සහජ බුද්ධිය, ප්‍රීතිය, සතුට, ආලය, දරුවන් පිළිසිඳ ගැනීම, සහකරුගේ කටයුතු, සමාජ කටයුතු, තරග විභාග, ලොතරැයි වාසනා, රහස්‌ කටයුතු, ණය ගනුදෙනුද හයවන කොටුව වන සතුරු භාවයෙන් කෑම ගැනීමෙන් ඇතිවන රෝග, උපවාස, පෝෂණය, ලෙඩ රෝග, ඇස්‌වහ කටවහ දෝෂ, ප්‍රතිශක්‌තිය, ණය වීම්, උගස්‌ කිරීම්, සින්නවීම්, පහත බඩ, උකුළ දෙඇල, සේවකයෝ, සුරතල් සතුන්, මව්පස ඥතීන්, ජය පරාජයද හත්වන කොටුව වන කලත්‍ර භාවයෙන් කාමය, රාගය, ප්‍රජනන ශක්‌තිය, ප්‍රජනන පද්ධතිය,වකුගඩු, මුත්‍රාශය, නීත්‍යානුකූල විවාහය, සහකරු, සහකාරිය, ව්‍යාපාර කොටස්‌, කොටස්‌කරු, තරග විභාග, සමාජ සේවා, පොදු කටයුතු, ණය ගැනීම්, හිඟමන් ලැබීම, දඩ ගැසීම, දන් ලැබීම, මුදල් ණයට දෙන අය, දෙවෙනි දරුවා, දඩ ගැසීම, දික්‌කසාද, නීති පොරොන්දු ආදියද විස්‌තර වෙයි.

අටවන කොටුව වන බාධක ස්‌ථානයෙන් ආයුෂ, මරණ දුක, මරණයට හේතුව, මරණයේ ස්‌වභාවය, මරණින් පසු අවසාන කටයුතු, සියදිවි නසා ගැනීම්, හදිසි තුවාල, රෝග පීඩා, නිධන් වස්‌තු, අන්තිම කැමති පත්‍ර, ප්‍රසාද ලැබීම්, දායාද, විශ්‍රාම වැටුප් ආදියද නවවන කොටුව වන ධර්ම භාවයෙන් පෙර පිං බලය, ආගම් භක්‌තිය, නීති ගරුකත්වය, පිනට දීම, වන්දනා ගමන්, පුද-පූජා, භාර-හාර, කල්‍යාණ මිත්‍ර ඇසුර, උසස්‌ අධ්‍යාපනය, සහජ ඥනය, දුර බැහැර ගමන් පර්යේෂණ, අමනුෂ්‍ය බලපෑම්, දේවබලය, නව නිර්මාණ, සංකල්පනා, විවිධ ශාස්‌ත්‍රීය කරුණු, රාජ්‍ය අනුග්‍රහය, වාණිජ හැකියාව, ප්‍රභූ ඇසුර, පාරම්පරික ධනය, කලවා පෙදෙස, සහකාර පාර්ශ්වයේ නෑදෑයින්, පියා, ගුරුවරු, මුනුපුරු පරම්පරාවද දහවන කොටුව වන කර්ම භාවයෙන් රැකියාව, නිලතල, පත්වීම්, කීර්තිය, ගෞරවය, ජනප්‍රසාද, උසස්‌වීම්, නම්බුනාම, රාජ්‍ය පාලනය, ස්‌වාධීන ව්‍යාපාර, ආගමික ව්‍යාපාර, ආඥ අණපනත්, නඩු තීන්දු, මන්ත්‍ර සිද්ධිය, ශාස්‌ත්‍ර ඥනය, පිය උරුමය, රාජ්‍ය නිලධාරී, රජය විනිශ්චයකරු, දණහිස සහ දෙකතුල් පිළිබඳව විස්‌තර වෙයි.

එකොළොස්‌වන කොටුව වන අයභාවයෙන් කරදරවලින් මිදීම, ප්‍රාර්ථනා ඉටුවීම, ධනය ලැබීම, ජය ලැබීම, ප්‍රීතිය, සමෘද්ධිමත් භාවය, ණය මුදල් පොලිය ලැබීම්, දුක්‌ විඳින අය, ශුභ පතන අය, මිතුරු ඇසුර, දරු ඵල, වැඩට ඇති කැමැත්ත, ආදරය, ව්‍යාපාර ලාභ, වැඩිමල් සහෝදර සහෝදරයන්, සුළුÊපියා, වළලුකර, විලුඹ සහ මිත්‍රයන්ද, දොළොස්‌වන කොටුව වන වැයභාවයෙන් වැයවීම, නැතිවීම, විනාශය, අලාභය, රැවටීම, මුළාවීම, වෙන්වීම, හීනමානය, සබකෝලය, දිළිඳුබව, හිංසා පීඩා, කූඨ උපාය, තනිවීම්, රහස්‌ කුමන්ත්‍රණ, රහස්‌ ආලය, මිනී මැරුම්, සියදිවි නසා ගැනීම්, ගමින් රටින් පිටවීම, චිත්ත වේදනා, කායික වේදනා, නින්ද නොයැම, විවාහය කඩාකප්පල්වීම, මංගල කටයුතු, සල්ලාලකම්, පිටරට සංචාරය, රෝහල් ගතවීම, බන්ධනාගාර ගතවීම්, වැටීම්, තැලීම්, ශල්‍යකර්ම, ඇසුරු කරන අය, රහස්‌ සතුරන් සහ පතුල්ද පිළිබඳව විස්‌තර වෙයි.

පෙර භව ගමන අනුවත් නිරත වූ ක්‍රියාකාරම් සහ හැසිරීම් රටාව අනුවත් උරුම වූ ජීවන රටාව දොළොස්‌ භාවයෙන් විස්‌තර වන්නේ මේ ආකාරයෙනි. ජීවිතයේ උපතේ පටන් සියලු දේද, හිසේ සිට දෙපතුල් දක්‌වා ශරීරයේ සියලු අංගයන්ද ඥති මිත්‍ර සම්බන්ධකම්ද යනාදී තොරතුරු භාව, රාශි සහ ග්‍රහබල දුබලකම් මත මෙලෙසින් නිවේදනයවීම අනුව ජන්ම කේන්ද්‍ර සටහන ජන්මියාගේ භව ගමන දර්ශනය වන කැඩපතක්‌ හා සමාන කොට සැළකිය හැකිවෙයි.

We found this article from Divaina on 2012/07/13.
Also Sinhala to English Google word to word translation can be found here