භාව දොළසින් කියවෙන ඔබේ ගතිගුණ

1945
භාව දොළසින්
භාව දොළසින්

[ratings]

ජන්ම කේන්ද්‍රය සටහන ලග්න, ධන, සහජ, බන්ධු, පුත්‍ර, ශක්‍රැකලත්‍ර, මෘත්‍යq, ධර්ම, කර්ම, අය, ව්‍යය වශයෙන් භාව දොළසකින් යුක්‌ත වෙයි. උපන් වේලාවට හිමිවූ රාශිය පළමුවන භාවය වශයෙන් සළකා (භාව දොළස) රාශි නම් වලින් හඳුන්වනු ලබයි. පළමුවන කොටුව වන ලග්න භාවයෙන් ඉස මුදුනේ සිට උගුර දක්‌වා කොටසේ ස්‌වභාවය, ළමා කාලය සහ ගතිගුණ පිළිබඳවද දෙවන කොටුව වන ධන භාවයෙන් ලැබෙන ධන සම්පත්, කථා කිරීමේ සහ කලාත්මක නිර්මාණයන්හි ඇති හැකියාව, උපකාර කරන අය, උගුර, දකුණු ඇස, චංචල සහ නිශ්චල දේපළ ලෙස සැළකෙන උරුම හිමිකම්, මැණික්‌ ලැබීම පිළිබඳවද, තුන්වන කොටුව වන සහජ භාවයෙන් බාල සහෝදරයෝ, සහජයෙන් උරුම වන හැකියාව, වික්‍රමාන්විත වූත් අභිමානවත් වූත් චරිත ලක්‍ෂණ, අසල් වැසියන්, පරපුරේ ඥතීන් ගලනාලය, ස්‌නායු පද්ධතිය, නාඩි පද්ධතිය.

දකුණු කන සහ පෙණහලු පිළිබඳවද හතරවන කොටුව වන බන්ධු භාවයෙන් මව සහ මව් පස ඥතීන් පිළිබඳවද ජීවිත රහස්‌, උරුමයෙන් ලැබෙන දේපළ, පදිංචි වාසස්‌ථානය, භූමියෙන් ලැබෙන සම්පත්, ආමාශය, පපුව, බෙල්ල පිළිබඳවද පස්‌වන කොටුව වන පුත්‍ර භාවයෙන් දරුවන්, සමීපතම ශිෂ්‍යයන්, ශිල්ප ශාස්‌ත්‍රයන්හි දක්‌වන හැකියාව, ස්‌ථානෝචිතව කටයුතු කිරීමේ හැකියාව, ගෘහ ජීවිතයේ සතුට, වාසනාව, සාමාජීය කටයුතු වල දක්‍ෂතාවය, තරඟ විභාග වලින් ජය ලැබීම, බඩ, පෙකණිය පිළිබඳවද නිවේදනය වෙයි.

හයවන කොටුව වන සතුරු භාවයෙන් ලෙඩ රෝග, තුවාලවීම, උපවාස ආදී බලපෑම් වලින් ඇතිවන පීඩා, ප්‍රසිද්ධ සතුරන්, අහිමි වන සම්පත්, සේවක පිරිස, සුරතල් සතුන්, බලාපොරොත්තු කඩවීම, කුඩා බඩවැල්, උකුල, දෙඇල පිළිබඳවද හත්වන කොටුව වන කලත්‍රැ භාවයෙන් වකුගඩු, මුත්‍රාශය, ප්‍රජනන පද්ධතිය. විවාහය, සහකරු, සහකාරිය පිළිබඳවද සමාජ සේවා කටයුතු පොදු සහ නීතිමය කටයුතු වලින් ලැබෙන වාසි අවාසි, විරුද්ධ පාර්ශ්වය පිළිබඳවද අටවන කොටුව වන මතපු භාවයෙන් අවයව වලට හානි වීම, ආයුෂ, මරණය. මරණය සිදුවන ස්‌වභාවය, රෝග පීඩා, හදිසි තුවාල, අධෝ මාර්ගය, රහසඟ, අර්ශස්‌ අලාභ වීම්, අපහාස, අස්‌ථාන චෝදනා පිළිබඳවද නමවන කොටුව වන ධර්ම භාවයෙන් ආගම කෙරෙහි ඇති ලැදියාව, පවුලේ ඥතීන්, ප්‍රභූ ඇසුර, නිර්මාණාත්මක හැකියාව, යුතුකම් ඉටුකිරීමේ වගකීම් භාරගැනීමේ ස්‌වභාවය, උසස්‌ අධ්‍යාපනය, කල්‍යාණ මිත්‍ර ඇසුර, දෙකලවා පිළිබඳවද දහවන කොටුව වන කර්ම භාවයෙන් නිරතවන ක්‍රියාකාරකම්, රැකියාව, කීර්ති ප්‍රශංසා, රාජ්‍ය සම්මාන, දේශපාලනය, ස්‌වාධීන කටයුතු, ශාස්‌ත්‍ර ඥණය, උදාවන යහපත, ජයග්‍රහණ, ප්‍රභූන්ගෙන් ලැබෙන ප්‍රසාද දීමනා, පියා සහ පියාගෙන් උරුමවන සම්පත්, දණහිස්‌ සහ දෙකකුල් පිළිබඳවද එකොළොස්‌වන කොටුව වන අය භාවයෙන් දණහිස සිට විලුඹ දක්‌වා තත්ත්වය, සුළු පියා, වයසින් වැඩි කල්‍යාණ මිතුරන්, ලාභ ලැබීම් සහ දරුඵල පිළිබඳවද දොළොස්‌වන කොටුව වන ව්‍යය භාවයෙන් වළලුකර සිට ඇඟිලි තුඩු දක්‌වා කොටස, ඇසුරු කරන අය, රහස්‌ සතුරන්, රහස්‌ කුමන්ත්‍රණ, පවිටු මිත්‍රයන් හා සම්බන්ධ වීම, රැවටීම, දුර්වල අදහස්‌, විවාහ ජීවිතයේ ගැටලු, හිංසාකාරී ක්‍රියා, හදිසි අනතුරු, පූජනීය ස්‌ථාන, බන්ධනාගාර පිළිබඳවද නිවේදනය වෙයි.

භාව දොළස අනුව නිවේදනය වන සියලු කරුණුවල සාර්ථක අසාර්ථක බව ජන්ම කේන්ද්‍රයේ ස්‌ථානගත වී ඇති ග්‍රහයින්ගේ බල දුබලතා අනුව විස්‌තර කිරීමේ හැකියාව ඇත. මෙය ග්‍රහ තාරකා බලයන්ටම වහල් වීමක්‌ නොවන අතර යථා ස්‌වරූපය තේරුම් ගැනීමේ මහඟු අවස්‌ථාවක්‌ පමණි. සුබ ග්‍රහයින් උච්ච, මිතුරු, සම ඵල උදාකරන රාශිවල වීම යහපත්ය. සතුරු නීච රාශිවල වුවද වැඩි අසුබ ඵල නොලැබේ. ඒ සඳහා හේතු වන්නේ පෙර භවයේ යහපත් කටයුතුවල නිරත වී තිබීමයි. එය ධර්මානුකූලව අහෝසි වන කර්ම විපාක හෝ තදබල ලෙස විපාක නොදී දුර්වල ලෙස ලැබෙන කර්ම විපාක වෙයි. පාප ග්‍රහයින් උච්ච, මිතුරු, සම ඵල උදාකරන රාශිවල වීම නපුරුකම, ප්‍රචණ්‌ඩකාරී බව ඇති වීමට බලපාන තත්ත්වයකි. සටන්කාමී, නිතරම අන්‍යයන් හා ගැටුම් ඇතිකර ගන්නා තමන් සතුවම ප්‍රධානත්වය රඳවාගැනීමට උත්සහ කරන අයගේ ජන්ම පත්‍රවල මෙවැනි ග්‍රහයෝග පිහිටා ඇත. පාප ග්‍රහයින් නීච සතුරු වීම අසීමිත ලෙස දුෂ්ඨ ඵල ලැබීමට හේතු වෙයි. මේ තත්ත්වය ධර්මාණුකූලව සුභ කටයුතුවල නොයෙදී අණ්‍යයන්ගේ යහපත් ක්‍රියාවන්ට බාධා කිරීම නිසා හිමිවන තත්ත්වයන්ය.

එකම ජන්ම පත්‍රයකවත් සුබ ග්‍රහයින් පමණක්‌ උච්ච මිතුරු, සම ව ස්‌වභාවයෙන් පිහිටන්නේ නැත. පාප යෝග එකක්‌ හෝ පිහිටා ඇත. ධර්මාණුකූලව ජීවිතයට උරුම වන සැප, දුක, මධ්‍යස්‌ථ බව ඒ අනුව පැහැදිළි වෙයි. සෙනසුරු තුලා රාශිගත වී එකොළොස්‌ වැන්නෙහි ස්‌ථානගතවී සෙසු ග්‍රහයින් සුබ වීමෙන් ධන ලාභ හිමිවෙයි, එහෙත් බොහෝ සේ ධනය ලැබීම නිසා ඇතිවන අනේක විධ ගැටලු නිසා විවිධ අවස්‌ථාවන් හී පීඩා විඳින්නට සිදුවේ. එයද සසර භවයන්හි පිරිවර ජනයාගෙන් වෙන් වී තනිවම දානාදී පින්කම් කිරීමත් නුවණ මෙහෙයවා ක්‍රියා නොකිරීමත් නිසා හිමිවන විපාකයකි.

පාප ග්‍රහයෝග නිසා ඇතිවන අපලය යනු බය ඇතිවීමයි. බය ඇතිවන්නේ ලෙඩ රෝග, ධනය අහිමිවීම, තනතුරු අහිමිවීම හෝ සතුරු බලපෑම් නිසා විය හැකිය. අනාරක්‍ෂිත වීම සියලු බයට හේතුවයි, අනාරක්‍ෂිත වන්නේ කායික මානසික අසංවරය හේතුවෙනි. අතීතයේ කරන ලද වර්තමානයේ කරනු ලබන දූෂිත ක්‍රියාවන් නිසා කායික මානසික අසංවර කම ඇති වෙයි.

වැරදි ලෙස දකින්නට පෙළඹීම නිසා අදැහැමි කල්පනාව ඇතිවේ. අසත්පුරුෂ ලෙස වචනද හසුරුවයි. ඒ අනුව සියලු දෙනාටම පීඩාකාරී වන ජීවන තත්ත්වය සඳහා ගන්නා උත්සාහයද හිංසාකාරීම වෙයි. මෙබඳු නරක පිළිවෙත් නිසා ජීවන චර්යාවද අපිරිසිදු වී සිහි කල්පනාව අවුල්වෙයි. අවුල් වූ සිත යොමු වන්නේ අදැහැමි කටයුතු සඳහාමය. අදහැමි බව නිසා සියලු දෙනාගේ පිළිකුලට බඳුන්වන විශ්වාසයෙන් තොර අයෙක්‌ බවට පත්වෙයි. තීන වුණු සඵලතාවය අපලයක්‌ වන්නේ ඒ ආකාරයෙනි.

වැරදි ලෙස දකින්නට පෙළඹීම නිසා අදැහැමි කල්පනාව ඇතිවේ. අසත්පුරුෂ ලෙස වචනද හසුරුවයි. ඒ අනුව සියලු දෙනාටම පීඩාකාරී වන ජීවන තත්ත්වය සඳහා ගන්නා උත්සාහයද හිංසාකාරීම වෙයි. මෙබඳු නරක පිළිවෙත් නිසා ජීවන චර්යාවද අපිරිසිදු වී සිහි කල්පනාව අවුල්වෙයි. අවුල් වූ සිත යොමු වන්නේ අදැහැමි කටයුතු සඳහාමය. අදහැමි බව නිසා සියලු දෙනාගේ පිළිකුලට බඳුන්වන විශ්වාසයෙන් තොර අයෙක්‌ බවට පත්වෙයි. තීන වුණු සඵලතාවය අපලයක්‌ වන්නේ ඒ ආකාරයෙනි.

අපලයන් නිසා ඇතිවන රෝග භය ශාරීරික සහ මානසික වශයෙන් ඇතිවේ. රවි, සඳු දෙදෙනා කුජ, ශනි හෝ හයවැන්නාධිපති සමඟ සම්බන්ධ වීමෙන් හෝ දෘෂ්ඨි ලැබීමෙන් ශාරීරික රෝග ඇතිවෙයි. ජන්ම ලග්නාධිපතියා, රවි සිටින රාශි අධිපති, සඳු සිටින රාශි අධිපති ග්‍රහයන් කුජ, ශනි සමඟ එක්‌ව පීඩා වීමෙන් මානසික පීඩා ඇතිවේ, ඉහතින් සඳහන් කළ හිංසාකාරී උත්සාහයන් නිසා මෙවැනි පීඩා ඇතිවෙයි. සඳු ග්‍රහයා බුදගෙන් පීඩා වූ විට අස්‌ථාන බියද, රවිගෙන් පීඩා වූ විට අහංකාර කමද, සිකුරු ග්‍රහයාගෙන් පීඩා වූ විට ආශාවන් පිළිබඳ පීඩාද, ශනි ගෙන් පීඩා වූ විට අමනුෂ්‍ය දොaෂද ඇති කරයි. රවි ග්‍රහයාගෙන් අපල වන විට උස්‌නාධික රෝග, ගින්නෙන් සහ විදුලියෙන් අනතුරු, රාජ දඬුවම් ද සඳු ග්‍රහයාගෙන් අපල ඇති වන විට අලසකම නිසා අනුන්ගේ හැකියාව පැහැර ගැනීමද, මෝඩකම ද, සියලු දෙනාට පිළිකුල් වීමද ඇති වෙයි. අඟහරු ග්‍රහයා පීඩා වූ විට ලේ දොaෂ, ශරීරය දුර්වල වීම, වැටීම් තැලීම් තුවාල, හදිසි අනතුරු, කල කෝලහාල අවුල් ඇතිවේ. බුද ග්‍රහයා පීඩා වූ විට මානසික රෝග ස්‌නායු දුර්වලතා. ධාරණ ශක්‌තිය අඩුවීම, ඉගෙනීම කඩා කප්පල් වීම, හන්දි ඉදිමීමද ගුරු ග්‍රහයා පීඩා වූ විට ලේ විෂවීම, ශරීර අභ්‍යන්තරයේ පීඩා, උෂ්ණ රෝග, කහඋණ, නින්දා අපහාස ලැබීම, ඊර්ෂ්‍යා කාරයන් ඇතිවීම, දුෂ්චරිතයන්ට යොමුවීමද සිකුරු ග්‍රහයා පීඩා වූ විට ශරීරය දුර්වල වීම, මුත්‍රා අමාරු, දිය වැඩියාව, විවාහය කඩා කප්පල් වීම, දරුවන්ට අපළ, විශ්වාසය කඩවීම සහ දුක්‌ වේදනා ඇතිවෙයි. සෙනසුරු ග්‍රහයා පීඩා වූ විට වේදනා කැක්‌කුම් කල් පවතින ආබාධ, දත් දිරායැම, දෙපාවල ආබාධ, අස්‌ථි බිඳීම්, වැටීමෙන් තැලීමෙන් පීඩා වීමද රාහු ග්‍රහයා පීඩා වූ විට ඉවසීම අඩුකම, නපුරු ගති, සුරාපානයට පෙළඹීම, සමේ රෝග, නිෂ්ඵල ලෙස අවේලාවේ ගමන් බිමන් වල යෙදීම. විස ශරීර ගතවීම, අපේක්‍ෂා භංගත්වයද හේතු පීඩා වීමෙන් බෝවන රෝග, බඩේ අමාරු, ආහාර ගැනීමේ අපහසුතා, ඔත්පල වීම, සුව කිරීමට අපහසු වන තුවාල ඇතිවීම, උදාසීන ගතිය සහ අන්‍යයන්ට අප්‍රසන්න වීම, සැක සහ අවිශ්වාසය දායක තත්ත්වයද උදාවෙයි.

ග්‍රහයන් සතුරු, නීච සහ දෘෂ්ඨි වලින් පීඩා වන මෙම අපල තත්ත්වයන් ධර්මාණුකූලව විමසා බලන විට කෙළෙස්‌ දහම් දහසය (16) ක්‌ නිසා ඇතිවණ තත්ත්වයක්‌ බව පැහැදිළි වෙයි. ග්‍රහයන්, භාව සහ රාශි බලය තුන් කාලයේම ඵලයන් දර්ශනය වන කැඩපතක්‌ ලෙසින් සැලකිය හැකි වන්නේ මේ නිසාය. ජීවත්වන ලෝකයේ තමන් සතු කරගන්නා සම්පත් සහ අයිති කරගැනීමට අපේක්‍ෂා කරන සම්පත්ද ඇසුරු කරන සහ ඇසුරු කරන්නට අපේක්‍ෂා කරන පුද්ගලයන්ටද දැඩිලෙස ආශා කිරීම නිසා මානසික අසංවරයත්, පිරිහීමත් ඇතිවේ. අවිද්‍යාව ලෙස හඳුන්වන මෙම තත්ත්වය ජ්‍යෙdතිෂ්ශාස්‌ත්‍රාණුකූලව සත්‍ය බව අප අත්දැකීම් අනුව සනාථ වී ඇත. අන් අයට හිංසා කිරීමෙන් සතුටු වීම, අනුන් සතු හැකියාවන්ට ඊර්ෂ්‍යා කිරීම නිසා නොසන්සුන්කම හේතුවෙන් උන්මත්තක බවට පත්වෙයි. ව්‍යාපාද වශයෙන් මේ තත්ත්වය ධර්මානුකූලව හැඳින්වෙයි. අන් අය සමඟ කළ කෝලහලවලට පැටලීම, අවි ආයුධ ප්‍රහාරයන්ට ගොදුරු වීම අස්‌ථාන කෝපය නිසා උදාවන තත්ත්වයන්ය. දණ්‌ඩෙන් පහර කෑ සර්පයන් සේ ක්‍රෝධ කිරීම මෙයට හේතුවන බව අත්දැකීමෙන් අවබෝධ වනු ඇත. ඇසුරු කරන අයට අප්‍රසන්න වී පිළිකුල් කරන තත්ත්වය උදාවන්නේ යටපත් කරගෙන තිබූ කෝපය නිසා ඇසුරු කරන අයට බලවත් පීඩාවන් කිරීමේ පාපී අදහස නිසාය. උපනාහ ක්‌ලේෂය වශයෙන් හඳුන්වන්නේ මේ තත්ත්වයයි. ඇසුරු කරන අය, නෑදැයින් කරන උදව් උපකාර අගය කිරීමේ ඇති අකමැත්ත නිසා මතභේද ඇතිකර ගැනීමෙන් විවිධ ආරවුල් ඇති කර ගැනීම නිසා ඇතිවන අපලදායී තත්ත්වය ධර්මාණුකූලව “මක්‌ඛ” නම් වෙයි.

අනුන්ගේ යහපත දැකීමේ ඇති අකමැත්ත නිසා කරුණාව සහ පරිත්‍යාශීලීත්වය දක්‌වන අයට ඊර්ෂ්‍යා කිරීම අපහාස කිරීම “ඉස්‌සා” නම් ක්‌ලේශය වන අතර ගුරු ග්‍රහයා පීඩා වන තත්ත්වයද වෙයි. දැඩි මසුරුකම හේතුවෙන් උපයාගන්නා දේ සඟවා තැබීමේ නිෂ්ඵල උත්සාහය නිසා අපස්‌මාර තත්ත්වයන් ඇතිවේ. මච්ඡරිය ක්‌ලේශධර්මය වන්නේ මේ තත්ත්වයි. මිනිස්‌ ජීවිතයට නොගැලපෙන දුශ්චරිතයන්හි යෙදෙමින් ඒවා වසන් වන සේ ක්‍රියා කොට සමාජය ඉදිරියේ පෙනීසිටිමේ ගතිය “මායා” නම් ක්‌ලේශ ධර්මය වන අතර සඳු සහ රාහු ග්‍රහයන් පීඩා වීමේදී උදාවන අපලයද වෙයි. තම අපේක්‍ෂාවන් ඉටු කරගැනීම සඳහා උපක්‍රමශීලීව අන් අය මුළා කරමින් කපටිකම් කිරීම නිසා අවිශ්වාසී පිළිකුල් සහගත බව ඇතිවේ. “සාටෙය්‍ය” නම් ක්‌ලේශ ධර්මය වන මේ තත්ත්වය කුජ, සිකුරු ග්‍රහයන්ගෙන් උදාවන අපල තත්ත්වයයි. අනුන්ගේ අදහසට හිස නමන්නේ නැතිව නිගරු කිරීමේ නරක ගතිය ‘තබ්බ’ යනුවෙන් හඳුන්වන ක්‌ලේශය වන අතර කුජ, රාහු පීඩා වීමෙන් ඇතිවන අපලය වෙයි. අහංකාරව ඉස්‌පාසු නැතිව ක්‍රියා කරමින් දේපළ විනාශ කරමින් අන් අය යටත් කිරීමට කෙළෙසීමට සිත මෙහෙයවා ගුණහීන ක්‍රියාවල යෙදෙමින් නුසුදුසු ගරු බුහුමන් ලබා ගුණවන්තයන් හා කටයුතු කිරීමේ ගතිය ‘පලාස්‌ යනුවෙන් හඳුන්වන ක්‌ලේශය වන අතර “රවි” ග්‍රහයා උදාකරන අපල තත්ත්වයද වෙයි. කෙළෙහි ගුණ නොසළකන, හොර තක්‌කඩි වැඩට අනුන් පොළඹවන බොරු වර්ණනා කරමින් ප්‍රදර්ශණය වීමේ ෙච්තනාව ඇතිව අන් අයට වඩා දෙයක්‌ මම කළයුතුය යන පාපී අදහස ඇතිකර ගැනීම ‘සාරමභ’ ක්‌ලේශය වන අතර කුජ ග්‍රහයා අශුභ වීමෙන් උදාවන අපලයද වෙයි. අහංකාර තේරුමක්‌ නැති වැඩ කරන බුද්ධි හීන දුර්වල හැඟීම් ඇතිව වංචාකාරීන්ට මුළාවී කටයුතු කරන නමුදු බොරු ධර්මිෂ්ඨ බව අඟවමින් සමාන නොවිය යුතු අය හා සමාන වීමේ ගතිය “මාන” ක්‌ලේශය වන අතර ගුරු ග්‍රහයා අශුභ වීමෙන් ලැබෙන දුෂ්ඨ විපාකයන්ද වෙයි. නූගත් නිතරම සසලවන ගතියෙන් යුක්‌ත වුවද ප්‍රමාණය ඉක්‌මවා කටයුතු කරමින් අන් අය තමාට වඩා පහත් යෑයි මවා පෙන්වීමේ පුරුද්ධ අතිමාන ක්‌ලේශය වන අතර සිකුරු ග්‍රහයා උදාකරන අශුභ ඵලයන්ද වෙයි. වාචාල ගති ඇතිව පංච දුශ්චරිතයන්හි යෙදෙමින් අනුන්ට වෛර කරන චාටු ක්‍රියාවල නිරතවන කේළාම් කියමින් අනුන් මුළා කොට වංශ, කුල, ගෝත්‍ර, ධනය, බලය, නිලය යන මේ අංශවලින් තමන් උසස්‌ යයි හපන්කම් දොඩවන ගතිය මදය නම් වූ ක්‌ලේශය වන අතර ගුරු ග්‍රහයා උදාකරන අශුභ ඵලයන්ද වෙයි. බේබද්දකු ලෙස ක්‍රියා කරමින් මෝඩ වූත් අලස වූත් ගති ඇතිව සියලු දෙනාට අප්‍රසන්න වන ආකාරයට උත්සාහයන් නැතිව ක්‍රියා කරමින් සිතට වහල් වීමේ ගතිය “ප්‍රමාදය” නම් වූ ක්‌ලේශය වන්නා සේම සඳු ග්‍රහයා අශුභ වීම නිසා උදාවන අපල තත්ත්වයද වෙයි.

අතීතයේ කරන ලද දුෂ්ඨ ක්‍රියා හේතුවෙන් වර්තමානයේ උරුම කරගත් චරිත ලක්‍ෂණ පාපී ක්‍රියාවන්හි නිරතවීමට හේතූ වී ඇතිවා සේම අනාගතයේද ප්‍රබල දුෂ්ඨ ඵලයන් ලැබීමට හේතු වෙයි. උච්ච, මිතුරු, සම, සතුරු, නීච වශයෙන් භාව රාශිගත වන ග්‍රහ බලයන් තුන් කාලයම දැකිය හැකි කැඩපතක්‌ ලෙස සැලකිය හැකිවන්නේ ඒ හේතුවෙනි. මනා අවබෝධයක්‌ ඇතිකර ගැනීම තුළින් මේ කරුණුවල සත්‍යභාවය අත්දැකීම් අනුව සනාථ කරගත යුතුය.

නීචව සතුරු වූ පාපී ගහ බලය

සපත වන සේව දොa සතරේ බලය

උච්චව මිතුරු සම සුබ වූ සත් බලය

මතුදින ලියමි පතමින් තිසරණ බලය

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here