රාශි චක්‍රයේ දසවැනි රාශිය වන මකර රාශිය මකරා යනුවෙන් වූ සංකේතයකින් හඳුන්වනු ලබයි. මකර රාශිය දුකට අධිපති ශනිට අයත්වේ. සාමාන්‍ය ස්‌වරූපය අනුව සිහින් සිරුර සිහින් මුහුණ හා මහත් දත් ඇති අයෙක් වෙයි. ශනි හෝ ගුරු ලග්නයේ නම් මහත ශරීරයක් ඇති අයෙකු විය හැකිය. මකර ලග්නයේ උපන් අය ඉතාමත් හික්‌මීමෙන් හා ඉවසීමෙන් කටයුතු කරන තමාගේ බලාපොරොත්තු සෑහෙන ප්‍රමාණයක් සපලකර ගැනීමට තරම් වාසනාවන්තය. ඔවුන් ලෞකික වශයෙන් උසස් ජීවන තත්ත්වයකට පත්වීමට දැඩි ආශාවක් දක්‌වයි.
ඒ සඳහා කොතරම් බාධක පැමිණියත් සියල්ලටම මුහුණදී තමාට අවශ්‍ය දේවල් උපයා ගැනීමට දැඩි වෙහෙසක් දරයි. තමාගේ බලය වැඩි කර ගැනීමට නොයෙකුත් උපක්‍රම යොදා ගනියි. තම දියුණුව වෙනුවෙන් ඕනෑම දුක් කරදරයක් විඳීමට කැමති වේ. ඒ නිසාම ඔවුන් අනාගත දියුණුව සියල්ල සලසා ගනිති. වැඩි වශයෙන් තම වාසිය ගැනම සිතා කටයුතු කරයි. මකර ලග්න හිමියන් පාලනයටද විශේෂ දක්‍ෂකමක් දක්‌වති. තමාට කරදරයක් විපතක් වූ විටකදී පවා අන් අයගේ උදව් උපකාර ලබා ගැනීමට කැමැත්තක් නොදැක්‌වීම ඔවුන්ගේ ලක්‍ෂණයකි. මකර ලග්න හිමියන් තම උත්සාහය හා කැපකිරීම නිසාම තමන්ට ලැබෙන රැකියාවෙන් පවා ඉහළටම යැමට තරම් වාසනාවන්ත වන අතර ඒ පිළිබඳ යම් යම් දේ සොයා ගැනීමේ දක්‍ෂතාවක්‌ද ඇත.
මෙම ලග්නයට අධිපතියා වන්නේ සෙනසුරුය. සෙනසුරු කුම්භයටද අධිපතිකම දරයි. ගුරු ග්‍රහයා ලග්නගතව සිටීම ඔවුන්ට යහපත් නොවේ. ගුරු සමග සිකුරු ලග්නයේ සිටී නම් එයද යහපත් නොවේ. සැපවත් ජීවිතයක් ගත කිරීමට අපහසු වෙයි. විවාහයේදී යම් යම් කරදර උදාකරයි. බුධ සිකුරු ග්‍රහයන් මකර ලග්නහිමියන්ට සුබඵල උදාකරන ග්‍රහයෝ වෙති. කුජ, ගුරු, සඳු ගෙන් සුබඵල අපේක්‍ෂා කළ නොහැක. බුධ, ශුක්‍ර යෝගය යෙදී ඇත්තේ නම් ශුභ ඵල වඩාත්ම උදාකරයි. 1, 4, 7, 10 සෙනසුරා සිටීමෙන් සසයෝගය යෙදේ. දසවන රාශියේ සෙනසුරා සිටීමෙන් සේනක නම් යෝගය යෙදේ. උපතේදී සෙනසුරා ලග්නයේ නම් දුක් වේදනා, කරදර බාධක හමුවේ නොසැලී තම අරමුණ සපලකර ගැනීමේ හැකියාව හා වාසනාව ලැබෙයි. බොහෝ දුරට මකර ලග්න හිමියෝ ඉතාම ගුණ ගරුකය. එමෙන්ම කරුණාවන්තය. අන්‍යයන්ගේ ආදරයට ගෞරවයට ලක්‌වන්නෝ වෙති. ලග්නාධිපති දෙවන රාශියේ නම් ඉවසීමෙන් හා බුද්ධියෙන් ක්‍රියා කරන ගතියක් කැපී පෙනේ. සෙසු අයගේ ගෞරවයට ලක්‌වන්නේ ඉහත කී ලක්‍ෂණ අනුව යයි සිතිය හැක. මේ අයට විදේශ රටක වුවත් සිය ජීවිතයේදී පැසසුම් ලබාගෙන ජීවත්වීමේ වාසනාව ඇත. සමානාත්මතාවය ඉතාමත් අගය කොට සැලකීම ඔවුන්ගේ ලක්‍ෂණයකි. පොදු කටයුතුවලදී නිරන්තරයෙන්ම මොවුන්ට මූලිකත්වය හිමිවේ. සුළුÊමුදලක් උපයා ගත්තත් යමක් ඉතිරි කර ගැනීමට මොවුන් දක්‍ෂය. ගෙදර දොර අවට පරිසරය පවිත්‍රව තබා ගැනීමට වැඩි උනන්දුවක් දක්‌වති.
මකර ලග්න හිමියන්ගේ ශනි ලග්නගතව සිටී නම් ඒරාෂ්ඨක තත්ත්වයකි. උපතේදී ඒරාෂ්ඨක බලය නිසා මුල් කාලයේදී දුක් පීඩාකරදරවලට මුහුණ දීමට සිදුවේ. එහෙත් තරුණ වියේදී සිය ජීවිතය යහපත් තත්ත්වයකට හැරේ. කුජ හතේ සිටී නම් විවාහ කටයුතු ප්‍රමාද වෙයි. බුධ, ශනි, හෝ කුජ ශනි ලග්නගතව සිටීම උසස් බුද්ධිමත් අයකුවීමට හේතුවක් වේ. මකර ලග්නයෙන් උපන් අයට විශේෂයෙන් කුජ, ගුරු, සඳු අශුභ ඵල දෙන ග්‍රහයෝ වෙති. බුධ සිකුරු යහපත් ඵලදෙන ග්‍රහයෝ වෙති. ශනි ලග්නාධිපති වූයේ වී නමුත් ශනි මකර රාශියට මාරකවේ. යහපත් පැළදීමේදී සිකුරු ප්‍රධාන වේ. මකර ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ රවි දෙවැන්නේ සිටීමද යහපත් නොවේ. රවි තුන්වැන්නේ සිටීම ශුභදායක ඉගෙනීමට යහපත් වේ. ලේඛන කලාවටද දක්‍ෂවේ. සඳු හතර වැන්නේ සිටී නම් ඇසුරු කරන අයගේ උදව් උපකාර ලැබෙයි. පදිංචි ස්‌ථාන මාරු කිරීමට සිදුවෙයි. සඳු හතේ සිටීමද යහපත්ය. සමාජයේ උසස් තත්ත්වයක් හිමිකර ගනී. නමුත් කාමාධික අයකුවීමට පුළුවන. ගුරු ලග්නයේ සිටීම ආත්මාර්ථකාමී බවක් පෙන්නුම් කරයි. අනවශ්‍ය සම්බන්ධතා ඇතිකර ගනී. සිකුරු ලග්න ගතව සිටින මකර ලග්න හිමියන්ට සමාජයේ උසස් තත්ත්වයක් හිමිවීමට හේතුවෙයි. ආදරය මත විවාහය සිදුවෙයි. එහෙත් පසුව නොගැලපෙන තත්ත්වයක් ඇති කරයි. මකර ලග්න හිමියන්ට විවාහය සඳහා වඩාත්ම ගැලපෙනුයේ මකර, කටක, වෘශ්චික, මීන යන ආපෝ (ජල) රාශිවල උපන් අයයි. එම ලග්නවලින් උපන් අය හා විවාහවීම විවාහ ජීවිතය වඩාත් සාර්ථකවීමට හේතුවනු ඇත. මකර ලග්න හිමියන්ට වැළඳෙන රෝග අතර සමෙහි රෝග, දනහිස්, කෙණ්‌ඩාවල රෝග, ලේ අඩුකමින් පිපිහලුවීම, රක්‌තවාතය, හන්දි කැක්‌කුම, වාතරෝග, රක්‌ත රෝග ආදිය වෙයි. මකර ලග්නයෙන් උපන් අයගේ අපල සඳහා චන්ද්‍රකාන්ත ගල් පැළඳීම ඉතා යහපත් වේ.
We found this article from Divaina on 2013/03/01.
Also Sinhala to English Google word to word translation can be found here