මල්වරයෙන් දියණියගේ අනාගතය කියවමු

0
1004
මල්වර
මල්වර

මල්වර අවස්‌ථාවේ උදාවන රාශි, නැකැත්, තිථි, යෝග, කරණ, දින, චන්ද්‍රමාස, ග්‍රහ පිහිටීම් ප්‍රකාරව අධ්‍යාපනය, රැකියාව, යුගදිවිය, දරුඵල, ලෙඩදුක්‌ ආදී පලාඵලද දෙමව්පියන්ගේ ශුභ අශුභද දියණියගේ භාග්‍ය අභාග්‍යයද මැනවින් විග්‍රහ කළ හැකිය. තවද මල්වර කේන්ද්‍රයේ සියලුම අශූභ කාරණා අරභයා සර්ව දේවපූජා පවත්වා සර්ව දේවතා මණ්‌ඩලයට පින් අනුමෝදන් කරවීම, ගුප්ත විද්‍යානුකූලව උචිත යන්ත්‍ර පැළැන්දවීම, නවග්‍රහ පූජා, බෝධි පූජා පැවැත්වීම, කපුටුදාන දීම, යාචකයන්ට, අසරණයන්ට පිහිටවීම යනාදී ගුප්ත ශාස්‌ත්‍රීය හා ආගමානුකූල කටයුතු සිද්ධ කර ගැනීමෙන් අශුභ තත්ත්වයන් සමනය කරගැනීමේ හැකියාව පවතී.

මල්වරය සිදු වූ දිනය අනුව ශුභඅශුභ මෙසේය(

ඉරිදා – දුක්‌ කරදර, විපත්තිදායක, ශෝකාකූල තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුවේ.

සඳුදා – තම මව්පියන්ගේ විශේෂයෙන්ම තම මවගේ, ඥාති හිතමිත්‍රාදීන්ගේ ප්‍රසාදයට ලක්‌වේ.

අඟහරුවාදා – තම සහෝදරාදීන්ට අපල විපත් ගෙන දේ. මල්වර දියණියට ලේ ආශ්‍රිත රෝගී තත්ත්වයක්‌ ඇතිවේ.

බදාදා – සෞම්‍ය ගති පැවතුම් හා යහපත් බව ඇතිවේ.

බ්‍රහස්‌පතින්දා, සිකුරාදා – සතුට, සෞභාග්‍යය, වාසනාව, සැප සම්පත් ගෙන දේ.

සෙනසුරාදා – අලස බව, නිදිමත, ගතිය, ශාරීරික හා මානසික පීඩාකාරී බව ඇතිවේ.

තිථි අනුව මල්වර ඵල

පෑලවිය – දරුඵල හීන කරයි. බොහෝ අවස්‌ථාවන්හිදී යහපත් බවද ඇති කරයි. ස්‌වාමිභක්‌ති වේ

දියවක – සතුට සොම්නස මද වශයෙන් ඇති කෙරේ. යහපත්ය. පිණැත්තියෙකි

කියවක – සැප සම්පත්, ධනය, සෞභාග්‍යය , දියුණුව ඇති කරයි. බොහෝ විට ජීවිතයේ හිස්‌ බව ඇති කරයි. දරුලාභ ඇත.

ජලවක – අඥාන, සැඩපරුෂ, කෲරතර බව ඇති කරයි. දේපල වස්‌තු විනාශය සිදු වේ. වැන්දඹු බවට පත්වෙයි.

විසේනිය – වාසනාවන්ත යුගදිවියකට උරුමකම් කියයි. පින්වත් දූ පුතුන්, සොම්නස, සෞභාග්‍යය ලබයි. බොහෝ විට ස්‌වාමි සැප නොලැබෙන අවස්‌ථාද වේ. ධනපතිනියක්‌ වෙයි.

සැටවක – දුක්‌ විඳින, අසතුටින් කල් ගෙවන, කෲර අදහස්‌ ඇත්තියකි. පියාට විපත්තිකරය.

සතවක – දියුණව, සුමිහිරි බව, ධනවත් බව, දේපල වස්‌තුව, රන්රිදී මුතුමැණික්‌ ආභරණ ළගාකර දේ.

අටවක – රාක්‌ෂ ගති ඇත. කනවැන්දුම් වේ. අචිනීත – ප්‍රවේසම් රහිත තැනැත්තියකි.

නවවක – පව්කාරියක්‌ වේ. ස්‌වාමියාට මාරාන්තික මාරක වේ. දුක්‌ කරදර, අසහන, ඇතිවේ

දසවක – සතුටින් කල් ගෙවයි. ආගිය තැන ප්‍රධානත්වය දරයි. ධන සම්පත්, සැප සම්පත් ළඟාකර දේ

එකොළොස්‌වක – දරුඵල ඇත. පතිදම් රකී. සැප සම්පත් ලැබේ.

දොළොස්‌වක – දුර්භාග්‍යය ඇත්තියෙකි. අන්‍යයන්ට ගරහයි. කලාතුරකින් සැප සම්පත් ලබයි.

තෙලෙස්‌වක – රන්රිදී, මුතුමැණික්‌, ආභරණ, වස්‌තුලාභ ඇති වේ. සතුට සැපත ඇති කරයි.

තුදුස්‌වක – ගෑනු දරුලාභ වේ. ඇතැම්විට ගණිකාවක්‌ වේ. අයථා ක්‍රියාවන්ට යොමුවෙයි.

පසළොස්‌වක – පිනැති දරුලාභ වේ. දියුණුව අභිවෘද්ධිය, නීරෝගී බව, ශක්‌තිමත් බව ගෙනදෙයි.

අමාවක – අන්සතු වස්‌තුවට ලොභ බඳින සෙරක්‌ වේ. දරුවන්ට මාරාන්තික අඵල ගෙන දේ.

මල්වර ලග්නයට ඵලාඵල

මේෂ – දරුලාභ,වස්‌තුලාභ වේ.

වෘෂභ – දරුලාභ, ධනලාභ වේ.

මිථුන – දරුලාභ, තම සහෝදරාදීන්ට අපල ඇති කරයි.

කටක – පින්වත් පුතුන්, ධන සම්පත් ලබයි.

සිංහ – පිනැති දරුවන්, සැප සම්පත් ලබයි.

කන්‍යා – තම ස්‌වාමියාට, ඥාතීන්ට විපත්තිදායකය

තුලා – සැප සම්පත් ලබයි.

වෘශ්චික – ලෙඩදුක්‌, දුක්‌පීඩා ඇතිවේ.

ධනු – ස්‌ත්‍රී දරුලාභ, සතුට, සම්පත ඇති වේ.

මකර – දරුලාභ ඇති වේ.

කුම්භ – මව්පියන්ට අපල ගෙන දේ.

මීන – නිතරම වරදෙහි බැදෙන, පිරිමි සේවනයෙන් කල් යවන, අධික රාගාධික තැනැත්තියකි. පිරිමි දරුලාභ බහුල වේ.

මල්වර වූ ස්‌ථානය අනුව ඵලාඵල

නිවසින් පිටදී – අනාචාරයේ හැසිරේ.

ගවහල් හා වෙනත් සත්වගාල් – පතිදම් මනාව රකී.

නිරුවතින් වීනම් – දුක්‌ඛිත ජීවිතයකි.

ජලය සමීපයෙහි – දීර්ඝායුෂ වේ.

ඇවිදිමින් සිටින විටදී – ගරු බුහුමන් ධන සම්පත් ලබයි.

අන්‍ය නිවසකදී නම් – දුසිරිත්හි ඇලේ.

තම නිවසේදී – යහපත්, සිල්වත් වේ.

පිරිසක්‌ අතරේදී – විළිබිය රහිත වේ.

ස්‌ත්‍රීන් මධ්‍යයෙහි නම් – ධන සම්පත් වේ.

ධන ධාන්‍ය මධ්‍යයෙහි නම් – භව භෝග සම්පත්තිය ලබයි.

පාළු අදුරු හුදකලා පෙදෙසකදී – තම ස්‌වාමියාට මරු කැඳවයි.

සොහොනකදී නම් – අමනුෂ්‍ය දෝෂ, ලෙඩරෝග ඇති වේ.

පූජනීය ස්‌ථානයකදී – සැප නොලබන දුක්‌ ලබන තැනැත්තියකි.

අඩුකුල නිවසකදී – දුක්‌ඛිත වේ.

නිදමින් සිටින විට – නිරෝගී වේ.

සෙල්ලම් කරන විටදී – මද ආයුෂ වේ.

මල්වර වූ මාසය අනුව ශුභ අශුභ

ජනවාරි – පතිදම් නොරකියි.

පෙරවාරි – දරුලාභ, ධනලාභ ලබයි.

මාර්තු – නිවසට ශ්‍රීයාකාන්තාවක්‌ බදුය.

අප්‍රේල් – වැන්දඹුවක්‌ වේ.

මැයි – පුත්‍ර ලාභ, ධන ලාභ වෙයි.

ජුනි – ලෙඩරෝග බහුලය.

ජුලි – මළ දරු උපත් වේ.

අගෝස්‌තු – ධනසම්පත් වේ.

සැප්තැම්බර් – මද ආයුෂ ඇති, ලෙඩ රෝග ඇත්තියෙකි. ස්‌වාමිභක්‌තිය නැති අභාග්‍යවන්තියෙකි.

ඔක්‌තෝම්බර් – ආගමික භක්‌තිය ඇත.

නොවැම්බර් – මද ආයුෂ ඇත.

දෙසැම්බර් – බොහෝ දරුලාත වේ.

මල්වර වූ කාලය අනුව ඵලාඵල

උදේ කාලය – දරුලාභ, සතුට, වාසනාව, සෞභාග්‍යය, දියුණුව ලබන ස්‌වාමි භක්‌තිය ඇති පින්වන්තියෙකි.

මධ්‍යාහ්නය – දරුලාභ, ධනලාභ වෙයි.

පස්‌වරුව – පතිදම් නොරකියි, පරදාර සේවනයේ යෙදේ.

සන්ධ්‍යා කාලය – බොහෝ පුරුෂයන් ඇසුරු කරන වෙසඟනක්‌ වේ.

හිමිදිරිය – පතිවත නොරකින වෛශ්‍යාවකි.

මධ්‍යම රාත්‍රිය – සැමියාට මාරකයි, වැන්දඹුවක්‌ වේ.

මධ්‍යම රාත්‍රියට පෙර – දීර්ඝායුෂ වේ.

මල්වර අවස්‌ථාවේ ඇඳ සිටි වස්‌ත්‍රය අනුව ශුභාශුභ

සුදු ඇඳුමක්‌ – ස්‌වාමි භක්‌තිකයි.

රතු ඇඳුමක්‌ – නිතර රෝගී වේ.

නිල් ඇඳුමක්‌ – වැන්දඹු වේ.

කිලුටු ඇඳුමක්‌ – දුක්‌ විඳින දිළින්දියකි.

තද ගොරෝසු දළ ඇඳුමක්‌ – පතිදම් රකියි.

සිනිඳු ඇඳුමක්‌ – සැප සම්පත් ලබයි.

කපු ඇඳුමක්‌ – ආගිය තැන ප්‍රධානත්වය දරයි.

දිරාගිය පරණ ඇඳුමක්‌ – අභාග්‍යවන්තියක්‌ වේ.

යුගදිවිය හා සම්බන්ධයෙන්ද මල්වර කේන්දරය බෙහෙවින් ඉවහල් වෙයි. විවාහය ප්‍රමාදවීම , අසාර්ථක වීම, ප්‍රේම සම්බන්ධතා බිඳවැටීම්ම, දරුඵල නොමැති වීම, අභාග්‍යය, සතුරු කරදර, අමනුෂ්‍ය දෝෂ, ලෙඩදුක්‌, අධ්‍යාපනයට හා දියුණුවට බාධක, මාරාන්තික මාරක යනාදී අශුභ හා ශුභවාදී කරුණු කාරණා රාශියක්‌ මනාව පිළිබිඹු කරන කැඩපතක්‌ වැන්නකි මල්වර කේන්ද්‍රය.

මෙහි දක්‌වා ඇති සියලුම අශුභ කාරණා සඳහා පූජා සෙත් ශාන්ති ආගමික වත්පිළිවෙත් අප්‍රමාදව නිසිප්‍රකාරව සිදුකොට ගෙන තම සෙනෙහෙබර දියණියන් ආරක්‍ෂා කර ගත හැකි බවද කියා සිටිමි.

We found this article from Divaina on 2013/07/27.
Also Sinhala to English Google word to word translation can be found here

Please follow and like us:

Leave a Reply

avatar
2000
  Subscribe  
Notify of