මව් අහිමි ඇයි!

2123
marriage
marriage

යෞවන වයස පසුකරන තරුණ තරුණියන්, විවාහ වීමෙන් පසු දරු සම්පත් ලබන අතර, ඇතමුන්ට ඒ වාසනාව අහිමි වී තිබේ. හැම කාන්තාවක්‌ම පාහේ විවාහයෙන් පසු මව් පදවියෙන් පසුවෙති. විවාහ වී අලුත ඇතැම් කතුන් මව් පදවිය ලබා ගැනීම කල්දමති. හුදෙක්‌ ඒ ඔවුන්ගේ සැප සතුට හා අනාගත ආර්ථිකය ගැන සිතන නිසාය. කොහොම වුවත් හැම විවාහක කතක්‌ම මව් පදවිය ලැබීමේ අපේක්‌ෂාවන්ගෙන් බැහැර නොවේ. ලොව ඇති සම්පත් අතුරෙන් උසස්‌ම සම්පතක්‌ ලෙස දරු සම්පත සැලකිය හැකිය.

අද සමාජයේ විවාහකයන් අතර දරුවන් නොමැති කීදෙනෙක්‌ සිත් වේදනාවෙන් හා කලකිරීමෙන් යුතුව කල් ගෙවත්ද? ඇතැම් පවුල්වලට ලැබී සිටින දරුවන් එක්‌කෝ අංග විකලයි. නැත්නම් උපන්දා සිටම නිධන්ගත රෝගවලට ගොදුරුව සිටිති. හම්බකරන මුළු සේසතම දරුවන්ට වියදම් කිරීමට සිදුවෙයි. විවාහක පවුල් අතරින් 20% ක්‌ පමණ වඳ බවින් පෙළෙන වගට වාර්තා වෙයි. එසේ නම් අඹු සැමි පවුල් 05 කින් එක්‌ පවුලක්‌ මේ තත්ත්වයට පත්ව තිබේ. ඇතැම් විවාහක අඹු සැමි යුවළකට දරුවන් ලැබීමටත් නොලැබීමටත් ලැබෙන ඇතැම් දරුවන් අංග විකල හෝ රෝග පීඩාවන්ට ගොදුරුවීමටත් සිදුවේ. අදාළ කරුණු පිරික්‌සීමේදි ඒ ගැන විද්‍යාත්මක හා ජ්‍යෙdතීර් විද්‍යාවට අනුව කරුණු පසක්‌ කළ හැකිය. ශාරීරික පිහිටීම් මත විද්‍යාත්මක කරුණු අනුව අසමතුලිතා ඇතිවීම් මත හා ජ්‍යෙdතීර්වේදය අනුව කර්මය මත මෙය සිදුවෙයි.

ජෝතීර් විද්‍යාව අනුව කේන්ද්‍ර සටහනේ 05 වැන්න, 06 වැන්න හා 07 වැන්නත් මේ සඳහා විශේෂයෙන් බලපානු ලබයි. පුරුෂයකුට වඳ බිරිඳක්‌ ලැබෙන්නේ සෙනසුරු ලග්නයෙන්ද (01) සිකුරා සත්වැන්නේත්, සිටීමෙනි. සුබ ග්‍රහයකු 05 වැන්නේ නොසිටීම ඊට හේතුවකි. එසේම පාප ග්‍රහයෝ 12, 07, 01 ස්‌ථානවල සිටීමෙන්ද ක්‌ෂිණ සඳු 05 වැන්නේ වීමද දරුවන් නැත්තෙකු කරයි. සඳු 10 ත් කුජ 07 ත්, සෙනසුරු රවිත් 02 වැන්නේත් සිටීමෙන් අංගවිකල දරුවන් උපදී. ලග්නයෙන් 07 වැන්නේ සිටි සිකුරු, අඟහරු, පාපයන්ගේ දැක්‌මට ලක්‌වූ විට බරවා, ඉදිමුම වැනි රෝග වලින් යුත් දරුවන් බිහිවේ. රවි, චන්ද්‍ර, කුජ, සෙනසුරු 08 වැන්නේත්, 06 වැන්නේත්, 02 වැන්නේත්, 12 වැන්නේත් වීමෙන් උපදින දරුවන් අන්ධ බවට පත්වෙති.

විවාහ ගිවිස ගැනීමට පෙර පොරොන්දම් පරික්‌ෂාව වැදගත් වෙයි. පොරොන්දම් පරීක්‌ෂාවේදී zවෘක්‌ෂZ පොරොන්දමින් බැලෙන්නේ අදාළ දෙදෙනාගේ (අඹු – සැමි) කායික ශක්‌තියට අදාළ දරුඵල ඇති කිරීමට හේතු වන ධාතු ශක්‌තිය පිළිබඳ බල – දුබලකම් මැනීමය. ඒ අනුව පුරුෂයාට හර වෘක්‌ෂයක්‌ද (ගොඩක, නෙල්ලි, අත්තික්‌කා, මාදන්, කළුවර, කිහිරි, උණ, දිඹුල්, බෙලි, කුඹුක්‌, සපු, මූණමල්, සමදරා, කොලොන්, කොහොඹ යනාදී) ස්‌ත්‍රියට කිරි වෘක්‌ෂයක්‌ද (බෝ, දොඹ, නුග, කෑල, අලරි, වැටකේ, ඉඹුල් හෝපළු, කොස්‌, වරා, මී අඹ, වී) හිමි වූයේ නම් දරුඵල හිමිවෙයි. දෙදෙනාටම කිරි වෘක්‌ෂ හිමිවීමද දරුඵල වැඩිවිමට හේතුවකි. දෙදෙනාටම හර වෘක්‌ෂ වීනම් දරුඵල අපේක්‌ෂා කළ නොහැකිය. එසේම ස්‌ත්‍රියට හර වෘක්‍ෂයක්‌ද පුරුෂයාට කිරි වෘක්‍ෂයක්‌ද හිමිවීමෙන් මද දරුවන් ඇතිවෙයි. “මහේන්ද්‍ර” පොරොන්දම ගැලපීමේදී ස්‌ත්‍රී උපන් නැකතේ සිට පුරුෂයා උපන් නැකත 04, 07, 10, 13, 16, 19, 22, 25 යන නැකතකට වැටේ නම් විවාහකයන්ට දරු සැප ලැබේ.

කේන්ද්‍ර සටහනේ 05 වැන්නෙන් කියෑවෙන්නේ දරුවන් ගැනයි. එසේම ආලය, ආදරය කලා කටයුතු ගැනද කියවෙයි. දරුවන් ගැන පරීක්‌ෂා කිරීමේදී පුත්‍රස්‌ථානය වූ 05 වැන්නේ සිටින ග්‍රහයා, 05 වැන්න අධිපතියා සමඟ සිටින ග්‍රහයා හෝ ග්‍රහයන්ද, 05 වැන්න දකින ග්‍රහයන් ගැනද අවධානය යොමු කළ යුත්තේය. 05 වැන්න අධිපතියා උච්ච බලයෙන් සිටීම හෝ 05 වැන්නේ සිටින වෙනත් ග්‍රහයෙක්‌ සුබව යහපත්ව සිටීම හෝ දරුවන් ලැබීමට හේතුවකි. 05 වැන්න අධිපතියා සමඟ රවි සිටීමද ඉතා සුබයි. මෙය උසස්‌ දරුවන් ලැබීමට හොඳ පිහිටීමකි. 05 අධිපති ග්‍රහයා සෙනසුරු සමඟ සිටී නම් මඳ දරුවන් සිටිය හැකිය. 05 අධිපතියා සිකුරු සමඟ සිටීමෙන් වාසනාවන්ත ලස්‌සන දරුවන් බිහිවේ. මේ අනුව 05 අධිපතියා 09 හෝ 10 අධිපතියා සමඟ සිටීමද දරු උපත්වලට හේතුවකි. 05 අධිපතියා 08 වැන්නේ සිටීමෙන් දරුවන් ගැන නිතර දුකින් පසුවේ. එසේම 05 අධිපතියා 12 සිටීම නිසාද දරුවන් වෙනුවෙන් වියපැහැදම් වැඩිවේ. රවි 05 වීම අඩු දරු උපත්වලට හේතුවකි. කුජ 05 සිටීමද ගබ්සා – ප්‍රසූත දොaෂ ඇතිකරන අතර පළමු දරුවාට අගුණයි. බුධ 05 වීමෙන් ඥනවන්ත දරුවන් ලබයි. සිකුරු 05 වීමෙන් ලස්‌සන දරුවන් උපදී. ගුරු 05 වීමෙන්ද බුද්ධිමත් දරුවන් ලැබේ. සෙනසුරු 05 වීමෙන් අංග විකල හෝ ලෙඩ රෝග, සතුරු කරදරවලින් යුත් දරුවන් ලැබේ. රාහු 05 වීමෙන් අඩු පිරිමි දරුවන් ලබන අතර කේතු 05 වීමෙන් පිරිමින්ට වඩා ගැහැනු දරුවන් ලැබේ.

කේන්ද්‍ර සටහනේ 06 වැන්න ලෙඩ රෝග ගැන සොයා බැලීම සිදුවන අතර, තවද මේ ස්‌ථානයෙන් ගව මහිෂ, ආහාර පාන, සතුරු උවදුරු, ශරීරයේ ආමාශය, ගර්භාෂය, ගැනද කියෑවේ. 06 වැන්න අධිපතියා කුජ (අඟහරු) සමඟ සිටීම ශරීරයේ ලේ දූෂිත කරයි. 06 අධිපතියා 07 වැන්නේ වූ විට මුත්‍රා ආබාධ ආමාශගත ආබාධ ඇති කරයි. එසේම 06 අධිපතියා 08 සිටීමේදීද නිතර රෝගවලට භාජනය වෙයි.

දරුවන් අපේක්‌ෂාවෙන් සිටින විවාහක කතුන් ස්‌වාමිපුරුෂයන් තම ජන්ම පත්‍රය පරීක්‌ෂා කරවාගෙන දරු ලාභ ඇති වන කාලය නිශ්චිතව දැනගෙන ඊට අදාළ වෛද්‍ය ප්‍රතිකාර කලින් ලබාගැනීමට කටයුතු කිරීම වැදගත්වෙයි. දරුඵල අහිමි වන්නේ බිරිඳට පමණක්‌ම යෑයි දොස්‌කීම වැරදිය. ස්‌වාමිපුරුෂයාටද ශරීර ගත ආබාධ තිබිය හැකිය. මානසික, ශාරීරික අසම තුලිතා ඊට හේතුවයි. විවාහ වී වසරක්‌ ගතවී, කිසිම උපත් පාලනයකින් තොරව දරුවකු ලැබී නැත්නම් ලැබීමට ඉඩක්‌ පෙනෙන බවක්‌ද නැත්නම් එය වන්ධ්‍යභාවය ලෙස සැලකේ. මෙහිදී දෙපාර්ශ්වයම සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කිරීම උචිත වේ. දක්‌ෂ ජ්‍යෙdතීර්වේදියකු ලවා දෙදෙනාගේ කේන්ද්‍ර සටහන් පරීක්‌ෂා කර දරුවන් ලැබීම ගැබ් ගැනීමට අදාළ සුදුසු ග්‍රහ දශා කාලයන් නිගමනය කරවා ගැනීම මැනවි.

We found this article from Divaina on 2013/06/30.
Also Sinhala to English Google word to word translation can be found here