මහ බඹා කොටා මාරුවෙන ග්‍රහයෝ

2542
මහ බඹා
මහ බඹා

පොතේ දැක්‌වෙන සිද්ධාන්තයන් විසි පොරොන්දම් අටපොරොන්දම් එකොළොස්‌ පොරොන්දම් ආදිය ගැන පමණක්‌ මෙහිදී අවධානයට ලක්‌ නොකළ යුතුය. ඊට එහා ගිය සියුම් පරීක්‌ෂාවන් සිද්ධාන්තයන් සමග කළ යුතු වේ. ඒ සඳහා මූලික සිද්ධාන්තයන් සමග ගවේෂණ මගින් සොයා ගන්නා ලද කරුණු කිහිපයක්‌ මෙහි සඳහන් ය.

1. පුරුෂ ග්‍රහයන් ලෙස ගැනෙන මේෂ, මිථුන, සිංහ, තුලා, ධනු, කුම්භ රාශිවලින් උපත ලබන රවි ලග්නයේ උපතේ දී තැන්පත් රවි රාශ්‍යර්ධ හෝරාව හිමි පුරුෂයන් සහ වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර, මීන යන ස්‌ත්‍රී ග්‍රහයන්ගේ ලග්නයේ සඳු උපතේ දී තැන්පත් සඳු රාශ්‍යර්ධ හෝරා හිමි ස්‌ත්‍රීන්ගේ එක්‌වීම ඉතා වාසනාවන්තය. බඹා කොටා මාරු නොවන ග්‍රහ පිහිටීමකි.

2. ස්‌ත්‍රී පුරුෂ කේන්ද්‍රවල 02 වැන්නේ පාප ග්‍රහයන් (කුජ, ශනි, රවි, රාහු, කේතු අව සඳු) උපතේ දී තැන්පත් වීම විවාහයෙන් පසු ආර්ථික අපහසුතා යෙදීම පෙන්වන ග්‍රහ තත්ත්වයකි. මේ නිසාම මෙවැනි ජන්ම පත්‍ර ඇති තරුණ තරුණියන් ස්‌ථාවර භාවයක්‌ ගොඩනඟා ගෙන යුගදිවි ආරම්භ කිරීමට සුදුසු වේ.

3. ස්‌ත්‍රීන්ගේ සහ පුරුෂයන්ගේ දෙවැනි භාවයේ උපතේ දී තැන්පත් වන සුබ ග්‍රහයෝ (පුර සඳු, බුධ, ගුරු, සිකුරු) සහ සුබ ග්‍රහයන් සමග සුබ ස්‌ථානයන්හි තැන්පත් දෙවැන්නාධිපති ආදර සම්බන්ධතා ස්‌ථිර කරයි. යුග දිවිය වාසනාවන්ත කරයි. නියමෙටම බඹා කොටා ඇත.

4. කුජ උපතේ දී 07 වැනි භාවයේ තැන්පත් වීම විවාහය නමැති බැම්ම සහ ආදරය නමැති යදම පුපුරණ ග්‍රහ තත්ත්වයකි. එමනිසා මෙවැනි කේන්ද්‍ර හිමි තරුණ තරුණියෝ තමාට සුදුසු සහකරු සහකාරියෝ ඉතා කල්පනාවෙන් තෝරාගත යුතු අතර යුග දිවිය ගත කිරීමේදී ආවේගශීලී ස්‌වභාවය සහ හිතුවක්‌කාරකම පාලනය කරගත යුතුය.

5. ශනි උත්පත්ති කේන්ද්‍රයේ 07 වැනි භාවයේ උපතේ දී තැන්පත් ජන්මීන්ට ආදර සම්බන්ධතා පවත්වාගෙන යැමට අපහසුය. එම හේතුවෙන් විවාහය නමැති බැම්ම දෙදරා යා හැකිය. සහකරු සහකාරිය රෝග පීඩාදියෙන් යුත් අයෙක්‌ හෝ වැඩිහිටි අයෙක්‌ විය හැකියි. ආදර සම්බන්ධතා පවත්වාගෙන යැමේදී විවාහය සඳහා මෙවැනි ජන්මීන් ඉක්‌මන් නොවිය යුතුය. සොයා බලා ඉතා කල්පනාකාරීව බඹා කෙටූ අය සොයාගත යුතුය.

6. උපතේ දී රාහු 07 වැන්නෙහි සෙනසුරුට හිමි නවාංශකයක තැන්පත් වීම සහකරු සහකාරිය මෙන්ම දරුවන්ටද හානිදායක විය හැකියි. මේ නිසා රාහු 07 වැන්නෙහි උපතේ දී තැන්පත් ජන්මීන් විවාහයට පෙරද ඉන්පසුද ඉතා කල්පනාකාරී විය යුතුය. ආගමානුකූල විය යුතුය. එමගින් කොටන බඹා මාරුවන තත්ත්වය මඟහරවා ගැනීමට හැකියි.

7. 07 වැන්නාධිපති ශුක්‍ර, ගුරු, බුධ පුර චන්ද්‍ර යන සුබ ග්‍රහයෙක්‌ම සුබ දෘෂ්ඨ§ සහිතව උපතේදී 07 වැන්නෙහි හෝ සුබ ස්‌ථානයක තැන්පත් වූ යුවතිපති දෙදෙනාගේම අනාගතය සාර්ථක වන බඹා කෙටීමක්‌ වන්නේය.

8. දෙවැන්නාධිපති ග්‍රහයා 08 වැන්නෙහි තැන්පත් ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම විවාහයෙන් වාසි සිදු වේ. විශේෂයෙන් දෙවැන්නාධිපති 08 වැන්නෙහි උපතේ දී තැන්පත් ස්‌ත්‍රීන්ට බඹා කොටන්නේ දෑවැද්ද එපා කියමිනි.

09. තරුණියකගේ ජන්ම පත්‍රයෙහි 07 වැනි භාවයෙහි ශනි, කුජ, රාහු, කේතු සහ අව සඳු විසින් දකින ලද රවි උපතේදී තැන්පත් විනිනම් ඇය ඉතා කල්පනාකාරී විය යුතුය. විශේෂයෙන් ඉවසීම ප්‍රගුණ කළ යුතු අතර කේන්තිය පාලනය කරගත යුතය.

10. 09 වැන්නෙහි උපතේ දී තැන්පත් ග්‍රහයෝ විවාහය කල්පසු කරති. ඒ එම ජන්මියාගේ ඊළඟ භවය සුවපත් කිරීම සඳහා මිස හරහට නොවේ. ගුරු ග්‍රහයා 07 වැන්නෙහි උපතේ දී තැන්පත් වීම කල්පසු වී වාසනාවන්ත විවාහයකට මඟ පාදන්නකි.

එමෙන්ම 07 වැන්නාධිපති 09 වැන්නෙහි උපතේ දී තැන්පත් ස්‌ත්‍රිය හෝ පුරුෂයා නිතර තම සහකරු සමග පුණ්‍ය කටයුතු කරන අතර දෙදෙනා නිතර දෙදෙනා ගැනම ගෞරවයෙන් සිහිපත් කරති.

11. කුජ, සඳු 2, 6, 12 යන භාවයන්ගෙන් එක්‌ භාවයක ජන්ම පත්‍රයක තැන්පත් වනිතාව සිටින නිවසින් සිරියාවක්‌ බලාපොරොත්තු විය නොහැකිය. මෙම පිහිටීම සහිත පුරුෂයන්ට පන්සිල් පහ රැකීම අපහසුය. මෙම පිහිටීම සහිත ස්‌ත්‍රී පුරුෂයන් තම ක්‍රියාවන් ගැන තමාම කල්පනාවෙන් සිට යහපත් විය යුතුය. තම ජීවිතය ආගමානුකූලව ගතකර අනාගතය යහපත් කරගත යුතුය.

12. කුජ, මකර රාශියේද, ගුරු මීන රාශියේද උපතින් තැන්පත් වනිතාවට ලැබෙන පුරුෂයා ඉතා ශේ්‍රෂ්ඨ පුරුෂයෙකු බවට පත්වේ.

13. රවි, කුජ, රාහු ශනි ග්‍රහයෝ සතර දෙනා එක්‌ව සත්වැන්නෙහි හෝ සත්වැන්නෙන් සත්වැන්නේ වන පළමුවන භාවයේ උපතේ දී තැන්පත් ස්‌ත්‍රීන් සහ පුරුෂයන්ගේ යුග දිවිය ගැටලුකාරී විය හැකි බැවින් යුග දිවිය සඳහා ඇතුළත්වීම ඉතා කල්පනාවෙන් කළ යුතුය.

14. ජන්ම පත්‍රයක ලග්නයත්, සඳුත් පාප ග්‍රහයෙකුගේ රාශියක වී පාපියෙකු සමග එක්‌ව සිටී නම් එම ලග්නය සහ සඳු ශුභ සංයෝග සහිතව සුබ ග්‍රහයන්ට නොපෙනෙනවා නම් එම තරුණිය අවිචාරවත්ය. ස්‌වාමියාට ගරු නොකරයි. ස්‌වාමියාට උපතින් උරුමව තිබූ තත්ත්වයද නසන්නියක්‌ බවට පත්වේ. මෙවැනි ග්‍රහ තත්ත්වයන් ඇති වනිතාව ඉතා කල්පනාකාරීව යුගදිවිය ගතකළ යුතුය.

15. මකර ලග්නයෙන් ජන්මය ලබා 07 වැන්නෙහි රවි කුජ උපතේදී තැන්පත් වනිතාව ආදර සම්බන්ධතාවලදී මෙන්ම විවාහයේ දී ද ඉතා කල්පනාකාරී විය යුතුය. අයහපත් කටයුතු සඳහා යොමුවීමට ඇති ඉඩකඩ වැඩි වේ. මෙවැනි පිහිටීම සහිත වනිතාව ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතුය. මෙවැනි පිහිටීම් සහිත වනිතාවන් සමග ආදර සම්බන්ධතා පවත්වාගෙන යන අය තම ආදරවන්තියගේ අනාගතය ගැන සිතා ඇය යහ මාර්ගයට ගැනීමට කටයුතු කළ යුතුය. දෙදෙනාගේම අනාගතය යහපත් කර ගැනීමට කටයුතු කිරීම අවශ්‍ය වේ.

16. 07 වැනි භාවයෙහි නීචව ශ්‍රතැව චන්ද්‍ර, කුජ, ශුක්‍ර ග්‍රහයන් උපතේ දී තැන්පත් යුවතිපති දෙදෙනාම තම චරිතය පිළිබඳව ඉතා කල්පනාකාරී විය යුතුය.

17. උපතේ දී රාහු 08 වන භාවයෙහි දී තැන්පත් යුවතිපති දෙදෙනාම සදාචාරය පිළිබඳව තැකීමක්‌ නොකරයි. එබැවින් මෙම ග්‍රහ පිහිටීම සහිත ස්‌ත්‍රී පුරුෂයන් යුග දිවියට ඇතුළත් වීමට පෙරද ඇතුළත් වූ පසුද ඉතා කල්පනාකාරී විය යුතුය.

We found this article from Divaina on 2013/04/05.
Also Sinhala to English Google word to word translation can be found here