අපේ රටේ මිනිසුන්ගේ මැණික් භාවිතාව පිළිබඳ මුල්ම තොරතුරු හෙළි වන්නේ, දඹුල්ල, ඉබ්බන්කටුව පිහිටි ගල් සොහොන් භූමියෙනි. ඒa අදින් වසර 2700 කට පමණ ඉහත එනම්, ක්‍රි. පූ. 700 දී ය. එකල විසුවෝ දේශීය “අඹතේස්‌ත”, “ක්‌වාට්‌ස්” සහ “තලාතු මිනිරන්” වැනි ඛනිජ ද, අර්ධ මැණික් යෑයි ගිනිය හැකි විදේශීය “කානේලියන් පාෂාණ ද භාවිත කළ බව ඉබ්බන්කටුවේ කළ පුරාවිද්‍යා පර්යේෂණවලින් හෙළි විය. අනුරාධපුරයේ ඇතුළු නුවර කළ කැණීම්වලින් ක්‍රි. පූ. 600 දී “රබහ” මැණික් භාවිත කළ බව අනාවරණය විය.
එකල මැණික් අනෙකුත් ඛනිජ භාවිත කෙරුණේ ශරීර අලංකාරය සහ අභිචාර කටයුතු වෙනුවෙනි.
රෝග සුවයට මැණික්
රූබි (රතු මැණික්)
වා, පිත්, සෙම් යන තුන් දොස් සමනයට, අධික උෂ්ණ ශරීරවලට, රුධිර වර්ධනයට, ධාතු වර්ධනයට, ක්‍ෂය රෝගයට, ආහාර මාර්ග රෝගවලට.
මුතු
ශරීරයේ කැල්සියම් ඌනතාවයට, ක්‍ෂය රෝගයට, කැස්‌ස, හුස්‌ම ගැනීමේ අපහසුතාවට සහ අධික රුධිර පීඩනයට.
කොරල්
ගර්භනී මවුවරුන්ගේ උදරයේ ගැල්වීමෙන් කළල මරණ සිදුවීම වැළැක්‌වීමද ආහාර අරුචිය, උණ හා අග්න්‍යාසය ආශ්‍රිත රෝගවලට සුවය ගෙනදේ.
එමරල්ඩ්
ශරීර උෂ්ණ මේදය වැඩීමට අධික ආම්ලිකතාවය ඇඳුම සමනය කරයි. ආහාර ජීර්ණය කරයි. හෘද වේදනා සමනය කරයි.
සුදුපඩියන්
කහ උණ, කැස්‌ස අතීසාරය, ස්‌වසන අවහිරතා මග හැරේ. සුදු පඩියන් කුඩු විෂ කෘමීන් දෂ්ට කළ විට ප්‍රතිජීවක ලෙස ද වාසෙම් රෝග මර්දනයට හා ආහාර ජීර්ණයට උපකාරී වේ.
දියමන්ති
ක්‍ෂය රොගයට ප්‍රතිජීවයක් ලෙසද දියවැඩියාව, රක්‌තහීනතාවය හා හන්දි ඉදිමුම මෙන්ම බඩවැලේ තුවාල ද සුවකරයි.
සැපයාර්ස්
තද උණ හා මීමැස් රෝගය, මානසික දුබලතා හන්දිපත් රුදාව හා උදරාබාධ නැති කරයි.
සර්කන්
චර්ම රෝග, පණු රෝග හා අතීසාරය සුව කරයි.
වෛරෝඩි
කැස්‌ස සමනය කරයි. ආහාර ජීර්ණය පහසු කරයි. මළ බද්ධය නැති කරයි. අක්‍ෂි රෝග සුව කරයි. ධාතු වඩවයි.
ලැපිස් ලසුලි
මෙහි අළු අන්ත්‍ර රෝග සමනය කරයි. ධාතු වඩවයි.
තෝරමල්ලි
තුන්දොස්, උණ, ස්‌වසන ආබාධ නැති කරයි. ක්‍ෂය රෝගය මර්දනය කරයි. චිත්ත වර්ධනය කරයි.
ගානට්
රුධිර වහනය නතර කරයි. මුත්‍රාසයේ ගල් ඉවත් කරයි. පිත්තාසයේ දොස් නැති කරයි.
බ්ලඩ්ස්‌ටෝන්
සමේ ඇතිවන සියලු රෝග සඳහා යොදාගත හැක.
ඇම්බර්
තුන්දොස් සමනය කරයි ස්‌වසන ආබාධ නැති කරයි. ධාතු වඩවයි.
ඇගෙට්
පෙනහළු හා පිත්තාශය ආශ්‍රිත රොග සුවකරයි. ස්‌වසන ආබාධ නැති කරයි. ධාතු වඩවයි. අධික රුධිර වහනය නවතී. ඇසීමේ දුර්වලතා මගහරී.
සතියේ දින අනුව පළඳින මැණික්
ඉරිදා – පද්මරාග
සඳුදා – මුතු
අඟහරුවාදා – රතු
බදාදා – පච්ච තෝර/මරකත
බ්‍රහස්‌පතින්දා – පුෂ්පරාග
සිකරාදා – සුදුනිල්
සෙනසුරාදා – කාකනිල්
ග්‍රහයින්ට පළඳින මැණික්
හිරු – පද්මරාග
බුධ – පච්ච තෝර
අඟහරු – රතු/කොරල්
බ්‍රහස්‌පති – පුෂ්පරාග
සිකුරු – සුදු නිල්/දියමන්ති
සෙනසුරු – කාකනිල්
සඳු – මුතු/චන්ද්‍රකාන්ති
රාහු – ගෝමේද
කේතු – වෛරෝඩි
ජය අංකයට පළඳින මැණික්
1. රත/ කොරල්
2. මුත/චන්ද්‍රකාන්ති
3. පුෂ්පරාග
4. ගෝමේද
5. දිමන්ති/සුදු නිල්
6. මරකත/ පච්චතෝර
7. වෛරෝඩි
8. නිල්
9. කොරල්/පද්මරාග
උපන් මාසයට පළඳින මැණික්
ජනවාරි – රබන
පෙබරවාරි – අඹතේස්‌න
මාර්තු – නිල් කිරිංචි
අප්‍රේල් – දියමන්ති/සුදුනිල්
මැයි – පච්ච/මරකත
ජුනි – මුතු/වෛරෝඩි
ජුලි – රතු
අගෝස්‌තු – ජාගුන්
සැප්තැම්බර් – නිල්
ඔක්‌තෝබර් – චන්ද්‍රකාන්ති
නොවැම්බර් – පඩියන්
දෙසැම්බර් – ආර්නූල්
ලග්නයට පළඳින මැණික්
මේෂ – රතු
වෘෂභ – දියමන්ති / සුදු නිල්
මිථුන – මරකත/ පච්ච
කටක – මුතු / චන්ද්‍රකාන්ති
සිංහ – පද්මරාග
කන්‍යා – පච්ච/මරකත
තුලා – දියමන්ති/ සුදු නිල්
වෘශ්චික – රතු
ධනු – පුෂ්පරාග
මකර – කාකනිල්
කුම්භ – කාකනිල්
මීන – පුෂ්පරාග
We found this article from Divaina on 2013/07/07.
Also Sinhala to English Google word to word translation can be found here