මිනිස්‌ රෝග කාරකත්වය සහ ජ්‍යෙතිෂය

1809
රෝග
රෝග

ජීවිතය සමග බැඳී පවතින ක්‍රියාකාරකම් පිළිබඳව පැහැදිලි කරන ශාස්‌ත්‍රයන් අතර ජ්‍යෙdතිශාස්‌ත්‍රයට හිමිවන්නේ අද්විතීය ස්‌ථානයකි. භාව නිවේදකත්වය අනුව මනුෂ්‍යයා පිළිබඳව ප්‍රකාශ කළ හැකිවා සේම බාහිර අභ්‍යන්තර පීඩාවන් පිළිබඳව ද ප්‍රකාශ කළ හැකිය. නවග්‍රහයෝද දොළොස්‌ රාශීන් ද ශරීරයේ ඉන්ද්‍රියයන්ට හිමිකම් දක්‌වන්නා සේ එම ස්‌ථානයන්හි ඇතිවන පීඩාවන්ද බලපානු ඇත.

ආපො,a තේජෝ, වායො,a පඨවි ගුණයන් අනුවද දොළොස්‌ රාශීන් අනුවද මිනිස්‌ සිරුරේ කොටස්‌ වෙන් වෙන්ව හැඳින්වෙයි. ආපෝ ගුණයට අයත් කටක, වෘශ්චික, මීන ජලරාශි වශයෙන් සැලකේ. මේ රාශි බලවත් වන්නේ රාත්‍රි කාලයේ වුවද ක්‍රියාකාරිත්වයෙන් එක සමාන වන්නේ නැත. කටක රාශිය පපුවටද ආමාශයත් පෙණහලුත් අතර කොටස, පපුවේ ඉල ඇට සම්බන්ධ වී ඇති කොටස, වැලමිට, ආමාශය, උගුරටද වෘශ්චික රාශිය ලිංගයටද, උකුල් ඇට, අණ්‌ඩකෝෂය, ගුදය, බඩවැල්, මුත්‍රාශයටද මීන දෙපාවලට, පිටිපතුලේ අස්‌ථි සහ රුධිර ධාවනයට ද අධිපති වෙයි. තේජෝ ගුණයට අයත් මේෂ, සිංහ, ධනු උණුසුම් ස්‌වාභාවයෙන් යුක්‌ත වෙයි. මේෂය හිසටද මහ මොළය, කුඩා මොළය, මුහුණේ උඩු හක්‌ක සහ ශ්ලේෂ්ම ග්‍රන්ථිවලටද සිංහ රාශිය උදරයටද, වැලමිටෙන් පහළ අතේ ඇට, කොඳුඇට නාරටිය සහ හෘදය වස්‌තුවටද ධනු රාශිය කලවා සහ උකුලටද අධිපති වෙයි.

මිථුන, තුලා, කුම්භ රාශි වායු ගුණයට අයත් වෙයි. මිථුන රාශිය පපුවටද අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වන බාහුවල අස්‌ථි, උරහිසේ ඉදිරිපස ඇට, සියුම් ධමනි, පෙණහලු, ස්‌වාසනාලය, පිටේ අස්‌ථිවලට ද තුලා රාශිය යටි බඩටද, ගර්භ නාල, ශුක්‍ර නාල, ගර්භාෂය, සම, පහළ කොඳු ඇටවලටද කුම්භ රාශිය කෙණ්‌ඩාවලටද පාදයේ ඇට සහ මස්‌, දත්, වලලුකරටද අධිපති වෙයි. වෘෂභ, කන්‍යා, මකර රාශි පඨවි හෙවත් පොළවට සමීප රාශි වශයෙන් සැළකේ. වෘෂභ රාශිය මුහුණට, කොඳු ඇට, කන, යටිහක්‌ක, උගුරු දණ්‌ඩ බෙල්ල ආශ්‍රිත ග්‍රන්ථිවලටද කන්‍යා රාශිය තුනටිය, ආහාර දිරවන මාර්ගය, වළලු කරෙන් පහළ ඇති කුඩා ඇට සහ යටිබඩ ද මකර රාශිය දෙදණ ඉසකේ, නියපොතු ඇටසැකිල්ලටද අධිපති වෙයි.

ජ්‍යෙdතිශාස්‌ත්‍රානුකූලව එක්‌ එක්‌ රාශීන්ට හිමිවන රෝග රාශි අධිපති ග්‍රහයන්ට හිමිවන්නේ නැත. රෝග විනිශ්චය කිරීමේදී මේ තත්ත්වය විශේෂයෙන් අවබෝධකර ගත යුතු වන්නේය. කජ හෙවත් අඟහරු ග්‍රහයාට පිත, කන, නාසය, නළල, සොටු, මාංශ පේශිවල සිවි, පපුවෙන් ලේ යාම, නියුමෝනියා, මාංශ පේශි ඝණ වීම, උණසන්නිපාතය, බෝවන රෝග, රක්‌තාතීසාරය හිමිවෙයි. අඟහරු ග්‍රහයා අධිපති වන මේෂ රාශියට මොළයේ රෝග, හිස රුදාව, උණ, මැලේරියාව, සිහි නැතිවීම, අපස්‌මාර, ඇස්‌ රෝග, විදුරුමස්‌ දියවීමද වෘශ්චික රාශියට ගුදයේ ආබාධ, බඩවැල්වල තුවාල, නහරගත රෝග, අර්ශස්‌ රෝගද අයත් වෙයි.

සිකුරු ග්‍රහයාට උත්පාදක ඉන්ද්‍රියයන්, ඇස්‌, සෙම, වකුගඩු, මස්‌, හෘදයේ ධමනි, ඇටමිදුළු, හමේ රෝග, කම්මුල්වල ආබාධ, උගුරේ ආබාධ, මුත්‍රා අඩස්‌සිය, කබ කඳුළු ගැලීම, අජීර්ණ රෝග, රහස්‌ රෝග හිමිවෙයි. සිකුරු ග්‍රහයාට හිමි වෘෂභ රාශියට මහත් වීම ඉදිමීම, ගණ්‌ඩමාලය, ගෙඩි මතුවීමද තුලා රාශියට හන්දි ඉදිමීම, ගුද මාර්ගය ආශ්‍රිත රෝග, කාන්තා රෝග අයත් වෙයි. බුධ ග්‍රහයාට දිව, පෙනහලු, නාඩි, මාංශ පේශිවල සිවි නහර, වායු කෝශ, ගඳ සුවඳ දැනීම, හිසකෙස්‌, මුඛය, නාසයේ රෝග, ගොතවීම, මොළයේ හා නහරගත රෝග, ඇදුම, ප්‍රතිශ්‍යාව, සිහිනැතිවීම, විකාර ගති, හිසරුදාව, තාවකාලික උමතු බව, බයවීම, පණු රෝග, මුත්‍ර ආබාධ ආදී රෝගවල හිමිකම ඇත. බුධ ග්‍රහයා අධිපති වන මිථුන රාශියට ක්‍ෂය රෝගය, පෙණහලු ඉදිමීම, ඇදුම, හන්දිපත් ඉදිමීමද කන්‍යා රාශියට මල බද්ධය සහ පුරුෂයන්ගේ රෝගද අයත් වෙයි.

බ්‍රහස්‌පති හෙවත් ගුරු ග්‍රහයාට සෙම, ලේ, කලවා, වකුගඩු, මාංශ පේශි, මේද ස්‌ථර, ධමනි, ශිරා, හෘදය වස්‌තුව, පෙණහලු වටා ඇති සිවිය, කන, අපස්‌මාරය, පෙණහලුවල වතුර පිරීම, කෙට්‌ටු වීම, අර්ශස්‌, මස්‌දලු, දියවැඩියාව අයත් වෙයි. ගුරු ග්‍රහයා අධිපති වන ධනු රාශියට වාත රෝග, හදිසි ක්‌ලාන්තය, තුනටියේ ආබාධ ද මීන රාශියට සෙම් රෝග ද අයත් වෙයි. මකර, කුම්භ රාශිද්වයට අධිපති වන ශනි හෙවත් සෙනසුරු ග්‍රහයාට පාද, වාතය, අම්ල ගතිය, දණහිස, ඇටමිදුළු, බෙල්ල, පිලාව, ආමාශයේ උඩ කොටස, සම, ඉලඇට, නියපොතු, ප්‍රතිශ්‍යාව, ආමවාතය, ක්‌ෂය රෝගය, මල බද්ධය, වකුගඩු රෝග, ආදිය ද අයත් වෙයි.

මකර රාශියට හමේ රෝග, කුෂ්ඨ, කබර රෝග, දත් කැක්‌කුම, බරවා රෝගය ද කුම්භ රාශියට නහරගත රෝග, පිටගැස්‌මද හිමි වෙයි. රවි ග්‍රහයාට පිත, හෘදය, මොළය, හිස, ඇස්‌, ඇට, රුධිරය, පෙණහලු, ආමාශය, පපුව, ගර්භාෂය, ශුකාශය, හෘදය රෝග, ඇපැන්ඩිසයිටීස්‌, ගුද මාර්ගයේ රෝග, සිංහ රාශියට අජීර්ණ රෝග, ග්‍රහණිය, දියවැඩියාව, ක්‌ලාන්තය ද හිමි වෙයි. සඳු ග්‍රහයාට පියයුරු, කෙළ, ගර්භාෂය, වතුර, රුධිර, රජස්‌ ග්‍රන්ථි, හෘදය වටේ ඇති සිවිය, ශිරා, බඩවැල්, ඇස්‌, ආහාර දිරවන මාර්ගයේ සිවි, හමේ රෝග, ලිංගේන්ද්‍රිය ආශ්‍රිත රෝග, වාත රෝග, බඩේ කැක්‌කුම, ප්‍රතිශ්‍යාව, උමතු බව, පෙනීම අඩුකම ද අයත් වෙයි.

භාව, රාශි සහ රාශි අධිපති ස්‌වභාවය අනුව විස්‌තර වන රෝග ජ්‍යෙdතිෂඥයන් විසින් මනාව තේරුම් ගත යුතුය. පළමුව කායික හෝ මානසික රෝගයක්‌ ද යන්න තීරණය කළ යුතුය. කවරාකාරයකින් රෝගය නිශ්චය කළ ද ජ්‍යෙdතිෂඥයා සතු කාර්ය වන්නේ රෝගයේ ස්‌වභාවය සහ වත් පිළිවෙත් වශයෙන් ආගමානුකූල කටයුතු වල නිරත වීම සුදුසු යෑයි පැහැදිලි කරදීම පමණක්‌ බවද අමතක නොකළ යුතුය.

ජන්ම පත්‍රයක හයවැනි භාවයේ බල දුබලකම් අනුවත් තක්‌කාලීන ග්‍රහයන්ගේ ස්‌වභාවය අනුවත් රෝගයේ ස්‌වභාවය විස්‌තර කළ හැකි වන අතර මේෂ රාශියේ සිට හය වැනි රාශිය වන කන්‍යා රාශියේ ග්‍රහ පිහිටීම අනුවද රෝගකාරකත්වය පිළිබඳව පැහැදිළි කළ හැකි වන්නේය. කන්‍යා රාශියෙන් සිත පිළිබඳවත් බඩ සහ බඩවැල් පිළිබඳවත් නියෝජනය වෙයි. එබැවින් එම රාශි දුබල වීමෙන් පැහැදිලි වන්නේ කායික මානසික රෝගවලින් පීඩා විඳින බවයි. හයවැනි භාවයේ සිටින ග්‍රහයන් විසින් එම ග්‍රහයන්ට හිමි වන රාශිවලට සම්බන්ධ ශරීරාංගයන්හි පීඩා ඇති කරයි. රවි ග්‍රහයාගේ පිහිටීම අනුව සාමාන්‍ය ශාරීරික සෞඛ්‍ය තත්ත්වය ද සඳු ග්‍රහයාගේ පිහිටීම අනුව සිතේ ස්‌වභාවය ද තේරුම් ගැනීම විශේෂත්වයකි.

වෛද්‍ය ප්‍රතිකාර ගැනීම රෝග සුවවීම සඳහා කළ යුතු වැදගත්ම කාර්ය වන්නේය. එය වඩාත් සඵල වීම සඳහා රෝගකාරකයන් පිළිබඳව දැන සිටීමද වැදගත් වෙයි. ඒ අනුව ජ්‍යෙdතිශාස්‌ත්‍රාඥානුකූලව සිදුකළ හැකි වත් පිළිවෙත්වල යෙදීම වඩාත් පහසු වන්නා සේම වාත, පිත, සෙම යන ත්‍රිදොaෂයන් අනුව උදාවන තත්ත්වයද වටහා ගත හැකි වන්නේය.

රෝගකාරක ග්‍රහයන් වායෝ ගුණැති මිථුන, තුලා, කුම්භ රාශිවල සිටීමෙන් වාතයෙන් ඇතිවන වේදනා කැක්‌කුම් සහිත රෝග ද මේෂ, සිංහ, ධනු යන තේජෝ රාශිවල සිටීමෙන් පිත් කෝප වීමෙන් හටගන්නා ඌෂ්ණ රෝග ද ආපෝ ගුණැති කටක, වෘශ්චික, මීන යන රාශිවල සිටීමෙන් සෙම් රෝගද පඨවි ගුණැති වෘෂභ, කන්‍යා, මකර රාශිවල සිටීමෙන් වාතය, පිත, සෙම යන ත්‍රිදොaෂයන් හේතුවෙන්ම හටගන්නා රෝග ද ඇති වේ. මේ කරුණු මනා ලෙස අවබෝධ කරගැනීමෙන් රෝග වැළඳීමට හේතු වන කරුණු සහ රෝගයේ ස්‌වභාවය පිළිබඳ සාමාන්‍ය දැනීමක්‌ ඇතිවේ. ඒ අනුව අද්භූත ශාස්‌ත්‍රීය ක්‍රියාකාරකම්වලට වඩා වෛද්‍ය ප්‍රතිකාර ගැනීමේ වැදගත්කම ද වටහා ගැනීම අසීරු නොවනු ඇත.

We found this article from Divaina on 2012/11/02.
Also Sinhala to English Google word to word translation can be found here