මේෂ, වෘෂභ ලග්නවල දේර්කාණ පලාපල

1958
කේතු රාශි
කේතු රාශි

[ratings]

රාශියකින් තුනෙන් පංගුව දේර්කාණයක්‌ වෙයි. මේ අනුව එක්‌ රාශියට දේර්කාණ තුනක්‌ හිමිය. කිසියම් රාශියක අංශක 0-10 දක්‌වා උපත ලද අයෙකුට පළමු දේර්කාණයත්, අංශක 10-20 දක්‌වා උපත ලද අයෙකුට දෙවන දේර්කාණයත්, අංශක 20-30 දක්‌වා උපත ලද අයෙකුට තෙවන දේර්කාණයත් හිමි වේ. මෙම දේර්කාණ හා ඒවායේ පල විපක පිළිබඳ හොඳ අවබෝධයක්‌ ලබා තිබීම මගින් පහසුවෙන් සාර්ථක පලාපල කථනයක්‌ සිදුකළ හැකිය.

ඕනෑම රාශියක පළමු දේර්කාණය එම රාශියටම අයත් වෙයි. ඒ අනුව මේෂ රාශියේ පළමු දේර්කාණය මේෂ වන අතර එය කුජ අධිපතීත්වය දරන සායුධ පුරුෂ දේර්කාණයකි. මෙම දේර්කාණයෙන් ඉපදුන අය ඉඩකඩම්වලින් හෝ ස්‌වකීය කර්මාන්තයකින් ආදායම් උපදවා ගන්නා අතර අරපිරිමැස්‌මෙන් කටයුතු කරන අයද වෙයි. මොවුනට යම් වැඩක්‌ පැවරුවහොත් එය සාර්ථක ලෙස නිම කිරීමට හැකි සෑම උත්සාහයක්‌ම දරයි. ජීවිතයේ දී අවුරුදු 18, 28, 36, 42, 46 හා 50 යන වර්ෂ ඉතා වැදගත් වන අතර විවාහයෙන් පසු ඉතා ධනවත් භාවයට පැමිණෙන්නෝද වෙති.

මේෂ රාශියේ දෙවන දේර්කාණය සිංහයයි. එය චතුෂ්පාද ස්‌ත්‍රී දේර්කාණයක්‌ වන අතර අධිපතිකම රවිට හිමි වෙයි. තමන් අනෙක්‌ අයට වඩා ඉතා උසස්‌ යෑයි සිතන තැනැත්තන් මෙම දේර්කාණයෙන් ඉපදී තිබේ. මොවුන් කොතරම් අර පරෙස්‌සම් ලෙස කටයුතු කළත් මුදල් ගැන කිසිම සැලකිල්ලක්‌ නොදක්‌වයි. මොවුන්ගේ ජීවිතයේ වැදගත්ම වර්ෂ ලෙස 20, 24, 39, 47, 56 යන වර්ෂ දැක්‌විය හැක.

මේෂ ලග්නයේ තුන්වෙනි දේර්කාණය ගුරු අධිපතිත්වය දරන සායුධ නර දේර්කාණයක්‌ වන ධනුවයි. මෙයින් උපන් අය ධනය ලැබීම අතින් වාසනාවන්ත වුවත් මුදල් ගනුදෙනුවලදී බොහෝ අවස්‌ථාවලදී කරදරයට පත්වෙයි. මොවුන් බොහෝ විට කරදරයට පත්වන්නේ සතුරන් නිසාය. මොවුනට ජීවිතයේ දී 21, 25, 31, 34, 36, 42, 51 හා 52 යන වර්ෂ වැදගත් වෙයි.

වෘෂභ ලග්නයේ පළමු දේර්කාණය සිකුරුට හිමි වෘෂභය වන අතර එය සංඥනික ස්‌ත්‍රී දේර්කාණයකි. මෙයින් ඉපදෙන අය මුදල් කටයුතුවලදී කිසි සැලකිල්ලක්‌ නොදැක්‌වීම නිසා රටට ණයකාරයන් බවට පත්වෙයි. මේ නිසා ජීවිතයේ මුල් කාලයේ දී සැලසුම් සහගතව ක්‍රියාකර ඉදිරි කාලය වාසනාවන්ත කරගත යුතුය. මෙම දේර්කාණයෙන් ඉපදෙන අය මුදල් හම්බ කිරීමට දක්‌ෂ නමුත් ඉතිරි කිරීමට දක්‌ෂයන් නොවෙයි. රටට ණයවීම නිසා නඩුවලින් හා කලහකාරී තත්ත්වයන්ගෙන් විපතට පැමිණීමටද ඉඩ තිබේ. මොවුන්ට වැදගත් වර්ෂයන් වන්නේ 21, 28, 31, 42, 51, 65 සහ 68 යන වර්ෂයන්ය.

වෘෂභ ලග්නයේ දෙවන දේර්කාණය කන්‍යාවයි. එය චතුෂ්පාද නර දේර්කාණයක්‌ වන අතර බුධ ග්‍රහයා අධිපතිත්වය දරයි. මෙයින් උපන් අය අධික ලෙස අරපිරිමැස්‌මෙන් කටයුතු කරන නිසා ලෝභයන් සේ පිට අයට පෙනෙයි. මුදල් හම්බ කිරීමට අරමුණු කරගත් මොවුන් ධනපතියන් වන අතර කාගෙන්වත් උදව්වක්‌ ගැනීමට අකමැති අයද වෙයි. සමහර කාරණා පිළිබඳව උවමනාවට වඩා සිතීම නිසා මොවුන්ගෙන් වාසි සහගත අවස්‌ථාවන්ද ගිලිහී යයි. මෙම දේර්කාණයෙන් ඉපදුන අයට 17, 21, 24, 33, 50 සහ 55 යන වර්ෂ ඉතා වැදගත් වර්ෂයක්‌ වෙයි.

චතුෂ්පාද දේර්කාණයක්‌ වන මකරය වෘෂභ රාශියේ තෙවෙනි දේර්කාණය වෙයි. එහි අධිපතිකම දරනුයේ සෙනසුරුයි. මෙයින් ඉපදෙන තැනැත්තන් සැලසුමක්‌ නැතිව මුදල් වියදම් කිරීමෙන් හා අනුන්ට දීමෙන් ජීවිතයේ පසු කාලයේ දී දුප්පතුන් බවට පත් වෙයි. මොවුන් මේ බැව් සිතට ගෙන කල්පනාවෙන් මුදල් වියදම් කිරීමෙන් එම තත්ත්වයෙන් මිදීමට සිතට ගත යුතුය. මොවුන්ගේ ජීවිතයේ වැදගත් වර්ෂ ලෙස 18, 22, 26, 31, 35, 42, 51 හා 57 යන වර්ෂයන් දැක්‌විය හැක.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here