පසුගිය කලාපයෙන් ජීවන රේඛාව පිළිබඳව හඳුන්වාදීමක් කළා ඔබට මතක ඇති. අද හඳුන්වාදීමට බලාපොරොත්තුවන්නේ අත්ලක පිහිටන ප්‍රධාන රේඛා හයෙන් දෙවෙනි රේඛාව ලෙස සලකන ශීර්ෂ රේඛාව පිළිබඳවයි. මෙය මානසික රේඛාව චිත්ත රේඛාව ලෙසද සමහරු හඳුන්වයි. පුද්ගලයෙකුගේ මොළය, මනස සහ සිත ක්‍රියා කරන ආකාරය පෙන්නුම් කරන බැවින් ඒ නම භාවිත කරන්නට ඇති. ජීවිතයේ දියුණුව හෝ බිඳ වැටීම, ඥානය, රෝග පීඩා සහ මොළයේ ආබාධ මෙම රේඛාවේ පිහිටීම අනුව නිශ්චය කළ හැකිවේ.
ශීර්ෂ රේඛාව පටන් ගන්නේත් ජීවන රේඛාව පටන්ගන්න ප්‍රදේශයෙන්මයි. ඒ කියන්නේ මහපට ඇඟිල්ලත් දබර ඇඟිල්ලටත් අතර ඇති ප්‍රදේශයෙන්මයි. කුජ තලාව (අල්ලේ මැද) හරහා විහිදයන එය බොහෝ විට චන්ද්‍ර මණ්‌ඩලය දෙසට නැඹුරු වෙමින් තම ගමන්මග අවසන් කරයි. රූපසටහනින් ඔබට එය පැහැදිලි වෙනවා ඇති. ශීර්ෂ රේඛාව නිසා අල්ල කොටස් දෙකකට බෙදී යන අතර ශීර්ෂ රේඛාවේ සිට ඇඟිලි දෙසට විහිද යන ප්‍රදේශයට මානසික කොටස යනුවෙනුත්, මැණික් කටුව දෙසට විහිද යන කොටසට භෞතික කොටස යනුවෙනුත් හඳුන්වයි. ආදරය, කරුණාව, ඊර්ෂියාව, ක්‍රෝධය, ලිංගික හැඟêම් වැනි කරුණු රාශියක් මානසික කොටසින් දැනගත හැකි අතර කෙනෙකුගේ ශාරීරික ක්‍රියාකාරිත්වය, ආයුෂ, සමාජයීය බලපෑම් ධනය වැනි කරුණු රාශියක් භෞතික කොටසින් දැනගත හැකිය. බාධක රේඛාවලින් නොකැපී, සෘජුව, ගැඹුරුව, දික්‌ව පිහිටි ශීර්ෂ රේඛාව ප්‍රබල චිත්ත ශක්‌තියක් ඇති කෙනෙකු හඳුන්වා දෙයි. නොපසුබට උත්සාහයත්, අප්‍රතිහත ධෛර්යයත් උපතින්ම පිsහිටන එවන් අත්ල හිමියන් මනා ශිල්ප ශාස්‌ත්‍ර අවබෝධය ඇති කරගන්නා අතර ඉතා සාර්ථක ලෙස ධනෝපාය මාර්ග දියුණු කර ගනිති. ශීර්ෂ රේඛාව නැතින් තැන කැඩීම්, බිඳීම්, දූපත්, දම්වැල් ආකාර සලකුණු, කතිර, කුරුස, වැනි සලකුණු ඇත්තේ නම් එයින් පෙන්නුම් කරන්නේ මොළයට සම්බන්ධ ආබාධ ඇති බවකි. හිසරදය, පීනස, නාසයේ හා කනේ ලෙස රෝග වැළඳීමටත් මෙම පිහිටීම් බලපානු ඇත. මෙම ලකුණු අත්දෙකේම ශීර්ෂ රේඛාවල එක ලෙසම පිහිටියේ නම් එම කරුණු ස්‌ථීර ලෙසම සිදුවෙයි. ශීර්ෂ රේඛාව හා ජීවන රේඛාව ඉතාමත් ළඟින් පටන් ගැනීම මොළයේ උණ වැනි අසනීප සෑදීමට හේතුවේ. හෘදය රේඛාව හා ශීර්ෂ රේඛාව අතර පරතරය පටු වූ විට ඇදුම රෝගය වැනි සෙම් රෝග වැළඳීමේ ප්‍රවනතාවක් ඇත. මෙම රේඛා දෙක අතර වඩාත්ම පුළුල් පරතරයක් පිහිටියේ නම් හෙතෙම අතෘප්තිකර හැඟêම්වලින් යුක්‌ත අහංකාර ගතිගුණ ඇත්තෙකු වේ. ශීර්ෂ රේඛාව චන්ද්‍ර මණ්‌ඩලයෙන් කෙලවර වීම සියුම් කල්පනා ශක්‌තියක් ඇති බව පෙන්නුම් කරයි. ශීර්ෂ රේඛාව ඇද වෙමින් විහිද ගිය හොත් එය දුර්වල වූ අධිෂ්ඨාන ශක්‌තියක් ඇති බව පෙන්වයි. එම රේඛාව සෘජුව විහිද යැම හේ ස්‌ථිර අදහස් ඇති අයෙකු බව ප්‍රකට කරයි. තම මතයටම අනුව ක්‍රියා කිරීම එම අයගේ ලක්‍ෂණයකි. ශීර්ෂ රේඛාව චන්ද්‍ර මණ්‌ඩලය දෙසට විහිද යැමත් සෙනසුරු ඇඟිල්ල (මැද ගිල්ල) මැද තාරකා ලකුණක් ඇතිවීමත් උමතු බව ඇතිවීමට හේතු වෙයි. මෙය අත්ල දෙකේම එක ලෙසටම පිහිටියේ නම් කරුණ ස්‌ථීර ලෙසම සිදු විය හැක.
ශීර්ෂ රේඛාවෙන් මතු වෙන ලම්බාකාර (උඩඅතට යන) රේඛාවක් ගුරු මණ්‌ඩලයට විහිද යනවා නම් එය ඉතා වාසනාවන්ත පිහිටීමකි. එවැනි ලකුණක් ඇති අයට රජයේ උසස් තනතුරු ලැබීමට හේතුවේ. ශීර්ෂ රේඛාව අවසානයේ ශාඛා කිහිපයකට බෙදී යැමද ඉතා සුබය. උත්පත්තියෙන්ම උසස් බුද්ධි බලයක් එම ලකුණු හිමි අයට උරුමයි. විවිධ නිර්මාණ කුසලතාවන්ද ඔවුන් තුළින් දැකිය හැක. ජීවන රේඛාවට දුරස්‌ව නැතිනම් ගුරු මණ්‌ඩලයෙන් කෙනෙකුගේ ශීර්ෂ රේඛාව ආරම්භ වූයේ නම් හෙතෙම කඩිසර නිර්භීත එමෙන්ම ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරන්නෙකි. මෙවැනි අය ත්‍යාගශීලී කාර්යශූර වගේම නායකත්වයටද සුදුසු අය වෙති. ජීවන රේඛාවෙන් ඈත්වෙන ප්‍රමාණය අනුව මෙම ගති ලක්‍ෂණ දැඩිව පෙන්නුම් කරයි. යම් අයෙකුගේ ශීර්ෂ රේඛාව අත් දෙකේම කැඩී ඇත්තේ නම් හෙතෙම මරණයට ළංව සිටින්නෙක් වෙයි. එක අතක පමණක් කැඩී තිබේ නම් හිසේ තුවාල ඇති වෙන කෙනෙක් වෙයි. ශීර්ෂ රේඛාව මත හතරැස් කොටුවක් වැටී ඇත්නම් හදිසි අනතුරකට මුහුණ පෑවත් මොනයම් ක්‍රමයකින් හෝ ආරක්‍ෂා වෙයි. යමෙකුගේ අත්ලේ ශීර්ෂ රේඛා දෙකක් පිහිටියේ නම් එම තැනැත්තා දෙයාකාරයක සිත් ඇත්තෙකු වෙයි. එක් අවස්‌ථාවක නපුරු කෙනෙක් ලෙසද තවත් අවස්‌ථාවක කාරුණික අයෙක් වශයෙන්ද පෙන්නුම් කරයි. රේඛා දෙකම එකම ආකාරයටම දැඩිව දික්‌ව ඇත්තේ කලාතුරකිනි. මෙයින් ශක්‌තිමත් රේඛාවේ බලය වැඩිය. මෙසේ තිබෙන අයෙක් සම්පූර්ණයෙන් වෙනස් වෘත්තීන් දෙකක යෙදී සිටිය හැක. මෙයද බහු දක්‍ෂතාවයන් පෙන්නුම් කිරීමකි. කුමන වෘත්තියක් තෝරාගනු ලැබූවත් ඔහුට අන් අයගේද සහයෝගයෙන් ජයග්‍රහණය කරා යා හැකිය.
We found this article from Divaina on 2013/03/15.
Also Sinhala to English Google word to word translation can be found here