රවිගේ කටක රාශි ගමනෙන් ජීවන රටාවේ වෙනසක්‌

1378
රවිගේ
රවිගේ

[ratings]

ග්‍රහ ලොව රජු ලෙස රවිත් රැජින ලෙස සඳුත් සැලකෙන අතර රවි සඳු දෙදෙනාට එක ළඟ පිහිටි කටක සිංහ රාශි දෙක වෙන්කර දී ඇත. එහෙයින් රවි සඳුගේ රාශියට පැමිණීම සුවිශේෂ ප්‍රමෝදයක්‌ උදාකරන අවස්‌ථාවකි. එවැනි අවස්‌ථාවක්‌ ජුලි 17 වැනි ඉරිදාට එළිවන අලුයම 3.21 ට සිදු වනු ඇත. ගිනි ග්‍රහයකු වන රවි ජල රාශියක්‌ වැනි කටකයට පිවිසීම රවිගේ තේජාන්විත භාවය මොළොක්‌ ස්‌වභාවයට හරවන බැවින් දක්‍ෂිණායන වර්ෂා සෘතුවේ ස්‌වභාවය ධර්මය පවා වෙනසකට ලක්‌වනු නිසැකය.

විශ්වයම පාලනය කරන ප්‍රධාන ග්‍රහයන් දෙදෙනාගේ ගෝචර ගමන මිනිසාගේ ජීවිතවල පෙරළියක්‌ ඇති කිරීමට බලපාන බැවින් ජුලි 17 සිට අගෝස්‌තු 17 දක්‌වා කාලය මිනිසා ආගම දහමට වඩා නැඹුරු කරන කාලයක්‌ වේවි. කලා කටයුතුවලට වෙනදා නැති උනන්දුවක්‌ ඇතිවෙයි. සමාජ සේවයට කැපවෙයි.

ශ්‍රී ලංකා කේන්ද්‍රයේ හය වැන්නට රවි පැමිණීම සිදුවන අතර සතුරන් පරදා කටයුතු කිරීමේ ශක්‌තිය රජයට ඇතිවේවි. ගැටලු ප්‍රශ්න සාකච්ඡාවෙන් විස¹ගැනීමට පහසු මාර්ග පෑදේවි.

විදේශ කුමන්ත්‍රණ එකින් එක හෙළිවන කාලයක්‌ වන අතර ඊට සාර්ථකව මුහුණ දීමටද ශක්‌තිය ලැබේවි.

සංචාරක ව්‍යාපාරයේ විශේෂ ප්‍රගතියක්‌ ඇතිවන අතර ඊට නවීන අංග එක්‌වන කාලයක්‌ වේවි.

ජුලි 23 වැනිදා සිකුරු ග්‍රහයාත් කටක රාශියට පැමිණ රවිට සංයෝගවීම සිදුවන බැවින් සාමයට හානිකර දේ සිදුවිය හැකිය. දරුවන්ගේ හා ස්‌ත්‍රීන්ගේ ජීවිත වලට අනතුරු ඇතිවේවි. වැඩ වර්ජන, තර්ජන නිතර අසන්නට ලැබේ. මිනිසුන් අතර කැලඹිලි ඇති කිරීමට යම් යම් සංවිධාන පෙළඹෙනු ඇත.

රවි සඳුගේ රාශියේ ගමන් ගන්නා කාලය තුළ මෙතෙක්‌ නෑසූ අන්දමේ කෘමි රෝග පැතිර යැමට ඉඩ ඇති අතර වගාකටයුතුවලට බාධා ඇතිවිය හැකිය. විවිධ රෝග මිනිසුන් අතරත් පැතිරේවි. විශේෂයෙන් සමේ රෝගයන් පැතිරිය හැකිය.

ගුවන් අනතුරු ගැන අසන්නට ලැබෙන කාලයකි. ස්‌වාභාවික විපත් බහුලවේවි. සුළඟින් විශාල හානි පැමිණේ.

ශුභ ඵලවලට වඩා අශුභඵල බහුල රවිගේ කටක රාශි ගමන ඔබට බලපාන අයුරු දැන් විමසා බලමු.

මේෂ – බලාපොරොත්තු බොහොමයක්‌ ඉටුවෙයි. විශාල වෙහෙසක්‌ දරා කටයුතු කිරීමට සිදුවේ. රැකියාවේ විශේෂ දියුණුවක්‌ පවතී. ආදායම් මාර්ග සඵලවේ. සිතේ දුකක්‌ පවතී. සුළුÊඅසනීප බලපායි.

වෘෂභ – විදේශ ගමන් පිළිබඳ අරමුණු ඉටුවේ. අලුත් මිතුරු සබඳතා ගොඩනැගෙයි. අතට මුදල් ලැබෙන විශේෂ මාර්ග පෑදෙයි. සිතට සතුට දෙන පුවත් අසන්නට ලැබේ. සෙම් අසනීප.

මිථුන – දේපළ ප්‍රශ්න නිරවුල් වෙයි. වටිනා රන් රිදී මිලට ගනී. ලොතරැයි වාසනා ඇතිවේ. රැකියා උසස්‌ වීම් හිමිවේ. අඹුසැමියන් අතර සැක සංකා පවතී. උගුරේ වේදනා, ඇස්‌ රෝග බලපාවි.

කටක – සිතුම් පැතුම් සඵල වෙයි. කරගෙන ආ කටයුතු වල වෙනසක්‌ ඇතිවේ. සහෝදර සහෝදරියන්ගේ දේපළ හිමිවිය හැක. රැකියාවේ සතුටට බාධා ඇති කරයි. සෙම් අසනීප, උෂ්ණ අසනීප පවතී.

සිංහ – ඉදිරි ගමනට බාධා ඇතිවෙයි. කරගෙන යන කටයුතු තමන්ට එපාවන තත්ත්වයක්‌ පවතී. උදාසීන වෙයි. විදේශ ගමන් යෙදෙයි. දේපළ ප්‍රශ්න විසඳෙයි. ශරීර සනීපයට යහපත් මදිය.

කන්‍යා – අධ්‍යාපන කටයුතුවලට විශේෂ උනන්දුවක්‌ පවතී. අලුත් මිතුරන් ඇසුරට පත්වේ. පෙම් සබඳතා ගොඩනැගෙයි. පමා වූ විවාහ ඉක්‌මන් වේ. මුදලක්‌ ඉතිරි කිරීමට හැකිවේ. රාත්‍රී ගමන් වලින් කරදර ඇතිවේ.

තුලා – වෙළෙඳ ව්‍යාපාර රැකියා දියුණුවක්‌ දක්‌නට ලැබේවි. විදේශ ගමන්වල මග පාදයි. සිතට වධයක්‌වූ ප්‍රශ්න මගහැරෙයි. අලුත් වැඩකට අත ගැසීමට හැකිවේ. වැඩ කල් දමන ගතියක්‌ද පවතී.

වෘශ්චික – අන් අය වෙනුවෙන් විශාල වෙහෙසක්‌ දැරීමට සිදුවේ. විදේශ රැකියා අපේක්‍ෂා මල්ඵල දරයි. ඉඩමක්‌ මිලට ගන්න මග පෑදේ. පිනට දහමට බරවෙයි. අසනීප සුළු හෝ පවතී.

ධනු – වටින දේ අහිමි විය හැක. රැකියාවේ නොසිතූ ප්‍රශ්න ඇතිවේ. කලකිරුණු හිතක්‌ ඇතිවේ. දුර බැහැර ගමන් නිතර යෙදෙයි. අත හිතදුන් අය අමනාප වේ. විකුණා ගැනීමට අපහසු දේ විකිණෙයි.

මකර – මංගල යෝජනා ගැන ඉක්‌මන් තීරණවලට එළැඹෙයි. දේපළ ලාභ බලාපොරොත්තු විය හැක. සිතට සතුට දෙනදේ අසන්නට ලැබේවි. උගතුන් ඇසුරට පත්වේවි. සුළුÊසැත්කම්වලට ඉඩක්‌ ඇත.

කුම්භ – නීති ප්‍රශ්නවල පැටලෙයි. පෙම්සබඳතා ඇද වැටී සිත සසල වෙයි. පවුලේ ප්‍රශ්නවලදී මුළු බර කරට ගැනීමට සිදුවේ. අවසානයක්‌ නැති ප්‍රශ්නවල පැටලෙයි. ලෙඩ සුව අතට හැරේවි.

මීන – විවාහය පමාවූ අයට සතුටු විය හැකි කාලයකි. ලොතරැයි වාසනා හිමිවිය හැක. දේපළ ගැටලු විසඳේ. අතපසුවූ කටයුතු නිමාවක්‌ දකී. දරුඵල අපේක්‍ෂා සඵල වේ. සෙම් අසනීප බලපායි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here