රවි ඔබට බලපාන්නේ කෙසේද?

0
930
රවි
රවි

[ratings]

ග්‍රහ මණ්‌ඩලයේ ප්‍රධානියා රවි නොහොත් හිරුය. රවි ලොව පියා ලෙස සැලකේ. මොහු ආලෝකය, උෂ්ණය, පිරිසිදු බව, ආරක්‍ෂණය, සේම ජීවයද ලබාදෙයි. පිරිසිදු වාතයද රවිගෙන් ලැබේ. මෙම ග්‍රහතරුව පොළව මෙන් 330,300 ක්‌ පමණ විශාලවෙයිs. පොළවට රශ්මිය පතිතවීමට විනාඩි 08 ක්‌ පමණ ගතවේ. ඉර බැසීමේදී විනාඩි 02 ක්‌ ගතවෙයි. පුරාණයේ සිටම හිරු දෙවියන් ප්‍රධානියා ලෙස සලකයි. රවි නිසා ආයුෂ ප්‍රමාණය වැඩි කරයි. මොහු එඩිතරයි. ප්‍රසිද්ධියට පත් වූවෙකි. රාජ රාජ්‍ය මහා අමාත්‍යවරුන්ට, ප්‍රධානීන්ට, මොහු බලවත්a වන්නේය. හිරුගේ රශ්මිය සඳු වෙත පතිතවීමෙන්a සිසිල් වේ. මිනිස්‌ සිරුරේ හෘදය මුඛය, දෙනෙත්, රක්‌තනාඩි ලේ, මොළය, උගුර, ඇලදිව යන ස්‌ථානවලට ප්‍රධාන වෙයි. යමෙක්‌ උපත ලැබූවිට රවි බලවත්ව කේන්ද්‍රයේ සිටි විට ඔහුගේ ක්‍රියාකාරකම්, හැසිරීම්, ජීවන රටාව ආදී සුවිශේෂි කරුණු නිසා බලවත් අයකු බවට පත් කරයි.

මේෂ ලග්නයට රවි උච්ච වන්නේ ලග්නයේ (01) සිටි විටය. මේෂ ලග්න හිමියන්ගේ 05 වැන්න (සිටින රාශිය) රවිට ස්‌වක්‍ෂෙත්‍ර බලය ගෙනදෙයි. ඔබේ ලග්aනය අනුව රවි බලපාන්නේ මෙසේය.

මේෂ

රවි ලග්න ගතව සිටී නම් ඔහු උදාර පුද්ගලයෙකි. කුමන කටයුත්තකට වත් පසුq නොබසී. පාලන කටයුතු වලට දක්‍ෂයි. නිර්භිතය. එඩිතරයි ශරීරය උෂ්ණාධිකයි. පක්‍ෂ පාත බව තදින් ආරක්‍ෂා කරයි. ලෞකික සැප සම්පත් විඳීමට ඉඩ සැලසේ. උප්පැත්ති තත්ත්වයට වඩා උසස්‌ තත්ත්වයක්‌ ලබයි. රවි 05 වැන්නේ ස්‌වක්‍ෂේත්‍ර බලයෙන් සිටි විට තේජාන්විත බවක්‌ දනවයි. ඕනෑම දේකට නිර්භයව ඉදිරිපත් වේ. ප්‍රධානීන්ට යටත්වීමට කැමැති නැත. උගත්කමට වඩා දැනුම ලබයි.

වෘෂභ

රවි උච්ච වන්නේ 12 වැන්නටයි. උසස්‌ වීමේ ආශා ඇතිවේ. අන් අයට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වේ. මුල් කාලයේ ගම් ප්‍රදේශයෙන් බැහැර විය හැකිය. විදේශ ගමන් බිමන් යෙදේ. රවි ග්‍රහයා වෘෂභ ලග්න හිමියන්ට ස්‌වක්‍ෂේත්‍ර බලයෙන් යුක්‌තව සිටින්නේ 04 වැන්නේ යෙදුනොත්ය. මෙම පිහිටීම නිසා දේපළ ඉඩකඩම් යාන වාහන ලැබීමේ භාග්‍ය උදාකරයි. පාලන බලයක්‌ ලබයි. සමාජයෙන් ගෞරව ලබයි.

මිථුන

රවි උච්ච වන්නේa 11 වැන්නේ සිටි විටය. ජීවන ගමනේ යෙදෙන බාධක තුරන්වෙයි. ඉගෙනීම් කටයුතු වලට දක්‍ෂ වේ. ජීවත් වීමට හොඳ පරිසරයක්‌ ලැබේ. තම සහජ දක්‍ෂතා නිසා සමාජයෙන් ගෞරව ලබයි. තරමක්‌ අහංකාරය. රවි ස්‌වක්‍ෂෙත්‍ර වන්නේ 03 වැන්නටයි. ශරීර ශක්‌තිය ඉතා හොඳය. තමාට යම් ස්‌ථානයක ප්‍රධානත්වය ලැබේ. සහෝදරාදීන් බලවත් අය වෙති. පාලන බලයක්‌ සහිත වගකීමෙන් යුතු කටයුතුවලට දක්‍ෂ වේ.

කටක

කටක ලග්න හිමියන්ගේ රවි උච්ච වන්නේ 10 වැන්නටය. දෙවැන්නට අධිපති රවි 10 සිටීමෙන් ධනයෙන් බලයෙන් උසස්‌ තත්වයකට පැමිණේ. උසස්‌ චිත්ත ශක්‌තියක්‌ ඇතිකරයි. ශරීර ශක්‌තියද හොඳයි. උසස්‌, උගත්, දියුණු අය ආශ්‍රයට ලැබේ. කාටවත් යටත්වීමට කැමැති නැත. විවාහ ජීවිතය ඉතාමත් සතුටින් සාමයෙන් ගතකළ හැකිය. රාජ්‍ය අංශයේ රැකියා ලැබීමේ භාග්‍ය උදාකරයි. කටක ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ 02 වැන්නේ රවි සිටීම ස්‌වක්‍ෂෙත්‍ර බලයකි. මෙම පිහිටීම නිසා තේජාන්විතවේ. අන් අයගෙන් කීර්ති ප්‍රසංසා ලබයි. තමාට ප්‍රධානත්වය අවශ්‍යවෙයි. ගත් තීරණ වෙනස්‌ කරන්නේ කලාතුරකිනි.

සිංහ

සිංහ ලග්න හිමියන්ගේ රවි උච්ච වන්නේ කේන්ද්‍ර සටහනේ නව වැන්නටය. නවයේ රවි සිටිවිට උසස්‌ තත්ත්වයක්‌ හිමිවේ උෙද්‍යාaගීවන්තයි. ප්‍රතිපත්ති ගරුකයි. විවාහයෙන් පසු දියුණුව වැඩිවේ. විදේශ ගමන් බිමන් රවි 09 සිටින විට යෙදේ. රවි ලග්නගතව සිටීම ස්‌වක්‍ෂේත්‍ර බලයකි. තේජවන්ත බවක්‌ දිස්‌වේ. නිර්භීතයි. උසස්‌ ගති පැවැතුම්වලින් යුක්‌තය. කිසිවකුට දන නොනමයි. රාජ්‍ය සේවයේ උසස්‌ රැකියා ලබයි. තරමක්‌ අහංකාරය.

කන්‍යා

රවි උච්ච වන්නේ 08 වැන්නටයි. බලාපොරොත්තු රහිත උසස්‌ තත්ත්වයකට පත්වේ. කොටින්ම හදිසි දියුණුවක්‌ ලබයි. පෙර ආත්මයේ කර්ම විපාක අත්කර දෙයි. තමාට හදිසියේ පාඩුවක්‌ ඇතිවුවත් එය පසුව ලාභයකට පත්වේ. ආගම දහමට ළැදිවේ. කන්‍යා ලග්න හිමියන්ගේ 12 වැන්නට රවි ස්‌වක්‍ෂෙත්‍ර වෙයි. ආත්ම ගෞරවය රැකගනී. සමාජ සේවා කටයුතු වල නියෑලේ. නැති බැරි අසරණයින්ට උදව් උපකාර කරයි. සමාජයෙන් උසස්‌ තත්ත්වයක්‌ හිමිවේ. පියා අනුගමනය කරයි. දුර බැහැර ප්‍රදේශවල ගමන් බිමන් යෙදේ.

තුලා

රවි උච්ච වන්නේ 07 වැන්නේදීය. 07 වැන්නේ රවි සිටින තුලා ජන්මීන්ගේ ධෛර්ය වත් ගතිය වැඩී. තමාගේ හැකියා දක්‍ෂතාවලින් නිසි ප්‍රයෝජන නොගනී. ගමන් බිමන් වලින් කරදර ඇති විය හැකිය. තරමක ඒකාධිපති බවක්‌ පෙන්වයි. සමාජයට අලුත් යමක්‌ ඉදිරිපත් කිරීමට දක්‍ෂවේ. විවාහ සහකරු හෝ සහකාරිය බලවත්ය. 11 වැන්නට රවි ස්‌වක්‍ෂෙත්‍ර වෙයි. සමාජයට හිතවත්ය. උසස්‌ ලෙස පෙනී සිටීමට ඕනෑ කරයි. අහංකාර වූවත් අනුකම්පා සහගතයි.

වෘශ්චික

රවි උච්ච වන්නේ 06 වැන්නටයි. මේ නිසා පාලන කටයුතු වලට දක්‍ෂවේ. තරමක්‌ හිතුවක්‌කාරයි. මහන්සියේ තරමට ප්‍රයෝජන අඩුයි. රවි 06 න් කුජ 10 න් සිටී නම් ඉතා හොඳයි. දේශපාලන කටයුතුවල යෙදේ. වෘශ්චික ලග්න හිමියන්ගේ 10 වැන්නේ රවි සිටීම ස්‌වක්‍ෂෙත්‍ර බලයකි. කීර්තිධර අයකුවේ. විරෝධාර ගතිපැවැතුම් වලින් යුක්‌තයි. කොයිකාටත් එක සමානව කටයුතු කරයි. පහත් අය ආශ්‍රය නොකරයි. රාජ්‍ය සේවයේ උසස්‌ තනතුරු ලබයි.

ධනු

ධනු ලග්න හිමියන්ගේ රවි උච්ච වන්නේ 05 වැන්නටයි. මේ නිසා එඩිතරයි. කඩිසරයි. ශරීරය නිරෝගී වේ. ඉගෙනීමේ කටයුතු මැනවින් කරයි. ධාරණ ශක්‌තිය බලවත්ය. යන්ත්‍ර සූත්‍ර කටයුතු වලට වඩාත් යෝග්‍ය වේ. විවාහයෙන් පසු දියුණුව වැඩිවේ. 09 රවි සිටීම ස්‌වක්‍ෂෙත්‍ර බලයකි. ආගම දහමට ළැදිවේ. තමාට ලැබෙන වගකීම් මනාව ඉටුකරයි. පියාට ඉතාමත් ශුභයි. උසස්‌ අධ්‍යාපනය ලැබීමට වරම් ඇත. විවාහ ජීවිතය සාර්ථක වේ.

මකර

රවි 04 වැන්නට උච්චවේ. මෙම පිහිටීම නිසා දේපළ රැස්‌කර ගැනීමට උත්සාහ දරයි. අනුකම්පා සහගත නොවේ. අහංකාරයි. ඥතීන් සමඟ විරුද්ධතා ඇති කරගනී. තමාගේ මතයම තීන්දුවට ක්‍රියාත්මක කරයි. රවිට 08 වැන්න ස්‌වක්‍ෂෙත්‍ර බලයයි. ඉහත ආත්මයේ කරන ලද ක්‍රියාකාරකම් අනුව හැඩ ගැසේ. දුක සැප දෙකම එකසේ විඳ දරාගනී. ශරීරයේ අධික උෂ්ණත්වයක්‌ පවතී. ඇස්‌වල ආබාධ ඇතිවිය හැකිය.

කුම්භ

කුම්භ ලග්න හිමියන්ගේ රවි උච්චවන්නේ 03 වැන්නටයි. එඩිතරයි. කඩිසරයි. අහංකාරයි. අසාධාරණයට එරෙහිව කටයුතු කරයි. තම තීරණ වෙනස්‌ නොකරයි. කැපී පෙනී සිටීමට ඕනෑ කරයි. දේශපාලන කටයුතුවලට දක්‍ෂ වේ. 07 වැන්නට රවි ස්‌වක්‍ෂෙත්‍ර බලයෙන් යුක්‌තවෙයි. තත්ත්වය ආරක්‍ෂා කර ගැනීමට උසස්‌ අය ආශ්‍රය කරයි. අන්අයට උදව් උපකාර කරයි. මහජන සම්බන්ධතාවලට අයත් රැකියාවක නියුතුවේ. විවාහය ඥති සබඳතාවයක්‌ මත වනු ඇත.

මීන

රවි උච්චවන්නේ 02 වැන්නටයි. ඇස්‌වල ආබාධ ඇතිවේ. තමාගේ වැඩ ගැන නොසිතා අන් අයගේ වැඩවලට යොමුවේ. හම්බ කළත් ඉතුරුවක්‌ නැත. තරමක්‌ අහංකාරයි. මීන ලග්න හිමියන්ට රවි ස්‌වක්‍ෂෙත්‍ර වන්නේ 06 වැන්නටයි. ශරීර සනීපය හොඳින් පැවැතිය හැකිය. අන් අය යටතේ වැඩකිරීමට කැමැති නැත. සමාජයේ උසස්‌ තත්වයක්‌ හිමිවේ. විවාහ ජීවිතය සතුටුදායකයි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here