රාශි දොළහේ සුබ අසුබ ගෙන දෙන කේතු

1925
ග්‍රහ
ග්‍රහ

[ratings]

සෞරග්‍රහ මණ්‌ඩලයේ ග්‍රහයකු නොවන ඡායා ග්‍රහයෙකු වන කේතු ත්‍රිකෝණාකාරක ග්‍රහයෙක්‌ ලෙසද පාපකාරක ග්‍රහයකු වශයෙන්ද ජොතිෂ්‍යයේ හැඳින්වේ. මෙම ග්‍රහයාගේ මහ දශා කාලය වසර 07 කි. කේතුගේ ඵලාඵල විග්‍රහ කිරීමේදී රාශි 12 ට දොලොස්‌ ආකාරයෙන් සුභ අසුභ ගෙන දේ.

කේතු මේෂ රාශියට

මේෂ රාශියේ නම් තැන්පත්ව කටයුතු කරන රහසිගත දේ පිළිබඳ නිතර සිත යොමු කරන අයෙකි. මෙම අයට නිතර සතුරු බාධක ගෙන දෙන මුත් ශාරීරික වශයෙන් ලප කැලැල් ඇතිවීමට ඉඩ ඇත. මෙම අය වඩාත් කාමුක හැඟීම්වලට මහත් රුචිකත්වයක්‌ දක්‌වයි.

කේතු වෘෂභ රාශියට

මෙම අයගේ සිතුම් පැතුම් ආත්මාර්ථකාමී බවින් හා හොඳින් හෝ නරකින් දියුණු වීමට උත්සාහ කරන මුත් තමාගේ පැවැත්ම උදෙසා අන් අය පාවාදීමට පවා මැලි නොවන අයෙකි.

කේතු මිථුන රාශියට

කේතු මිථුන රාශියේ නම් විවිධ ශිල්ප හැදෑරීමේ නෙතට සිතට දුටුදෙය කළ හැකි අයවන මුත් ආත්ම විශ්වාසය මෙම අයගේ අඩු බවක්‌ පෙන්නුම් කෙරේ. තම මිතුරන් ඇසුරු කිරීමේදී පවා සැකය සිත තබා ගනී.

කේතු කටක රාශියට

කේතු කටක රාශියේ නම් මෙම අයගේ සිතුවිලි වඩාත් ගුප්ත වේ. තමාගේ වැඩකටයුතු කෙසේ හෝ ඉටුකර ගැනීමට සමත් වන බැවින් විශ්වාසයක්‌ තබාගෙන වැඩ කිරීමට අපොහොසත් වන අයවලුන් වේ.

කේතු සිංහ රාශියට

කේතු සිංහ රාශියේ නම් ආත්ම ගෞරවයට මුල්තැනදී තමාට ලැබෙන මොනයම් භාරදූර කටයුත්තක්‌ වුවද එය සාර්ථකව ඉටුකර ගැනීමට උත්සාහවන්තයින් වන අතර යහපත් විවාහ ජීවිතයක්‌ ගෙන යමින් උසස්‌ දියුණුවක්‌ ළඟාකර ගැනීමේ හැකියාව ඇත.

කේතු කන්‍යා රාශියට

මෙම අයගේ මානසිකත්වය උසස්‌ තත්aත්වයේ තබාගෙන වැඩකටයුතු කරන දක්‍ෂ අය වන අතර තමාට ලැබෙන මොනයම් භාරදූර කටයුත්තක්‌ වුවත් කලට වේලාවට කිරීමේ හැකියාව ඇත. එහෙත් මෙම අයට රහසිගත රෝග හටගනු ඇත.

කේතු තුලා රාශියට

මෙම අයට පිsරිපුන් දේහ ලක්‍ෂණ තිබුණද විවාහය ප්‍රමාද වීමට යම් යම් හේතු සාධක යෙදෙනු ඇත. ස්‌ථිර අදහස්‌ තුළින් බලවත් අයෙකු වේ. දැඩි උත්සාහයෙන් දියුණුව ළඟා කර ගන්නා අය වුවත් රහසිගත සම්බන්ධතාවලට පෙළඹීමට ඉඩ ඇත.

කේතු වෘශ්චික රාශියට

මෙම අය ඉතා කල්පනාකාරීව තමාට වාසිදායක තීරණ ගන්නා අයකු වන අතර ගුප්ත විද්‍යා කටයුතුවලදී විවිධ දක්‍ෂතාවන් පෙන්වීමට සමතෙකු වේ. එහෙත් මෙම අය කාමුක හැඟීම්වලට වඩාත් ලොල්බවක්‌ දක්‌ව නමුත් සතුරු කරදරවලට ලක්‌වන අයෙකි.

කේතු ධනු රාශියට

කේතු ධනු රාශියේ නම් මෙය යහපත් පිහිටීමකි. ආගමික කටයුතුවලට මුල්තැන දීමද කීර්තියෙන් තේජස පතුරාගෙන සමාජයට වැඩදායක පුද්ගලයෙකි. මෙම අය හොඳ හෝ නරක එළිපිට කරන විවිධ නිර්මාණයන් සඳහා දක්‍ෂතාවද දක්‌වන්නෝ වෙති.

කේතු මකර රාශියට

කේතු මකර රාශියේ නම් තීSක්‌ෂණ බුද්ධියක්‌ හිමි ඇස දුටු පමණින් යමක්‌ පිළිනොගන්නාමුත් සමාජයෙන් ගරු බුහුමන් ලබන මෙම අය යහපත් දූ දරුවන් දායාද කිරීමේ වාසනා ගුණය මොවුන් සතුව ඇත.

කේතු කුම්භ රාශියට

කේතු කුම්භ රාශියේ නම් ප්‍රිය මනාප මනා ශරීරයක්‌ හිමි මේ අය යමක්‌ කිරීමේදී ලාභ පාඩු නොබලා කරන දෙය සෘජුවම කරන අයෙකි. එහෙත් මෙම අය කෲර අදහස්‌වලින් පෝෂිත වේ.

කේතු මීන රාශියට

මෙම අයට විවිධ බාධක කම්කටොළු බාධක ආවද තම ආත්ම ශක්‌තිය පෙරදැරිකරගෙන යහපත් ජීවන රටාවක්‌ පවත්වාගෙන යැමට උත්සාහ දරන්නෝ වන අතර සමාජයෙන් ගරු බුහුමන් ලැබීමට මෙම අයට ශක්‌තිය උදා වේ.

මෙම ප්‍රතිඵල මෙසේ වුවද රාශියෙන් රාශියට කේතු සිටින භාවයන් හා අනෙකුත් ග්‍රහයන්ගේ බලපෑම මත ඉහත ප්‍රතිඵල වෙනස්‌වීමට ඉඩ ඇත.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here