ලග්නය තුලා නම් මෙය කියවන්න

4211
තුලා
තුලා

තුලාව යනු තරාදියයි. තරාදියක්‌ අතින්ගත් පුරුෂයකුගේ රූපයකින් තුලා රාශිය හෙවත් තුලා ලග්නය සංකේතවත් කරයි. මේ අයුරින් තුලා රාශියෙන් සාධාරණත්වය, යුක්‌තිය, නීතිය හා සමානාත්මතාව පෙන්නුම් කරයි. තුලා රාශිය පුරුෂ රාශියකි. තුලා රාශියේ අධිපති ග්‍රහයා වන්නේ සිකුරුයි. සෞන්දර්යයාත්මක මෙන්ම අලංකාර බව, පවිත්‍ර බව, ආලය, ප්‍රීතිය, චිත්‍ර කලාව නාට්‍යය, සංගීතය වැනිදේ සිකුරුගෙන් නියෝජනය වන බැවින් තුලා ලග්න හිමියෝද, සිකුරුගේ බලපෑම අනුව එම දේවල් කෙරෙහි යොමුවේ.

සිකුරු ග්‍රහයා සියලු සම්පත් අධිකව ගෙන දෙන අතර අන්‍යයන් සමග විනෝදයෙන්, ප්‍රීතියෙන් කාලය ගත කිරීමේ හැකියාව ලබාදෙන බැවින් තුලා රාශිය සිකුරාට හිමි කර දී ඇත. තුලා ලග්නයෙන් උපන් අය තරාදියක්‌ මෙන් ලොවට සැපදුක්‌ සමසේ බෙදාදෙන පුරුෂාකාර මිනිස්‌ රුවකින් තුලා රාශිය හඳුන්වා දී ඇත්තේ මිනිස්‌කමේ ඇති ශ්‍රේෂ්ඨ උතුම් ගති ලක්‍ෂණ විදහා දැක්‌වීමට විය යුතුය. නිතරම සැප කැමැති දැකීමට ප්‍රිය යහපත් පියකරු ඇස්‌ ඇති නිසා වීනස්‌ දෙව්දුව යනුවෙන් හැඳින්වෙන සිකුරු ග්‍රහයාට තුලා රාශිය ස්‌වක්‌ෂේත්‍ර රාශිය ලෙස ජ්‍යෙdතිෂයෙහි දක්‌වා ඇත. තුලාව රාශි චක්‍රයේ සත්වැන්නයි. සෙනසුරු උච්ච වන්නේ මෙම රාශිය තුළ ගමන් කරන අවස්‌ථාවලදී ය. පෘථිවියට දුරින්ම පිහිටි රාශිය බැවින් දැඩි දුක්‌ කරදරවලට අධිපති සෙනසුරුගේ බලය මෙහිදී දුර්වල වේ. හීන වේ. එබැවින් දැඩි කරදරවලින් තොරවූ දීර්ඝායුෂ ලැබීමේ හැකියාවක්‌ තුලා ලග්න හිමියන්ට හිමි වේ. ඔවුන් ස්‌වශක්‌තියෙන් දියුණුවීමේ ශක්‌තියක්‌ ඇත්aaතෝ වෙති. එමෙන්ම යහපත් විතීත ගති පැවතුම්වලින් යුතු නොවන අය තමාගේ ඇසුරින් ඈත් කරති. මොවුන් අවංක හදවත් ඇත්තෝ නිසා පුහු අහංකාරයෙන් තොර ආත්ම ගරුත්වය රැකගෙන කටයුතු කරන්නෝ වෙති. තුලා රාශිය වායෝ රාශියක්‌ නිසා ඇවිදීමට ප්‍රියකරන, අලංකාර ලෙස ඇඳුම් පැළඳුම්වලින් සැරසීමටත් ස්‌වභාව සෞන්දර්ය ආදී දේ නැරඹීමටත් වැඩි කැමැත්තක්‌ දක්‌වන කාටත් ප්‍රිය උපදවන පරිදි ශරීර අලංකාරය පිළිබඳව සැලකිලිමත් වෙන, අනුන්ට සංග්‍රහ කිරීමට හා චිත්‍ර ශිල්පයට වැඩි දක්‍ෂකමක්‌ පෙන්වයි. සාධාරණව සිතා බලා නිවැරැදිව තීරණ ගැනීමට දක්‍ෂ වේ. දුටුවන් ප්‍රිය කරන ශරීරයක්‌ ඇති වේ. කළගුණ සැලකීම ඉහළින් අගය කරයි. ධාර්මික ගතිවලින් යුක්‌තය. පියාගෙන්ද අන්‍ය අයගෙන්ද පිදුම් ලබයි. යහපත් දූ දරුවන් ලැබීමේ වාසනාව උපතින්ම ලබා ඇත. ඉක්‌මන් කෝපය හා හදිසි තීරණ ගැනීම මොවුන් තුළ ඇති දුර්වලකමක්‌ ලෙස සැලකිය හැක. අයුක්‌තියට හිස නැමීමට ඔවුන් කිසිසේත්ම කැමැති නොවේ. සාමය, සමාදානය අගය කරන ගතිගුණ වගේම උපායශීලී ශූර බුද්ධියක්‌ තුලා ලග්න හිමියන් සතු වේ. නීතියට ගරු කරන සෘජු හිතක්‌ තිබෙන ඔවුන් කාටවුණත් කරුණාවන්ත විදියට එමෙන්ම ගෞරවනීය ලෙස සිතන්නත්, සලකන්නත් උපතින්ම හුරු වී ඇත. තුලා රාශිය ශනි හෙවත්, සෙනසුරාගේ උච්ච රාශියයි. එහෙයින් සෙනසුරු තුලා ලග්න හිමියාට උසස්‌ ශුභඵල ගෙන දෙයි. තුලා ලග්නයෙන් ජන්ම ලාභය ලැබූ අයගේ ලග්නයේ හෙවත් පළවෙනි කොටුවේ ශනි සිටියේ නම් එම අය “සසයෝගයෙන්” උපන්නෝ වෙති. මෙවැනි අය පරම්පරාගත විශාල ඉඩම්, මහා මන්දිර, මිල මුදල්, ධන ධාන්‍යය, ලබන්නෝය. පිරිවර සේවා ලබන්නෝද, කීර්ති ප්‍රශංසා ලබන්නෝද අන් අයට අනුශාසනා කරන්නෝද වෙති. තුලා ලග්න හිමියන්ට කීප ආකාරයකින්ම නීච භංග රාජයෝගද උදවේ. රවි හා ශනි ලග්නයේ හෝ හත්වැන්නේ යෙදීමෙන්ද ගුරු ග්‍රහයා හා කුජ ග්‍රහයා හතර වැන්නේ හෝ දහවැන්නේ යෙදීමෙන්ද, නීචභංග රාජයෝග උදාවේ. නීචභංග රාජයෝගය නම් යම් ග්‍රහයකුගේ උච්ච රාශියේම නීචවූ ග්‍රහයින් පිහිටීමය. මෙම යෝග ඇත්තෝ මිල මුදල්, ධන ධාන්‍ය ලබන අතරම ඉඩකඩම්, යාන – වාහන හා යස ඉසුරු එම ග්‍රහයන්ගේ මහදශා, අතුරු දශා ගෙවෙන කාලවලදී ලබති.

තුලා ලග්නයෙන් උපදින වැඩිදෙනා ව්‍යාපාර ක්‍ෂේත්‍රයෙහි යෙදෙන අයවේ. නීතිඥවරු, භාෂා පරිවර්තකයින්, නොතාරිස්‌වරු, පොත් පත් කතුවරු, ධනවන්තයින්, කලාකරුවන් කථිකාචාර්යවරුන්, නළු නිළියන් හා සංගීත ගුරුවරියන්ද මෙම ලග්නයෙන් උපත ලබා ඇත. තුලා ලග්න හිමියන්ට වඩාත් ගැළපෙන වෘත්තීන් වශයෙන් දැක්‌විය. හැක්‌කේ සෞන්දර්ය අංශයට ගැළපෙන සංගීතය, නාට්‍ය ලේඛනය, ජායාරූප ශිල්පය, සිනමා කර්මාන්තය ආදියයි. ඊට අමතරව භූමිලාභ ඇති බැවින් මිනිරන්, මැණික්‌ කර්මාන්තය. කෘෂි කර්මාන්තය වැනි දේවලින්ද, උසස්‌ තත්ත්වයකට පැමිණිය හැකි වේ. තුලා ලග්න හිමියන්නේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකීමේදීද මොවුහු බොහෝ දුරට නිරෝගී පුද්ගලයෝ වෙති. පහසුවෙන් ලෙඩ රෝගවලට ගොදුරු නොවෙයි. මනා ශක්‌තියක්‌ද, යහපත් පැවැත්මක්‌ද, ශක්‌ති සම්පන්න දේහමය මාංශ සැකැස්‌මක්‌ද තිබෙයි. රෝගයන්ට ඔරොත්තු දීමේ ශක්‌තිය මැනැවින් පිහිටා ඇත. තුලා ලග්න හිමියන්ට අසනීප නොසෑදෙනවාම නොවේ. බහුල වශයෙන් තුලා ලග්න හිමියන් පෙළෙන අසනීප තත්ත්වයන් කීපයක්‌ ඇත. මුත්‍රාශය හා ඒ අවට සම්බන්ධ අසනීප ප්‍රධාන වේ. නිසි පරිදි මුත්‍රා නොපෙරීම, මුත්‍රාවල ආම්ලිකතාවය, තුනටියේ වාතරෝග, බහුමුත්‍රතාව ආදිය ද වේ.

තුලා ලග්න හිමියන්ගේ කේන්ද්‍රවල 2, 8, 12 යන ස්‌ථානවල එකක ශනි පිහිටීම යහපත් නොවේ. තුලා ලග්න හිමි කාන්තා කේන්ද්‍රවල පස්‌වැන්නේ රාහු පිහිටීමද ශුභ නොවේ. මේ අයගේ පළමු දරුවා පිළිබඳ ගැටලු මතුවේ. තුලා ලග්න හිමියන්ගේ කේන්ද්‍රවල 6 වැන්නේ රාහුද 7 වැන්නේ කේතුද, 3 වැන්නේ ගුරු ද පිහිටීම මාරක යෝගයක්‌ වේ. මෙවැනි පිහිටීම් ඇති අය මෝටර් රථ වාහනවලින් ප්‍රවේශම් විය යුතුය. ගමන් බිමන් හේතුවෙන්, සිවුපාවන්ගෙන් ආදරය ඇති අයගෙන් වෙන් වීමෙන්, ඇති වෙන ශෝකයෙන්, නිරාහාරව ඉඳීමෙන්, මුත්‍රාශය පිළිබඳ රෝගයකින්, දියවැඩියාව වැනි රෝගයකින් මරණය සිදු විමට බොහෝ දුරට ඉඩ ඇත. තුලා ලග්න හිමියන් අපල උපද්‍රවවලින් සහනය ලබා ගැනීම සඳහා ලග්නයට ගැළපෙන මැණික්‌ ගලක්‌ අල්ලන ලද ආභරණයක්‌ පැළඳීම ඉතා ශුභයි.

We found this article from Divaina on 2012/01/04.
Also Sinhala to English Google word to word translation can be found here