ලිංගික ආශාව හීන කරන ග්‍රහ පෙරළි

0
705
කාමෝන්මාදය
කාමෝන්මාදය

[ratings]

පුරුෂයකුගේ ලිංගික ජීවිතය හා ශුක්‍ර ධාතුව පාලනය කරන්නේ සත්වැනි රාශිය හා සිකුරු ග්‍රහයා විසිනි. ජ්‍යෙdතිෂ්‍ය චක්‍රයෙහි ඒ සඳහා වන ස්‌ථානය තුලා රාශිය වේ. තුලා රාශිය හා සත්වැන්නද සත්වැන්නාධිපති සහ සිකුරු ග්‍රහයාද දුර්වල හෝ දුර්වල, බෙලහීන ග්‍රහයන්ට සම්බන්ධ වී ඇත්නම් එකී පුරුෂයන්ගේ ජවය, ලිංගික ආශාව, ලිංගික ශක්‌තිය අනිවාර්යෙන්ම විනාශ වන අතර ඔහු මෛථුන සේවනයෙහි අපොහොසත් වේ. බුධ සහ සෙනසුරු යන ග්‍රහයන් බෙලහීන ග්‍රහයන් දෙදෙනෙකි. එම ග්‍රහයන් දෙදෙනා තුලා රාශියද ලග්නය සහ සඳු ආදීන්ගෙන් සත්වැනි රාශියද නැතහොත් සිකුරු සමඟ සම්බන්ධවීම පුරුෂයකු ලිංගික බෙලහීන තත්ත්වයට පත්කිරීමට මූලික හේතුවක්‌ වන්නේය.

සිකුරු ග්‍රහයා රවි ග්‍රහයාට එක්‌ අංශකයක්‌ ඇතුළත සිටින විට හෝ වඩා ශක්‌තිමත් වෙනත් ග්‍රහයකුට එක්‌ අංශකයකයක්‌ ඇතුළත සිටින විට ග්‍රහ යුද්ධයකින් පරාජය වූවා සේ සැලකෙන අතර එම තත්ත්යේ සිටින සිකුරුට ලැබිය යුතු කිසිදු යහපත් ප්‍රතිඵලයක්‌ ලබාදීමට කිසිසේත් නොහැකි ඉතාමත් දුර්වල තත්ත්වයකට පත්වන්නේය. සිකුරු රවිට අංශක 7 1/2 ක්‌ ඇතුළතදී අතිශයින්ම දුර්වල වේ. අක්‍රිය වේ. එම තත්ත්වයේ සිටින සිකුරු නිසි ලෙස ආරක්‌ෂාව නොලබන්නේ නම් පුරුෂයකුගේ ලිංගික හැකියාව විනාශවීම නොවැළැක්‌විය හැක්‌කකි.

පස්‌වැන්නාධිපති ග්‍රහ යුද්ධයකින් පරාජිතව, දුර්වලව සිටී නම් හෝ ඉහතින් දැක්‌වූ තත්ත්වයක සිටින විට අනෙක්‌ ග්‍රහයන් විසින් නිසි ආකාරයෙන් ආරක්‌ෂා කරනු නොලැබ සිටින්නේනම්ද පුරුෂයකුගේ ලිංගික හැකියාව විනාශවී යන්නේමය.

සත්වැන්නාධිපති සහ සිකුරු සත්වැන්නේ සිටිමෙන්ද ලිංගික බෙලහීනතාවය පෙන්නුම් කෙරේ. සිකුරු සය වැන්නාධිපති සමඟ සංයෝග වනවිටද එකී ප්‍රතිඵලම අත් වේ. දුර්වල හෝ බෙලහීන ලෙස බරපතළව පීඩනයට පත්කරනු ලැබුවා වූත් එසේම අයහපත් ස්‌ථානයක සිටින්නාවූත් සඳු පුද්ගලයකු සතු ලිංගික ශක්‌තිය විනාශ කරයි. සත්වැන්නාධිපති ග්‍රහ යුද්ධයකින් පරාජයට පත්ව දුර්වලව පීඩනයට පත්ව සිsටින්නේ නම් හෝ අයහපත් ස්‌ථානයක පිහිටියේ නම් එවැනිම ප්‍රතිඵල උදාවනු ඇත. බරපතළ ලෙස පීඩනයට පත්ව සිටින සිකුරු අටවැන්නෙහි සිටින විටද අත්වන ප්‍රතිඵලය එයම වේ.

අටවැන්න කෙනෙකුගේ ජනේන්ද්‍රිය පාලනය කරන අතර කෙනෙකු තුළ පවතින ලිංගික නොහැකියාවට හේතුව ඔහුගේ රහසඟෙහි විකෘති බවක්‌ද නැතිනම් රහසඟට සම්බන්ධ රෝගයක්‌ද යන්න තීරණය කළ යුත්තේ අටවැනි රාශියේද අටවැන්නාධිපතිගේද වෘශ්චික රාශියේද ශක්‌තිය අනුවය. ලග්නයේ සඳුගෙන් සහ රවිගෙන් අටවැනි රාශිය ද ඒවායේ අධිපතීන්ද පාපී ග්‍රහයන් විසින් පීඩනයට පත් කරනු ලැබූ කල්හි පුද්ගලයකුගේ ජනේන්ද්‍රියෙහි විකෘති බවක්‌ ඇතිවනු ඇත.

අටවැනි රාශිය, අටවැන්නාධිපති හෝ සිකුරු හයවැන්නට හයවැන්නාධිපතිට සහ කන්‍යා රාශියට හෝ ලෙඩ රෝග පාලනය කරන ග්‍රහයාට හෝ සබඳතාවක්‌ ඇතිකරගත් කල්හි එය ලිංගික දුබලතාවලට ප්‍රධානවන රෝගයක්‌ වනු ඇත.

තුලා රාශියද, කාරක ග්‍රහයා වන අඟහරු, සත්වැනි රාශියද, ස්‌ත්‍රියකගේ ලිංගික ජීවිතය පාලනය කරයි. එහෙත් පිළිසිඳගැනීම් පාලනය කරනුයේ පස්‌වැනි රාශිය විසිනි. තුලා රාශියද හත්වැන්න ද අඟහරු ග්‍රහයාද පස්‌වැන්න සහ පස්‌වැන්නාධිපති බෙලහීන වූ කල්හි හෝ දුර්වල ග්‍රහයන් සමඟ සබඳතා ඇතිකරගත් කල්හි හෝ බෙලහීනතා ඇතිකරන ග්‍රහයන් සමඟ සංයෝගයෙන් හෝ දෘෂ්ටියෙන් හෝ සම්බන්ධවූ කල්හිද අයහපත් ලෙස පිහිටි කල්හිද ස්‌ත්‍රියක්‌ ලිංගික නොහැකියාවෙන් යුක්‌ත වන අතර ඇය තුළ දරුවන් පිළිසිඳ ගැනීමක්‌ද සිදු නොවන්නේය. සෙනසුරු හා බුධ වැදගත් ග්‍රහයන් දෙදෙනකු වුවත් ඉහත කී සාධක සමඟ ඔවුන්ගේ සබඳතාව සෑම කල්හිම අයහපතක්‌ වනු ඇත. එහෙත් ඔවුන් ශක්‌තිමත් හා ආරක්‍ෂාසහගත නම් එකී දොaෂයන් යටපත් වේ. කේතුද පිළිසිඳ ගැනීම් වළක්‌වන ග්‍රහයෙකි. කේතු පස්‌වැන්න සහ පස්‌වැන්නාධිපති සමඟ පවත්වන සම්බන්ධය දරු උපත් වළක්‌වන යෝගයකි.

ලග්නය හෝ සඳු බුද ග්‍රහයාට අයත් රාශියක එනම් මිථුන හෝ කන්‍යා යන රාශි දෙකෙන් එකක සෙනසුරුට ත්‍රිංශාංශකව සිටින විට පිළිසිඳගැනීමක්‌ සිදු නොවේ. එමෙන්ම ලග්නය හෝ සඳු සෙනසුරුට අයත් රාශියක එනම් මකර හෝ කුම්භ යන රාශි දෙකෙන් එකක බුධට ත්‍රිංශාංශකව පිහිටි කල්හිද එම ප්‍රතිඵලයම අත්වේ. ලග්නය මෙන්ම සඳුද එකී තත්ත්වයක සිටින කල්හි ස්‌ත්‍රියකගේ ලිංගික හැකියාව හා ආශාව සම්පූර්ණයෙන් විනාශ වන්නේය. එයින් එකක්‌ ඉහත කී තත්ත්වයෙහිද අනෙක වෙනත් තත්ත්වයකද පිහිටි කල්හි අදාළ ප්‍රතිඵලය තීරණය කළ යුත්තේ වඩා ශක්‌තිවන්තයාගෙනි. එහෙත් අනෙකාගේ බලපෑමෙන් නිදහස්‌වීමට කේන්ද්‍රහිමියාට නොහැකි වන්නේය.

පස්‌වැන්නාධිපති සහ අඟහරු හයවැන්නෙහි සිටින විට හෝ ලග්නාධිපති, අඟහරු, සඳු හෝ සමඟ බුධට සංයෝග වී බුධගේ දෘෂ්ටියට හසුව හෝ සඳු සයවැන්නෙහි සිටින විට කෙනෙකු වඳ බවින් යුක්‌ත වීමටද ඉඩ ඇත.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here