බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර එවකට ඇතිවූ තුන්බිය දුරුකිරීමට රතන සූත්‍රය දේශනා කළ බව සෑම කෙනෙක්‌ම දන්නා වූ කරුණකි. එසේම තුන් සූත්‍රයට අයත් කර ඇති රතන සූත්‍රය තුළින් එදා රෝග, අමනුෂ්‍ය, දුර්භීක්‍ෂ යන ප්‍රධාන කාරණා තුනකට පාදක කර තිබේ. බුදුරජාණන් වහන්සේගේ මහා චිත්ත බලය මෙම සූත්‍රයට මුසු කළ සේක.
නුවණින් විමසා බලන්න. රතන සූත්‍රයේ අන්තර්ගතව ඇත්තේ නිවනය. නිවන යනු නිවීමය. කුමක් නිවීමද? ලෝභ – ද්වේෂ, මෝහ යන අකුසල මූලයන්ගේ නිවීම තුළ රතන සූත්‍ර අන්තර්ගතය පැවතීමය. එදා විශාලා මහනුවර පැවැති තුන්බිය අද සමස්‌ත සමාජය පුරාම පවතින අන්දම නුවණින් විමසන කල පෙනේ.
රෝග වෙනත් කිසිකලක නොවුණ පරිද්දෙන් අද විවිධ අන්දමට ව්‍යාප්aතව තිබේ. කුඩා දරුවාගේ පටන් වයෝවෘද්ධයා දක්‌වා අද තරම් රෝගාබාධ තිබූ කලක් තවත් නැත. එසේම එදා තරම් නොදියුණු සෞඛ්‍ය සේවාවක් නොව සුපිරි සෞඛ්‍ය සේවාවක්‌ද අද පවතී. එහෙත් දවසින් දවස විවිධ මාදිලියේ රෝගාබාධ බහුලව වර්ධනය වෙයි.
එදාට වඩා අද අමනුෂ්‍යයෝ සිටිති. නොපෙනෙන අමනුෂ්‍යයෝ මෙන්ම පෙනෙන අමනුෂ්‍යයෝද අප්‍රමාණය. තමන්ගේ ආශාවන් මෙන්ම තෘෂ්ණාවන් සඵල කර ගන්නට ඕනෑම ම්ලේච්ඡ ක්‍රියාවක් වුවද කිරීමට ඔවුන් පෙළැඹේ. වස්‌තු සම්පත් උදෙසා මිනී මරන්නෝද වෙති. කාමයෙන් අන්ධව සිය බිරිඳ මරා දැමීමට හෝ ජාතක දියණිය දූෂණය කිරීමට හෝ පෙළැඹෙති. කොපමණ නම් අමනුෂ්‍ය ක්‍රියා මේ රට තුළ තිබේදැයි පොතක් වුවද ලිවිය හැකි තරමට විශාලය.
දුර්භීක්‍ෂ වනාහී සිත් තුළ කැකෑරෙන තෘෂ්ණාවන්ය. කොපමණ ලැබුණත් මදිය. එක් පුද්ගලයකුගේ ජන්ම පත්‍රයක් පිරික්‌සා බැලූ කල ඔහු කුඩා අවධියේ පටන් දුක්‌විඳ තිබූ බව පෙනුණි. ඔබ මීට වසර ගණනාවකට උඩදී අප්‍රමාණ දුක්‌විඳ තිබෙනවා. ගෙදර දොරින් පවා ඔබ ඈත්වී අනුන්ගේ තැන්වල දුක් වින්දාදැයි මම ඇසුවෙමි. ඔව් මහත්තයෝ සත්තකින්ම. කියා ඔහු උත්තර දුන්නේය.
දැන් ඔබ මීට වසර පහකට පමණ ඉහත කාලයක සිට දියුණු තත්ත්වයක සිටිනවා නේදැයි මම පෙරළා ඇසුවෙමි. අපොයි එහෙමකට දියුණුවක් නම් නෑයි ඔහු උත්තර දුන්නේය. ඇයි ඔබ මීට ඉස්‌සර ඉතාම නොදියුණු තත්ත්වයක කිසිම හව්හරණක් නැතිව රාහු මහ දශාවේ දුක්‌වින්ද බව පිළිගත්තා. දැන් ගුරු මහ දශාව ලබලා වර්ෂ අටකට ආසන්න වෙනවා. ඔබට ඇත්තටම දියුණුවක් නැද්ද කියා මම විමසුවෙමි.
හැබැයි ඉතිං මට පොඩි කඩයක් නම් තියෙනවා. ත්‍රීවීල් එකකුත් තියෙනවා. ඒක ඉතිං ඒ තරම් දියුණුවක් ද? ඔහු කියා සිටියේය. කිසිවක් නැතිව සිටි ඔහුට ගුරු මහ දශාව තුළ එබඳු තත්ත්වයක් ලැබුවත් එය ඔහුට නොවැටහෙන්නේ ඊට එහා ගිය තෘෂ්ණාවන් තුළ ඔහු සිටින නිසා බව මම පසක් කළෙමි. ඒ එක් දුර්භික්‍ෂයකිs.
සෙම් රෝගයෙන් පීඩිත වෙමින් ඒ ඒ වෙලාවට කුමක් හෝ කර වේදනාව අඩු කරමින් සමහර අය සිටිති. සෙම නිසා හිස කැක්‌කුම පැමිණි විට වේදනා නාශක පාවිච්චි කරයි. කිවිසුම් නොකඩා යනවිට මුහුණට හුමාලය අල්ලා තාවකාලික පිළියම් කරයි. ඒත් එම රෝග තත්ත්වය දුරුකර ගන්නට දිගට ඖෂධ භාවිත නොකරයි. නමුත් රූපය හැඩවැඩ කර ගන්නට දහස් ගණන් වැය කරයි. ඒ එක් දුර්භික්‍ෂයකි.
කොතෙක් දේ ලැබුවත් ඇතිවීමක් නැත. තවකෙනකුට නැති කොට තමන්ට අයිතිකර ගන්නටම සිතති පතති. ඒ එක් දුර්භික්‍ෂයකි. මේ ආදී වශයෙන් රට තුළ කොපමණ දුර්භික්‍ෂ තිබේදැයි ඔබටම සිතාගත හැක. එසේම යක්‍ෂ – භූත – ප්‍රේත- ආදී දොaෂ ද නැතුවාම නොවේ. එසේම එම දොaෂ නැති තැනක එම දෝෂ ඇති කර වළඉහගන්නා කට්‌ටඩියෝ ද සිටිති. එසේ හෙයින් රතන සූත්‍රය පිරිත් කළ වතුර – වැලි ආදිය ඉසීමට වඩා රතන සූත්‍රය වැළඳ ගැනීම කාලීනව සිදු විය යුත්තකි. ඒ කෙසේද යත් රතන සූත්‍ර අන්තර්ගතයට පිsවිස දකින්නට උත්සාහ කරමු.
“යංකිsංචි විත්තං ඉධවා හුරන්වා”…. යන ගාථාව විමසා බලමු. එහි ඇත්තේ මේ ලොව හෝ වෙනත් ලොවක හෝ වටිනාම සම්පත් යෑයි ඒ ඒ දේවල් පවතී ද ඒ සියල්ලට වඩා උතුම්ම වස්‌තුව බුදුජාණන් වහන්සේ පමණි යන්නය. මිල මුදල් යාන වාහන, රන්රිදී, මුතු මැණික්, ඉඩකඩම් ආදිය පරම වස්‌තුව ලෙස සලකන – පතන පෘථග්ජන මිනිසාට ඒ කරුණ ගැන අවබෝධ වන්නේ නැත. බුදුරජාණන් වහන්සේ සියලු ආශාවන් ප්‍රහීන කළ සේක, කිසිම දෙයක ඇලුණේa නැත. ඒ නිසා උන්වහන්සේට සියලු ලැබීම් ප්‍රත්‍යක්‍ෂ වශයෙන් ලැබීමේ භාග්‍යය උදා විය. එය කෙබඳු භාග්‍යයක් වීද යත් උන්වහන්සේගේ උදේ ආහාරය, දිවා ආහාරය, ගිලන්පස ආදී සියල්ලක් අදත් අති ගෞරවනීය ලෙස උන්වහන්සේට ලැබේ. එය ගැන නුවණින් විමසන කල කෙතරම් භාග්‍යයක් දැයි ඔබටම වටහාගත හැක. උන්වහන්සේ පිරිනිවන්පා වසර 2557 ක් ගත වී ඇතත් අද තවමත් මිනිස්‌සු උන්වහන්සේට ප්‍රනීත ආහාර පාන ඉඳුල් නොකර පිළිගන්වති. අටපිරිකර පමණක් නොව මිනිසුන් පරිහරණය කරන සෑම දෙයක්‌ම උන්වහන්සේගේ නාමයට පුදති. උන්වහන්සේ සියලු තෘෂ්ණාධි ක්‌ලේෂයන් දුරු කළ හෙයින් එකී ලැබීම් සදාතනික විය. මනුෂ්‍යයා සතු අප්‍රමාණ තෘෂ්ණාව පාලනය කළ හැකි නම්, ලද දෙයින් සතුටු විය හැකි නම් ස්‌වභාව ධර්මය මිනිසාට කෘතඥ වන බව රතන සූත්‍රයේ ඒ ගාථාව නුවණින් විමසන විට මැනවින් පෙනේ.
එසේම ඒ අදහස උන්වහන්සේම හයවැනි ගාථාවෙන් නැවත ප්‍රත්‍යක්‍ෂ කළ සේක. එනම් “යේ පුග්ගලා අට්‌ඨ සතම්පසත්ථා…” යන ගාථාවයි. එහි තේරුම කල්පනාවට ගතයුතුය.” “මේ ගෞතම බුද්ධ ශාසනයට අෂ්ඨාර්ය පුද්ගල සංඝ රත්නයක්‌ද එකසිය අටක් වූ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ ද (උපාසක උපාසිකා) සිටිති. ඔවුහු යහපත් වූ සියලුම ලැබීම් ලැබීමට එකම සුදුස්‌සෝ වෙති. ඒ සත්‍යයේ ආනුභාවයෙන් නුඹලාට සෙතක් වේවා” යනුවෙනි.
නුවණින් එම පුද්ගලයන් විමසිය යුතය. පෝයදාට පන්සලට පිරෙන උපාසක උපාසිකාවන් ගැන එසේ කීවා නොවේ. සැබෑ ලෙස බුද්ධ වචනය අවබෝධ කොට තෘෂ්ණාව සැලකිය හැකි මට්‌ටමට හීන කර, ලද දෙයින් සතුටුව හැකි තරම් සම්මුති ධර්මයන්, විනිවිද පරමාර්ථ ධර්මයන් දකින්නට උත්සාහ කරන උපාසක උපාසිකාවන් ගැනය. ඔවුන් දක්‍ෂිණාව නොහොත් ලැබීමට සුදුස්‌සෝ වෙන බව බුද්ධ වචනය වෙයි. ඒ සත්‍යයක්‌ම බව අවසන් ප්‍රාර්ථනාවෙන් හෙවත් සත්‍ය ක්‍රියාවෙන් පෙන්වා දුන් සේක.
අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රය මනා ලෙස පෙනෙන බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාවෙන් විශාලා මහනුවර තුන්බිය දුරු කළේ ඒ සත්‍ය ක්‍රියාවක් වශයෙනි. අධික වූ තාෂ්ණාදී ක්‌ලේෂයන්ගෙන් මිදෙන්නාට සියලු දක්‍ෂිණ හෙවත් ලැබීම් ලැබෙන බව උන්වහන්සේ අදටත් ප්‍රායෝගිකව ඔප්පු කර තිබේ. එකී රතන සූත්‍රයේ සෑම ගාථාවකින්ම උන්වහන්සේ දේශනා කරන්නේ තෘෂ්ණාදී කෙලෙස් මැඩගැනීමෙන් අත්වන සැපය ගැනය. එසේම එහි දහ තුන්වැනි ගාථාවට ඔබේ මනස යොමු කරමි.
වරෝ වරඤ්ෙÆa වරදොa වරාහරෝ යන ගාථාවයි. එහි අර්ථය බුද්ධිමත්ව විමසන විට මෙසේ පෙනෙයි. රෝගය දුකකි. ඒ දුක නැති කරන මග සුවයයි. එසේ නිසා රෝගයට නිවන සුවය වෙයි. නමුත් තාවකාලිකය. නැවත රෝගයක් හටගන්නා තුරුය. ඒ නිසා ඒ නිවනද තාවකාලික වේ. තෘෂ්ණාවද දුකකි. එහි නිවන “ලැබීමය”. නමුත් ඒ ලැබීමද තාවකාලිකය. එක්‌කෝ ඒ ලැබීම් අනිත්‍ය වේ (ඒකාකාරී වේ). එක්‌කෝ වැය වී අවසන් වේ. ඒ නිසා තෘෂ්ණාව නමැති දුක හට ගනී.
කිසිදා වැය වී අවසන් නොවන කිසිවිට ඒකාකාරී නොවන නිත්‍ය වූ සත්‍ය වූ නිවන බුදුන් වහන්සේ පෙන්වා වදාළ නිවනයි. ඒ සත්‍යයේ ආනුභාවයෙන් නුඹලාට සෙත් වේවා යනුවෙන් එකී තත්ත්වය සත්‍යයක් ක්‍රියාවක් කොට ආශිර්වාද කළ සේක.
අද වර්තමානයේ මේ තුන්බියම පවතී. විශේෂයෙන් දැකීම හරහාත් ඇසීම හරහාත්, ස්‌පර්ශය හරහාත්, මනසිකාර හරහාත් මිනිස් හදවත් තුළ ඇවිලෙන තෘෂ්ණා ගිනිදැල් නිවීමට නම් රතන සූත්‍රය පිරිත් කළ වතුර හෝ වැලි ඉසිSමෙන් වත් තඹ කොළයක ලියා පිරිත් කර එල්ලීමෙන්වත් සහනය ලැබිය නොහැක. කළ යුත්තේ ලෝකයක් ලෙස බුද්ධ උපමාවට ලක්‌වූ තම තමන්ගේ සිත් රතන සූත්‍රයේ ගාථා දහ හත තුළ ප්‍රායෝගික ලෙස සංකලනය කර ගැනීමෙනි.
We found this article from Divaina on 2013/03/01.
Also Sinhala to English Google word to word translation can be found here