වහල ගැසුවොත් නිසි ලෙස සැදේ සුබ සෙත මේ ලෙස

0
1399
වහල
වහල

[ratings]

නිවසක වහල එම නිවසේ සුවිශේෂී අංගයක්‌ වශයෙන් සලකනු ලැබේ. එසේ සලකා ඉසිවරු විසින් වහලට වෙනම න්‍යාය පද්ධතියක්‌ ප්‍රකාශ කර ඇත.

එම න්‍යායන්ට අනුව නිවසක වහල ගැසීම සිදු කළහොත් ගෘහ හිමියාට, නිවසට පමණක්‌ නොව වඩු කාර්මික ශිල්පියාට ද සෙත සැලසේ. මේ ලිපියෙන් කෙරෙන්නේ නිවසක වහලට යොදන දැව දඬු හඳුනා ගැනීමය.

මුදුන් යටලීය

මුදුන් යටලීය රඳවනු ලබන්නේ නිවසේ ප්‍රධාන බිත්ති දෙකක්‌ මතය.

මුදුන් යටලීය බිත්ති තුනක්‌ මත රඳවන්නේ නැත. එසේ රැඳවූවහොත් එය ගෘහ මූලිකයාට, ගෘහණියට අපල විපත් ඇති කරන මහා දෝෂයක්‌ බවට පත්වේ.

මේ මුදුන් යටලීය සමහර අවස්‌ථාවල කෙටිව ද සමහර අවස්‌ථාවල දික්‌ව ද යෙදේ. නිවසක වහලේ මුළු බර උසුලන්නේ මුදුන් යටලීයයි. ඒ නිසා වාස්‌තු විද්‍යාවේදී ඉසිවරයන් විසින් මුදුන් යටලීය කෙරෙහි විශේෂ අවධානයක්‌ යොමුකර ඇත.

ඉසිවර මත

ඉසිවරයන්ගේ එම වාස්‌තු විද්‍යා න්‍යාය මතය අනුව මුදුන් යටලීය නිවසේ වහලේ බර උසුලන්නාක්‌ මෙන්ම දෝෂ සහිත මුදුන් යටලීයේ බර ගෙහිමියාට ගෘහණියට උසුලන්නට සිදුවේ. එයින් අදහස්‌ කරන්නේ දෝෂ සහිත මුදුන් යටලීය ගෙහිමියාට ගෘහණියට අශුභ බලපෑම් එල්ල කරන බවය.

රෝගාබාධ

දෝෂ සහිත මුදුන් යටලීයට, ගෙහිමියාට ගෘහණියට වාත අමාරු, හිසේ අමාරු, කොන්දේ අමාරු, අංශභාගය වැනි රෝග ඇති කරන්නට තරම් ශක්‌තියක්‌ තිබේ.

මුදුන් යටලීයක්‌ වෙනත් නිවසක මුදුන් යටලීයක්‌ වෙත කෙලින්ම එල්ල වී තිබුණහොත් එම නිවෙස්‌ දෙකේම අයට අසහන, ලෙඩ දුක්‌ කරදර සහ නිවෙස්‌ දෙක අතර අමනාපකම් ඇති වේ.

සොහොන් පරාලය

පල සතරක්‌ සහිත නිවසක මුදුන් යටලීයෙන් බෙදීයන යට ලී සතර වැරැදි ලෙස මූට්‌ටු කිරීමෙන් සොහොන් පරාල දෝෂය ඇති වී විපත් ඇතිවේ.

මුදුන් යටලීයේ මූට්‌ටු

මුදුන් යටලීය තනි ලීයක්‌වීම ඉතා ශුභය. එසේම මුදුන් යටලීය මූට්‌ටු කරන්නේ නම් එම මූට්‌ටු සංඛ්‍යාව දෙකෙන් බෙදෙන ගණනක්‌ විය යුතුය.

ශුභ පාද

එසේම නිවසේ දිග පළල අනුව මුදුන් යටලීයේ මූට්‌ටු ශුභ පාද මත තැබීමෙන් ද එම මූට්‌ටු මත කුරුපා නොතැබීමෙන් ද එම මූට්‌ටු බිත්ති මුළු මත නොතැබීමෙන් ද දොර ජනෙල් මතට එල්ල නොකිරීමෙන් ද මර්මස්‌ථාන මතට එල්ල නොකිරීමෙන් ද බ්‍රහ්ම පාදය මග හැරීමෙන් ද එම නිවසට සහ එහි වෙසෙන අයට ශූභ සිද්ධිය ඇතිවේ.

මුදුන් යටලීයේ කුරුපා

මුදුන් යටලීයට තබන කුරුපා සංඛ්‍යාව දෙකෙන් බෙදෙන ගණක්‌ විය යුතුය. එසේaම එම කුරුපා සියල්ලම එක හා සමාන දිග පළලකින් යුක්‌ත විය යුතුය.

ජනෙල් දොර උළුවහු

නිවසක මුදුන් බිත්තියේ මැදට හසුවන සේ මුදුන් යටලීයට පහළින් දොර ජනෙල් උළුවහු නොතැබිය යුතු බවට ද ඉසිවරු නීති පනවා ඇත. මෙහි පහත දැක්‌වෙන සටහන බලන්න.

බිත්ති යටලීය

වහල ගැසීමේදී බිත්තිය මතුපිට සමාන්තරව යොදන ලීය බිත්ති යටලීය වශයෙන් සැලකේ. බිත්ති යටලීවල ප්‍රමාණය 4,ඞ 3, හෝ 5,ඞ 4, වශයෙන් ගනු ලැබේ. බිත්ති යටලීවල මූට්‌ටු දොර ජනෙල් උළුවහු හෝ බ්‍රහ්මපාදය මතට එල්ල නොවිය යුතුය.

මැද යටලීය

මැද යටලීය සැලකෙන්නේ “අට්‌ටවාලය” වශයෙනි. මුදුන් යටලීයේ සිට බිත්ති යටලීය දක්‌වා එක දිගට පරාල දැමීමේ දී වහලයේ බර අනුව මැදින් යොදන ආධාරකය අට්‌ටාලය වේ. පරාල එක දිගට ගත නොහැකි අවස්‌ථාවල දී මේ මැද යටලීය යොදනු ලැබේ. මුදුන් යටලීය හා බිත්ති යටලීය අතර හරි මැදින් පරාල රැඳවීම සඳහා යොදන මැද යටලීයේ ප්‍රමාණයන් 3,ඞ 5, හෝ 4,ඞ 8, දක්‌වා වෙනස්‌ වේ.

මූල පරාල

වහල ගැසීමේදී එක්‌ පැත්තක කෙළවර අනෙක්‌ පැත්තට වෙන් කිරීම සඳහා ආධාරකය වශයෙන් මූල පරාල යොදා ගනු ලැබේ. මුදුන් යටලීයේ සිට බිත්ති යටලීය දක්‌වා යොදන මූල පරාල වහලේ කෙළවර බිත්ති මුල්ලට සම්බන්ධ වේ.

කානු පරාල

වහලක හැඩ වෙනස්‌වන ස්‌ථානවල වහලයේ ජලය බැස යැම සඳහා යොදන පීල්ලට ආධාරකයක්‌ වශයෙන් කාණු පරාල යොදනු ලැබේ. මේ කාණු පරාල යොදන විට ශුභ පාද ගැන තැකීමෙන් නිවෙස්‌ හිමියාට මානසික සහන ඇති වේ.

පරාල

වහලයක මුදුන් යටලීයේ සිට බිත්ති යටලීවලින් පිටත දක්‌වා යොදන පරාල වහලේ සෙවිල ද්‍රව්‍ය අනුව දිග පළල වෙනස්‌ වේ.

බාල්කය (තලාඳය)

වහලක්‌ තැනීමේ දී කුරුපා රැඳවීම සඳහා බිත්ති යටලී මට්‌ටමින් යොදන දැව ආධාරකය බාල්කය වශයෙන් සැලකේ. මේ බාල්ක අශුභ පාද මත හෝ දොර ජනෙල් උළුවහු මත රැඳවීම ඉතා අශූභය.

වඩිම්බු ලෑල්ල

වහලේ පරාලවල පහත කෙළවරවල් ජලයෙන් තෙත්වීම වළක්‌වා ගනු පිණිස පරාලවල පහත කෙළවරෙහි බිත්ති යටලීයට සමාන්තරව සවිකරන ලෑල්ල වඩිම්බු ලෑල්ල වශයෙන් හැඳින්වේ. වඩිම්බු ලෑල්ල සවි කිරීමෙන් නිවසේ වහලට අලංකාරයක්‌ද එකතුවේ.

කුඩා පියසි

නිවසේ වහල අලංකාර කරනු පිණිස කුඩා පියසි පිටට පන්නා වහල ගැසීමේ දී එම කුඩා පියසි අශුභ දිශාවන්ට හසුවීම නිසා අද අශුභ පාද මත පිහිටීම නිසා ද, දොර ජනෙල් මත පිහිටීම නිසා ද පියසි ගණන ඔත්තේ සංඛ්‍යාවක්‌වීම නිසා ද එම කුඩා පියසිවලට යටින් තනි කුරුපාවක්‌ සවි කිරීම නිසා ද ලෙඩ රෝග දුක්‌ කරදර මානසික අසහන ඇති වේ.

දෙලොව සැප

ඉසිවර න්‍යායන්ට ගරු කර තනනු ලබන වහල සහිත නිවසෙහි වසන අයත් එය තැනූ වඩුවාත් දෙලොව සැප ලබන බව ඉසිවරු කියති.

මානව සංහතිය

මානව සංහතියේ පැවැත්මට ප්‍රධාන ආධාරකය වූයේ නිවසය.

ඒ නිසා නිවසක්‌ තැනීමේදී ජ්‍යෙdතිෂ්‍ය විද්‍යාවේ සඳහන් වාස්‌තු විද්‍යා න්‍යාය ධර්මයන්ට ගරු කිරීමෙන් සැප ලැබෙන බව ඉසිවරු කියති.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here