[ratings]
ශ්‍රී පද්මප්‍රභාශූරී පඬිවරයා භාරතයේ විසූ සුප්‍රකට ජ්‍යෙdතිෂ් ශාස්‌ත්‍රඥවරයෙකි. එතුමා විසින් රචිත “භූවන දීපිකාව” නමැති ග්‍රන්ථයේ තත්කාල ශාස්‌ත්‍රය පිළිබඳව ඉතා වටිනා කරුණු රැසක් අඩංගු වේ.
මේ ලිපියට ඇතුළත් වන්නේ එම ග්‍රන්ථයෙන් උපුටා ගත් කරුණු කීපයකි. රැකියා ව්‍යාපාර කටයුතු පිළිබඳව තත්කාලයේ පැන විසඳුම් ලබා ගන්නා අයුරු මෙම ලිපියෙන් විග්‍රහ කර බලමු.
යම්කිසිවකු තත්කාලයෙන්, ශාස්‌ත්‍රයක් ඇසීමට පැමිණි වේලාවට, ජන්ම කේන්ද්‍රයක් සාදන ආකාරයට තත්කාල කේන්ද්‍රයක් සාදා ප්‍රශ්නයක් සාදා ප්‍රශ්නය විසඳීම එක ක්‍රමයකි.
තත්කාල ශාස්‌ත්‍රය ඇසීමට පැමිණි අයගෙන් 108 (එකසිය අටට) අඩු ගණනක් (අංකයක්) අසා එම ගණන 12න් (දොළසින්) බෙදා ඉතිරි වන අංකය අනුව මේෂ රාශියේ පටන් ලග්නය උදා කරගෙන තත්කාල කේන්ද්‍රය සාදා ප්‍රශ්නය විසඳීම අනික් ක්‍රමයයි. උදාහරණ – ප්‍රශ්නකරු 108 පහළ අංකයක් කී විට එය දොළහෙන් බෙදීමෙන් ලැබෙන ශේෂය 01 නම් උදා ලග්නය මේෂය වේ.
02 නම් උදා ලග්නය වෘෂභ යයි.
03 නම් මිථුනයයි.
04 නම් කටකයයි.
05 නම් සිංහයයි.
06 නම් කන්‍යාවයි.
07 නම් තුලාවයි.
08 නම් වෘශ්චිකයයි.
09 නම් ධනුවයි.
10 නම් මකරයයි.
11 නම් කුම්භයයි.
12 නම් මීනයයි.
මෙසේ තත්කාල ලග්නය උදා කරගෙන ග්‍රහයන් පිහිටුවා ගැනීම සුදුසුය.
ව්‍යාපාරය සාර්ථකද? යන් ප්‍රශ්නයකදී තත්කාල කේන්ද්‍රයේ එක, හතර, හත, දහය යන කේන්ද්‍ර ස්‌ථානවල හා පහ, නවය යන ත්‍රිකෝණ ස්‌ථානවල මෙන්ම අටවැන්නේ ද පාප ග්‍රහයන් නොසිට ශුභ ග්‍රහයෝ බලයෙන් යුක්‌තව සිටිත් නම් ව්‍යාපාරයෙන් ජය අත් වේ. ඒකාන්තයෙන්ම සාර්ථක වේ.
එමෙන්ම බලවත් ගුරු සහ සිකුරු සංයෝගව දෙවැන්නේ හෝ තුන්වැන්නේ සිටින්නේ නම් ඉක්‌මනින් සාර්ථක ප්‍රතිඵල ලැබේ.
දැනට කරන කටයුත්තෙන් ලාබ ලැබේද?
උදා තත්කාල ලග්නයෙන් තුන, පහ, හත, එකොළහ යන තැනක බලයෙන් යුක්‌තව සුබ ග්‍රහයෝ සිටිත්නම් ලාබ ලැබේ. පාප ග්‍රහයන් සිටිත් නම් පාඩු සිදුවේ.
ඉක්‌මනින් රක්‌ෂාවක් ලැබේද?
උදා ලග්නයේ හත් වැන්නේ හා දහ වැන්නේ සුබ ග්‍රහයෝ බලයෙන් යුක්‌තව සිටින්නේ නම් ප්‍රශ්නකරුට රක්‍ෂාවක් ලැබේ. පාප ග්‍රහයන් සිටින්නේ නම් රක්‍ෂාවක් නොලැබේ.
යහපතක් සිදුවේද?
උදා තත්කාල කේන්ද්‍රයේ කේන්ද්‍රස්‌ථානවල හා ත්‍රිකෝණස්‌ථානවල ශුභයෝ බලයෙන් යුක්‌තව සිටිද්දී අට වැන්නේ මෙන්ම කේන්ද්‍රස්‌ථාන පාපයන්ගෙන් තොරද ප්‍රශ්නකරුගේ අභිමතාර්ථයන් ඉෂ්ට වී යහපතක් සිදුවේ.
ඉහත කියන ලද ස්‌ථාන ශුභ අශුභ ග්‍රහයන්ගෙන් මිශ්‍රනම් ශුභ අශුභ පල මිශ්‍රව ලබාදෙයි.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here