වැඩිය කළු රාහුද? කේතු ද?

1694
රාහුද
රාහුද

මෙයට පෙර දිනකදී වඩාත් සුබ ගුරුද? සිකුරු ද යන්න පිළිබඳව සංසන්දනාත්මකව විග්‍රහ කළ නිසා අද අසුබ ග්‍රහයන් දෙදෙනකු සේ විශ්වාස කෙරෙන රාහු සහ කේතු දෙදෙනාගේ ගතිගුණ හා ස්‌වරූපයන් හා ඔවුන් නිසා සිදුවන අයහපත් ප්‍රතිඵලවලින් වඩාත් අසුබ ප්‍රතිඵල ලබා දෙන්නේ මේ දෙදෙනාගෙන් කුමන ග්‍රහයා ද යන්න විමර්ශනාත්මකව සලකා බලමු. පළමුව මේ දෙදෙනා හඳුනා ගැනීම වැදගත් ය. ජ්‍යෙdතිෂ විද්‍යාවේ මේ දෙදෙනා ජයග්‍රාහකයන් සේ සැලකේ. එනම් මේ දෙදෙනා ග්‍රහයන් දෙදෙනෙකු නොව සිතිවිලි මාත්‍රයක්‌ පමණි. ඒ නිසා ම මොවුන් ග්‍රහ මණ්‌ඩලයේ ග්‍රහයන් ලෙස නොව ජයග්‍රාහයන් සේ සැලකේ. අනෙක්‌ ග්‍රහයන් යම් යම් ලග්නවලට ලග්නාධිපතියන් වුවත් මේ දෙදෙනා කිසිදු විටෙක ලග්නාධිපතියන් සේ නොසැලකේ. එසේ වුවත් මේ දෙදෙනාටම අයත් මහා දසාවන් සහ අතුරු දසාවන් පවතී. මේ දෙදෙනාගේ හැඩරුව ද කදිමයි. රාහු සර්ප හිසක්‌ සහිත මිනිස්‌ කඳක්‌ ඇති ග්‍රහයෙකි. කේතු මිනිස්‌ හිසක්‌ සහ සර්ප ශරීරයක්‌ ඇති රූපයකි. ඒ අනුව මිනිස්‌ ශරීරයේ හිස සහ කඳ වෙන් කොට ඊට සර්පයකුගේ හිස සහ කඳ බද්ධ කොට තැනූ බද්ධ රූපයකි දෙදෙනාටම ඇත්තේ. දෙදෙනාගේ ස්‌වරූපය මෙන්ම ගතිගුණ ද සර්පයකු ට සමානය. නැතහොත් ඔවුන්ගෙන් හොඳක්‌ කිසිදා බලාපොරොත්තු විය නොහැක. සර්පයකුගෙන් අනතුරක්‌ මිස සෙතක්‌ නොවන්නා සේ අඩු වැඩි වශයෙන් මේ දෙදෙනාම මිනිසාට නපුරු නරක, අසුබ ප්‍රතිඵල ලබා දෙයි. නරකයන් දෙදෙනාගෙන් වඩාත් දුෂ්ඨයා කවරේද? යන්න සලකා බැලීම වැදගත් ය.

ලග්නාධිපතියන් නොවන්නා සේ ම මේ දෙදෙනා කිසිදා එකම රාශියකට නොපැමිණේ. අහස පොළොව ආසන්නයේදී හමුවුවත් රාහු කේතු ගඟක ඉවුරු දෙකක්‌ මෙන් කිසිදා හමු නොවේ. දුම්රිය හරස්‌ පාරක ඇති ගේට්‌ටු කණු දෙකක්‌ මෙන් දෙදෙනා දෙපස සිට එකිනෙකා දෙස බලා සිටී. මොවුන්ගේ ග්‍රහචාරයේ විශේෂත්වය වන්නේ සෑම විටම එකෙකුගෙන් සත්වැන්නේ අනෙකා ගෝචර වීමයි. උදාහරණ සේ රාහු ලග්නස්‌ථානයේ නම් කේතු විවාහස්‌ථානය හෙවත් හත්වැන්නේ සිටී. රාහු මාතාස්‌ථානයේ නම් කේතු කර්මස්‌ථානයේ ගෝචර වේ. මේ දෙදෙනා සදාකාලිකව එකිනෙකා හමුනොවන දෙදෙනෙකි.

පැරැණි සමාජයේ රාහු මහා බලවත් අයකු සේ සැලකූ බව පෙනේ. සූර්යග්‍රහණ සිදු වූ විට රාහු ඉර ගිලීම ලෙසත් චJද්‍රග්‍රහණ සිදු වූ විට රාහු සඳ ගිලීම ලෙසත් සැලකේ. බුද්ධ කාලීන සමාජයේ පවා රාහු අපල සිදුවීම සහ ඊට පිළියම් යෙදීම ගැනත් සඳහන් වේ. බුදුන් වහන්සේගේ පරිත්‍රාණ (පිරිත්) දේශනවලින් රාහු අපල සඳහා විශේෂ පිරිත් දේශනා කළ බව සඳහන් වේ. එක්‌තරා අවස්‌ථාවක රාහු විසින් සූර්යයාට කරදර කළ විට (සූර්යග්‍රහණයක්‌ විය හැක)

යො අන්ධකාරේ තමසී පහංකරෝ

වේරෝචනො මංඩලී උග්ගතේජෝ

මා රාහු ගිලී වරං අන්තලික්‌ෙ€

පජං මම රාහු පංCඳ්ච සූරියන්ති ලෙස සූරිය පිරිතේ සඳහන් වේ. ඉන් අදහස්‌ කරනුයේ

“යම් සූර්යයෙක්‌ ගණඳුරු දුරු කර එළිය කෙරේද, බබළන මඬුලු ඇත්තේද, මහා තේජස්‌ ඇත්තේද? එම්බල රාහු එසේ වූ අහස හැසිරෙන හිරු නොගිලව. එම්බා රාහු මගේ පුත්‍ර වූ සූර්යයා මුදව” ලෙස පැවසේ. එසේම චන්ද පරිත්තං (චJද්‍ර පිරිත) දේශනා කළේ ද චJද්‍රයාට රාහුගෙන් සිදු වූ අකටයුතුවලින් සිදු වූ හානිය වළක්‌වා ගැනීමටය. ඒ අනුව සූරිය පිරිත සහ චJද්‍ර පිරිත රාහු අපල සඳහා යොදාගත හැකි පිළියම් වේ.

මෙසේ හැඩරුව, ගතිගුණ චරිත ලක්‍ෂණ දැනගත් රාහු කේතු දෙදෙනාගෙන් දුෂ්ඨයා කවුද? දෙදෙනාම එක්‌වන් දුෂ්ඨයන් ද? සලකා බලමු. දෙදෙනාම කළු චරිත නිසා දෙදෙනාම එක සමානව කළු ද නැතහොත් දුෂ්ඨයන්ද? නැතහොත් දෙදෙනාගෙන් එකෙකු අනෙකාට වඩා කළුද? දුෂ්ඨද? දෙදෙනා අතුරින් එකෙකු තරමක්‌ හෝ අනෙකාට වඩා සුදුද? යහපත්ද? දැන ගැනීමට ඔවුන්ගේ දසා කාලයන් හිදී සිදුවන ඵලාපල මෙන්ම ඒ ඒ ස්‌ථානවලදී මේ දෙදෙනා දක්‌වන සුබ අසුබ පලාඵල සංසන්දනාත්මකව විග්‍රහ කළ යුතුය. දකුණු අතින් වදින පහර සහ වම් අතින් කෙනෙකුට වදින පහර මෙනි.

රාහුගේ මහා දසාව ලැබූවිට සිදුවන ප්‍රධානම ලක්‍ෂණය නම් ඒ දසාව ලැබූ පුද්ගලයාට එකතැන ඉන්නට නොහැකි වීමයි. නිවසේ ගමේ, උපන් ප්‍රදේශයේ සිටීමට නොදීමයි. එක තැනක සිටීමට නම් “ඇඳෙන් බසින්නට බැරි රෝගයක්‌ සෑදීම සිදුවිය යුතුය. දිගු පාද ඇති රාහුගේ ස්‌වරූපය ද ඊටම සරිලන එකකි. අරමුණක්‌ නොමැතිව ඇවිදීම. රැකියා ස්‌ථාන මාරුවීම් හේතුවක්‌ ඇතිව හෝ නොමැතිව පදිංචිය මාරු කිරීමට සිදුවීම අධ්‍යාපනය කඩාකප්පල් වීම ආදි නොයෙකුත් දුෂ්ඨ ක්‍රියා මේ කාලයේදී රාහු සිදු කරයි.

කේතු මහ දසා කාලයේදී ද සිදුවන්නේ මෙයට සමාන කටයුතුය. එනම් ලෙඩ රෝග සෑදීම, සුව නොවන දද කුෂ්ඨ සෑදීම, උදරයේ අජීර්ණ රෝගාබාධ හෝ අභ්‍යන්තර තුවාල වැඩිවීම වැනි අසුබ ප්‍රතිඵල උදා වේ. එහෙත් රාහුට වඩා කේතුගේ මහත්මා ගතියක්‌ ඇත. බ්‍රහස්‌පති සුරගුරු වූවාක්‌ මෙන් කේතු අසුරයන්ගේ ගුරුවරයා හෙවත් අසුරගුරුය. එනිසා අධ්‍යාපනයට කේතු උපකාරි වේ. අධ්‍යාපනය කඩාකප්පල් වීමට නොදේ. උසස්‌ අධ්‍යාපනය ලබන කාලයේ කේතු මහ දසාව ඇත්නම් නොවරදවාම උසස්‌ සාමාර්ථයන් ලබා දේ. එසේම කේතු මහ දසා කාලයේදී වෙනදාට වඩා රස ආහාර හා පාන වලට ලොල්වීමක්‌ පෙන්වයි. ඒ නිසාම ගම්බද ප්‍රදේශවල වැඩිපුර ආහාරපාන ලබාගන්නා අයට කෙහෙතා යන අන්වර්ථ නාමය පටබඳී. කොතරම් ආහාර ලබා ගත්තද කුසගිනි නොනිවෙන අතර ආහාර නිසාම අජීර්ණ රෝග සාදයි.

ජන්ම පත්‍රයේ ඒ ඒ කොටුවේදී මේ දෙදෙනාගෙන් ලැබෙන පලාඵල පහත වගුවෙන් සසඳමු

මෙසේ මෙම ග්‍රහයන් දෙදෙනාගේ අසුබ පලාඵල දැකිය හැකිය. එලෙසින්ම ඔවුන්ගේ දසාවලදී ඇති කරන අසුබ ප්‍රතිඵල ද දැකිය හැක.

රාහු මහ දසාව (- ඉබාගාතේ ඇවිදීම, කිට්‌ටුම ඥාතිවරයකුගේ මරණය සිදුවීම, අධ්‍යාපනය කඩාකප්පල් වීම, විවාහයත් කඩාකප්පල් වීම හෝ විවාහ ප්‍රමාදය.

කේතු මහ දසාව (- අපිරිසිදු බව, පාදවල සුව නොවන රෝග ඇතිවීම, ධන හානි වීම, සමාජයෙන් කොන්වීම, අධ්‍යාපනයෙන් උසස්‌ ජගය්‍රහණ ලැබීම.

මේ ග්‍රහ අපල සඳහා යෙදිය යුතු පිළියම්

රාහු

ශිව දෙවියන්ගේ පිහිට පැතීම.

යකඩ ආභරණ පැළඳීම.

ගෝමේද මැණික්‌ පැළඳීම.

නාගර්ජුන යන්ත්‍රය පැළඳීම.

වැටකේ මල් පූජාව

කඩල දන්දීම

කේතු

විෂ්ණු දෙවියන්ගේ පිහිට පැතීම.

යකඩ ආභරණ පැළඳීම

වෛරෝඩි මැණික්‌ පැළඳීම

විෂ්ණු ආඝෝර යන්ත්‍රය පැළඳීම.

පුවක්‌ මල් සහ සුදුÊඅරලිය මල් පූජාව.

කෙසෙල් පැළයකට සාත්තු කිරීම.

We found this article from Divaina on 2012/07/06.
Also Sinhala to English Google word to word translation can be found here