[ratings]
මිනිසා තිරිසනාගෙන් වෙනස් වන්නේත් උසස් වන්නේත් මනුෂ්‍ය ඥනයේ ඇති තීක්ෂණකම නිසාය. එබැවින් ඥනය වර්ධනය කරගත් තැනැත්තා ඇවිදින පුස්තකාලයක් වැනිය. බුද්ධිය ක්‍රියා කිරීමට හොඳ ස්නායු පද්ධතියක් අවශ්‍යය. නමුත් අද අප අතර බුද්ධිය, ඥනය හීනවී ඇති අයද බොහෝය. එනිසා අධ්‍යාපන ක්ෂේත්රයට ධාරණය, ඥනය, නුවණ පහලවීමට සරසවියගේ බැල්ම අපට උපකාර වන බව ඉපැරැණි ඉසිවරු සෘෂිවරු කියා ඇත. ඒ නිසා තමයි පෙර කළ තක්ෂලාවේදී අකුරු කිරීමට පෙර ප්‍රථමයෙන්ම සරස්වතී පූජා පැවැත්වීම, යන්ත්‍ර, තෙල්, බෙහෙත්, කල්ක, අඳුන්, සකසා සරස්වතී දේවිය බන්ධන කර ඒවා ඉන, ගෙල, අත, පළ¹ එහි බලයෙන් ලොව දස දෙස පතල පඬිවරුන්, නැනවතුන් වන්නේ.
පෙර කල අප රටේ විසූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණෝද ඉන් එක පඬිරුවනකි. උන්වහන්සේ කව්සේකර මහාකාව්යයෙත් උලකුඩය දේවිය සරස්වතිය හා සමාන කොට දක්වා ඇත. එම උපහාරය මෙසේය.
නැණින් සරසවිZ ඉත – මෙකතට ගුණ බරණ යුත
පෙනුණ බිඹු කැට පත – මිසක් සරිවනු ලොව කවර ඇත
මෙම පහත කාව්‍යයෙන් සරසවිය හා උලකුඩය දේවිය සරසවිය හා සමාන කොට දැක්වූද, සැළලිහිණි සංදේශයේ ශ්‍රී කාන්තාවත් සරස්වතියත් සමාන කොට ඇත. උන්වහන්සේ ගේ එම සම්භාවනාව මෙසේය.
සිරි සඳවන් සව් සිරි දියුණුව රඳන
සිතුමිණ වන් යෑදි දනහට දනින් දෙන
සරසවි වන් නුවණින් පහළව පෙනෙන
නව සඳවන් ලෙව් වැසි අදරින් වදන
කීර්තිමත් කවීන් හා සම තක්ෂයෙහිලා සැලකෙන සංස්කෘත සාහිත්‍යයෙහි කාලිදාස භාරවි තොමෝ
උපමා කාලි දාසස්ය භාරවරර්ථ ගෞරවම්
දණඩිනඃ පෑ ලාලිත්යම් මාඝෙ සත්ති ත්රයෝගුනඃZ
මේ ආදී වශයෙන් අභිවාදනය පාත්රවූ මාඝ කවීන්
විසින්ද සබහුමාන භක්ති ප්‍රණාමයෙන් සඳහන් කරන නාරද මහර්ෂීන්ගේ මුව මඬලද සරසවියගේ වාසභවනෙකැයි පවසන සමහරෙක් සර්ව මංගලා වාග් දේවි යන නාමයෙන් ඇය පුදා ඇයගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරති.
ශ්‍රී නාරද මුනි ශාදි මුඛ සංකජ වාසීනී
සාරදා කීලවාග් දේවී පාතුව· සර්ව මංගලා
සිරි නාරද මුනිවැන්නන් – මුව පියුමෙහි වැඩ වසනා
සරු සුමගුල් සැමට සදන – සරසවි තොප සුරකීවා?
මෙවන් කරුණු කාරණා අප සිතට ගතහොත් අධ්‍යාපන ක්ෂේත්රයෙහි ධාරණය ඇතිවීමට, ඥණය, නුවණ පහලවීමට සරසවියගේ බැල්ම අපට උපකාර වන බව දත යුතුයි. එදා තක්ෂලාවේදී මෙන්ම අදත් අකුරු කිරීමේදී මුලින්ම සරසවිය පිදීම ඉපැරැණි චාරිත්රයකි. එනිසා සරසවිය ගේ ගුණ වර්ණනාවන් බොහෝය.
ඡන්දොaලංකාර ශාස්ත්‍රයන්හි හා පාලි භාෂාමය පද්යා රචනාවෙහිද අනපම ප්‍රතිභා ශක්තියක් විදහා දක්වන එක ශ්රැතියෙන් නෛක ග්රන්ථ සත සහශ්‍රයෙන් ධාරණයෙහි වඡ්ර ප්‍රඥ ඇති ශ්‍රී සංඝරක්ෂිත මාහිමියන් වනාහි බුදුරදුන්ගේ මුව පියුමෙන් පහළවූ සියලු සතුනට පිහිටවන සොඳුරු සරසවිය මගේ සිත පිනවාවායි පතන්නේ මේ ලෙසින්ය.
මුනින්ද වදනම් භෝජ සම්භව සුන්දරී
සරණං පාණි නං වාණි මයිහං පීත යතං මතා
සකු කවියකු සරසවිය මෙසේ වර්ණනා කොට ඇත.
තවකර කමලස්ථා ස්පාටිකි මක්ෂ මාලාං
නඛ කිරණ විභින්නාං දාඩිමි බීජ බුද්ද්රHd
ප්රතිකල මනු කර්ෂත් යෙත කීරො නිෂිද්ධඃ
සභවතු මම භූ ෙෙත්ය වාණි තෙ මන්ද හාසංඃ
මෙහි අදහස මෙසේය. සරසවියගේ එක් අතක පළිඟු මැණිකෙන් කරන ලද අක්ෂ මාලාවකි. (ජපමාලාවකි) ඇයගේ නිය රැස් වැදී එම පළිඟු මාලයෙහි ඇට මද රත් පැහැයෙන් බබලයි. එවිට ඇයගේ අනික් අතෙහි සිටින ගිරවා ඒවා දෙළුම් ඇට කියා රැවටී හොටයෙන් අදියි. ගිරවා රැවටෙන හැටි දැක සරසවියට සිනා පහළවෙයි. එයින් ගිරවා තමන් රැවටුනු බව වැටහී ඇදීම නවත්වයි.
මෙම සිද්ධියේදී ඇතිවූ සරසවියගේ මඳ සිනාව තමන්ගේ යස ඉසුරු වැŽමට උපයෝගී වන බව පවසයි.
ගිරා සඳෙස් කරු මෙසේ පවසා ඇත.
ලද යම් කෙනෙක් සරසවි බැලූ මසක් නිසී
කොතරම් වුවත් මුලු ලොව කෙරෙති අත වැසී
යමකෙ= සරසවියගේ මඳ බැල්මක් හෝ ලබත් නම් ඔහු මුළු ලොව යටත් කර ගැනීමේ සමතකු වන බවයි.
මෙනිසා අපේ පිංබර දූ දරුවනි. දැරියනි ඔබ පාසල් අවධියේ සිට මෙතෙක් ඔබ ගේ හිස තුළ ගබඩා කරගත් බුද්ධියේ, ඥානයේ දැනුමේ දොරගුළු විවෘත කරන දිනයන් 2011.08.08 වැනි දින සිට උදාවෙයි. එයින් ජය ලබා රටට දැයට වැඩදායක පඬිරුවනක් වෙන්න. ඉන් පසු ඔබට ඒ ගුප්ත මහා වාසල තුළින් අනාගත ලෝකය කියන සුන්දර විමන හමුවේ. එය ඔබගේ දෙවෙනි පන වේ.
දුකට මුල් හේතුව
ඉගෙනීම නැති බව වේ·
එහෙයින් ඉගෙනුමට
ලැබේ· මුල් තැන පන දෙවන්නට
මේ නිසා ඉපැරැණි පුස්කොළ පතකින් උපුටාගත් මෙම සරස්වතී දැහැන් හතෙන් රන් තැඹිලි තෙල්, හෝ හඳුන් තෙල් මතුරා උදේ සවස කියවා පාඩමට මතකයට දිව අත ගා නලලත තිලක තබා විභාගයට ලියා මතකය අමතක අවධිකොට පිළිතුරු සපයා ජයගෙන ලොව පතල පඬිරුවනක් වේවායි නැකත අතිරේකයේ සියලුම කාර්ය මණ්ඩලය හා ලේඛකයින් ඔබ ට ආශීර්වාද කරමි.
සරස්වතී දැහැන් හත
ඕං නමෝ ගොපළු මහ රඡ්ජුරුවන් වහන්සේ උගත් විඡ්ජාව දහසක් රුසිවරයින්ඩ පාඩම් නැත කී තැනේදී උන්වහන්සේගේ අතේ තිබුණ පේරැස් මුදු හිරුව නේරංජනා ගංගාවට දමා එදා විඡ්ජාව පාඩම් කළ ආඥාවෙන් ආනුභාවයෙන් අදත් මට විඡ්ජාව පාඩම් වේවා.
ඕං භගවන්තා අයියානේ කෛ අධික්කෝන් ත්රිබ්රවනේ සරස්වතී දාරන් ඕං ශ්‍රියා කාන්තාදේවී මහී කාන්තා දේවී ඝණපති කීසක් අගුළු ඇරී ආවේසු ආවේසු පුලේ ධාරණේ ස්වඃ ඕං ශ්‍රී මුඛ තුළ දාරනේස්වඃ ඕං ශ්‍රී දොරනේ ස්වඃ ඕං ශ්‍රී මුඛ දාරනේ ස්වඃ ඕ සුරගුරු දාරනේ ස්වඃ…
(මෙයින් 108 වරක් තෙල් මතුරා ගන්න)
තවද සිරිකත ඇති තැන සරසවි නොවෙසන බවත් සරසවි සිටින තැනට සිරිකත නොඑළඹෙන බවද පවසා ඇත.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here