විභාග අවුල් කළ රාහු කාලය

0
725
විභාග
විභාග

අ. පො. ස උසස්‌ පෙළ විභාගයේ ඉසඩ් අගය පිළිබඳ ගැටලුව අධිකරණ තීන්දුවක්‌ ලබා ගැනීම දක්‌වා දුර ගියේය. එම ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳුණු බවක්‌ තවම නොපෙනේ. මේ පසුගිය වසරේ උසස්‌ පෙළ විභාගය සම්බන්ධව ඇති වූ ගැටලුවක්‌ පමණි.

පසුගිය වසර කිහිපයකම සාමාන්‍ය පෙළ හා උසස්‌ පෙළ විභාග පවත්වන අතරතුර විවිධ ගැටලු, පැටලිලි ඇති වූ ආකාරය නොයෙකුත් ජනමාධ්‍යයන් ඔස්‌සේ ප්‍රචාරය වූ බැවින් ඒ ගැන ගුරු දෙගුරුන් මෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද හොඳින් දනී.

එක්‌ අවස්‌ථාවක ප්‍රශ්න පත්‍ර මාරුවී සවසට දිය යුතු ප්‍රශ්න පත්‍රය උදේට බෙදා හැර තිබිණි. තවත් විටෙක උත්තර පත්‍ර පරීක්‍ෂා කිරීම අදාළ ගුරුභවතුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදී. වසර ගණනාවක ප්‍රයත්නය මල්පල දරන කඩ ඉමක්‌ බඳු මෙම විභාග ප්‍රථිඵල පිළිබඳව දහස්‌ ගණනක්‌ ශිෂ්‍යයන් හා මව්පියන්ද ගුරු භවතුන්ද බලා සිටින අතර මෙවැනි පැටලිලි ඇතිවීම අවාසනාවකි.

මෙම නිතර නිතර උදාවන ගැටලුවලට කලමනාකරණ දුර්වලතා හේතුවන බවටද සැකයක්‌ නොමැත. මෙම ලිපියේ අරමුණ මේ සඳහා ජ්‍යෙdaතිර් විද්‍යාත්මක පසුබිමක්‌ තිබේද යන්න විමසා බැලීමයි.

සෑම වසරකම සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මාසයේද උසස්‌ පෙළ විභාගය අගෝස්‌තු මාසයේදී පවත්වනු ලැබේ. බොහෝ කලක සිට මෙම විභාග දෙකම ආරම්භ වන්නේ සඳුදා දිනක උදේ 8.00 වන විටය. මෙදින උදේ 7.30 සිට 9.00 දක්‌වා රාහු කාලය පවතී.

සඳුදා දිනය උදාවන්නේද පාන්දර 4.30 – 6.00 අතර රාහු කාලයෙනි. නැවත උදේ 7.00 සිට දුකට අධිපති සෙනසුරු හෝරාව උදාවේ. එම හෝරාව පවතිද්දීම 7.30 ට රාහු කාලයද උදාවී උදේ 9.00 දක්‌වා පවතී.

රාහු කාලය කිසිම සුබ වැඩකට සුදුසු නැති බව සාමාන්‍ය ලිත්, දිනපතා පුවත්පත් හා රූපවාහිනී වැඩසටහන් වල ද ප්‍රචාරය කෙරේ. එහෙත් රාහු කාලය “කිසිම සුබ වැඩකට” සුදුසු නැති බවත් අපි අනුමත නොකරමු.

එසේ නමුදු බ්‍රහස්‌පතිට අයත් සියළු කටයුතුවලට රාහු කාලය ඉතා අශූ වේ. එබැවින් බ්‍රහස්‌පතිට හිමි ශිෂ්‍යයන් ගුරුවරුන් හා අධ්‍යාපනයට අයත් කටයුතු රාහු කාලය තුළ ඇරඹීම ඉතා අශූභ වන්නේය.

සඳුදා උදේ 8.00 ට විභාගය ආරම්භ වන විට ශිෂ්‍ය ශිෂ්‍යාවන් නිවසින් පිටත් වීම, ප්‍රශ්න පත්‍ර බෙදාදීම, විභාගය ආරම්භ වීම ආදී වැදගත් සියල්ල අශූභ ශනි හෝරාවෙන් හෝ රාහු කාලයේ ආරම්භ වීම වැලැක්‌වීමට නොහැකිය.

මෙම කරුණ පිළිබඳව ‘දිවයින’ නැකත අතිරේකය මගින් මීට පෙරද අනාවරණය කළෙමු. වගකිවයුත්තන්ට ලිතවද දැන්වීමු. එහෙත් මෙතරම් අවුලක්‌ ඇති වූ පසුගිය වරද විභාගය ආරම්භ කළේ රාහු කාලයෙනි.

මෙම කරුණ සැලකිල්ලට ගෙන සාමාන්‍ය පෙළ හා උසස්‌ පෙළ විභාග මින් ඉදිරියට හෝ ආරම්භ කරන පලමු වන දිනය සඳුදා උදේ 8.00 නොවීමට කටයුතු කරන මෙන් වගකිවයුතු අංශවලට කාරුණිකව දන්වමු.

We found this article from Divaina on 2012/07/06.
Also Sinhala to English Google word to word translation can be found here