විභාග ජයට බුද්ධ මන්ත්‍රයක්‌

2808
විභාග
විභාග

බුද්ධි වර්ධනය බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අපේක්‍ෂාවකි. විභාග සමාර්ථවීමට බුද්ධිය අත්‍යවශ්‍යය. ඥාණය යනුද එයටම තවත් නමකි.

ඥාණය හෙවත් බුද්ධිමත් බව වර්ධනය කර ගැනීමට අපේක්‌ෂා කරන අය ඒ සඳහා බුද්ධ ඥාණයට වන්දනා කිරීම නොවරදින ක්‍රමයකි. බුද්ධ වන්දනාව සඳහා නිවසේ සුදුසු ස්‌ථානයක්‌ පිළියෙල කරගත යුතුය. මේ පිළිබඳව පසුගිය “නැකත” අතිරේකයෙන්ද විස්‌තර කර ඇත. කරුණාකර එයද කියවා බලන්න. ඒ අනුව බද්ධ වන්දනාවට ස්‌ථානයක්‌ සකසා ගන්න.

අධ්‍යාපන කටයුතු සඳහා වෙහෙසෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බුද්ධ වන්දනාව උදේ දවස ආරම්භයේම කළ හැකිය. එය වඩාත් සුදුසු වේලාවයි. සවස නින්දට පෙරද කිරීම මැනවි.

පහන් ආලෝක පූජාවෙන් ඥනාලෝකය ලැබේ. ඒ නිසා මල් පහන් සහිත බුද්ධ පූජාවක්‌ කරන්න. පන්සිල් සමාදන් වන්න. තෙරුවන් නමදින්න. ඉන්පසුව බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ වූ ඥනය ගැන විස්‌තර කෙරෙන පහත සඳහන් පාඨය කියවන්න. මෙම බුද්ධ ඥනය ගැන හැකිනම් ඉගෙන ගන්න. මෙම ලිපිය බොහෝ දීර්ඝ විය හැකි නිසා ගාථා පාඨය පමණක්‌ දක්‌වමු.

දුක්‌ඛේ ඥාණං බුද්ධ ඥාණං

දුක්‌ඛේ සමුදයේ ඥාණං බුද්ධ ඥාණං

දුක්‌ඛ නිරෝධෙ ඥාණං බුද්ධ ඥාණං

දුක්‌ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥාණං බුද්ධ ඥාණං

අත්ථපටිසම්භිදේ ඥාණං බුද්ධ ඥාණං

ධම්ම පටිසම්භිදේ ඥාණං බුද්ධ ඥාණං

නිරුක්‌ති පටිසම්භිදේ ඥාණං බුද්ධ ඥාණං

පටිභාන පටිසම්භිදේ ඥාණං බුද්ධ ඥාණං

ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥාණං බුද්ධ ඥාණං

ආසයානුසසේ ඥාණං බුද්ධ ඥාණං

යමක පටිහාරියේ ඥාණං බුද්ධ ඥාණං

මහා කරුණා සමාපත්තියා ඥාණං බුද්ධ ඥාණං

සබ්බඤ්Cදුත ඥාණං බුද්ධ ඥාණං

අනාවරන ඥාණං බුද්ධ ඥාණං

ඉමේහි බුද්ධ ඥාණේනි සමන්නාගතං සම්මා සම්බුද්ධං තං සිරසා නමාමී.

අනන්ත බුදු ගුණ බලයෙන් ඔබට ඥාණාලෝකය පහළවේවායි අපිද ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.

We found this article from Divaina on 2013/07/07.
Also Sinhala to English Google word to word translation can be found here