විවාහයෙන් පසු ඔබට වාසනාව ගෙනෙන ඇය

2536
විවාහයෙන්
විවාහයෙන්

විවාහය කෙනකුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස්‌ කරන ප්‍රබලම සාධකයයි. සෑම පුද්ගලයකුගේම පැතුම විවාහ වී දූ දරුවන් හදාවඩාගෙන ගේදොර යාන වාහන ඇතිව හොඳ ජීවිතයක්‌ ගත කිරීමය. ඒත් සමහර විට විවාහය පුරුෂයකු මහමගට ඇදදමන්නටත් තවකෙකු රජකු තරම් බලවත් කරන්නටත් හැකියි.

විවාහය මගින් ඔහුම දරුණු පුද්ගලයකු හොඳ දැහැමි අයකු කරන්නටත් අධම ගති ඇත්තකු කරන්නටත් ලැබෙන සහකාරියගේ කේන්ද්‍රයේ පවතින බලය ගොනුවනු ඇත. යහපත් ග්‍රහ පිහිටුම් ඇති ස්‌ත්‍රිය නිසා පුරුෂයාගේ අපල දුරුව නිවසට සිරිකත කැන්දනු ඇත.

යම් ස්‌ත්‍රියකගේ කේන්ද්‍රයේ නවාංශකයේ හත්වැන්නේ ගුරු සඳු යෝග වී ඇත්ද එම ස්‌ත්‍රි තමෝ ඉතාම භාග්‍යවන්තය. මකර නවාංශකය වී මෙම යෝගය උදාවීම ඇය පතිදම් රකින සැමියාට දෙවියෝම ලෙස සලකන උතුම් කුල කතක්‌වේ.

ගුරු සඳු බලවත්ව නවාංශකයේ දෙවැන්නේ සිටියේ නම් ඇය නිසා නිවසට ධන සම්පත් නිතතින්ම ගලාඑති. මෙවැනි ස්‌ත්‍රියක ලද විට “බැන්දට පස්‌සේ මිනිහට හරිගියා” කියා කියනු අසන්නට ලැබේ. මෙම ගුරු සඳුÊයෝගය කේන්ද්‍රයේ දසවැන්නේ යෙදුන කල සිය සැමියා රැකියාවෙන් ඉහළටම යනු ඇත. ඔහු ව්‍යාපාරයක යෙදී සිටීනම් එයද දියුණුවට පත්වන්නේය. නවාංශකයේa හතාධිපතියා අයස්‌ථාන ගතව සිටීම අයමාර්ග වැඩි දියුණු වීමටත් එකොළොස්‌වැන්න තුළවීම ස්‌වාමියාට මිතුරකු ලෙස සැමදා ළඟ හිඳිනු ඇත.

එසේම හත්වැන්න සුබ රාශියෙක්‌ වීමද වාසනාවන්ත පිහිටීමකි. සුභ ග්‍රහයකු හතේ හෝ හත දැකීම ඉතාම යහපත්ය. ස්‌ත්‍රී කේන්ද්‍රයේ හත්වැන්න සිංහයවි ශුභයකුගේ දෘෂ්ටියක්‌ ලැබීම ඇය පතිදම් රකින උතුම් වාසනාවන්තියකි. යම් හෙයකින් හත්වැන්නාට ගුරුගේ දෘෂ්ටි ලැබ හතාධිපති එකොළහේ වීනම්. ඇය ධන සම්භාරයක හිමිකාරියක්‌ වන්නීය.

ස්‌ත්‍රී කේන්ද්‍රයේ ගුරු සිකුරු දෙදෙනාගෙන් අයකු ලග්නය දැක සිටියදී බුධහු උච්චව හතේත් කුජ මකරයෙත් සඳු කටකයෙත් සිටි කල මාතා රූප සොබාවකින් යුතු ඉතා ගුණවත් රජ බිසවක්‌ හා සම්මත මේ කාලයේ හැටියට ජනනායකයකුගේ බිරිඳක්‌ වීමට සැප සම්පත් ලැබීමට හේතුවේ. ඇය හා විවාහ වන පුරුෂයාද සැමදා සතුටින් ජීවිතය ගත කරනු ඇත.

ස්‌ත්‍රී කේන්ද්‍රයක වැදගත්ම පිහිටීම නම් සඳු කේන්ද්‍ර ගතව ලග්න ස්‌ථානයේ පිහිටීමයි. මෙම පිහිටීම ඇති කල ජන්ම ලාභය ලද ඇය ඉතාම පියකරුය වටකුරු මුහුණ සහ පිරිපුන් දෙපා ලක්‌ෂණවලින් යුක්‌ත වන්නාහ. සංගීත කලා චිත්‍ර ශිල්ප වලදී ඉතා ඉහළින්ම සිටී. මෙම පිහිටීම ඇති ස්‌ත්‍රීන්ගේ වඩාත්ම ප්‍රබල ලක්‌ෂණය වන්නේ අසම සම දැඩි ස්‌වාමි භක්‌තියයි. එම නිසා එවන් ස්‌ත්‍රියක්‌ ලබන පුරුෂයා වාසනාවන්ත සැපවත් සමාජයේ බබලන පුද්ගලයකු වනු ඇත.

පස්‌වැන්න අධිපති එකොළොස්‌ වැන්නට ගියේ නම් ඇය ඉතා සුහද ලීලාවෙන් සැම අයකුම ආශ්‍රය කරයි. කා සමගත් සුහදශීලීව කතා බහ කරයි. සඳු දෙවැන්න තුළ සිකුරු සමග හෝ ඔහුන්ගේ යම් බලපෑමක්‌ වේ නම් ප්‍රිය වචන තෙපලන මිහිරි හඬක්‌ හිමිකාරියකි. සඳු උච්චනම් අසහනයට පත්වන සිය සැමියාට සිය මතය සකසා ගැනීමට උපකාරී වන බවක්‌ වැනිය. ඔහුගේ සිතේ සියලු වේදනා මග හරිනු ඇත. මෙම යෝගය යෙදී ඇති ස්‌ත්‍රීන් විවාහ කර ගැනීම ඔහුට සිළුමිණක්‌ ලැබීමකි.

හතර වැන්නේ සුභයකු උච්චවී සඳු ශුභ රාශියක වීද ඇය ඉතා ඉවසිලිවන්ත ළඳකි. කවර කටුක වදනක්‌ ඇසුනත් දරාගනී. කොතරම් ඇනුම් බැනුම් ලද්දත් ගල් කුලක්‌ මෙන් නොසැලී සිටී. ඇගේ මෙම ගුණය සිය සැමියාගේ ආදරය තව වැඩිවීමට හේතුයි. ඇය දුගීව උපතත් සතුටින් කල් ගෙවයි.

ගුරු උච්චව හතේ සිටියදී උපන්නිය ක්‍රියාවෙන් හා වස්‌තුවෙන් සතුටට පත්වන්නා වූ ස්‌වාමියාට කීකරු යහපත් තැනැත්තියක්‌ වන අතර ඇගේ ස්‌වාමියාද එසේම ධාර්මික ගුණවත් අයකු වෙති.

උචච් සිකුරු හතේ සිටියදී උපන් තැනැත්ති නැටුම් සංගීත ආදියට ප්‍රියවූ යහපත් පෙනීමෙන් යුතු ස්‌වාමියා සතුටින් තබන තැනැත්තියක්‌ වෙති.

පස්‌වැන්නාධිපති හත්වැන්නේද හත්වැන්නාධිපති පස්‌වැන්නේ පරිවර්තන වීම මිතුරුදමක්‌ මත විවාහ වන ඇය ස්‌වාමියාගේ ධනය වර්ධනය කරයි. වාසනාවන්ත දරුවන් ලබයි. මෙම යෝගය වාසනාවන්ත දරුවන් ලැබීමටද හේතුවේ. මෙම යෝගය සහිතවූ ළඳක්‌ ගැබ්ගත් කල්හි සිය සැමියාට ධන සම්පත සියල්ල නිරායාසයෙන්ම ලබාදීමට සමත් වේ.

මේ පිළිබඳව පරීක්‌ෂා කිරීමට මෙම කාන්තාවගේ ජන්ම සටහන උපකාරී වනු ඇත. මැයගේ මෙම පිහිටීම සිය සැමියාට ධනය බලය, ප්‍රභූ ඇසුර සහ සහයෝගය ලැබීමට තරම් බලවත් ලෙස බලපා ඇත.

We found this article from Divaina on 2013/03/08.
Also Sinhala to English Google word to word translation can be found here