විවාහය ගැන තොරතුරු කියන විවාහ රේඛාව පසුගිය කලාපයෙන් විස්තර කළා ඔබට මතක ඇති. මෙවරත් අපි අදහස් කරන්නේ ඒ පිළිබඳව ඔබව තවත් දැනුවත් කරන්නයි. විවාහය පිළිබඳ අත්ලේ සටහන් වෙන විවිධ පිහිටීම් ගැනයි අද විස්තර කරන්නේ. ඒනිසා පළමුවෙන්ම මේ සමග පළවෙන අත් සටහන 1 දෙස බලන්න.
විවාහ රේඛාවේ කෙලවර හෘදය රේඛාව දෙසට බෑවුම් වුයේ නම් 1 සහකාරයාගේ හෝ සහකාරියගේ වෙන් වීමක් හෝ මරණයක් පෙන්නුම් කෙරේ. අග බෙදුණු කරුවක් මෙන් පිහිටි විවාහ රේඛාවද මොනම හේතුවක් නිසා හෝ අඹු සැමි වෙන්වීම හෙළි කරන්නකි. නමුත් වෙන් වීමට හේතුව ස්වාමි පුරුෂයා රැකියාවට හෝ ව්‍යාපාරයක් සඳහා ඈත ප්‍රදේශයක හෝ රටක වුයේ නම් ප්‍රශ්න පැන නොනගී. නමුත් එකට ජීවත්වීමේදී සාමය නැති වූ නිසාම හෝ ප්‍රේමයේ පළුදුවීමක් නිසා නම් දික්කසාදයකට ඇති ඉඩකඩ බලවත් වේ. විවාහ රේඛාව අග 2 උඩින් සමාන්තරව ඇති කෙටි රේඛාවකින් පෙන්නුම් කරන්නේ විවාහයට පසු ඇතිකර ගන්නාවූ ප්‍රේම සම්බන්ධතාවකි. මෙයි ස්ථීර අනියම් සම්බන්ධතාවක් විය හැක. විවාහ රේඛාවේ පහළ යටින් 3 සමාන්තරව ඇති කෙටි රේඛාවකින් පෙන්නුම් කරන්නේ විවාහයට පෙර ඇති කර ගත් සම්බන්ධතාවක් තවදුරටත් පවත්වාගෙන යන බවය. මෙම අවස්ථා දෙකේදීම රේඛා පැහැදිලිව පෙන්නුම් කරන්නේ නම් සම්බන්ධතා ශක්තිමත් වෙයි. නමුත් එම අයගේ අධිෂ්ඨාන ශක්තිය මත ප්‍රතිඵල වෙනස් විය හැක. එවිට වෙන් වීමේ සලකුණු නොපෙනී යනු ඇත. විවාහ රේඛාව හෘදය රේඛාවට ළංව පිහිටීම 4 ඉක්මන් විවාහයකට හේතුවක් ලෙස සැලකේ. තවද එම රේඛාව හෘදය රේඛාවට ළංව පිහිටීමෙන් ආදරයට වඩා දායාදවලට කැමැත්තෙන්ද විවාහය සිදුවෙයි. විවාහ රේඛාව දෙකඩ වී ඇති නම් විවාහ ජීවිතයේ හදිසි බිඳ වැටීමක් පෙන්නුම් කරයි. විවාහ රේඛාවේ මුල්කොටසේ දූපත් සලකුණක් ඇති වී නම් 5 විවාහයට පෙර නොමනා හැසිරීම්වල යෙදුණ බව ප්‍රකට වෙයි. නැතිනම් සැමියාගේ පෙර පැවැති නොමනා හැසිරීම් නිසා ප්‍රශ්න මතු වී වෙන්නට සිදුවේ.
දැන් ඔබේ අවධානය යොමු කරන්න මේ සමග පළවෙන දෙවෙනි රූප සටහන දෙසට. මනාව පැහැදිලිව ඇති දෛව රේඛාවට 1 චන්ද්‍ර මණ්ඩලයේ සිට ඇදී එන ප්‍රබල රේඛාවක් සම්බන්ධ වී ඇති නම් එසේ සම්බන්ධ වන දෛව රේඛාවට අදාළ වයස් සීමාවේදී ඔහුගේ හෝ ඇයගේ විවාහය සිදු වෙයි. (රේඛාවල කාල මැනීම පසු ලිපිවලින්) මනාව සෘජුව සටහන් වී ඇති දෛව රේඛාවක් පිහිටි අතක ප්‍රබල රේඛාවකුත් පැහැදිලිව සටහන් වී ඇත්තේ නම් එමගින් සදා සැපවත් යුග ජීවිතයක් පෙන්නුම් කෙරේ. ප්‍රබල රේඛාවක් වූවත් එහි දූපත් සලකුණු වැටී ඇත්නම් විවාහ ජීවිතය අසාර්ථකවේ. ප්‍රබල රේඛාවක් දෛව රේඛාව ඡේදනය කරමින් ගුරු මණ්ඩලය දිශාවට (දඹරගිල්ල මුලට) විහිද යන්නේ නම් පවුල් දිවිය අවුල් වීමට හේතුවෙයි. ප්‍රබල රේඛාවක් කුජ මණ්ඩලයෙන් 2 මතු වී තිබේ නම් එමගින් පෙන්වනුයේ වයස් ගත වී සිදුවෙන විවාහයයි. ඇතැම් අයගේ කුජ රේඛාව ජීවන රේඛාවත් සමග ආරම්භ වී ටික දුරක් ගොස් වෙන්වෙයි. එම වෙන්වෙන ස්ථානයට අදාළ වයස් සීමාවේදී එම අයගේ විවාහය සිදුවෙන බව පර්යේෂණවලින් ඔප්පු වී ඇත. වෙන්වීම සටහන් වන්නේ ජීවන රේඛාවට අදාළ අවුරුදු 25 සීමාවේදීය. එකට ජීවත් වූ දෙමාපිය සහෝදර සහෝදරියන්ගෙන් තාවකාලිකව වෙන් වී සහකාරයාගේ හෝ සහකාරියගේ සරණයට පත්වෙන බව කුජ රේඛාව මගින් පෙන්නුම් කරයි. ඔවුන්ගේ ඇසුරේ ගත කළ ජීවිතය කුජ රේඛාවේ පළමු කොටසෙනුත් ඉදිරි යුග ජීවිතය කුජ රේඛාවේ දෙවෙනි කොටසෙනුත් අනාවරණය වෙයි.
කෙනෙකුගේ දෛව රේඛාව ශීර්ෂ රේඛාව මතදී අවසන් වී ඇත්තේ නම් ඔහුගේ හෝ ඇයගේ විවාහය සිදුවනු ඇත්තේ හදිසි තීරණයක් අනුවය. දෛව රේඛාවේ වයස් සීමාව අනුව අවුරුදු තිස්පහට (35) පළමු විවාහ දිවියට ඇතුළත් වෙන බව එයින් පෙන්නුම් කෙරේ. දෛව රේඛාව හෘදය රේඛාවෙන් අවසන් වීම ප්‍රේම සම්බන්ධතාවක් මත විවාහය සිදුවෙන බව ප්‍රකට වෙයි. හෘදය රේඛාවටත්, ශීර්ෂ රේඛාවටත් අතර ඇති ප්‍රදේශයේ දෛව රේඛාව මත හතරැස් කොටුවක් තිබීම සුබ නොවේ. ස්ත්‍රියකට නම් අනියම් පුරුෂයෙකුත්, පුරුෂයෙකුට නම් අනියම් ස්ත්රියකත් ඇති බව එයින් ප්‍රකට වන්නේය. සිකුරු මණ්ඩලය මත පිහිටන කතිර සලකුණ සාර්ථක වාසනාවන්ත යුග ජීවිතයක් පෙන්නුම් කරයි. ගුරු මණ්ඩලය මත පිහිටි තාරකා සලකුණ සුබ නොවේ. විවාහ ජීවිතයට සම්බන්ධ නොයෙකුත් අවුල් වියවුල් ඇති වීමට එම සලකුණ හේතුවෙයි. විවාහ වීම සඳහා දෙගිඩියාවෙන් කල් ගෙවන අයගේ අත්වල ගුරු මණ්ඩලය මත හතරැස් කොටුවක සලකුණු දැකිය හැක. එම මණ්ඩලය මත සටහන් වන දැල් සටහනද අසුබ දායක වේ. ගුරු මණ්ඩලය මත පිහිටන කතිර සලකුණ වඩාත්ම සුබදායක වේ. එය වාසනාවන්ත විවාහ ජීවිතයක සැබෑ සලකුණක් ලෙස සාමුදාක ශාස්ත්රයේ සඳහන් වෙයි. ඇතැම් අයගේ අත්වල ඉහත සඳහන් සලකුණු තිබිය හැක. සමහර විට එක ස්ථානයක හෝ දෙකක දැකිය හැකි වෙයි. එහෙත් කෙනෙකුගේ අත බලා පලාපල කියන්නට පළමු සැබෑ සටහන් වෙන්වෙන් වශයෙන් බලා ඒ පිළිබඳව තීරණ ප්‍රකාශ කළ යුතුය.
We found this article from Divaina on 2013/06/14.
Also Sinhala to English Google word to word translation can be found here