කාල සර්ප යෝගය කේන්ද්‍රයේ යෙදී ඇත්නම් එය අභාග්‍යසම්පන්න, අවාසනාවන්ත එකක් ලෙස ජ්‍යෙdතිෂවේදයේ හඳුන්වයි. මෙම යෝගය යෙදෙන්නේ රාහු කේතු ග්‍රහයන් දෙන්නට මැදිව සෙසු ග්‍රහයන් වන රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි යන ග්‍රහයන් සිටීමෙනි. උදාහරණයක් ලෙසින් රාහු ලග්න වත් (01) කේතු 07 වැන්නේත් සිටීමෙන් අටවැන්නේ සිට 12 වැන්න දක්වා යට කී ග්‍රහයන් සිටි විටය. රාහුට වම් පැත්තේ සිට දෙක තුන හතර පහ හය යන ස්ථානවල ග්‍රහයන් පිහිටීමද කාල සර්පයෝගයයි. එසේම රාහු-කේතුට විරුද්ධව සිටින නිසා ඒ දෙදෙනා මොනම රාශි දෙකක සිටියත් (උදා – 02 සිට 08 දක්වා රාහු කේතු සිටිවිට ඒ අතර සිටින ග්‍රහයන්) අනෙක් ග්‍රහයන් ඒ අතර සිටීම කාල සර්ප යෝගය වෙයි.
කාලසර්ප යෝගය යෙදුණ අය වැඩිපුරම විවාහ ජීවිතයෙන් බැටකති. උගත්කමක් හෝ ධනයෙන් බලයෙන් හෝ උසස් තත්ත්වයක් හිමිව තිබුණත් වෙනත් ක්‍රමයකින් හෝ දුක්විඳීමට සිදුවෙයි. මෙම යෝගය යෙදීමෙන් එහි ඇති ක්‍රියාකාරිත්වය වේගවත් වෙයි. රැකියාවේදී, ව්‍යාපාර, හෝ වෙනත් සුවිශේෂී රැකියාවක, කර්මාන්තයක හෝ නියෑළී සිටින විට එකී කාර්යයෙන් ඉහළටම නැගිය හැකිවන අතර පසුව ඉතා ඉක්මනින් පහළට ඇද දමයි.
රාහු කේතු දෙදෙනාගේ දශා කාලයක් ලැබූවිට තදින්ම අයහපත උදාවන බව කියයුතු නැත. එකී දශා කාලවල ලැබෙන්නේ අශුභ ඵලමයි.
ළමා වියේදී රෝගාබාධ හැර තරුණ විය ඉක්මවද්දී අධ්‍යාපන කටයුතු, රැකියාව, විවාහය ආදී දේවල් කෙරෙහි මෙම යෝගය තදින්ම බලපානු ඇත. අවාසනාව මිසක් වාසනාවක් උදාවන්නේ නැත. එහෙත් කේන්ද්‍ර හිමියකුගේ රාහු 03-06-10 හෝ 11 යන තැනක සිටීම යහපත්ය. කේතු 09-12 -04-05 යන තැනක සිටීම ද හොඳයි. මේ දෙදෙනා සිටින ශුභ ස්ථානයක සඳු – බුධ – ගුරු – සිකුරු වැනි ග්‍රහයකු සිටීම ද නරක නැත. එහෙත් මේ දෙදෙනා සිටින තැනක රවි – කුජ – ශනි යන ග්‍රහයන් සිටීම නරකය.
07 වැන්නේ රාහුත් කුජත් (අඟහරු) සිටී නම් විවාහ ජීවිතය අවුල් කරයි. සැපවත් නැත. ලග්නයෙන් (01) 07 න් රාහු සිටීම විවාහයට ප්රශ්නකාරී වන්නේය. රාහු – කේතු සිටින රාශියේම (ස්ථානයේම) තවත් ග්‍රහයකු සිටිවිට ඒ ගැන හරිහැටි සොයාබලා නිරීක්ෂණය කර කාල සර්පයෝගය උදාවී ඇත්දැයි තීරණය කිරීම දක්ෂ ජ්‍යෙdතිර්වේදීන් සතු කාර්යභාරයකි.
කාගේත් ආශිර්වාදය ඇතිව ඉතා ඉහළින් විවාහ මංගල කටයුතු සිදුකර සතුටින් යුගදිවිය ගෙවන දෙදෙනකුගේ කේන්ද්‍ර සටහන්වල කාල සර්පයෝගය යෙදී තිබේ නම් පවුල් ජීවිතය අවාසනාවන්ත ලෙස දෙදරා යනු ඇත. දික්කසාදවීම හෝ වෙන්වීම සිදුවෙයි. මේ තත්ත්වය වඩාත් ඉක්මන් වන්නේ රාහු හෝ කේතු මහ දශා – අතුරු දශා ලැබුණු විටයි.
රාහු හෝ කේතු මහ දශාවක් නූනත් අතුරු දශාවක වුව අභාග්‍ය උදා වෙයි. නඩුහබ, මානසික කරදර, සිත් තැවුල්, පිස්සු වැටීම ආදී දේවල් එකී කාලය තුළ අපේක්ෂා කළ හැකිය. කේතු දශාවකදී ලෙඩ රෝගවලින් ද අඩුවක් නැත. උණ, දියවැඩියාව, ඇදුම, ආමාශගත ආබාධ, හමේ රෝග, හොරි, කුෂ්ඨ ආදී රෝගවලින් පෙළීමට සිදුවෙයි. රාහුගේ දශාවකදී අධ්‍යාපන කටයුතු අඩාල වෙයි.
කාලසර්ප යෝගය චන්ද්‍රයාගේ ගමන අනුව දින දෙකකට වඩා කල් පවතී. වැඩිම කාලය දින 15 කි. රාහු – කේතු දෙදෙනාට එක් ග්‍රහයකු හැර අනෙක් ග්‍රහයන් දෙන්නා අතරට මැදිව සිටින විට මැදිව නොසිටි ග්‍රහයා නිසා යෝගයක් යෙදෙයි. එය දීපති යෝගයයි. එවැනි කේන්ද්‍ර හිමියන් උසස් තත්ත්වයක් ලබන වග පැහැදිලිය. රාහු 04 ත් කේතු 10 ත් සිටීමෙන් දේපළ ඉඩකඩම් පිළිබඳ ආරවුල් ඇති කරයි. රාහු – කේතුගේ පිහිටීම් අනුව හා සෙසු ග්‍රහ බලපෑම් අනුව කාල සර්ප යෝගය කලින් කලට විවිධ ශුභ අශුභ ඵල ගෙන දෙයි. රාහුට – කේතුට රාශිය අශුභ වී පාප නවාංශක හා පාප දැක්ම ඇති වූ විට ද සිදුවන ප්‍රතිඵල වඩාත් භයානකය.
We found this article from Divaina on 2013/01/18.
Also Sinhala to English Google word to word translation can be found here