විවාහය ප්‍රමාදවීම – හඳහනෙන් කිවහැකිද?

0
754
විවාහය
විවාහය

[ratings]

අපේ දරුවාගේ විවාහය දැන් හොඳටම ප්‍රමාදවෙලා. වයස තිහත් පැනල. වයස විස්‌සෙ ඉඳල හොයනව. මේ කෙරෙන්න එනව මේ මගහැරෙනව. මේ යාළු වෙනව මේ තරහ වෙනව. අනේ මන්ද මොනව වෙලාද කියල. පෙනුමත් තියනව. ඉගෙනගෙනත් තියෙනව. රස්‌සාවකුත් තියෙනව. වෙන මොනව තිබුණත් තාම විවාහයක්‌ හරි ගියේ නෑනෙ. හඳහන් බලලම දැන් එපාවෙලා තියෙන්නෙ. මෙවැනි මැසිවිලි, දුක්‌ගැනවිලි අප කොතෙකුත් අසා ඇත.

මෙයින් පෙනී යන්නේ වත්මන් සමාජය තුළ පවතින බරපතලම ගැටලුවලින් එකක්‌ විවාහය ප්‍රමාදය බවයි. සමාජයේ පවතින විවිධාකාර ගැටලුවලට විසඳුම් සැපයීමට විවිධ සංවිධාන තිබුණද උදාහරණ ලෙස දුගී බව සඳහා සහනාධාර, ලෙඩ රෝග සඳහා වෛද්‍ය සැපයුම්, නූගත් බව මැඬලීම සඳහා පාසල් ආදී වශයෙන් පැවතියත් නිසි වයසට නිසි විවාහයක්‌ සැපයීමට ආයතන නැත. ඒ සඳහා හොඳම සහ එකම විසඳුම ජ්‍යෙdතිෂ විද්‍යාවෙන් ප්‍රයෝජන ගැනීමයි.

විවාහය ප්‍රමාදවීම හෝ විවාහයට බාධක ඇතිවීම පිළිබඳව හඳහන තුළින් බාල අවධියේම දැනගත හැකිය. බොහෝ අවස්‌ථාවලදීම යමකු උපන් හැටියේම හඳහන බලා විවාහයේදී හොඳට හඳහන් ගළපලා විවාහය කරන්න කියා අනාගත දැක්‌මක්‌ පිළිබඳ ඉඟියක්‌ ජ්‍යෙdතිර්වේදීන් විසින් දෙනු ලබයි. මෙසේ කියුවද මේ පිළිබඳව එතරම් විමසිලිමත්වීමක්‌ නොමැතිව සිටීම නිසා දරුවන් වියපත් වන විට සියලු හැකියාවන් සැපසම්පත් ලබන තම දරුවාට ජීවිතයට අත්‍යවශ්‍ය විවාහය අහිමිවේ.

මෙම තත්ත්වය හමුවේ කුමන තරාතිරමක අය වුවද අසරණවේ. එසේ නම් මෙම තත්ත්වය මගහරවා ගන්නේ කෙසේදැයි අප විමසා බැලිය යුතුය. ජ්‍යෙdතිෂ විද්‍යාවෙන් මේ සඳහා විපුල ප්‍රයෝජන ගත හැකිය.

හඳහනක්‌ බලන විට විවාහය ප්‍රමාදවීම විවාහයට බාධා ඇතිවීම පිළිබඳව පැහැදිලිවම දැකිය හැකිය. දළ වශයෙන් බැලුවහොත් 7 වැන්නේ පාපීන් සිටීම 8 වැන්නේ පාපීන් සිටීම සිකුරු පීඩාවට පත්වීම සිකුරුට 7 වැන්න පීඩාවීම විවාහ ස්‌ථානවලට බලපාන ලෙස කාලසර්ප යෝග වැනි යෝග තිබීම වැනි තත්ත්වයන් මත සහ දශා අනුදශා ඒරාෂ්ඨක සමහර ග්‍රහසංයෝග වැනි තත්ත්වයන් තුළ ඉහත කී විවාහ බාධක හඳහන හදපු අවස්‌ථාවේදීම දැනගත හැකිය.

මේ ආකාරයෙන් විවාහ බාධක පිළිබඳ පැහැදිලි කළත් කුජ 7 නිසා රාහු 7 නිසා විවාහ බාධක ගැටලු එනවා යෑයි කියමින් එයට විසඳුම් නොසොයා සිටීම තුළ සිදුවන්නේ අනාවැකිය අනුවම විවාහය ප්‍රමාදවීමයි. එබැවින් හඳහන බලා විවාහය ප්‍රමාදවන හෝ විවාහය අසාර්ථක දියාරු වන බව දැනගත් පසු එය වන්නේ කෙසේද කියා ජ්‍යෙdතිර් විද්‍යාවට අනුවම කරුණු දැනගත හැකිය. එසේ දැනුවත්වීමෙන් පසු විවාහයක්‌ ප්‍රමාදවීමට යෙදෙන ප්‍රායෝගික තත්ත්වයන් වෙනස්‌ කිරීමෙන් මෙම ප්‍රශ්නයට විසඳුම් ලැබිය හැකිය. විවාහ ප්‍රමාදය බාධක ඇතිවීම විවාහ අසාර්ථකවීම කර්ම විපාකයකි. එහෙත් මේවා ඉතා බරපතල කර්මවිපාක නොවේ. මෙම විපාක පලදීම සිදුවෙන්නේ අහම්බෙන් නොවේ අකුණුසර ගසන්නාමෙන් විපාක දෙන්නේ ද නැත. උපතේ සිටම තමා උපන් පරිසරය තමාගේ සිතුම් පැතුම්වල ස්‌වභාවය වැනි පසුබිම යටතේ නොදැනුවත්වම විවාහ ප්‍රමාදය සඳහා කටයුතු යෙදීමයි සිදුවන්නේ. එබැවින් මෙම තත්ත්වය පිළිබඳව දැනුවත් වීමෙන් මෙම විවාහ ප්‍රශ්නයට ස්‌ථිරවම විසඳුම ලබාගත හැකිය. ජ්‍යෙdතිෂ විද්‍යාව අනුව විවාහ ප්‍රමාදය සඳහා බලපාන කරුණු පිළිබඳව ප්‍රසිද්ධ පොත්පත්වල සඳහන් නොවූ එහෙත් ඉපැරණි සටහන් ඇසුරෙන් කියවෙන කරුණු පිළිබඳව සුහද පාඨක හිතවතුන් හට ඉතා කෙටියෙන් මෙම සටහන තබමි.

කිසියම් යුවතියක්‌ විවාහ වනවා යෑයි කියුමේ අදහස වන්නේ ඇය මවක්‌ වනවා කියන එකයි.

මවක්‌ යනු හුදු පුද්ගලයෙක්‌ නොවේ. මව, අම්මා යනුවෙන් පුද්ගලයෙක්‌ නැත. එනම් මව යනු චරිතයකි. එබැවින් මෙම මව (අම්මා) යන චරිතයට ආරූඬවීම සඳහා තමයි යුවතියන් විවාහ වන්නේ. ජ්‍යෙdතිෂ විද්‍යාවේ අප්‍රසිද්ධ ලේඛනවල සඳහන් අන්දමට යම් යුවතියක්‌ විවාහ වනවා යනු මවක්‌වීම සඳහා කටයුතු කිරීමයි. මවක්‌ යනු හුදු පුද්ගලයෙක්‌ නොවන අතර චරිතයක්‌ වේ. මෙම මව යන චරිතය ගොඩනැගෙන්නේ චරිත අංග පහක එකතුවෙනි. මෙම අංග පහ සමාන වටිනාකමකින් යුක්‌ත වේ. එම චරිත අංග පහ,

අනුන් වෙනුවෙන් වේදනා විඳීම.

අනුන්ගේ වගකීම් තමන්වෙත පවරා ගැනීම.

දරු සුරතල් බැලීම.

පුද්ගලයකු සමග විවාහවීම

දරුවන් ලැබීම.

මෙම චරිතාංග පහේ එකතුව මව හෙවත් අම්මා වශයෙන් දක්‌වයි.

මෙම අම්මා තුළ ඇති චරිත අංග පහෙන් 3 ක්‌ අවිවාහක තරුණියක සම්පූර්ණ කල හැකිය. එසේ සම්පූර්ණ කරගතහොත් ඇයට විවාහයක්‌ හිමි නොවනු ඇත. මෙය වැඩි දුරටත් විමසා බැලුවහොත්

1. අනුන් වෙනුවෙන් වේදනා විඳීම.

අපේ ලොකු අම්මාගේ පුතා අසනීප වෙලා බලන්න යන්න ඕනෑ. මම නැත්නම් ඔක්‌කොම ඉවරයි. ගේත් හැඩි වෙලා මල් පාත්ති ටිකත් ඉවරයි. කවුරු හිටියත් වැඩක්‌ නෑ මම නැත්නම් ඔක්‌කොම ඉවරයි. වැනි මානසික තත්ත්වයක්‌ අවිවාහක යුවතිය තුළ පැවතීම.

2. අනුන්ගේ වගකීම් තමන් වෙත පවරා ගැනීම.

පියා විසින් කළ යුතු දේත් මව විසින් කළයුතු දේත් සහෝදර සහෝදරියන් විසින් කළ යුතු දේත් තමන්ගේ වගකීමක්‌ ලෙස සිතා කටයුතු කිරීම.

3. දරු සුරතල් බැලීම

තමන්ගේ දරුවන් නැතත් තම සහෝදර සහෝදරියන්ගේ ඥතීන්ගේ හෝ පාසලේ පෙර පාසලේ දරුවන්ට අසීමිත ලෙස සෙනෙහස දැක්‌වීම මෙයින් අදහස්‌ කෙරේ. මෙයින් සිදුවන්නේ අප සැමගේ ආත්මය දරු සෙනෙහස ලැබීමට ආශා කරයි. එය කුමන විදියට ලැබුණත් එය ආත්මය විසින් බාරගනී. තම දරුවන් ද පිට අයද යන ප්‍රශ්නය ආත්මයට නැත. එබැවින් අවිවාහක අය අසීමිත ලෙස දරුවන්ට සෙනෙහසම දැක්‌වීම තුළ තම විවාහය ප්‍රමාද කරගැනීම හෝ විවාහයෙන් පසුව දරුවන් නොලැබීමට හේතු සලසා ගනී.

මේ තත්ත්වය අනුව මවක්‌වීම සඳහා අවශ්‍ය චරිතාංග 5 න් තුනක්‌ කිසියම් යුවතියක්‌ සම්පූර්ණ කරන්නේද ඇය යුග දිවිය කරා නොපැමිණේ යනුයි. එසේ නම් එබැවින් විවාහය හඳහන් බැලීම හරස්‌ වූවා යෑයි කියනවාට වඩා විවාහයට බාධක ඇතිකර ගන්නේ ඔබම බව සිතා ඉහත කී විවාහයට ප්‍රතිවිරුද්ධ චරිත අංග සංශෝධනය කරගැනීම තුළ ඉක්‌මන් විවාහයකට පිවිසිය හැකිය.

මේ අතර මෙම චරිත අංග සංශෝධනය කර ගැනීම සඳහා පහසුකර ගැනීමටත් බුද්ධිය ප්‍රඥව පහළවීම සඳහාත් කරනු ලබන සෙත් කවි සෙත් පහන් යන්ත්‍ර මන්ත්‍ර ගල් පැළඳීම් ග්‍රහපූජා වැනි ගුප්ත ශාස්‌ත්‍රවල පිහිට ලබාගැනීම තුළ ස්‌ථිර සාර සහනයක්‌ ලබාගැනීම අපහසු නැත.

We found this article from Divaina on 2012/01/20.
Also Sinhala to English Google word to word translation can be found here