විවාහය සහ ග්‍රහයෝ

0
668
විවාහය
විවාහය

[ratings]

විවාහ ප්‍රශ්නයේදී ලග්නයෙන් හත්වැන්නද, සඳුගෙන් හත්වැන්නද, සිකුරුගෙන් හත්වැන්නද, දෙවැන්න සම්බන්ධයෙන්ද සැලකිය යුතුව ඇත. එසේම හත්වැන්නාධිපතියා හා එම භාවයද, අධිපති ග්‍රහයා යෝගව ඇති ග්‍රහ බලයෙන්ද, හත්වැන්න සිටි දුටු ග්‍රහයින් ගැනද, විවාහ කාරකයා ගැනද බැලිය යුතුය. හත්වැන්නේ උදාවන නවාංශකය හා අධිපති ග්‍රහයා සම්බන්ධවද විශේෂ වශයෙන්ම බැලිය යුතුය.

යම්කිසි කේන්ද්‍රයක හත අධිපති ග්‍රහයා උච්ච ස්‌වක්‍ෂෙත්‍ර ත්‍රිකෝණාධිබලයෙන් යුතුව ශුභ දෘෂ්ඨි හා සංයෝග සහිතව කිවි ග්‍රහයාද බලවත්ව සිටීමත් යහපත් විවාහයක්‌ සිදුවන බවට ලකුණුවේ. හත්වැන්න අධිපති ග්‍රහයා කේන්ද්‍රයේ ෂඩ් වර්ග බලයෙන් යුතුව සිටීමද යහපත්ය.

විවාහ සැපත ළඟා කර දීම සඳහා කුජ සිකුරු දෙදෙනා ඉමහත් රුකුලක්‌ වන අතර, පමා කිරීමේදී ගුරු ශනි ග්‍රහයින් ඉවහල් වන බව සැලකිය යුතුවේ. ශනි ග්‍රහයා හත්වැන්නේ සිටීමද, විවාහය ප්‍රමාද කිරීමට ඉවහල් වනු ඇත. නමුත් දිග් බලයෙන් යුතුව ඇතොත් ප්‍රමාද වුවද අසාර්ථක භාවයට පත්වන්නේ නැත. සමහර විට හතේ ශනි විවාහය ප්‍රමාද කරන බව හෝ කඩාකප්පල් කරන බව කීමෙන් බොහෝ දෙනෙක්‌ මේ ගැන අස්‌ථාන බියක්‌ දක්‌වති. හත් වැන්නේ ශනි බලවත්ව සිටින බොහෝ දෙනෙකු ඉතා උසස්‌ විවාහ ජීවිත ගත කරන බව කේන්ද්‍ර පරීක්‍ෂාවේදී ඔප්පුවී තිබේ. නමුත් විවාහය සිදුවන්නේ වයස අවුරුදු 30 ට පසුවය. සිකුරු ශනි සප්තමයද යෝගව සිටීමද විවාහ ප්‍රමාදයට හේතුවන බව පෙනේ. මෙම ශුක්‍ර ශනි යෝගය ගැන යමක්‌ කිව යුතුව ඇත. මෙම යෝගය කරණ කොටගෙන අසීමිත ආශාවන් බල පැවැත්වීම නිසා යුග දිවියේ නීරස භාවයන්ද අවුල් සහගත භාවයන්ද ඇති කරන බව පෙනී ගොස්‌ තිබේ. මේෂ – වෘශ්චික හා වෘෂභ- තුලා ලග්න හිමියන්ට මෙම යෝගයේ ප්‍රතිඵල වඩාත් බල පැවැත්මට හේතුයි. හත්වැන්න අධිපතියා හය, අට දොළහ භාවාධිපතියන් සමග යුක්‌තවීම, ශනි හෝ හත්වැන්නෙහි නීච ගුරු බලයකින් යුතුව සිකුරු සිටීම, හත්වැන්නාධිපති ග්‍රහයා ශනි හිමි රාශි නවාංශකවල සිටීම, ශනි 1, 5, 7 10 ආදී වශයෙන් කේන්ද්‍රවල යෙදී තිබීම ආදිය විවාහය පමාවීම හේතුවන ග්‍රහ පිහිටීම් වලින් සමහරකි.

සිකුරු ග්‍රහයා ශුභ ග්‍රහයන්ගේ වර්ගයක හෝ ශුභ දෘෂ්ඨි ලබා සිටීමෙන් රූප ලාවන්‍යයෙන් හෙබි යුවතියක්‌ ලද හැකිය. හත්වැන්නාධිපති ග්‍රහයා ශුභ ග්‍රහයකු සමග සිටීමෙන් හා ශුභ ග්‍රහ දෘෂ්ඨියට ලක්‌වීමෙන්ද යහපත් රූමත් සහකාරියක්‌ ලැබීමට ඉවහල්වනු ඇත. සිකුරු ග්‍රහයා කේන්ද්‍රගතව හෝ ත්‍රිකෝණගතව බල සහිතව සිටීමද හොඳින් වැඩුණු පියවුරුවලින් හා මනා රූසපුවකින් හෙබි යුවතියන් ලැබීමට හේතුවනු ඇත. ත්‍රිකස්‌ථානයක සිටීනම් හෝ (6-8-12) පාප දෘෂ්ඨින්ට ලක්‌වේ නම් මෙම තත්ත්වය වෙනස්‌ වෙයි.

හත්වැන්නාධිපති ග්‍රහයා කේන්ද්‍ර ත්‍රිකෝණ රාශියක ලග්නයෙන් හා සඳුගෙන් ශුභ නවාංශක ගතව සිටීමද යහපත් සහකාරියක්‌ ලැබෙන පිහිටීමකි. හත්වැන්නේ නවාංශකාධිපතියා සිකුරු වීමද, රූමත් සහකාරියක්‌ ලැබීමට හේතුවන්නකි. නවාංශකාධිපතියා කේන්ද්‍රයේ ශුභ ස්‌ථානවල සිටීමද සැලකිය යුත්තකි. හත්වැන්නේ කුජ බලවත්ව සිටීමෙන් ධෛර්යමත් භාවයෙන් යුත් විටෙක ක්‍ෂණික කෝපයද බලපවත්නා සහකරුවකු හෝ සහකාරියක්‌ ලැබීමට හේතුවේ. රවි ග්‍රයා උච්චාදි බලයෙන් යුතුව සිටීමෙන් අහංකාර ගතියෙන් යුතු සහකාරියක්‌ ලැබීමට ඉවහල්වනු ඇත. කේන්ද්‍රයේ 6 – 8 – 12 ස්‌ථානාධිපතියන් පාප ග්‍රහයින් හා යෝගව හෝ දෘෂ්ඨි ලබා සිටීම අයහපත්ය. පහත් පෙළේ කාන්තාවන් සමග විවාහ වීමට අවස්‌ථාවක්‌ ලැබීමට හේතුවනු ඇත. හත්වැන්නාධිපති ග්‍රහයා ගුරු ග්‍රහයාගේ දෘෂ්ඨියට ලක්‌වීමට හෝ ගුරු සමග යෝගව සිටීම ගුණගරුක විනීත ගති පැවතුම් වලින් හෙබි සහකාරියක්‌ ලැබීමට හේතුවෙයි. හත්වැන්න අධිපති ග්‍රහයා සිටින නවාංශකාධිපති ග්‍රහයාගේ තත්ත්වය අනුවද සහකරු හෝ සහකාරියගේ ස්‌වරූපය දත හැකිය. හත්වැන්නේ උදාවන නවාංශකය බුදහිමි මිථුන කන්‍යා රාශියක්‌ වීමෙන් සහකාරිය හෝ සහකරු උගත් බුද්ධිමත් කෙනෙකු වනු ඇත. නවාංශකාධිපතියා රවි නම් රජයේ සේවයේ නියුතු කෙනෙකි. නවාංශකාධිපතියා ගුරුවීමද උසස්‌ ගුණාංගයන්ගෙන් හෙබි උගත් කෙනෙකු විමට ඉවහල්වනු ඇත. නවාංශකාධිපතියා ශුභ දෘෂ්ඨි ලැබීම, ශුභරාශි ගතවීම, ශුභ ග්‍රහයින්ට මැදිවීම බලය වර්ධනයට හේතුවන්නකි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

Please follow and like us:

Leave a Reply

avatar
2000
  Subscribe  
Notify of