විවිධ මතභේද ඇතත් යම් ස්ත්‍රියකගේ කේන්ද්‍රයේ හත්වැනි භාවයෙන් ඇයට හිමි වෙන පුරුෂයා පිළිබඳව විස්තර හෙළිවේ. එනිසා පහත දැක්වෙන යෝග හත්වැනි භාවය මුල්කොට ගත යුතුයි. හත්වැනි භාවයෙන් ස්ත්‍රියකට ලැබෙන පුරුෂයාගේ රූප ශෝභාවයද, ගතිගුණ, විවාහය පැවැත්වෙන තත්ත්වය පිළිබඳ විස්තරද අලංකාර ලෙසින් පෙන්වයි. මේ නිසා හත්වැනි භාවයේ අංශක බලයද සෙවිය යුතු වේ.
අග්නි කාරක ග්‍රහයන් වන රවි, කුජ, ශනි, රාහු, කේතු යන ග්‍රහයන් ගෙන් එක් ග්‍රහයකු ස්ත්‍රී කේන්ද්‍රයේ හතරවැනි භාවයේ සිටී නම් පුරුෂයාගේ ආයුෂ අඩුව අකල් මරණයට ගොදුරු වේ. එසේ දක්වා ඇතත් රවි හත් වැන්නේ සිටින විට පුරුෂයා භාර්යාව අත්හැර යැම පමණක් සිදු වේ. එවන් අය තම අඹුව සිටියදී පර අඹුවන් සමග හොර රහසේ කාමුක සම්පත් විඳිමින් ජීවත් වෙති.
කේන්ද්‍රයක කුජ හත් වැන්නේ සිටින විට ගෙදර අඬ දබර, මතභේද හා ගැටුම් ඇතිවී දෙදෙනා වෙන් පුරුෂයා අන් ස්ත්‍රියකගේ පහස සොයයි. පාප දෘෂ්ටි ගතව කුජ දුර්වලව සිටීනම් පුරුෂයාගේ ආයුෂ අඩු වේ. කුජ උච්චව සිටීනම් එයට හාත්පසින්ම විරුද්ධ ගුණ ලැබේ. හත් වැන්නේ සිටින අග්නිකාරක ග්‍රහයා බලවත්ව පාප දෘෂ්ටි ගත වූවකුනම් පමණි. පුරුෂයාගේ අභාවයන් සිදුවන්නේ ශනි, රාහු, කේතු පමණක්ම නොව බල හීන චන්ද්‍රයා සහ පාපයන් සමග එක්වුණු බුධ හත් වැන්නේ සිටින විට විවාහය නීත්‍යනුකූල වෙන්වීමකින් අහෝසි වේ. අට වැන්නේ බලවත් ග්‍රහයෙක් සිටිය හොත් පුරුෂයා ගේ ඉල්ලීම මත දෙදෙනාගේ කැමැත්ත අනුව අධිකරණ නීති අනුව වෙන් වේ.
හත්වැන්නේ සිටින ග්‍රහයා දුර්වල නම් කුටුම්භ ස්ථානය වූ දෙවැන්නේ සහ පුත්‍ර ස්ථානයවූ පස්වැන්නේ පාපයෝ සිටීම හෝ දැකීම වී නම් ස්ත්‍රිගේ ඉල්ලීම මත පුරුෂයා වෙන් වේ. ඇතැම් අවස්ථාවල මේ වෙන්වීම් නීති මාර්ගයෙන්ම සිදු නොවේ. තදබද පාපී ග්‍රහයන් හත්වැන්නේ සිටියත් නවවන භාවයේ සුබයන් සිටීනම් පුරුෂයාට මරයෝග පිහිටින්නේ නැත. ඒ අනුව ස්ත්‍රිය අවිවාහකව ජීවිතය ගත කරයි.
හත්වැන්නේ පාපයන් වෙනුවට අට වැන්නේ තද බල පාපයකු වී නම් කුටුම්භ විනාශවේ. බල හීන චන්ද්‍රයාගෙන්ද මෙම පලයන් අත්වනු ඇත. දෙවනුව සුබයෙක් සිට හත් වැන්නේ පාපයෙක් සිටීනම් පස්වැන්නේ සුබයෙක් සිට හත්වැන්නේ පාපයෙක් සිටී නම් ආදරය පෙරදැරිව විවාහය පසුව කඩාකප්පල් වේ. මේ සම්බන්ධව කුජත් සිකුරුත් තදින්ම බලපාන ග්‍රහයෝ වේ.
තුන් වැන්නේ නපුංසක ග්‍රහයෙක් සිටින පිරිමි කේන්ද්‍රයක සමග බැඳෙන ස්ත්‍රි කේන්ද්‍රය හිමි තැනැත්තියට අනිකුත් හැම දෙයක්ම පූර්ණව ලැබුණත් සම්භෝග තෘප්තිය නොලැබේ. ස්ත්‍රී කේන්ද්‍රයක පස්වැන්න සහ හත්වැන්නේ නපුංසක ග්‍රහයෝ සිටියද එම ස්ත්‍රියගෙන් පුරුෂයාටද තෘප්තියක් ඇති නොවේ.
ශනි හත්වැන්නේ සිටින ස්ත්‍රී කේන්ද්‍ර වලද බොහෝ පවුල් අවුල්ව දෙකඩ වන්නේ මේ ග්‍රහ බලයන් නිසාය. ශනි තුන් වැන්නේ දුබලව සිටීමද මීට හේතු වේ. පස් වැන්නේ ශුක්‍ර සිට හත්වැන්නේ පාපයෝ සිටී නම් ස්ත්‍රියගේ හිත නිරන්තරයෙන්ම පුරුෂයා කෙරෙහි දෙදෙනා අතර සුළු කාරණයකට පවා පුරුෂයා අවිශ්වාස කරන අතර ඒ බව හෙළිදරව් කරන්නේද නැත. මේ අතර දෙවැන්නේ කුජ, රාහු සිටී නම් දෙදෙනා අතර අඬදබර ඇති වේ. මිථුන – කන්‍යා ලග්න හිමි කේන්ද්‍රවලට මෙය තදින්ම බලපායි.
හත් වැන්නේ නැප්චූන් ග්‍රහයා සිටින විට එම කේන්ද්‍රය හිමි ස්ත්‍රියගේ විවාහය ප්‍රමාද වන අතර කලක් යන තෙක් රූසපුව වැහැරීමක් නොමැතිව ස්වභාවෙන්ම පවතී. කුම්භ, තුලා, වෘෂභ හිමි අයට මෙය තදින්ම බලපායි. හත්වැන්න අග්නි කාරක ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක් නොවිය යුතුය.
මෙම යෝග මෙසේ වුවත් සමාජීය තත්ත්වය විවාහ නීති අනුවද වෙනස් වේ. කරුණු එසේ හෙයින් ස්ත්‍රී කේන්ද්‍රයක් වෙන්ව ගැන බැලීමේදී ඉහත දක්වා ඇති පලවිපාක ඇතිවන බව දක්වා ඇතත් ස්ත්‍රී කේන්ද්‍රයක ඇති යෝග හේතු කොට ගෙන අරිෂ්ට පල විනාශ වනු ඇත.
ඒ නිසා මේ සියල්ලක්ම පෙර ආත්මයේදී රැස් කරන ලද කුසලා කුසල කර්මයන් අනුව මෙම ස්වභාවයන් ඵලය හෙවත් කර්ම විපාක අනුව ඔබේ ජන්ම කේන්ද්‍රය විග්රහකර ප්‍රකාශ කරන බව දත යුතුයි.
We found this article from Divaina on 2012/08/17.
Also Sinhala to English Google word to word translation can be found here