විවාහ අවුල් වියවුල් සහ කනවැන්දුම් දෝෂ

2023
විවාහ

පුවත්පතක මංගල යෝජනාවක්‌ පළ කරන කෙනෙක්‌ සමහර විට කුජ 7 ට ගැලපෙන කේන්ද්‍ර හිමියකු විවාහ අපේක්‍ෂා කරන බවක්‌ සඳහන් කරයි. තවත් සමහර කෙනෙක්‌ හත්වැන්නේ කුජ සිකුරු නැති කේන්ද්‍ර හිමියකු විවාහයට අපේක්‍ෂා කරන බවක්‌ සඳහන් කරයි. කුජ ශනි යෝගය ඇති කේන්ද්‍ර නොගැලපෙන බවක්‌a තවත් කෙනෙක්‌ කියයි.

ඒ අය එසේ සඳහන් කරන්නේ මොන දැනුමක්‌ ඇතිවද? එවැනි ග්‍රහ යෙදුම් හැම විටම අයහපත් නොවන අවස්‌ථාද වේ. නිදසුනක්‌ දක්‌වතොත් කුජ – ශනි යෝගය රාජ යෝගයකි. එම යෝගය විවාහයට අයහපත් වන්නේ කටක, සිංහ ලග්න හිමියන්ට පමණි. හේතුව කටක, සිංහ ලග්න දෙකට පමණක්‌ සෙනසුරුට 7 වැන්නේ අයිතියක්‌ ඇති බැවිනි. කුම්භ ලග්න හිමියන්ට කුජ, ශුක්‍ර යෝගය ධර්ම කර්මාධිපති යෝගයකි. එය වාසනාවන්ත ග්‍රහ යෝගයකි.

පොරොන්දම් බැලීම

බොහෝ තරුණ තරුණියෝ පොරොන්දම් බැලීමේ වැරදි ක්‍රමය නිසා විවාහය අහිමි කරගෙන සිටිති. “කුජ දෝෂය දුටු පමණින් ස්‌වාමියා මැරෙනවා”යි අස්‌ථාන බියක්‌ ඇති කරති. පරණ පන පොතේ සඳහන් වන්නේ ඇතැම් දෝෂයක්‌ නිසා විවාහය මැරෙන බවකි. විවාහකයා මැරෙන බවක්‌ නොවේ. නිදසුනක්‌ දක්‌වතොත් සාසනයෙන් දිවංගත වීම යනු උපැවිදිවීමය. නොඑසේම අපවත් වීමක්‌ නොවේ. මෙයට වසර පනහකට පමණ පෙර උසාවියේ දිවංගත නඩුවක්‌ විය. සාමනේර හිsමිනමක්‌ සිවුර හැර ගිය පසු නායක හිමියෝ එහිමි සාසනයෙන් දිවංගත වූ බවට පුවත්පතක දැන්වීමක්‌ පළකළහ.

විවාහ

පැරණි පොත්පල ස්‌ත්‍රී වර්ග හතරක්‌ද පුරුෂ වර්ග හතරක්‌ද දක්‌වා ඇත. පද්මිණි, චිත්‍රණී, ශංනී හා හස්‌තිනි යනු එම ස්‌ත්‍රී වර්ග හතරයි. ශශ, මෘග, වෘෂභ, අශ්ව යනු පුරුෂ වර්ග හතරයි. මේ වර්ග කිරීම ස්‌ත්‍රී පුරුෂ දේහ ලක්‌ෂණ අනුවය. එම ස්‌ත්‍රී පුරුෂ දෙවර්ගය අදත් දක්‌නට ලැබේ. නෙළුම් පෙත්තක හැඩය ඇති දෙනෙත, කුඩා සිදුරු ඇති නාසය, උඩට නැමුණු හෙවත් මුහුණ බලාගෙන පිහිටි අතරක්‌ නොමැති පියයුරු, මුදු මොළොක්‌ වඩන, ලැසි ගමන පද්මිණී ස්‌ත්‍රියකගේ ලක්‍ෂණවේ. වරක්‌ නොව දෙවරක්‌ නෙත් බැල්ම උදුරා ගනු ලබන මනස්‌කාන්ත කාන්තාවන් කෙතෙක්‌ අද වෙත්ද?

ජන්ම කේන්ද්‍රය

පද්මිණී කාන්තාවක්‌ යනු කෙබඳු කොනෙක්‌දැයි ඇගේ ජන්ම කේන්ද්‍රය ඇසුරින් ද කියවේ. සඳු 1, 7, 9 යන තැනක බලවත්ව සිටීම, පාප නොවූ බුද 7 වැන්නේ වීම, සිකුරුගේ දෘෂ්ටිය සඳුට හෝ 7 ට වැටීම පද්මිනි කාන්තාවකගේ ලකුණුය. අනෙක්‌ ස්‌ත්‍රී පුරුෂ වර්ගයා හඳුනා ගැනීමද ජන්ම කේන්ද්‍රය ඇසුරින් කළ හැකිය.

තරුණියකගේ ශාරීරික, මානසික, ලිංගික චරිත ඇගේ ජන්ම කේන්ද්‍රයෙන් විවරණය වෙයි. පොරොන්දම්වලින් බොහෝ විට හෙළිදරව් වන්නේ රුචි අරුචිකම් හා කායික මානසික ගැල්පීමෙන් කොටසක්‌ පමණි. යෝජිතව හෝ මිත්‍රත්වය පදනම් කරගෙන ගොඩනැගුණු බොහෝ විවාහ අතරමගදී බිඳ වැටෙයි. කනවැද්දුම් යෝග, බහු විවාහ යෝග පිළිබඳව ජන්ම කේන්ද්‍රයෙන් හෙළිදරව් වේ. එහෙත් එය හඳුනාගැනීමට පැසුණු ජ්‍යොතිෂ දැනුමක්‌ ජ්‍යොතිෂවේදියාට තිබිය යුතුය. ජ්‍යොතිෂයේ යෝග 1100 ක්‌ ඇති බව පරාසර පඬිතුමා කියා තිබියදීත් ජ්‍යොතිෂයේ ඇත්තේ යෝග 6 ක්‌ පමණෙකැයි ළඟකදී රූපවාහිනි නාලිකාවකින් කෙනකු පවසන අයුරු අප අසා සිටියෙමු. කොතරම් බරපතළ වරදක්‌ද?

විවාහ බිඳ වැටීම්

විවාහයක්‌ බිඳ වැටෙන හේතු රාශියක්‌ම වේ. විවාහයට පෙර ලිංගික සබඳකම් සහිත ඇසුරේ වෙලී සිට එය රාගයක්‌ව සඟවාගෙන විවාහ වීම එක්‌ හේතුවකි. දෙකට නැමී තිබුණ කඩදාසියක්‌ යථා තත්ත්වයෙන් තැබුවත් යළි එය සුළඟටද නැමෙනු ඇත. මිනිස්‌ චරිතයත් එසේය.

ශාරීරික විකෘති පිහිටීම් ඇති කෙනෙක්‌ එය සඟවාගෙන විවාහ වෙයි. විවාහයෙන් පසු එයින් කළකිරුණු බිරිඳ විවාහය අතහැර යයි. මෙබඳු සිදුවීම් කොපමණ ඇද්ද? විවාහය ඉදිරියේ හැබෑ චරිතය සඟවාගෙන රංගනයක යෙදෙන ස්‌ත්‍රී පුරුෂයන් නිසාත් විවාහය බිඳ වැටේ.

කේන්ද්‍ර දෙක හරිහැටි ගැලපුවේ නම් එම සැඟවුණු සියලු ලක්‍ෂණ හෙළිදරව් වනු ඇත.

පුරුෂයා මත්පැනට ගොදුරු වීම නිසා බොහෝ විවාහ අසාර්ථක වී ඇත. බේබදු පුරුෂයා හැම කෙනකු විසින්ම පිළිකුල් කරනු ලබයි. බීමත්කම නිසා ජීවිතය අප්‍රසන්න වීමට අමතරව වැදගතුන්ගේ ඇසුර නැතිවීම විකෘති දරුඵල ඇතිවීම වැනි තවත් අවාසනාවන්ත කම් බොහෝය. තමා මොන තරම් උසස්‌ තත්ත්වයක සිටියත් අන්‍යයන් විසින් “බේබද්දා” යන නමින් හඳුන්වනු ලැබීම මොන තරම් අභාග්‍යයක්‌ද? බේබදු සැමියකුගේ පවුල් ජීවිතය පරිහානියක්‌ මිස දියුණුවක්‌ නැත. පොතු කබර ඇති අයටත්, වද බන්ධන පමුණුවන අයටත්, ශරීරගතව සැඟවුණු රෝග සහිත අයටත් විකෘති අවයව ඇති අයටත්, ඉතා දුර බැහැර සිටින අයටත් තරුණියක පවා නොදිය යුතු යෑයි පත පොතේ සඳහන් වේ. තවදුරටත් සඳහන් කරතොත් උමතු සිතුවිලි ඇති අයටත්, මීමැස්‌ මොර වැනි රෝග සහිත අයටත් සාර්ථක විවාහයක්‌ ගතකළ නොහැකිය.

විවාහ සම්මත කර ගැනීමේදී විවාහ වන්නාගේ කේන්ද්‍රයේ සඳුගේ පිහිටීම ගැන විශේෂයෙන් විමසා බැලිය යුතුය. සඳු නීච වූවෝ බොහෝ විට කාමාශක්‌ත වෙති. ආශාවන්ගෙන් බරිත වෙති. ගුරුගේ බලවත් දෘෂ්ටියක්‌ වෙතොත් පමණක්‌ ඒ තත්ත්වය මග හැරේ.

ඇඳුම් පැළඳුම්

ඡන්ම කේන්ද්‍රය රවිගෙන් ස්‌වකීය ආත්මයද සඳුගෙන් මනසද ලග්නයෙන් ශරීරයද මතුකර පෙන්වයි. විවාහක දෙදෙනාගේම එකී තත්ත්වය පොරොන්දම් කෙරෙන් ප්‍රකාශ නොවේ. එහි අදහස පොරොන්දම් ප්‍රතික්‌ෂේප කිරීමක්‌ නොවේ. ඉතා වැදගත් පොරොන්දම් කෙරෙහි වැඩි අවධානයක්‌ යොමුකළ යුතුය.

ස්‌ත්‍රියකගේ ජීවන රටාව කාලීනව වෙනස්‌ වෙයි. ශ්‍රී රාහුල හිමියන් කීවේ “සිනා නොමසෙන් දසන් දක්‌වා” යි කියාය. ඒ පැවතුම් ඇති ස්‌ත්‍රීහු අද විරල වෙති. සැඟවිය යුතු අඟපසඟ පවා ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන තරමට අද පැරැණි තත්ත්වය වෙනස්‌ වී ඇත. ඇතැම් කාන්තාවගේ ඇඳුම් පැළඳුම් කෙරෙහි ස්‌වාමියා විරුද්ධ වෙයි. එවැනි තැනකදී අඹු-සැමි ගැටුම් ඇතිවිය හැකිය. විවාහ වනතුරුම තමා කැමති අයුරින් ඇඳුම් පරිහරණය කිරීමට කාන්තාවකට නිදහස ඇතත් විවාහයෙන් පසු එය සැමියාගේ කැමැත්ත ඉක්‌මවා යැම වැරදිය.

අනියම් සබඳතාවලට බිරියන්ගේ ඇඳුමද බලපෑම් කරන බව දැන සිටිය යුතුය. විවාහයක්‌ බිඳවැටීම නිසා ගොඩනැගෙන දික්‌කසාදයට ඇති ඉඩකඩ ජන්ම කේන්ද්‍රයෙන් පෙන්වා දෙයි. ස්‌ත්‍රී පුරුෂයන් දෙදෙනාම එකම නැකතේ එකම පාදයක වෙතොත් ඉදිරි දශාවලදී මානසික ආකල්ප වෙනස්‌ වෙයි. එතැනදී දෙදෙනාම පුරපස උපත ලබා ඇතොත් පමණක්‌ ඔරොත්තු දෙයි.

විවාහ වීම සඳහා නැකැත් සෑදීමේදී තත්කාල කේන්ද්‍රයේ යෙදීම අයහපත් විය හැකිය. තම ජන්ම කේන්ද්‍රයේ 8 වැන්නට අයත් තත්කාල කේන්ද්‍රයක්‌ හෝ නැකතක්‌ යොදා ගැනීම නිසාත් විවාහ අවුල් වෙයි. ඇතැම් කෙනෙක්‌ විවාහ තත්කාල කේන්ද්‍රයේ පිහිටීම වෙත අවධානය යොමු කිරීම අඩුය. ලග්නය දෙපස රාශි දෙකෙන් 7 වැන්න රූපය රාශි දෙකෙන් පාපීන් සිටියද නැකතක්‌ යොදා ගැනීම අයහපත්ය. තවත් වැඩි දෙනකුගේ විවාහ බිඳ වැටෙන්නේ දරුඵල අහිමි වීමේ අසහනය නිසාය. ඒ සඳහා ජ්‍යොතිෂවේදියා වඳ රාශි හඳුනාගෙන සිටිය යුතුය. මේෂ, මිථුන, සිංහ, කන්‍යා වැනි වඳ රාශියක්‌ පස්‌වැන්න වී පුහුකාරක ගුරුත් දුර්වල නම් දරුඵල අහිමි කළ හැකිය. ඒ තත්ත්වය විවාහයට පළමු විමසා බැලිය යුතුය. පස්‌වැන්නත් පස්‌වැන්න අධිපතියාත් පාපියකු වී, එය වඳ රාශියකට නෑකම් කියතොත් දරුඵල අපේක්‍ෂා කළ නොහැක.

කණවැන්දුම් දෝෂ

කණවැන්දුම් යෝග වශයෙන් හඳුන්වන්නේ පුරුෂයා මියගිය ස්‌ත්‍රියටය. බිරිඳ මියගිය පුරුෂයාටද එසේය. දෙදෙනාගෙන් කෙනකුගේ මරණය නිසා එසේ නම් කර ඇත. එසේම දෙදෙනාගෙන් කෙනකු මියගියේ නැතත් විවාහය බිඳගෙන වෙන්වීම නිසාත් ඒ දෝෂයට යම් ප්‍රමාණයක නෑකමක්‌ වෙයි. පුරාණාචාර්යවරු එසේ විවාහය බිඳෙන, විවාහය අප්‍රසන්න වන හේතු කීපයක්‌ දක්‌වා ඇත. පැරණි පත පොතෙහි එය භෞම දෝෂය, ශනි මංගල දෝෂය, චන්ද්‍ර මංගල දෝෂය, නාශාංශක දෝෂය හා කඩ හන්දි දෝෂය වශයෙන් දක්‌වා ඇත.

භෞම යනු අඟහරුට නමකි. කුජ ග්‍රහයා ලග්න කේන්ද්‍රයේ 1, 4, 7, 8, 12 යන රාශියක අඟහරු වීම භෞම දෝෂය වශයෙන් දක්‌වා ඇත. ස්‌ත්‍රී පුරුෂ කේන්ද්‍ර දෙකේම කුජ යට සඳහන් කරන ලද රාශියක වෙතොත් එම දෝෂය බිඳීයයි. ගුරුගේ දෘෂ්ටියට 7 වැන්න වැටීම නිසාත් භෞම දෝෂය බිඳෙයි. සඳු කුජ එකම රාශියක යෙදීම චන්ද්‍ර මංගල දෝෂයයි. සඳු චිත්තකාරක ග්‍රහයාය. සඳු සමග යෝග වූ නිසා හිත කිළිටි විය හැකිය. සඳුට මාතෘකාරක අයිතියක්‌ද වේ. ඒ නිසා මවගේ හිත රිදවීම වැනි අත්දැකීම් ලැබිය හැකිය. ශනි මංගල දෝෂය වැනි කුජ ශනි දෙදෙන සමීප අංශකවල එකම රාශියක වීමයි. කටක – සිංහ ලග්න දෙකට ශනි මංගල දෝෂය වඩාත් නරකයෑයි සැලකේ. එයට හේතුව එම ලග්න දෙකම සෙනසුරුට 7 වැන්නේ නෑකමක්‌ වීමයි. කේන්ද්‍ර දෙකේම ශනි මංගල දෝෂය නරක තැනක වෙතොත් විවාහයක්‌ බිඳී යා හැකිය.

දශා මුල්කරගෙන යෙදෙන නාශාංශක හා කඩහන්දි දෝෂ හඳුනාගත හැක්‌කේ ජ්‍යොතිෂවේදියකුට පමණි. සාමාන්‍ය කෙනකුට අමාරුය.

විවාහයක්‌ බිඳී යන ග්‍රහ යෙදුම් බොහෝය. ඒවා එකින් එක විස්‌තර කළ යුතුවේ. බොහෝ දෙනකුගේ විවාහ වීම දුරදිග දක්‌නා නුවණින් තොර නිසා වැඩි දෙනකුගේ විවාහ අවුල් වී ඇත.

We found this article from Divaina on 2014/04/06.