විවාහ පරික්‍ෂාවේදී වැදගත් බුද ග්‍රහයා

3347
විවාහ පරික්‍ෂාවේදී
විවාහ පරික්‍ෂාවේදී

විශ්වයේ ත්‍රීමූර්තිය ලෙස බ්‍රහ්ම – විෂ්ණු – ඊශ්වර යන සංකල්පය ජ්‍යෙdතිෂ වේදයෙහි සඳහන්වෙයි. සෘෂිවරුන් මෙවන් තීරණ ගෙන ඇත්තේ අහඹු අන්දමට නොවේ. ඒවා තුළ ඉතා ගුප්තමය අර්ථයක්‌ පවතින බැවිනි. මහා බ්‍රහ්මයාගෙන් සියල්ල හටගන්නා බව ජ්‍යෙdතිෂය බිහිකළ බ්‍රාහ්මණ වංශිකයෝ දැඩි ලෙස විශ්වාස කළහ. බුද්ධ දර්ශනය මෙයට පටහැනි වන්නේ හටගැනීම – වෙනස්‌වෙමින් පැවතීම හා නැතිවී යැම යන අනිත්‍ය ධර්මතා ලෙස දකින බැවිනි. එනිසා එකී සියල්ලේම අවසානය නිර්වාණය වන අතර එය ලෝකෝත්තර මාර්ගය වෙයි.

එනිසා බ්‍රහ්ම සංකල්පය ලෞකික මාර්ගය වෙයි. ලෝක තල අතරින් බ්‍රහ්ම ලෝක වල ආයුෂය හා පැවැත්ම දීර්ඝය. දීර්ඝවූ පැවැත්මකට සෞභාග්‍යය අත්‍යාවශ්‍ය කරුණකි. එනිසා පැවැත්ම පිළිබඳ සංකල්පය විෂ්ණු දෙවිඳු ලෙස සැලකෙයි. මේ සෑම දෙයකම විනාශය හෙවත් නැතිවී යැමද සත්‍යයකි. එනිසා එය ඊශ්වර දෙවිඳුට පැවරී තිබේ.

නවග්‍රහයන් අතරින් බුද ග්‍රහයා විෂ්ණු සංකල්පයට අයත්වෙයි. එනම් පැවැත්ම සංකේත කරන ග්‍රහයාය. එනිසා බුදගේ සුවිශේෂ ගුණයක්‌ වන්නේ ඔහු ඇසුරේ සිට හෝ දුරසිට දකින හෝ වෙනත් ග්‍රහයෙකුගේ ගති ගුණ වලට මිශ්‍රවී පැවැත්මක්‌ ඇති කිරීමය. එනිසා අනුන් අනුකරණය කරන කුඩා දරුවෙකුගේ ස්‌වභාවයක්‌ බුද ග්‍රහයා සතුව පවතී.

කෙනෙකුගේ පැවැත්මට මූලික වන්නේ ඔහුගේ මනසේ උපදින හැඟීම්ය. අදහස්‌ – උදහස්‌ – ආකල්ප ලෙස මෙම සියල්ල යම් පුද්ගලයෙකුගේ හැඟීම වෙයි. මේ හැඟීම හෙවත් සිතුවිලිවලට අධිපතියා වන්නේ බුදය. කෙනෙකුගෙන් කෙනෙකුට හැඟීම් වෙනස්‌ය. තවකෙනෙකුට හිතෙන දේ තවකෙනෙකුට වෙනස්‌විය හැක. එක්‌කෙනෙකුට සිතෙන දේ වැරදි විය හැක. ඒ දේ ගැනම තවකෙනෙක්‌ හිතන විදිය නිවැරදි විය හැකිය.

මේ ආදි වශයෙන් හැඟීම් විවිධ ලෙස එකිනෙකාගෙන් එකිනෙකාට වෙන්ස්‌වීම පිණිස බුදගේ පිහිටීමට අනුව අනෙක්‌ ග්‍රහයන්ගේ තත්ත්වයද බලපායි. ලග්නාධිපති – හතර වැන්න හා එහි අධිපති – සඳු ආදී ග්‍රහයන් ලබාඇති තත්ත්වයන් බුදගේ පිහිටීමට යම් බලයක්‌ ගොඩනගයි. ඒ අනුව විවාහ පරීක්‍ෂාවකදී එම යුවතිපති දෙදෙනාගේ අනාගත පැවැත්ම ඇතිකරන ඔවුනොවුන්ගේ හැඟීම් පිළිබඳ සොයා බැලිය යුතුය.

පොරොන්දම් විස්‌සෙන් පමණක්‌ විවාහ තීන්දු ගන්නේනම් එය හරියට අල ගෝනියක්‌ පරික්‍ෂා නොකර කිරා බලා පමණක්‌ මිල දී ගත්තාක්‌ වැනි සිදුවීමකි. එහි කුණු වූ අල තිබේද. වෙනත් දේවල් තිබේද. කල්තබා ගත නොහැකි වේද යන්න නොවිමසා සිදුකරන ලද ගනු දෙනුවක්‌ වගේය. එනිසා විශේෂයෙන්ම කේන්ද්‍ර දෙකේම ග්‍රහ පිහිටීම පරික්‍ෂා කිරීම පොරොන්දම් විස්‌සට වඩා වැදගත් කාර්යයක්‌ වේ. මෙහිදී විශේෂයෙන් සුදර්ශණ පරීක්‍ෂාව වැදගත්වේ.

මූල කේන්ද්‍රය අනුව සුදර්ශණ පරීක්‍ෂාව සිදුකිරීමටත් වඩා ස්‌ත්‍රි පුරුෂ කේන්ද්‍ර දෙක උපයෝගි කොට දෙදෙනාගේම ලග්නවලට වෙන් වෙන් වශයෙන් දෙදෙනාගේ ග්‍රහයින් පිහිටුවා තනාගන්නා සුදර්ශණ චක්‍රයකින් පරික්‍ෂා කිරීම වඩාත් යෝග්‍ය බව අපගේ අදහසයි. මේ අනුව බුදගේ පිහිටීම සැලකිල්ලට ගතයුතුය. එයට හේතුව පැවැත්ම පිළිබඳ බුද ග්‍රහයාගේ තත්ත්වය ඉවහල්වන බැවිනි.

විවාහ ජීවිතයක පැවැත්ම රඳන්නේ දෙදෙනාගේම පවතින හැඟීම් හා ආකල්ප අනුවය. කෙනෙක්‌ තුළ පවතින හැඟීම් හා ආකල්ප අනෙකා තුළ මනා ලෙස ගැලපේද – නොගැලපේද යන්න ශාස්‌ත්‍රීය වශයෙන් එයින් කිරාමැන බලාගත හැකිය. බුදගේ පිහිටීම අනුව පවතින ආකල්ප හා හැඟීම් ලග්නාදිපති – චන්ද්‍රයා සහ 4 වැන්න හා එහි අධිපති යන ග්‍රහ තත්ත්වයන් අනුව සස¹ කුමණ අන්දමට මේ හැඟීම් සහ ආකල්ප දෙදෙනා අතර ගලා යන්නේ දැයි පරීක්‍ෂාකර බැලිය හැකිය.

ඒ අනුව ආරවුල් සහිත වේද? නිරන්තර දෙදෙනා අතර ගැටුම් ඇතිවේද? දෙදෙනාට දෙදෙනා නොරිස්‌සුම් සහිතවේද? නැත්නම් අදහස්‌ සමවේද? දෙදෙනාගේ අදහස්‌වලට දෙදෙනාට දෙදෙනා අවනත වේද මේ ආදි වශයෙන් ගැඹුරු සොයා බැලීමක්‌ කළ හැකිය. විශේෂයෙන් බුද ග්‍රහයා වෘෂභ රාශිගතව සිටින්නේ නම් එම තැනැත්තාහෝ තැනැත්තියගේ සිත තද සිතකි. කිසිම අන්දමකට වෙනස්‌ කළ නොහැකි සිතකි. තමාගේ අදහසම ස්‌ථිර කිරීමටම කතාකරයි. මුරණ්‌ඩුය. හොඳට හෝ නරකට හෝ සිත බැඳුනොත් ඒදෙයම කරයි. මෙවැනි හැඟීම් බුද වෘෂභයේ සිටින අයට පවතී.

එසේම චන්ද්‍රයාගේ තත්ත්වයත් ලග්නය තුළ කටක රාශියේ ස්‌වභාවයත් ලග්නාධිපති හා ලග්නයේ ස්‌වභාවයත් හතර අධිපති හා හතර වැන්නේ ස්‌වභාවයත් එකට එකතුකර බුදගේ එම පිහිටීම අනුව සස¹ බැලිය යුතුය. එවිට එම තත්ත්වය ඇය හෝ ඔහුට සිත තුළ කුමන කුමන අන්දමින් එම තත්ත්වය බලපානේනේ දැයි තීරණය කළ හැක.

කටක රාශියේ බුදසිටි කල්හි කට්‌ට කපටිකම් කිරීමේ ශක්‌තිය පවතී. ප්‍රසිද්ධ වශයෙන් බොරුකියන කෙනෙක්‌ වීමේ ඉඩකඩ පවතී. ඕනෑම දෙයක්‌ අනුන්ට ඒත්තු ගන්වා තම වාසිය සලසා ගැනීමට දක්‍ෂ වේ. විශේෂයෙන්ම බුද ග්‍රහයා වෘෂ්චික රාශියේ සිටීනම් එම සිත් ස්‌වභාවය අතිශයින්ම දොaෂ ජනකය. පුදුම විදියේ අවිශ්වාස ඇතිවන සිතකි. ඇත්ත කිව්වත් බොරු ලෙස පිළිගන්නා සිතක්‌ නිසා එවැනි ඇත්තන් සමඟ කටයුතු කිරීම ඉතාම දුෂ්කරවේ. එනිසා විවාහ දිවිය තුළද ගැටුම් නිර්මාණය වෙයි.

බුද ග්‍රහයා මකර රාශියේනම් කුමන දේකින්වත් තෘප්තියක්‌ ලැබීමට අමාරුවෙයි. අනුන්ගේම වැරැදි දකින අවිශ්වාස සිතකි. එම අය සමගත් විවාහ දිවිය ගතකරන්නට සිදුවුවහොත් එවිටද ඉතා බලවත් ගැටලු ප්‍රශ්න මතු කරනු ඇත. එසේම සකසුරුවම් කමද පවතී.

බුද, මිථුන, කන්‍යා, සිංහ, තුලා, ධනු, කුම්භ, මීන ආදී රාශිවල සිටීම යහපත් වෙයි. මේ අනුව බුදගේ පිහිටීම් අනුව කෙනෙකුගේ පැවැත්මට තුඩුදෙන මානසිකත්ව මෙන්ම අදහස්‌ හා හැඟීම් නිර්මාණය වෙයි. විශේෂයෙන් ස්‌ත්‍රි කේන්ද්‍රයක බුද වෘෂභ හෝ වෘෂ්චික හෝ මකර හෝ භාවයක සිටින අතර පුරුෂයා ගේ වෙනත් ස්‌ථානයක බුද සිටීනම් පුරුෂයාගේ විවාහ ස්‌ථානයට හෝ දෙවැන්නට හෝ එම අධිපතියන්ට සුදර්ශණ කේන්ද්‍රයේදී දෘෂ්ටි වීම – සංයෝග වීම ඇත්නම් අනෙකුත් ග්‍රහ පිහිටීම්ද සැලකිල්ලට ගෙන යුගදිවි අනාගත තත්ත්වය සතුටු දායක වේද අසතුටු දායක වේද යන්න තීරණය කළයුතුය.

පොරොන්දම් 20 කෙරෙහි පමණක්‌ විශ්වාසය තබා විවාහ තීන්දු ගැනීම ගුණදායක නොවේ. විශේෂයෙන්ම බැලිය යුත්තේ දෙදෙනාගේ ග්‍රහ බලය සකස්‌වී ඇති අන්දමය. අඩු වයසින් මියගියාද, දරුණු රෝගයකට පත්වේද, දියුණුව අඩාලවේද, දරුඵල ඇතිවේද, ආදී සියල්ල මේ මගින් ප්‍රමාණවත් මට්‌ටමකට හඳුනාගත හැකිය. එය ස්‌වල්ප වේලාවකින් කළ නොහැක්‌කකි. පැය ගණනාවක්‌ බුද්ධියෙන් තෝරා බේරා ගත යුත්තකි.

We found this article from Divaina on 2013/05/24.
Also Sinhala to English Google word to word translation can be found here