විවාහ බාධාවට දුර්ගා මෑණියන්ගේ පිහිට පතන්න

3179
විවාහ බාධාවට
විවාහ බාධාවට

[ratings]

තමන් විසින් මෙලොවට බිහිකළ දරුවන් උස්‌මහත් කර උගන්වා යහපත් රැකියාවකට යොමුකර නිසි වයස සම්පූර්ණ වූ කල සුදුසු පරිදි ආවාහ විවාහ කටයුතු සිදුකර දීම දෙමව්පියන්ගෙන් දරුවන්ට ඉටුවිය යුතු යුතුකමක්‌ ලෙස බුදුදහමින් ද අවධාරණය කෙරේ.

එහෙත් අද බොහෝ දූ දරුන් උගත්කමින්, උසස්‌ තනතුරුවලින්, වත්පොහොසත්කම් වලින් රූපයෙන් ගතිගුණවලින් පොහොසත්ව සිටියත් කුමන හෝ අහේතුවකින් විවාහය සිදුවීම පමාවෙයි.

එවැනි අවස්‌ථාවල දෙමවුපියෝ තමන් මිය පරලොව ගිය කලෙක තම දුවට පුතාට පිහිටට සහයට ඉන්නේ කවුරුන්දැයි කියා තම තමන්ගෙන්ම ප්‍රශ්න කරමින් සුසුම් හෙළති.

තම දියණියගේ හෝ පුතණුවන්ගේ විවාහ පමාව සඳහා බලපාන බාධක ගැන පසුතැවෙනවා වෙනුවට එකී කාරණය සාර්ථක කර ගැනීමට දරුවාගේ මවට හෝ පියාට කළ හැකි අති ප්‍රබල සරල ශාන්තිකර්මයක්‌ “නැකත” අතිරේක ඔස්‌සේ ඔබ වෙත ඉදිරිපත් කරමි.

පළමුව ගතින් මෙන්ම සිතින්ද පිරිසිදුව භක්‌තිමත්ව බුදුන් වැඳ දේවතා මණ්‌ඩලයේ සියලුම දෙවියන්ට පිංපෙත් අනුමෝදන් කර දුර්ගා මෑණියන්ගේ රූපයක්‌ හෝ පිළිමයක්‌ ඉදිරිපිට ගිතෙල් පහනක්‌ දල්වා රතුමල්, සුවඳදුම් පූජා කර පහත දැක්‌වෙන ස්‌ත්‍රොaත්‍රය හඬනඟා නිවැරදිව දින 90 ක්‌ පුරා දිනකට 108 වර බැගින් ගෞරවපූර්වකව ගායනා කර තම දරුවාගේ විවාහය සඳහා බලපාන්නා වූ බාධා ඉවත්කර දෙන මෙන් ඉල්ලා සිටින්න.

“සදේවි නිත්‍යං පරිතප්‍යමාන
ධ්‍යාමේව සිතේත්‍යම් මාෂ මාණං ඃ
දාඨං වුතෝ රාජ සුතේ මහත්මා
තවෛව ලාභාය කෘත ප්‍රයත්තඃ”

මෙම අත්දුටු අතිප්‍රබල මන්ත්‍රය ගෝධූලි වේලාව නම් ඉතාමත් ශුභ හෝරාවෙහි ගායනා කිරීම අරඹන්aන. (එකී වේලාව සෑම දිනකම ඉර බසින්නට විනාඩි 12 කට පෙර සිට ඉර බැස විනාඩි 12 ක්‌ යනතුරු පවතී)

පංචශීලය ආරක්‍ෂා කරමින් නිර්මාංශව පිරිසිදු සිතින් භක්‌තිමත්ව ඉතා කැපවීමෙන් මෙම බලසම්පන්න ශාන්තිකර්මය සිදු කිරීමෙන් ඉක්‌මන් ප්‍රතිඵල ලැබිය හැකි වනවා ඇත.

We found this article from Divaina on 2012/05/25.
Also Sinhala to English Google word to word translation can be found here