ශනි අපලයට නොවරදින පිළිවෙත්

79
ශනි අපලයට

සෙනසුරු අපල ලබනවා යෑයි ඇසූ පමණින් බොහෝ දෙනකු ශනි අපලයට බියට පත්වෙති. එසේ වන්නේ ග්‍රහලොව නපුරුම ග්‍රහයා සෙනසුරු වන බැවිනි. එහෙත් සෙනසුරු ග්‍රහයා හැමවිටම අයහපත නොදෙන අතර කේන්ද්‍රයක යහපත් තැනක තැන්පත් වීමෙන් යහපත් ප්‍රතිඵල ද ගෙන දේ.

ජන්මීන් පෙර ආත්ම භාවයන්හි සිදු කළ අන්‍යයන්ට අවි ආයුධවලින් පහර දීම, අතපයට හානි සිදු කිරීම, දාමරික ක්‍රියාවල නිරතවීම, වයස්‌ගත අයට පහරදීම, හිංසා කිරීම වැනි ක්‍රියාවලට විපාක වශයෙන් ශනි අපලයට ගොදුරුවීමට සිදුවන අතර පහත දැක්‌වෙන ශාන්ති කර්ම අනුගමනය කිරීමෙන් ශනි අපල මගහරවා ගනිමින් සතුටින් ජීවිතයට මුහුණ දිය හැකිවේ.

ශනි අපලයට වත්පිළිවෙත්

සෙනසුරාදා දිනවල ශනි හෝරාවෙන් එනම් පෙ.ව. 6.00 -7.00 අතර හෝ රාත්‍රි 8.00 – 9.00 අතර කාලය තුළ බෝධියේ බස්‌නාහිර දිශාවේ තලතෙල්, අබතෙල්, එළඟිතෙල් මිශ්‍ර පහන් දල්වා නිල් කටරොළු, නිල් මානෙල් ඇතුළු නිල්මල් වර්ග සමග සුවඳ දුම් පූජා කරන්න. අපලකරුගේ උසට සාදාගත් නිල්කටරොළු මල් මාලයක්‌ සහ සෙනසුරු අපල දුරුවේවා යනුවෙන් ලියූ නිල් කොඩියක්‌ බෝධියේ බස්‌නාහිර දිශාවේ එල්ලන්න.

ශනි අපලයට

පෙරාගන්නා ලද පැන් කළයක්‌ ගෙන දෙවියන්ට ඉතා ප්‍රිය පිරිතක්‌ වූ කරණීය මෙත්ත සූත්‍රයෙන් 108 වරක්‌ පිරිත් කර බෝධිය නාවන්න. ශනි පීඩාහර ස්‌තෝත්‍රය 14 වරක්‌ ගායනා කර ශනි අධිපති විෂ්ණු දෙවියන්ට හා ජන්මියාගේ ඉෂ්ඨ දේවතාවන්ට පිං අනුමෝදන් කර සෙනසුරු අපල දුරුකර දෙන මෙන් ඉල්ලා සිටින්න.

ශනි පීඩාහර ස්‌තෝත්‍රය!

කෝණෝන්තතෝ රෞද්‍ර යමොථබභ්‍රෑඃ –

කෘෂ්ණඃ ශනිඃ පිංගල මන්ද සෞරිඃ

නිත්‍යං ස්‌මෘතයො හරතෙච පීඩාඃ – තස්‌මෛ

නමඃ ශ්‍රී රවිනන්දනාය

සුරාසුරඃ තිං පුරුෂොරගෙද්‍ර – ගාන්ධර්ව

විද්‍යා ධරපන්න ශෘශ්ව

පීඩ්‍යන්ති සර්වේ විෂමස්‌ථිතේන – තස්‌මෛ

නමඃ ශ්‍රී රවිනන්දනාය

නරෝ නරේද්‍රඃ පශවොමෘගෙද්‍ර –

වන්‍යශ්මයේ කීටපතාංග භෘංග

පීඩ්‍යන්ති සර්වේ විෂමස්‌ථිතේන – තස්‌මෛ

නමඃ ශ්‍රී රවිනන්දනාං

දේශාශ්ව දුර්ගාණිවනානි යත්‍ර – සේනානිවේශඃ

පුරපත්තනානී

පීඩ්‍යන්ති සර්වේ විෂමස්‌ථිතේන – තස්‌මෛ

නමඃ ශ්‍රී රවිනන්දනාය

තිලර්යෛ වෛර්මාෂගුඩානන්දානෛ –

ලෞහෙනනීලාම්බර දානතෝව

ප්‍රිණානි මන්ෙත්‍රෙර්නිජවාසරේව – තස්‌මෛ

නමඃ ශ්‍රී රවිනන්දනාය

ප්‍රයාගකුලේ යමුනාතටේච – සරස්‌වතී පුණ්‍ය

ජලේ ගුහායාම්

යෝ යෝගනාංධ්‍යාන ගතෝ පිසුක්‍ෂ්ම –

තස්‌මෛ නමඃ ශ්‍රී රවිනන්දනාය අන්‍යප්‍රදේශාත් ස්‌වගෘහං ප්‍රවිෂ්ටස්‌ – තදීයවාරේ

සනරඃ සු‚ස්‍යාත්

ගෘහාද්ගතෝ යෝන පුනඃ ප්‍රයානී – තස්‌මෛ

නමඃ ශ්‍රී රවිනන්දනාය

සුෂ්ටාස්‌වයං භුර් භුවනත්‍රයස්‍ය – ත්‍රානා

හරීෂෝ හරතේ පිනාතී

එකස්‌ත්‍රිධාසෘග්යජුඃ සාම මුර්තිස්‌ – තස්‌මෛ

නමඃ ශ්‍රී රවිනන්දනාය

දිනපතා රාත්‍රි නින්දනට පෙර ආගමික වතාවත්වලින් අනතුරුව පහත සඳහන් ශනි ස්‌තෝත්‍රය හා සෙත් කවිය 14 වර බැගින් ගායනා කර සෙත ප්‍රාර්ථනා කරන්න

ශනි අපලයට

ස්‌තෝත්‍රය

සූර්ය සූත්‍ර දීර්ඝදෙහො

විශාල ලක්‍ෂ ශිව ප්‍රිය

මන්දවාර ප්‍රසන්නානම්

පීඩා හරතු මේ ශනි

සෙත්කවිය

පුරිස ලකුණු දෙතිසක්‌ ගත වොර¹

අනිස දහම් මග හෙළි කළ පෙරදා

පුරිස දහම් සාරතිබල විහිදා

සෙනසුරු අපලය දුරලන් සැමදා

මැණික්‌ හා යන්ත්‍ර පැළඳීම

නිල් මැණික්‌ (කාකනිල්) ඇල්ලූ රන් මුදුවක්‌ දකුණු අතේ මැඳඟිල්ලේ පළඳින්න. නැතහොත් නුග කොළයක ආකෘතියකට සවිකර ගෙල පළඳින්න. ශාස්‌ත්‍රානුකූලව ප්‍රස්‌ථාරගත කර ගන්නා ලද ශනි මෘතුන්ජය පැළඳීමෙන් අපල මග හරවා ගත හැකිය.

ඖෂධ පැන් ස්‌නානය

බැබිල, විෂ්ණු ක්‍රාන්ති, ලොත් සුඹුල, කළාඳුරු අල, සතකුප්ප යන ඖෂධ වර්ග සිකුරාදා දින නැවුම් කළයකට දමා එයට පෙරාගන්නා ලද පැන් පුරවා පැය 12 කට පසු සෙනසුරාදා දින උදැසන සාමාන්‍ය ස්‌නානයෙන් පසු ඖෂධ පැන් කළය පෙරා ස්‌නානය කරන්න.

තම ගෙවත්තේ බස්‌නාහිර දිශාවේ නුග පැළයක්‌ රෝපණය කර නිතර එය ස්‌පර්ශ කරමින් සාත්තු කරන්න. පැන් වත් කරන්න. රැකබලා ගන්න. බස්‌නාහිර දිශාවේම නිල් කටරොළු මල්වැල් සිටුවා සාත්තු කරන්න.

පාද අහිමි අයට, කොරවූ පුද්ගලයන්ට, මහලු අයට සෙනසුරාදා දිනවල නිර්මාංශ ආහාර ලබාදෙන්න. නිල් පැහැති වස්‌ත්‍ර ලබාදෙන්න. දෙමාපියන්ට ඇප උපස්‌ථාන සත්කාර කරන්න.

සෙනසුරාදා දිනවල ශනි හෝරාව තුළ එළඟිතෙල් මිශ්‍ර කිරිබත් සාදා කපුටන්ට දීම ද එම දිනයේදීම බලු කපුටු දාන දීම ද සෙනසුරු අපල දුරු කරගත හැකි ශාන්ති කර්ම වේ.

We found this article from Divaina on 2013/11/17.