ශබ්ද විද්‍යාවේ හරය හා බලය

0
774
ශබ්ද
ශබ්ද

[ratings]

විද්‍යාව හා අවිද්‍යාව යනු දැනීම හා නොදැනීම වේ. බුදුදහමේද එය සම්‍යක්‌ දෘෂ්aටික හා මිත්‍යා දෘෂ්ටික යනුවෙන් දෙයාකාරයි. ලෝකය තුළ පවතින විද්‍යාත්මක ස්‌වභාවය (+) හා සෘණ (-) වශයෙන් දෙකකි. මේ විශ්වය තුළ පවත්නා සෑම බලයකම විරෝධ අවිරෝධතාව තුළින් යහපත් හා අයහපත් ප්‍රතිඵල උදාකර දෙනු ඇත. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යන පංච ශක්‌තීන් මූලිකව ජීව හා අජීවි සියලු වස්‌තූන් බිහිවීමත්, විනාශ වීමත් සිදුවීම මූලික ධර්මතාව වේ. ඉපැරැණි පෙරදිග සෘෂිවරුන් නමැති මහා ඥන සම්භාරයකින් පරිණත විද්‍යාඥයන් විසින් සියලුම වෛද්‍ය ක්‍රම ඇතුළු සමස්‌ත ශාස්‌ත්‍ර මේ විශ්වයට බිහිකර දෙන ලදහ. ඉන්පසුව අපරදිග විද්‍යාඥයන් විසින්ද සෑම නව සොයා ගැනීමක්‌ම වර්තමාන තාක්‍ෂණ යුගය දක්‌වාම ශාස්‌ත්‍ර හරහා ලොවට දායාද කර දුන් බව අප අපක්‍ෂපාතීව සිහියේ තබා ගත යුතු වන අතර ඒකපාක්‍ෂිකව ඡන්දයෙන් අගතියට නොයා යුතුය.

එදා රාවණා යුගයේ සහ ඊටත් පෙර සිට විද්‍යාත්මක සොයාගැනීම ප්‍රාථමික මට්‌ටමින් සිදුවූ අතර, රාවණාගේ දඬු මොණර යන්ත්‍රය, අහස්‌ යාත්‍රාව සොයාගැනීමට පෙර බිහි වූ ආකාශ යානයයි. පණ්‌ඩුකාභය උපතට පෙර, මව වන චිත්‍රා කුමරියගේ ප්‍රේමය සපල කර ගැනීමට ලංකාවේ සිටි දක්‍ෂ ඉංජිනේරුවකු වූ “මහා මාගධි” විසින් “කර්කටක යන්ත්‍රය” තනාදී එමගින් නූලක්‌ එක්‌ටැම් ගෙයට යවා කඹය ගැට ගසා උදව් කළ බවට ලංකා ඉතිහාසය දෙස්‌ දෙයි. එදා ආකිමිඩීස්‌ගේ නිගමනය බිහි වූයේ නාන තටාකයක්‌ තුළදීය. යම් වස්‌තුවක්‌ ජලයට වැටීමේදී ඇති වන තෙරපුමේදී එම වස්‌තුවට සමාන ජල ප්‍රමාණයක්‌ පිටතට ගලා යැම වසර ගණන් පර්යේෂණ කළ ඔහුට හෙළිවිණි. ඔහු එදා මම “සොයා ගත්තෙමියි” කියමින් නිරුවතින් දිව්වේ නව සොයා ගැනීමේ උද්දීපනයෙනි. අප වටා ඇති සියලුම හිස්‌තැන්වල වායුව පිරී පවතී. නමුත් එය ඇසට නොපෙනේ. නිදසුනක්‌ ලෙස කෝටුවක්‌, ඉරටුවක්‌ වැනි දෙයක්‌ උඩට හෝ පහලට නැතිනම් දෙපසටද කරකවා බලමු. එවිට ක්‍රීස්‌ ක්‍රීස්‌ ශබ්දයක්‌ නැඟේ. ඉන් ප්‍රත්‍යක්‍ෂ වනුයේ වායුව පවතින බවයි. විදුලිය අපිට කොහි තිබේදැයි වයර් (රැහැන්) වලින් නොපෙනේ. නමුත් ස්‌විච් එක්‌ක දැමූ විට බල්බය දැල්වී විදුලිය ඇති බව පෙන්වයි. මෙවැනි නිදසුන් සිය ගණනක්‌ විද්‍යාව තුළින් සොයා ගෙන ඇත. මෙයට පරිබාහිරව ගුප්ත විද්‍යාත්මක හා ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක, ශබ්ද විද්‍යාත්මක හරයන් තුලින් චින්තන ශක්‌තිය ද උපයෝගී කරගෙන ප්‍රතිඵල ලද විද්‍යාවන්ද අර්ධ විද්‍යාත්මකව ලෝකයාට සෙත සලසා ඇති බව හා දැනුදු සෙත සලසන බැව් අවබෝධ කරගත යුතුය.

සිත තුළින් විහිදෙන තරංග ශක්‌තීන් හා මෛත්‍රියද උපයෝගී කර මානසික හා ශාරීරික සෙත හා නරක කිරණ ශක්‌තීන් බිඳ දමමින් සෙත මෙන්ම විටෙක (විවිධ ශාස්‌ත්‍ර ඔස්‌සේ) විපත හා සැපත උදාකර දෙයි. මනෝප්‍රතිකාර මානසික විද්‍යාව බෝධි පූජා යනාදී අංශවලට දැන් දැන් යොමු වීමෙන් හා එක්‌කර ගැනීමෙන් විද්‍යාව සමග මානසික හා චිත්ත ශක්‌තීන් හා කිරණ බලපාන බැව් පිළිගැනීමට කදිම සාධකයකි. පෙරදිග බිහි වූ චීන කටු වෙදකම ආයුර්වේද සිද්ධ යුනානි යන විවිධ ප්‍රතිකාර ක්‍රමවලදී පංච මහා භෞතික සංකලනයෙන් නිර්මිත සත්වයාද එම පංච මහා බලය මිශ්‍රිත පැලෑටි සාරයන් හා ඖෂද වලින් ප්‍රතිකාර කොට සුවය ලැබූහ. දැනුදු ලබති. එවක පෙරදිග රටවල ශල්‍යකර්ම පවා තිබූ බවට ඉන්දියාවේ අයද ලංකාවේ බුද්ධදාස වැනි රජුන් ද නිදසුන් ලෙස දැක්‌විය හැකිය.

එමෙන්ම පෙරදිග වෛද්‍යවරු ආයුර්වේදය තුළින් මිනිසාගේ ආයුෂ දිගු කළහ. ඊට සෘෂීන් විසින් යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර, තොවිල්, පවිල් ද උපයෝගී කරගෙන එමගින් ශාරීරික මෙන්ම මානසික දෙඅංශයෙන් ද වස්‌කවි නොහොත් ශබ්ද ශාස්‌ත්‍රයෙන්ද විවිධ විස්‌කම් පෑහ. අදත් පෑමට අවකාශ ඇත. ඒ නිසා විද්‍යාව පමණක්‌ නොව එයට අදාල කරගත යුතු හැම අංශයක්‌ම උපයෝගී කර ගැනීම බුද්ධිමත් අංශවල වගකීම විය යුතුමය.

නිදසුනක්‌ කිවහොත් මිනිස්‌ හදවතේ ඇති රෝගයක්‌ එක්‌ස්‌රේ (ඞ- කිරණ) තුළින් හඳුනාගත හැකි නමුත් ඒ හදවතේ සිතුම් පැතුම් ගැන එවලේ එයට විවරණයක්‌ කළ නොහැක. නමුත් දැනටත් ඒ සඳහා ද උත්සාහයක්‌ ගනිමින් විද්‍යාඥයෝ පරීක්‍ෂණ පවත්වති. නමුත් මිනිස්‌ හෝ සත්ව මනසේ ක්‍ෂණික තත්ත්වයන් පැවසීම අසීරු වනු ඇත.

විද්‍යාව, ආයුර්වේදය යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර විද්‍යාවන් සමග ලොවට පංච පොලෝ ජල ගින්දර වායු සහ ආකාශ (හිස්‌ බව) ශක්‌තීන් තුළින් අවශ්‍ය පරිදි සංකලනය කොට චිත්ත ශක්‌තීන්ද එක්‌ කරමින් සැපත මෙන්ම දඬුවම්ද ළඟා කළ හැක. සෙත්කවි හා වස්‌කවි තුළින් ඉපැරැණියන් බොහෝ විවිධ දස්‌කම් පෑහ. අදත් ශාස්‌ත්‍රවන්තයෝ එය පාති. එදා හෝ අද ප්‍රතිඵල නොවිනිනම් කවර යුගයක හෝ ජනතාව ඒවා තවදුරටත් පිළිගනීද? පවත්වාගෙනයාද? ශබ්ද විද්‍යාව සැකසුවේද “පුලස්‌ති” සෘෂිවරයාණන් වැනි විද්‍යාඥයන් හා පෙර අපරදිග සිටි විද්වතුන් විසිනි. මෙම ශබ්ද විද්‍යාවට ආගමක්‌ හෝ ආගම් භේදයක්‌ ඇත්තේ නැත. ඉහත සඳහන් කළ විශ්ව “සංනායක ජාලයට” සංනායක ශක්‌තියයි කියමි. එහි ධන (+) ආකල්ප හොඳ (පින්) ලෙසත් සෘණ (-) ආකල්ප නරක (පව්) ලෙසත් “කර්මය” යනුවෙන් ප්‍රතිඵල ලබා දෙයි. බුදු සමයේදී මෙන්ම වර්තමාන යුගයේදීද, අඳ, ගොලු, බිහිරි, හදිසි විපත්, මරණ, මෙන්ම ලැබීම්, වාසනාව, රෝග සුව කිරීම් ආදී දහසක්‌ ප්‍රතිඵල දෙයි.

ලෝකප්‍රසිද්ධ විද්‍යාඥයෙකු වූ එඩ්ගා කේසි මනෝවිද්‍යාඥයා පුද්ගලයන් 25000 ක්‌ පමණ ස්‌වයං මෝහනයට පත්කර, අධි මානසික නින්දකට පත්කරවා රෝගයට හේතූන් සොයාගෙන ඒවාට ප්‍රතිකාර කර තිබේ. එක්‌ කලෙක දකුණු අප්‍රිකාවේ ගෝත්‍රික නායකයෙක්‌ව සිටි කාලයේදී එම ගෝත්‍රික නායකයෝ තමන්ගේ ගෝත්‍රයේ නොවන සිරකරුවන් අසු වූ විට රත්කළ යකඩ කූරකින් ඔවුන්ගේ ඇස්‌ අන්ධ කරවීය. ඔහු මේ භවයේදී මහාචාර්ය වරයෙක්‌ව ඉපිද තිබුණත් ඔහුගේ ඇස්‌ අන්ධය. මොහු එඩ්ගා කේසි මනෝ විද්‍යාඥයා ළඟට පැමිණි පසු මෝහනයෙන් රෝගයට හේතුව සොයා ගත්තේ ඔහු ලවාමය. මහාචාර්ය වරයාගෙන් කියවුනේ ඉහත ආත්මයේදී තමන ගෝත්‍රික නායකයෙක්‌ව සිට කළ ඇස්‌ අන්ධ කිරීම ඊට හේතු වූ බවයි.

මෙවන් උදාහරණ දහස්‌ ගණනකි. “එඩ්ගා කේසි” කළ සාර්ථක මනෝ විශ්ලේෂණ ප්‍රතිඵල පරිදි කර්මය හා බුදු දහමත් සාදාතනිකයි. දිට්‌ඨ ධම්ම වේදනීය කර්මය යනු එම භවයේදීම ප්‍රතිඵල දීමයි.

1. දිට්‌ඨ ධම්ම වේදනීය කර්ම – එම ආත්මයේම විපාක දෙන කර්ම

2. උප්ප-ද කර්ම දෙවෙනි ආත්මයේදී විපාක දෙන කර්ම

3. අපරාපරිය වේදනීය කර්ම – ඉඩ ලද විට විපාක දෙන කර්ම

4. අහෝසි කර්ම – විපාක නොදී අහෝසි වීයන කර්ම

ඉහත කර්ම වලින් ඉඩ ලද විට විපාක දෙක කර්ම හා රෝග නිරාවරණය පැනගියවුන් ගෙන්වීම, ආදී නිවැරදි දේට සෙතද සොරකම අයුතු සතුරුකම් වැනි දේට දඬුවම් ද දිය හැකිය. පඨවි ආපෝ තේජෝa වායෝ අකාශ යන පංච භූතයින් නොහොත් පංච ශක්‌තිSන් ජයග්‍රාහකයන් වූ රාහු හා කේතු හැර අනික්‌ ග්‍රහයින් හත් දෙනාට අධිපතීන්/වංශ/හා වරණි වශයෙන් ද වෙන්කර තිබේ. විපාක වශයෙන් ගණවලට ජය තේජස සෙත්, ආයු, ලෙඩ දුක්‌ශෝක, මරණ විපත්ද දෙයි. ජ්‍යෙතිර් විද්‍යාව අනුව කර්ම විපාක මෙන්ම බුදු දහම අනුව කේන්ද්‍රයේ ස්‌ථාන 12 අවිඡ්ජා පච්චයා ආදී වශයෙන් මේ භවය හා පෙර භවයන්ගේ හොඳ නරක කර්ම විපාක වල ප්‍රතිඵල දෙන බව විද්‍යාත්මකව හදාරණ අයට පෙන්වනු ඇත. ශබ්ද විද්‍යාවේදී (සෙත්කවි – වස්‌කවි ශාස්‌ත්‍රයේදී) එදා සෘෂි භාෂිත පංචභූත වක්‍රය අද අප තේරුම් ගන්නේ පංච විශ්ව ශක්‌තීන් ලෙසයි. මෙහිදී වෛද්‍ය විද්‍යාත්මකව ඇති වාත, පිත, සෙම යන ත්‍රිදෝෂයන් උදෙසා අක්‌ෂර 49 ක්‌ද පංචමහා භූත චක්‍රය අනුව මිශ්‍ර සිංහලයට එක්‌වී ඇත. මේ අක්‌ෂර ඉහත කොටස්‌ 5 (පංචභූත) ට බෙදේ. එම අක්‌ෂර සංකලනය නියම ශබ්ද විද්‍යාත්මක හා වෛද්‍ය විද්‍යාත්මකවද වෙන් කිරීමක්‌ බැව් අපගේ අත්හදා බැලීම් තුළින් ශබ්ද විද්‍යාවේ සෙත් කවි තුළින් අත්දුටු ප්‍රතිඵල ලබාදී ප්‍රත්‍යක්‌ෂ කරගෙන සිටින බැව් නිහතමානීව සඳහන් කරමු.

අෂ්ට ගුරුළු යෝනි චක්‍රය හා අ.ඔ.ත.ල. වක්‍රයද අනුව පුද්ගලයාට හෝ නමට උචිත පරිදි යොදා නැකත් 28 න් ඔහුට හෝ ඇයට අහෝසි කළ හැකි කර්ම පමණක්‌ පින් නොහොත් හොඳ තුළින් ඉවත් කළ හැක. ඒ සඳහා වෛද්‍ය විද්‍යාව, ආයුර්වේද විද්‍යාව, හා ශබ්ද ශාස්‌ත්‍රය පිහිට වේ. මේ එකක්‌වත් බැහැර කළ නොහැකි බැව් තර්තානුකූලව සොයා බැලූ විට පෙනේ. තම තමන් කළ හොඳ නොහොඳවල විපාක තම තමන්ම ලැබිය යුතුයි. නමුත් තවත් කෙනෙකුට යම් පමණක්‌ හෝ පිහිටක්‌ විය හැක්‌කේ පංච භූත ශක්‌තියට ඈඳුන ඉහත කී විවිධ විද්‍යාවන් තුළිනි. ඒවාටද නොහැකි කාර්යයන් ඇති බැව් තරයේ වටහා ගත යුතුමය. ඊට නිදසුනකි බුදුන් වහන්සේ පවා හොඳ තැනකට යැමට හොඳම සෙත්කවි තුනින් (යෝවද තම්පව රෝමණු ඡේසු ආදී ගාථා තුනින්) ඡත්ත මානවකයාගේ ඊළඟ දිවිය සැපවත් කිරීමට අවකාශ ලබා දුන් සේක. පූර්වයේ කළ අති මහත් පවක්‌ හේතුවෙන් මරණය වලකනු බැරි බව එතුමෝ දිවැසින් දුටුබව අප දනිමු. මෙම ගාථා තුනේ ගුණය ගණ හා අක්‌ෂර බුද්ධිමත්ව වටහාගත යුතුය.

සිංහල බසේද අනිකුත් පාලි සංස්‌කෘත භාෂාවල හා මාගධි භාෂාවන්හිද නිර්මාණය මිනිස්‌ සිeරරට සත්ව සිරුරට ඔබින ලෙසද පංච ශක්‌තීන්ට සැසඳෙන ලෙසද සැකසී ඇත. එනිසා සිංහල බසේ ශබ්ද විද්‍යාව ද අ.ඉ.උ.ඒ.ඕ. ශබ්ද පහක්‌ මුල්කරගෙන සෑදී තිබේ. ලොව කවර බසක නමක්‌ වචනයක්‌ ගත්තත් මේ ශබ්ද පහෙන් පිට ශබ්දයක්‌ වේද? නැත. ඒ අනුව ශබ්ද ශාස්‌ත්‍රයත් විශේෂයෙන් සිංහල භාෂාවට උරුම කළ පඬිවරුන්ට අපගේ ප්‍රණාමය පළමුව පුදකළ යුතුවෙමු. ඊළඟට ගණ වශයෙන්ද 8 කට බෙදා ඒවා සෙත් ගණ 4 කුත් – විපත් 4 කුත් ලෙස වෙන්කර ඒවා සංකලනයෙන් නමට උචිත පරිදි යොදන අක්‌ෂර ද ඇත. එහි ප්‍රතිඵලද කොටස්‌ කෙරේ. තත්කාල පුර. අවදින. පංචපක්‌ෂි (පංච භූත විශ්ව ශක්‌තියට අදාළ) යන අංශ සහ තවත් විවිධ ක්‍රම තිස්‌ ගණනාවක්‌ පමණ විමසා බලා නරක තීරණ ශක්‌තීන් ඇති අව මර දග්ධ රික්‌තා, විෂ්ටි, රාහු කාල, ගිනි( සාගර) හෝරා, අසුබ දිශා මරු සිටින දිශා ආදිය හැර ශුභ දිනක ශූභ දිශා හා ශූභ නැකැත් යොදා සෙත් කවිද අනික්‌ පසට නැඹුරු වී දක්‌ෂ ශබ්ද විද්‍යාඥයෝ අයුතු දේට දඬුවම් සඳහා පමණක්‌ වස්‌කවි ද පබඳිති.

ඉහත සඳහන් සියලු කරුණු සලකා බලන විට ශබ්ද ශාස්‌ත්‍රය මෙන්ම මානසික විද්‍යාවත් ඊට මුල්වී ඇත. ඒ අනුව විද්‍යාවත් පෙර අපර වෛද්‍ය ශාස්‌ත්‍රත්, ජ්‍යෙතීර් විද්‍යාවත්, ශබ්ද විද්‍යාවත් බුදු දහමේ මූලික හරයත් සමග සදා කල්හිම මිනිස්‌ වර්ගයාට එකාවන්ව සෙත සලසනු ඇති බැව් නොබියව පැවසිය යුතුය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here