ශිල්පෙට ගැලපෙන නැකත මෙසේයි

3561
නැකත
නැකත

අස්‌විදාදී නැකැත් සත් විස්‌සකි. ස්‌ථිර නැකත් සහ චංචල නැකත් වශයෙන් නැකත් විසිහත කොටස්‌ දෙකකටද අධෝමුඛ, ඌර්ධව මුඛ සහ තීර්යක්‌ මුඛ නැකත් වශයෙන් කොටස්‌ තුනකටද බෙදෙයි. ස්‌ථිර සහ චංචල නැකත් වර්ග දෙකට පිළිවෙළින් සවස නැකත් සහ අප සව්‍ය නැකත් යනුවෙන්ද පර්යාය වේ. සව්‍ය කොටසට අයත් වනුයේ අස්‌විද බෙරණ, මුවසිරස, පුෂ, මා, උත්‍රපල්, හත, සා, උත්‍රසල, දෙනට, සියාවස, පුවපුටුප යන නැකත්ය. අප සවස කොටසට අයත් වනුයේ කැති, රෙහෙණ, අද, පුනාවස, අස්‌ලිය, පුවල්, සිත, විසා, අනුර, දෙට, මුල, පුවසල, සුවණ, උත්‍රපුටුප, රේවතී යන නැකත්ය.

මෙසේ නැකැත් විසිහත කොටස්‌ දෙකකට බෙදා දැක්‌වූවා සේම යළි තවත් කොටස්‌ තුනකට බෙදෙන බව ඉහත දැක්‌වුණි. ඒ අනුව මුල අස්‌ලිය, කැති, විසා, පුවපල්, පුවසල, මා, බෙරණ යන නැකත් නවය අධෝමුඛ නැකත් වේ. අද, පුෂ, සුවණ, දෙනට, සියාවස, උත්‍රසල, උත්‍රපුටුප, රෙහෙණ යන නැකත් නවය ඌර්ධව මුඛ නැකත් වේ. මුවසිරස, හත, සිත, සා, අනුර, දෙට, පුනාවස, අස්‌විද, රේවතී යන නැකත් නවය තීර්යක්‌ මුඛ නැකත් වේ. ඒ ඒ කොටසට අයත් නැකත්වලින් කළ යුතු කටයුතුද තිබේ. ඒවා ද ඔබගේ දැන ගැනීම පිණිස දක්‌වතොත් මැනවි යෑයි සිතේ.

ඌර්ධව මුඛ නැකත් ශුභ වන්නේ රාජ්‍යභිෂේකය, වෙස්‌බැඳීම, නිල ඇඳුම් ඇඳීම, යන කටයුතුවලටය.

තීර්යක්‌ මුඛ නැකත් සුබ වන්නේ රථවාහන සම්බන්ධ කටයුතු ඇත් අස්‌ ගව ආදී සතුන් හික්‌මවීම, වී ආදී ධාන්‍ය වැපිරීම, නැව්, ඔරු, පාරු ආදියේ ගමන් ගැනීම යන කටයුතුවලටය.

මෙකී කරුණු කාරණාවලට අමතරව තවත් බොහෝ දෑ සඳහා නැකත් විසිහත ඒ ඒ අවශ්‍යතාව අනුව තෝරා ගනී.

නැකත් විසිහතෙන් පටන් ගත යුතු ශිල්ප ශාස්‌ත්‍ර එකින් එක පහත පළ කෙරේ.

අස්‌විද – ආයුර්වේදය, නැකත් ශාස්‌ත්‍රය, රථවාහන හැසිරවීම

බෙරණ – අස්‌ ඇත් ගව ආදී සතුන් හික්‌මවීම

කැති – ගිනි සිසිල කර්ම, අග්නි පූජා

රෙහෙණ – ආර්ථික විද්‍යාව, ගෘහ විද්‍යාව, නක්‍ෂත්‍රය, වේද ශාස්‌ත්‍ර, කඩු ශිල්පය

මුව සිරස – සංගීතය, ගෘහ විද්‍යාව, සටන් කලාව

අද – ගණිතය, ගෘහ විද්‍යාව, සටන් කලාව, නැටුම්

පුනාවස – හස්‌ත රේඛා ශාස්‌ත්‍රය, ශබ්ද ශාස්‌ත්‍රය, නැකත් ශාස්‌ත්‍රය, මන්ත්‍ර ශාස්‌ත්‍රය, ආයුර්වේදය, සංගීතය, නිමිති ශාස්‌ත්‍රය, නැටුම්

පුෂ – ගණිත ශාස්‌ත්‍රය, සටන් කලාව, නැකත් ශාස්‌ත්‍රය, ආයුර්වේදය, ගෘහ විද්‍යාව, ආයුධ අභ්‍යාස

අස්‌ලිය – රසායනික විද්‍යාව, ඉතිහාසය

මා – ඉතිහාසය

පුවපල් – මන්ත්‍ර ශාස්‌ත්‍රය, මරණ කර්ම

උත්‍රපල් – තර්ක ශාස්‌ත්‍රය, ආයුධ අභ්‍යාස

හත – හස්‌ත රේඛා ශාස්‌ත්‍රය, නක්‍ෂත්‍රය, ගණිතය, නාට්‍යකරණය

සිත – තර්ක ශාස්‌ත්‍රය, ගණිත ශාස්‌ත්‍රය

සා – ජ්‍යෙdතිෂය, සූප ශාස්‌ත්‍රය, සටන් කලාව, සංගීතය

විසා – ජ්‍යෙdතිෂය, තාරකා විද්‍යාව

අනුර – නක්‍ෂත්‍රය, නීති ශාස්‌ත්‍රය, කාව්‍යකරණය හා නාට්‍යකරණය, ගෘහ විද්‍යාව

දෙට – ඉතිහාසය, නීතිය, දුනු ශිල්පය

මුල – මන්ත්‍ර ශාස්‌ත්‍රය

පුවසල – රසායන විද්‍යාව, කිමිදුම් ශිල්පය

උත්‍රසල – රසායන විද්‍යාව, සටන් කලාව

සුවණ – ධර්ම ශාස්‌ත්‍ර, නක්‍ෂත්‍රය, ආයුධ ශිල්පය, සටන් කලාව

දෙනට – ආයුර්වේදය

සියාවස – සතුන් පිළිබඳ කටයුතු, ආයුර්වේදය

පුවපුටුප – ගෘහ විද්‍යාව, මැණික්‌ පිළිබඳ හැදෑරීම

උත්‍රපුටුප – ධර්ම ශාස්‌ත්‍ර, සටන් කලාව හා ආයුධ ශිල්පය

රේවතී – ආයුර්වේදය, ධර්ම ශාස්‌ත්‍ර, ගණිතය, වාදනය, සටන් කලාව

We found this article from Divaina on 2013/07/21.
Also Sinhala to English Google word to word translation can be found here