ශුභ පල දෙන ග්‍රහ යෝග

0
1578
ශුභ පල
ශුභ පල

[ratings]

ජය යෝගය

හය අධිපතියා නීච නම් ද දහය අධිපතියා උච්ච නම් ද ජය යෝගයෙන් උපත ලද්දෙකි. මේ යෝගයෙන් උපන්නොත් සියලු ආකාරයේ ජයග්‍රහණ හිමි වන්නේය. දීර්ඝායුෂ විඳින ප්‍රීතිමත් ජීවිතයක්‌ ගත කරන්නට ලැබෙයි.

රවි යෝගය

දහවැන්නේ රවිද දහය අධිපතියා ශනි සමඟ තුන්වැන්නේද වෙතොත් රවි යෝගය යෙදේ. මෙයින් උපන්නොත් පාලනයෙහි දක්‍ෂ කෙනෙක්‌ වේ. උසස්‌ පුද්ගලයන්ගෙන් ගරු සැළකිලි ලබයි. ප්‍රසිද්ධ වේ.

චිත්‍ර යෝගය

දෙවැන්නාධිපතියා නවවැන්නේද නවය අධිපතියා එකොළොස්‌වැන්නේද එකොළොස්‌වැන්නාධිපතියා උච්චව ද සිටීමෙන් චිත්‍ර යෝගය උදාවෙයි. ඉගෙනීමෙහි දක්‍ෂයෙකි. බලවන්තෙයෙක්‌ ද වේ. දීර්ඝායුෂ ලබයි.

ගජකේෂරී යෝගය

ගුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් කේන්ද්‍රස්‌ථානයක සිටීමෙන් ගජකේෂරී යෝගය යෙදේ. මෙම යෝගයෙන් උපන්නොත් සැමගේ ගෞරවාදරයට පාත්‍ර වේ. ධනවත් වේ. නිර්ලොභීය. දීර්ඝායුෂ ලබයි. මරණින් මතු ද හොඳ නාමය පවතී.

අධි යෝගය

මෙය දෙයාකාරය. ලග්නයෙන් හය, හත, අට යන භාව ස්‌ථානයන්හි ශුභ ග්‍රහයෝ සිටිත් නම් ලග්න අධි යෝගයයි. චන්ද්‍රයාගෙන් හය, හත, අට යන භාවස්‌ථායන්හි ශුභ ග්‍රහයෝ සිටිත් නම් චන්ද්‍ර අධියෝගයයි. මේ යෝගයෙන් උපන් තැනැත්තා නීරෝගිය. දීර්ඝායුෂ ලබයි. ධනවත් වේ. පිරිසකට නායකයෙක්‌ වන්නේය. විශ්වාසනීය පුද්ගලයෙකි.

ලක්‍ෂ්මී යෝගය

ලග්නාධිපතියා බල සහිතව සිටිද්දී නවය අධිපතියා කේන්ද්‍රගතව හෝ ත්‍රිකෝණස්‌ථානයක උච්චව හෝ ස්‌වක්‌ක්‍ෂේත්‍රව සිටීමෙන් මෙම යෝගය යෙදේ. මෙයින් උපන්නොත් අධ්‍යාපනය යහපත්ය. අනන්‍යයන්ට ප්‍රිය අවංක පුද්ගලයෙකි. ධනවත් වේ. ගරු සැළකිලි ලබන පාලකයෙක්‌ වෙයි.

නළ යෝගය

සියලුම ග්‍රහයන් උභය රාශිවල තැන්පත් වීමයි. එනම් මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශි වලයි. නිතර ඥතීන්ගේ යහපත පතන අතර ඔවුන්ට උදව් උපකාරද කරයි. කාර්ය ශූරයෙකි. ධාර්මික ගති ඇත.

ත්‍රිලෝචන යෝගය

රවි, සඳු සහ කුජ යන ග්‍රහයෝ ඔවුනොවුන් කෙරෙන් ත්‍රිකෝණගතව සිටීමෙන් මෙම යෝගය යෙදේ. ත්‍රිලෝචන යෝගයෙන් උපන්නොත් ඉසුරුමත්ව දිවිගෙවන්නට වරම් ලැබේ. සිය සතුරන් මැඩලමින් ජය ලබයි. මැනවින් ශිල්ප උගනී. දීර්ඝායුෂ සහිතය.

ධර්ම යෝගය

ගුරු සිකුරු සහ එකොළොස්‌වැන්නාධිපති නවවැන්නේ සිටියදී දෙවැන්නාධිපතියාගේ දෘෂ්ටියට ලක්‌වේ නම් මෙම යෝගය යෙදේ. මේ යෝගයෙන් උපන් තැනැත්තා නිර්භීත ගතිගුණයෙන් සමන්විතය. සැපවත් දිවියකට භාග්‍යය ඇත. බලසම්පන්නය. සවිමත් නීරෝගී ශරීරයකින් හෙබිය.

නිදහස්‌ මතධාරීය. සාධාරණය.

– නාගේන්ද්‍ර යෝගය –

ගුරු ග්‍රහයාගේ ශුභ දෘෂ්ටි ලත් නවය අධිපතියා තුන්වැන්නේ සිටීමෙන් නාගේන්ද්‍ර යෝගය යෙදේ. මේ යෝගයෙන් උපන්නොත් උගත් පැහැදිලි බුද්ධියකින් හෙබිය. ශක්‌ති සම්පන්න සිරුරකි. ප්‍රසිද්ධ වන්නට ද ගරු නම්බු හරසර ලබන්නට ද භාග්‍යය ඇත.

We found this article from Divaina on 2011/12/02.
Also Sinhala to English Google word to word translation can be found here

Please follow and like us:

Leave a Reply

avatar
2000
  Subscribe  
Notify of