සඳුගේ අපල දුරුකර ගැනීමට නොවරදින පිළිවෙත්

1746
සඳුගේ
සඳුගේ

ගෙදර බුදුන් නැතහොත් දෙවන බුදුන් යන උත්තරීතර ගෞරව නාමයන්ගෙන් පිදුම් ලබන්නා වූ මෑණියන් නොසලකා හැරීමත් ජයශ්‍රී මහා බෝ සමිඳුන් ලක්‌දිවට වැඩමවා වූ සංඝමිත්තා තෙරණියගේ පරපුරෙන් පැවත එන මෙහෙණින් වහන්සේලා, දසසිල් මාතාවන් ඇතුළු සිල්වත් ස්‌ත්‍රීරත්නය නොසලකා හරිමින් අකටයුතුකම් සිදුකිරීමටත් පෙර ආත්මයන්හි මත්ද්‍රව්‍ය මත් වතුර ජීවිතයේ කොටසක්‌ කරගත් ජන්මීන්ට මේ ආත්මභාවයේදී විපාක වශයෙන් සඳුගේ අපලයෙන් පීඩා විඳීමට සිදුවේ. එවන් අවස්‌ථාවල පහත සඳහන් වත් පිළිවෙත් නිසියාකාරව ඉටුකිරීමෙන් සඳුගේ අපලය මහහැරගත හැකිය.

සඳුගේ අපලයට වත් පිළිවෙත්

සඳුදා දිනයේ සඳු හෝරාවෙන් එනම් උදේ 6.00 – 7.00 හෝ රාත්‍රි 8.00 – 9.00 අතර කාලය තුළ බෝධියේ වයඹ දිශාවේ එළඟිතෙල් පහන් දල්වා සුදු නෙළුම්, සුදු අරලිය, සමන්පිච්ච ආදී මල් සමග සුවඳ දුම් පූජා කර “සඳුගේ අපලය දුරුවේවා” යනුවෙන් ලියූ සුදු පැහැති කොඩියක්‌ සහ අපලකරුගේ උසට සකසාගත් සුදු මල් මාලාවක්‌ බෝධියේ වයඹ දිශාවේ එල්ලන්න. පිරිසිදු පැන් කළයක්‌ ගෙන චන්ද පිරිතෙන් පිරිත් කර බෝධිය වටා තුන් වරක්‌ ගමන් කරමින් “සඳුගේ අපලය” දුරුවේවායි ප්‍රාර්ථනා කොට බෝධිය නාවන්න. සඳු පීඩාහර ස්‌තෝත්‍රය 9 වරක්‌ ගායනා කර සඳු අධිපති පත්තිනි දේවියට ද තමාගේ ඉෂ්ඨ දේවතාවන්ටද පිං අනුමෝදන් කරන්න.

සඳුගේ

සඳු පීඩාහර ස්‌තෝත්‍රය

චන්ද්‍රස්‍ය ශ්‍රෑනුනාමානී – සුභදානී මහීපතෙ යානි ශ්‍රැත්වා නරෝ දුඃඛාන් – මුච්‍යතෙ නාත්‍රසංශයඃ

සුධාකරශ්ව සොමග්ව – ග්ලෞරබ්ජඃ කුමුද ප්‍රියඃ ලොක ප්‍රියඃ ශුභ්‍රභානුශ් – චන්ද්‍රමා රෝහිණීපතිඃ

ශශී හිමකරෝ රාජා – ද්විජ රාජොනිශාකරඃ අත්‍රෙය ඉන්ද්‍රඃ ගීතාංශු – රොෂටිශඃ කලානිධිඃ

ජෛවාතෘකො රමාභ්‍රාතා – ක්‍ෂීරොදාර්ණව සංභවඃ

නක්‍ෂත්‍ර නායකඃ ශංභුඃ – ශිරශ්චූඩාමිණිර්විභුඃ

ක්‍ෂීරෝදාර්ණව සම්භූත – මෝෂධීශං නිශාපතිම්

දිව්‍ය ශඛ තුෂාරභං – තංචන්ද්‍රං ප්‍රණමාම්‍යහම්

චන්ද්‍රාෂ්ටකං පඨෙත් නිත්‍යං – ග්‍රහපීඩා ප්‍රණාශනම්

අප්‍රතෝ ලභතෙ පුත්‍රං – දිරිදොa ධනවාන් භවේත්

තාපහර්තා නභො දීපෝ – නාමාෙන්‍යතානි යංඃ පඨෙත්

ප්‍රත්‍යහං භක්‌ති සංයුක්‌ත – ස්‌තස්‍ය පීඩා විනශ්‍යතී

ග්‍රහදිනාංච සර්වේෂාං – භවෙච්චන්ද්‍ර බලං සදා

දිනපතා රාත්‍රි නින්දට පෙර ආගමික වතාවත්වලින් අනතුරුව පහත සඳහන් සඳු ස්‌තෝත්‍රය හා සෙත්කවිය නවවර බැගින් ගායනා කරන්න.

සඳුගේ

ස්‌තෝත්‍රය

රෝහණීශං සුධාමුර්තිං

සුධා ගතං සුධාශන

විෂමස්‌ථාන සම්භූතං

පීඩා හරතු මේ විධුං

සෙත් කවිය

නිම්මා නැති දුක්‌ සයුරේ කිමිදා

අප වෙනුවෙන් දුක්‌ වින්ඳේ පෙරදා

සම්මා සම්බුදු ගුණ බල විහිදා

සඳු ග්‍රහ අපලය දුරලන් සැමදා

මැණික්‌ හා යන්ත්‍ර පැළඳීම

රිදියෙන් කළ මුදුවක මුතු ඇටයක්‌ දල්ලා දකුණු අතේ සුළැඟිල්ලේ පළඳින්න. නැතහොත් රනින් සැදූ දිවුල් කොළයක ආකෘතියකට සවිකර ගෙල පළඳින්න. ශාස්‌ත්‍රානුකූලව සාදාගත් නවගුණ හෝ රතන යන්ත්‍රය පළඳින්න.

ඖෂධ පැන් ස්‌නානයට

ගිතෙල්, බෙලි කොළ, නෙළුම් අල, මුතු, කවඩි සක්‌බෙල්ලන් ඉරිදා රාත්‍රියේ නැවුම් කළයකට දමා එයට පෙරනලද පැන් පුරවා පැය 12 ක්‌ ගතවූවාට පසු සඳුදා දිනයේ උදැසන සාමාන්‍ය ස්‌ථානයෙන් පසු ඖෂධ පැන්පෙරා ස්‌නානය කරන්න.

ගෙවත්තේ වයඹ දිශාවේ දිවුල් පැළයක්‌ රෝපණය කර ස්‌පර්ශ කරමින් සාත්තු කරන්න.

මත්ස්‍යයින්ට ආහාර දෙන්න. පිපාසයෙන් පෙළෙන අයට දිවුල් බීම දෙන්න. මහලු කාන්තාවන්ට කිරිමව්වරුන්ට දන් දෙන්න. තම මවට මෙහෙණින් වහන්සේලාට ගරු සත්කාර කරන්න. දහම් පොත් පූජා කරන්න.

හැකි සෑම අවස්‌ථාවකදීම පිරිසිදු පැන් කළයක්‌ පෙරා එය චන්ද පිරිතෙන් හැකිතාක්‌ වාර ගණනක්‌ පිරිත් කර බෝධිය නහවා බෝධි පූජා තබා පත්තිනි දේවියට පිං පැමිණවීම තුළින් සඳුගේ ග්‍රහ අපලයන් දුරුකර ගත හැකි වේ.

We found this article from Divaina on 2013/10/13.