සඳු විශ්වයේ මාතාවයි

2369
සඳු
සඳු

[ratings]

විශ්වයේ පියා හිරුවන අතර මව වනුයේ චන්ද්‍රයායි. සඳ තරුපති තුරුපති, සිසිලකර, හිමකර ආදී නම් රාශියකින්ම හඳුන්වනුයේ චන්ද්‍රයා හෙවත් සඳුය.
අප ජීවත්වන පොළවේ සිට දුර සැතපුම් 238857 ක්‌ ඈතින් සඳු පිහිටා ඇත. සඳු පොළවමෙන් හතර ගුණයක්‌ විශාලය. ග්‍රහලොව මව ලෙස හඳුන්වයි.

ජ්‍යෙdතිෂට අනුව චන්ද්‍රයා ස්‌ත්‍රී කාරක ග්‍රහයෙකි. භෞතික අභෞතික සියල්ලෙහි පැවැත්මට සඳුගෙන්ද විශාල බලයක්‌ ඇති කරයි. සිසිලස, රාගය, අනුකම්පාව, මෘදු බව චංචල ගතිය පැහැපත් බව, ආදරය දයාව, ළාමක බව සඳුගෙන් ඇති කරයි.

සඳු කටක රාශියට ස්‌වක්‌ෂේත්‍ර වන අතර වෘෂභ රාශියට උච්චවේ. වෘශ්චික රාශියට නීච වන අතර මිථුන, කන්‍යා, ධනු, කුම්භ සහ මීන රාශියනට මිත්‍ර ග්‍රහයෙකි. මේෂ, සිංහ, තුලා සහ මකර රාශි සඳුට සතුරු රාශි වන්නේය.

මිනිස්‌ සිතට තදින්ම බලපාන සඳු විශේෂයෙන් කාන්තාවන්ට ප්‍රබලව බලපාන බව දැක්‌වේ. කාන්තාවන්ගේ ප්‍රථම මල්වරවීම, මසකට වරක්‌ සිදුවන සෘතුවීම, ගැබ් ගැනීම ආදිය සිදුවනුයේ චන්ද්‍රයාගේ බලය අනුව බව සඳහන් වේ. චන්ද්‍රයාගේ ගමන පුර අව යනුවෙන් කොටස්‌ දෙකකි. අමාවක පටන් පසළොස්‌වක දක්‌වා දින 15 ක්‌ පුර පක්‍ෂය වශයෙන්ද, පසළොස්‌වක පටන් අමාවක දක්‌වා දින 15 ක්‌ අව පක්‍ෂය යනුවෙන්ද, ජ්‍යෙdතිෂ්‍යයට පෙන්වා දිය හැකිය. පුර පක්‍ෂයේදී සඳු බලවත් වෙයි. මාසයක්‌ පුරා රාශි දෙළහ තුළ සඳුගේ ගමන් කිරීම සිදුවේ.

මිනිස්‌ සිරුරේ මොළයට, සෙමට, සිතට උදරයට, පෙනහැල්ලට ආදී සිරුරේ කොටස්‌වලට සඳුගේ යහපත් හෝ අයහපත් බලපෑම් බල හා දුබල අනුව ඇති කරයි. සතුට දුක වේදනාව ආදී චිත්තාවේගයනට සඳුගේ තද බලපෑම් සිදුවේ. උතුරු දිසාවට සහ ජලයට අධිපති වනුයේ චන්ද්‍රයායි. සුදුපාට සඳු නියෝජනය කරයි. පෘථිවියට ඉතා සමීපතම ග්‍රහයා වනුයේ චන්ද්‍රයායි.

We found this article from Divaina on 2011/12/02.
Also Sinhala to English Google word to word translation can be found here