ස්‌ත්‍රියකට අශුභ දේහ ලක්‍ෂණ මෙන්න

2178
ස්‌ත්‍රියකට
ස්‌ත්‍රියකට

[ratings]

ජ්‍යෙdතිෂ විද්‍යාව, හස්‌ත රේඛා විද්‍යාව වගේම දේහ ලක්‍ෂණ විද්‍යාව අනුවද කෙනෙකුගේ චරිත ස්‌වභාවයන් ප්‍රකාශ කළ හැකිය. මෙම ලිපියෙන් විස්‌තර කරන ස්‌ත්‍රියකට අශුභ ඵලදෙන දේහ ලක්‍ෂණ පිළිබඳවයි.

ස්‌ත්‍රියකගේ නළල දික්‌ව පිහිටීම ඇයට වඩාත්ම අශුභ ඵලදෙන ලක්‍ෂණයකි. තම ස්‌වාමිපුරුෂයා අකාලයේ මියයැම හෝ ඔහුගෙන් වෙන්වීම එමගින් සිදුවෙන බවත්, නළල කෙලවර ගැට සහිතව පිහිටියේ නම් එම තැනැත්තිය සොර සිතක්‌ ඇති සල්ලාල ගැහැණියක්‌ බවත් පැරණි සෘෂිවරුන් විසින් ප්‍රකාශ කර ඇත. එමෙන්ම නළලෙහි බොහෝ රේඛා සහිතව ඇතෙකුගේ කුම්භස්‌aථලයක්‌ හා සමාන පිරුනාවූ ස්‌වල්ප වශයෙන් රෝම සහිත වී නම් ඇය ස්‌වල්ප වේලාවකට ලද හොත් සල්ලාල ක්‍රියාවන්හි යෙදෙන අතිශයින්ම රාගාධික අනේක දුක්‌ ලබන රෝගයන් වැළඳෙන දාසියක්‌ හා සමානව කටයුතු කරන ස්‌ත්‍රියක්‌ වන්නීය. දුන්නක්‌ ආකාරයෙන් ඇහිබැමි ඇති ස්‌ත්‍රිය මෙන්ම නීලවර්ණ පිහිටියා වූ ඇහිබැමි ඇති ස්‌ත්‍රියද කාමසම්පත් හා වස්‌තු ලබන රාගාධික තැනැත්තියක්‌ වේ.

යම් ස්‌ත්‍රියකගේ ඇස්‌ දෙකෙන් බැගෑපත් බව පෙන්නුම් කරයිද, පිඹුවන් පැහැයයිද එම ස්‌ත්‍රිය දුශ්ශීල තැනැත්තියකි. නිතර ඇසිපිය හෙලන ස්‌වභාවයෙන් යුක්‌තව හා කළු පැහැයෙන් යුක්‌ත වන ස්‌ත්‍රියද රෞද්‍ර ගතිගුණ ඇත්තියක්‌ වේ. සිනාසෙන විට කම්මුල වළ ගැසේනම් ඇය ද පතිවත නොරකින තැනැත්තියක්‌ වෙයි. ඉතා කොට බෙල්ල දුප්පත් බව පෙන්නුම් කරන අතර දිග බෙල්ල ඇති ස්‌ත්‍රිය තම කුලය නසන්නීය. ඉතා පළල් බෙල්ල සැර පුරුෂ බව හෙළි කරයි. අතිශය රෝමයන්ගෙන් ගැවසුන උඩ තොල ඇත්තීද අතිශයින් උස්‌වූ ශරීරයක්‌ ඇති ස්‌ත්‍රියද තම සැමියාට කීකරු නොවේ. එකිනෙකට අසමාන වූ දත් ඇති ස්‌ථූල වූ මුඛ්‍ය ඇති ස්‌ත්‍රියද කළුවන් පැහැගත්a විදුරුමසින් යුක්‌ත වූ තැනැත්තියද තම සැමියාට අහිතකර වේ. පළල් උරහිස්‌ නම් අධික කාමුකය. පහතට කඩා වැටුන උරහිස්‌ නම් වැන්දඹු වේ. දිග විලුඹ සහ කුලු හැඩ ඇති පතුල් අශුභය. පළල පතුලක්‌ හිමිනම් වංචාකාරියක්‌ වෙයි. දත් කූරු කමින් නිදන කත සැමියාට අපල ගෙන දේ. මුහුණේ රෝම සහ දෙපාවල රෝම ඇත්නම් එයින් අශුභඵල දෙන්නේද සැමියාටය.

සමහර ස්‌ත්‍රින්හට දිගැටි හැඩයෙන් යුත් සිහින් නාසයක්‌ දැකිය හැකි නම් ඇයගේ කිසිම යහපත් ගුණයක්‌ නොමැත. වෛශ්‍ය ස්‌ත්‍රියක්‌ ලෙස දුටු දුටුවන් සතපවන සන්තර්පනයට පොළඹවන ඇය ජීවිත කාලය තුළම රහසින් පවට බරව කටයුතු කරයි. කාමාශාවෙන් පිරුන මෙවන් ස්‌ත්‍රින් අධික ලෙස කාමසුඛල්ලිකානු යෝගීව හැසිරීමට සමත්වෙයි. මෙවන් අයගේ යුග දිවිය අසාර්ථක වේ.

දිගු කෙස්‌ කළඹකට අකමැති කාන්තාව හෙවත් කොණ්‌ඩය කොටට කපන ස්‌ත්‍රිය පාරම්පරික කුල සිරිත්වලට ගරු නොකරයි. ඉතා අහංකාර මෙන්ම අනාචාරශීලී වීමටද හැකිය. දියුණුවීමට උනන්දුවක්‌ නැත. ඒ වෙනුවට කැපී පෙනෙන ප්‍රසිද්ධ අය ඇසුරට වැටීමෙන් අමාරුවේ වැටෙයි. කපටි පිරිමින්ට රැවටීමට ඇති පහසුකම් වැඩිය. විවාහ කරගන්නා පිරිමියා සතුටු කර ගැනීමට පවා අසමත් වන්නීය. පිරිමියකුමෙන් මුහුණ පුරා රැවුල වැවෙන ස්‌ත්‍රියද කෙතරම් ධනවත් පවුලක උපත ලැබුවත් වාසනා වන්ත නොවේ. ප්‍රීතිමත් විවාහ දිවියකට කිසිදු වාසනාවක්‌ නැත.

මුඛයෙන් පිටතට විහිදුනා වූ ලොකු දත් ඇති ස්‌ත්‍රියද අසමාන දත් ඇති ස්‌ත්‍රිය ද දුක්‌ දෙන්නියකි. බොරු උඩඟුකමින් යුක්‌තය. තම අභිමතාර්ථයන් මුදුන්පත් කර ගැනීමට පමණක්‌ අන්‍යයන් සමග සුහද වන්නීය. යම් ස්‌ත්‍රියකගේ උදරය කළයක්‌ මෙන් මහත්වීනම් එය ශුභ නොවේ. මෙවැනි අය වෙළෙ¹මකින් හෝ අප්‍රසන්න කර්මාන්තයකින් මුදල් උපයයි. හිතුවක්‌කාර ලෙස විවාහයද සිදුකර ගනියි. ලැබෙන දරුවන්ද කීකරු නොවන අතර පුරුෂයාද අනාචාරයට යොමුවීම නිසා හැමවිටම හදවතින් තැවෙමින් ජීවත්වීමට සිදුවෙනු ඇත.

යම් ස්‌ත්‍රියකගේ පාද අඳුරු වර්ණවත්ව කුල්ලක හැඩයෙන්ද පා ඇඟිලි අක්‍රමවත්ව විසිරුණ ස්‌වභාවයෙන් පිහිටා තිබේද, නියපොතු ද කුළුවල පිට පැති ආකාරයෙන්ද පිහිටා ඇති ස්‌ත්‍රීහුද අවාසනා වන්තියෝය. දාසියක්‌ හා සමානව දුක්‌ වේදනා විඳින්නීය. උගතුන්ගෙන් යුතු පවුලක හෝ ධනවත් පවුලක හෝ ඉපදුනත් කම්කරු ස්‌ත්‍රියකගේ ස්‌වරූපය පෙන්නුම් කරයි. පහත් තත්ත්වයේ පුරුෂයන්ගේ ඇසුර ප්‍රිය කරයි. එමෙන්ම ස්‌ත්‍රියකට අග මහත් වූද, මැද නැමුනා වූද, නාසයක්‌ පිහිටියේ නම් ඇය පළිගන්නා සුළු වූද, ඊර්ෂ්‍යා කරන්නා වූද, ඕපාදූප කියමින් අන් අය බේද කරන්නා වූ තැනැත්තියකි. රත්a පැහැයෙන් යුත් නාසය නැවීගිය ස්‌වභාවයෙන් යුක්‌තව පිහිටියේ නම් ඇය ස්‌වාමියා විසින් හැර දමනු ලැබූ ස්‌ත්‍රියකි. අග පැතලිව නාසිකාව ඇති ස්‌ත්‍රිය අන්‍යයන්ට බැලමෙහෙකම් කොට ඉතා දීන ලෙස දිවි ගෙවන්නීය.

ඉල්පීගිය නහර වැල්වලින් ගැවසීගත් නලල්තලය පාපයෙන් ගැලුන ස්‌ත්‍රීන් කෙරෙහි පිහිටන අංග ලක්‍ෂණයකි. නාසයේ මුලසිට ඉහළට විහිදුන රේඛාවකින් දෙබෑවී ගිය ආකාරයෙන් පෙන්නුම් කරන නළල්තලයක්‌ ඇති ස්‌ත්‍රීන්ද බොහෝ විට දැකිය හැක. එවන් අය හැට හතර මායම් දන්නීය. බෙහෙවින්ම පටු නළලින් නොමේරු මනසක්‌ ඇති මනුෂ්‍යත්වයට නිගාදෙන පහත් වැඩ කරන ස්‌ත්‍රිය හඳුනාගත හැක. කොහේ ගියත් කාගෙත් අවඥවට ඔවුන් ලක්‌ වන්නේ එම වැරැදි ගති පැවතුම් නිසාමය.

We found this article from Divaina on 2012/06/15.
Also Sinhala to English Google word to word translation can be found here