[ratings]
විවාහයේ මූලිකම පරමාර්ථය දරුවන් ලබා ගැනීමයි. ලොව පැවැත්ම සඳහා මෙම අවශ්‍යතාවය සත්ත්වයා තුළ ස්‌වභාවයෙන්ම ජනිත වේ. පරපුර පවත්වාගෙන යැම, තමන් වයස්‌ගත කල්හි ආරක්‍ෂාව ලබා ගැනීම ආදී බලාපොරොත්තු ඇතිව මිනිස් වර්ගයා විවාහ ජීවිත අරඹති.
පවුලක වාසනාවන්ත පැවැත්මට දරුපල ආධාර වේ. දරුවන් නොමැති වූ විට බිරිය තම සැමියා අතහැර යැම, සැමියා වෙනත් කතුනගේ ඇසුර පැතීම දික්‌කසාද වීම ආදියද මේ නිසාම සිදු වේ. ඒ නිසා විවාහ ජීවිතයක යහ පැවැත්මට දරුපල අත්‍යවශ්‍ය වේ.
ඉහත කරුණු මත පිහිටා දරුපල අහිමි කරන ග්‍රහයෝග කීපයක් විමසා බැලීමටත්, දරුපල නොලද කාන්තා කේන්දර කීපයක් විමංසනයට ලක්‌කර බැලීමටත් මෙම ලිපියෙන් අදහස් කරමි.
කේන්ද්‍රයක පස්‌වැන්න පුත්‍රස්‌ථානයයි. එක, අට, දොළහ ද දරුපල කෙරෙහි බලපායි.
1. පස්‌වැන්නේ කුජ, රවි, රාහු දරුපල වනසයි. ගුරු සිකුරු අටවැන්නේ යෝගවීම ගබ්සා දොaෂ ඇති කරයි. පස්‌වැන්නේ පාපග්‍රහයන් වැඩි ගණනක් සිටීම නිසා අඹු සැමි දෙදෙනාම වඳභාවයට පත්කරවන බව කියයි.
2. පහ අධිපති පාපයන්ට මැදිවීම හා ගුරු පාප පීඩිත වීම දරුපල අහිමි වීමට බලපායි.
3. සිව්වැන්නේ පාපග්‍රහයන් සිටීම හා එක, සහ අට, දොළහ පාපයින් සිටීමද දරුපල හානියට හේතුවේ.
4. රවි, කුජ පහේ සිටියදී උපදින දරුවන් ක්‍ෂණිකව මිය යන බවටද මතයක් පවතී.
5. ලග්නාධිපති පාපසංයෝගව, පහ අධිපති හය, අට දොළහට ගියහොත් දරුපළ අහිමි කෙරේ. ගුරුගෙන් පහ අධිපතියා පාප පීඩිත වීමද දරුපල හානි කරයි.
6. ගුරු හා සිකුරු වෘශ්චික රැසට යාම හා ලග්නයේ ශනි බුද සිටීමද දරුපල නොලැබීමට හේතුවකි.
7. සතුරන් සමග සිටි ලග්නාධිපති, සඳු, ශනි දෙදෙනාගේ දැකුමට ලක් වෙද්දී රවි දෙකේ හෝ හයේ නම් දරුපල අහිමි කරයි.
8. පහ අධිපතියා පාපපීඩිත වීම හා පාපයිනට මැදිවීමද දරුපල හානියට හේතුවේ. ශනි, රවි, කුජ, රාහු දරුපල අහිමි කරන අතර සඳු, සිකුරු, ගුරු දරු ලාබ ඇති කරයි.
ඉහත සඳහන් කැරුණේ පැරැණි හා නූතන ජ්‍යෙdතිෂ ග්‍රන්ථයන්හි සඳහන් දරුපල අහිමි කරන ග්‍රහ යෝග සමහරකි.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here