දිවි රැකෙන සැප ලැබෙන විවාහය ක්‌ කරගන්නා හැටි

3235
marriage
marriage

[ratings]

සියලු සත්ත්වයෝ සැපයට කැමති වෙති. ඒ අතරින් උසස්‌ මනසක්‌ ඇති මිනිසා සැප ලැබීම සඳහා මුළු ජීවිත කාලයම කැප කරමින් ඒ සඳහා නිරතුරුව වෙහෙසෙති. මූලික අධ්‍යාපනය, උසස්‌ අධ්‍යාපනය ඉන් අනතුරුව රැකියාව හා මැදි වයසට එළඹෙත්ම විවාහය යන කාරණා සිදුකරන්නේ ඒ අපේක්‍ෂාවෙනි.

මාතෘකාවට අනුව කරුණු සලකා බැලීමේදී හෙළ විවාහ සිරිත් බෞද්ධ මෙන්ම හින්දු ධර්මයේද අංග ඇතුළත්ව සිදුකෙරෙන බව පෙනේ. හින්දු දහමට අනුව සැපත ත්‍රිවගි සම්පත් ලෙස ධර්ම, අර්ථ, කාම වශයෙන් උගන්වා ඇති අතර කායික මානසික සැපත කාම ලෙස දක්‌වා ඇත.

මෙයින් අර්ථ හෙවත් ධන ධාන්‍ය ආදී ආර්ථික සැපත අනිවාර්යයෙන් අවශ්‍ය වුවද ඇතැමුන් කාම සැපතටම මුල්තැන දෙති. ලොව සුන්දර වනුයේ එම සැපත ධාර්මිකව ලැබීමෙනි. ඊට අදාළ ලැ-ජා භය දෙක දේව ධර්ම ලෙසද සඳහන් වේ. එම සැපත උතුම් ලෙස ලැබීමට ආවාහ විවාහ කටයුතු නිත්‍යානුකූලව සිදුකරගෙන අඹු සැමියන් ලෙස කාලය ගත කළ යුතුය. එලෙස එක්‌වීම දිවි ඇතිතෙක්‌ සාර්ථක කර ගැනීමට නම් නිසි ගැලපීමක්‌ ඔවුනොවුන් අතර තිබිය යුතු අතර ඒ සඳහා ජ්‍යෙdතිෂ්‍ය නමැති උතුම් ශාස්‌ත්‍රයේ පිහිට ලබා ගත යුතුය.

අපේ මුතුන් මිත්තන් එම ශාස්‌ත්‍රයේ පිහිටෙන් නිසි පති පතිනියන් තෝරාගෙන දිවි ඇතිතෙක්‌ සතුට සැපත උසස්‌ ලෙස ලබා ගත්හ.

එහෙත් අද විවාහය සඳහා ගැලපීම් පරීක්‍ෂාව පොරොන්දම් බැලීම යන සරළ තත්ත්වයට පත්කරගෙන ඇත. පොරොන්දම් ගැලපීම තුළින් පමණක්‌ විවාහය සාර්ථක නොවේ. ඒ සඳහා පොරොන්දම් ගැලපීම සහ ග්‍රහ ගැලපීම යන දෙකේම ගැලපීම (සීහුම්වීම) මනා ලෙස තිබිය යුතුය.

පොරොන්දම් මගින් කායික මානසික සුවය ලැබීම හෝ නොලැබීම බැලියයුතු අතර ස්‌ත්‍රී පුරුෂ කේන්ද්‍ර දෙකේ ග්‍රහ පිහිටීම අනුවද ඉහත කී හොඳ නරක බැලිය යුතුය. ඒ අංශ දෙකෙන් දෙආකාරයකට ගැලපීම් සිදුවේ. ඊට අමතරව වෙන්වීම, වියෝවීම, රෝගී වීම, අතෘප්තිමත්වීම හා සතුට සමගිය, වෛදව්‍ය දෝෂ, ශනි මංගල දෝෂ, භෞම දෝෂ මගින් කියවේ. ඒවා බැලිය හැක්‌කේ ග්‍රහ පිහිටීම් අනුව පමණි. විවාහයේ පැවැත්ම තීරණය කළ හැක්‌කේ ග්‍රහ පිහිටීම් අනුව පමණි. පොරොන්දම් පරීක්‍ෂාව තුළින් පමණක්‌ එවැනි විපත් කිව නොහැක.

වැඩිහිටියන්ගේ මූලිකත්වයෙන් කේන්ද්‍ර බලා විවාහ වී වෙන්වූ වියෝවූ අය, ජීවිත අසාර්ථක කරගත් අය අද සමාජයේ බොහෝ සේ සිටී. එලෙස විවාහ වී විපතට පත් වූවන් ජ්‍යෙdතිෂ්‍ය කෙරෙහි කල කිරීම් ඇතිකර ගැනීමද කිසිසේත් නොවැළැක්‌විය හැක. ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රය නිසි ලෙස ප්‍රගුණ නොකළ අය විවාහ පරීක්‍ෂාවය යයි සිතා පොරොන්දම් පරීක්‍ෂාව පමණක්‌ සිදුකර දීම මත සිදුකර ගන්නා විවාහ ජීවිත අසාර්ථක වීම කනගාටුවට කරුණකි.

දෙදෙනකු අතර සිදුවන විවාහය සාර්ථක එකක්‌ වීමට නම් පොරොන්දම් සහ ග්‍රහ ගැලපීම් අනිවාර්යයෙන්ම සිදුවිය යුතු අතර කේන්ද්‍ර දෙක නිසි ලෙස ගැලපෙන විට කායික හා මානසික සුවය උපරිම ලෙස ලබාගත හැකිය.

විවාහයේ මූලිකම පරීක්‍ෂාව කේන්ද්‍ර දෙක ගැලපීම වන අතර උගත්කම්, ජීවන තත්ත්වය (රැකියා ව්‍යාපාර), ජීවන රටා (සිරිත් විරිත් ගති පැවතුම්) වැනි අංශවල ගැලපීමද සාර්ථක විවාහ දිවියකට බොහෝ සේ බලපායි.

ජාති, ආගම්, කුල වැනි නොගැලපීම් දෙදෙනකු අතර පැවැත්මට හානි නොවන අතර තනිව ඉපිද තනිව මියයන ලෝකයේ ජීවත්වන කාලය සැපදායක කර ගැනීමට අන් අයෙකු ජීවන ගමනට හවුල්කර ගැනීම විවාහය ලෙස හඳුන්වමු.

පුරාණ සෘෂිවරු ඉහත එක්‌වීම සිදුවන යහපත් ක්‍රම හතරක්‌ සහ අයහපත් ක්‍රම හතරක්‌ වශයෙන් ක්‍රම අටක්‌ දක්‌වා ඇත.

1. නිසි ලෙස ගැලපෙන දෙදෙනකු අලංකාර ලෙස සරසා ජාතික, ආගමික සිරිත් විරිත් ආදියේ ආශීර්වාද සලස්‌වා උත්කර්ෂවත් උත්සව පවත්වා උසස්‌ ලෙස කරන විවාහය බ්‍රහ්ම විවාහය ලෙසද,

2. මංගල පෝරුව ආදී උත්කර්ෂවත් උත්සව නැකැත් වැඩිහිටි කැමැත්ත නිසි ලෙස ගැලපෙන දෙදෙනකු එක්‌ කිරීම දේව විවාහය ලෙසද,

3. නිසි ලෙස ගැලපෙන දෙදෙනකු වැඩිහිටි කැමැත්ත මත පරපුරේ පැවැත්ම ගැන සිතා සිදුකරන නිහඬ විවාහය ප්‍රජාපතී විවාහය ලෙසද,

4. ස්‌ත්‍රීන් හා පුරුෂයන් අතරින් තමන්ට කැමති අය තෝරා ගැනීමට සැලැස්‌වීම (වර්තමානයේ පුවත්පත් දැන්වීම්, හා මංගල සේවා මගින්) සිදුකරන විවාහය ස්‌වයංවර විවාහය ලෙසද හඳුන්වා ඇත.

මේවා සදාචාරයට එකඟ සමාජ පැවැත්ම ඇතිකරන උතුම්, වැදගත්, නම්බුකාර විවාහ ලෙස සැලකෙන අතර,

5. යෞවන යෞවනියන් දෙදෙනකු හදිසියේ හමුවී රාගයෙන් මත්වී එක්‌වීම සහ ජීවත්වීම ගාන්ධර්ව විවාහය ලෙසද,

6. කලකෝලාහල කොට තම බලය පෙන්වා මව්පිය වැඩිහිටියන් බිය ගන්වා කරන විවාහය රාCෂ්‍ය විවාහය ලෙසද,

7. මව්පියන් සෙවණේ සිටින කුමරියක්‌ රවටා හොරෙන් ගෙන ගොස්‌ සිදුකර ගන්නා විවාහය ප්‍රේත විවාහය ලෙසද,

8. මුදල් වැඩිහිටියන්ට දී කාන්තාවක්‌ ලබාගෙන විවාහවීම අසුර විවාහය යනුවෙන් සැලකෙන විවාහ ක්‍රම හතර අයහපත් ඒවා ලෙසද සැලකේ.

අතීතයේ ඉහත දැක්‌වූ යහපත් විවාහ නිසිලෙස ඉටුකර ගැනීම නිසා වෙන්වීම්, වියෝවීම්, හදිසි විපත්වලට මුහුණ දුන් අඹු සැමියන් ගැන අසන්නට ලැබුණේ ඉතා කලාතුරකිනි. එහෙත් අද අප සමාජයේ තරුණ පිරිස්‌ හැඟීම්වලට වහල්වී පහත දැක්‌වූ අයහපත් විවාහ ක්‍රම හතරට මුල්තැන දී ක්‍රියා කිරීමට යැම නිසා එකල කලාතුරකින් සිදුවූ විවාහ විපත් අද නිතර අසන්නට දකින්නට ලැබේ.

විවාහය සඳහා සහකරු හෝ සහකාරිය සොයා ගැනීමේ විවිධ ක්‍රම ඇති අතර දුටු පමණින් සිත් බැඳී පෙම් සබඳතා ගොඩනඟා ගැනීමේදී බොහෝ විමසිලිමත්ව කටයුතු කළ යුතුව ඇත. පෙම් සබඳතාවක්‌ ආරම්භයට පෙර දෙදෙනාම බුද්ධිමත්ව තම තමන්ට අදාළ සියලු බාහිර ගැලපීම් සහ කේන්ද්‍ර ගැලපීම් නිසි ලෙස ඇත්නම් වැඩිහිටි පාර්ශ්වයේ අනුදැනුම ඇතිව සබඳතාව ඉදිරියට ගෙන යැම බුද්ධිමත් ක්‍රියාවක්‌ වන අතර එම සබඳකම් තුළින් ඉහත දැක්‌වූ සෘෂිවරුන් අනුමත කළ යහපත් ක්‍රමයකින් තම තත්ත්වයට ගැලපෙන ලෙස විවාහය ඉටුකර ගැනීම යහපත්ය.

එසේ නොමැතිව ප්‍රේමයෙන් අන්ධ වී නොගැලපෙන විවාහ සිදුකර ගැනීම තුළින් ඈත අතීතයේ ඉතා සුළු වශයෙන්ද වර්තමානයේ විශාල වශයෙන්ද ජීවිත අසාර්ථක කරගත් පිරිස අතරට ඔබත් එක්‌ නොවීමට සිහි නුවණින් කටයුතු කරන්න.

We found this article from
Divaina
Also Sinhala to English Google word to word translation

can be found here