සැමියාගේ කේන්ද්‍රයෙන් හෙලිවන බිරිඳගේ ගතිගුණ

2512
සැමියාගේ
සැමියාගේ

[ratings]

මොලොව උපන් සෑම ස්‌ත්‍රියකටම පුරුෂයකුටම විවාහය තම දිවිමගේ ප්‍රධානම කඩඉමක්‌ වනුඇත. මිනිසකුගේ ජීවිතය සම්පූර්ණ වන්නේ විවාහයෙන් පසුවය. යහපත් බිරිඳක්‌ හෝ ස්‌වාමිපුරුෂයෙක්‌ ලැබීම මහඟු වාසනාවකි. මෙය පෙර සසර පුරා එන සබඳතාවක්‌ වශයෙන් සලකති. විවාහය ප්‍රේම විවාහය හා යෝජිත විවාහය වශයෙන් දෙකක්‌ ඇත. ජ්‍යෙdතිෂ්‍ය විද්‍යාවට අනුව විවාහය පොරොන්දම් බලා තීරණය කරයි. ඇතැම් ජ්‍යෙdaතීර් විද්‍යාඥයන්ගේ වැරදි නිගමන නිසා විවාහ නොවී සිටීමට සිදුවන පිරිස්‌ අද බොහෝ වෙති. මෙවැනි අවස්‌ථාවලදී තරමක්‌ නම්‍යශීලීව හා ප්‍රායෝගික ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීම කළ යුතුය.

මෙහිදී අපගේ අවධානය යොමු වන්නේ පුරුෂයාගේ කේන්ද්‍රය අනුව තමාට ලැබෙන ස්‌ත්‍රියගේ කල්කිරියාව පිළිබඳව විමසීමටයි. ජ්‍යෙdතිෂ්‍ය විද්‍යාවට අනුව මෙය විග්‍රහ කිරීමේදී හත්වැන්න ඉතා වැදගත් වේ. මේ අනුව පුරුෂ කේන්ද්‍රයේ ලග්නයෙන්, චන්ද්‍රයාගෙන්, රවිගෙන් හා සිකුරුගෙන් සත්වන රාශිය පිළිබඳව විමසීම අවශ්‍ය වේ.

පුරුෂ කේන්ද්‍රයේ සත්වැන්න අඟහරුට හෝ සෙනසුරුට අයත් නම් එම රාශිය ගුරුගේ හෝ ප්‍රබල සුබ ග්‍රහයකුගේ දෘෂ්ටියට හෝ සංයෝගයකට අයත් නොවේ නම් එම කේන්ද්‍ර හිමියාගේ බිරිය අවකල් ක්‍රියාවෙන් යුක්‌ත වේ.

ලග්නයෙන් සත්වැන්න අඟහරුට අයත් වන්නේ තුලා ලග්නයේය. ඉන් හත්වැන්න මේෂය වන බැවින් එහි හත අධිපති අඟහරු හෙවත් කුජ වේ. කටක ලග්නයෙන් හත්වැන්න මකර ලග්නය වේ. එනම් සෙනසුරුට අයත් වේ. සිංහ ලග්නයෙන් හත්වැන්න සෙනසුරුට හෙවත් ශනිට අයත් කුම්භ ලග්නයයි. මේ ආකාරයට සත්වැන්නේ සිට ඉදිරියට රාශි 7 ක්‌ එකතු කළවිට අදාළ ලග්නය සොයාගත හැකිය. මෙය ලග්නයෙන් හත සොයන ආකාරයයි.

කේන්ද්‍රයේ චන්ද්‍රයා හෝ රවිගෙන් හෝ සිකුරුගෙන් හත බැලීමට එම කේන්ද්‍රයේ ඉහත ග්‍රහයා සිටින තැන සිට ඉදිරියට හතක්‌ ගණන් කළ යුතුවේ. ඒ අනුව ඉහත කරුණු පැහැදිලි කර ගත හැකිය.

සුබ ග්‍රහයකුගේ දෘෂ්ටියට හෝ සංයෝගයට හෝ පාත්‍ර නොවූ පීඩනයට පත් වී සිටින අඟහරු සිටින විට එම සත්වැන්න පාප ග්‍රහයකුට අයත් නම් තම බිරිය සැක මුසු කෙනෙක්‌ වේ. එනම් ලග්නය මකර වන අයකුගේ හත්වැන්න කටකය වේ. එහි කුජ නීචය එවන් අවස්‌ථාවකදී ඉහත කී කාරණය සිදුවේ.

චන්ද්‍රයා රවිගේ නවාංශකයේ හෝ ලග්නයේ සිටින විට එම ස්‌ථානය චන්ද්‍රයාගේ ස්‌වක්‍ෂේත්‍ර හෝ උච්ච ක්‍ෂේත්‍ර හෝ අවම වශයෙන් මිත්‍ර හෝ රාශියක්‌ නොවේ නම් බිරිය අවකල්ක්‍රියාවෙන් යුක්‌තවේ. නීචවූ චන්ද්‍රයා හත්වැන්නේ සිටි විට හෝ පීඩනයට පත්ව සතුරු රාශියක සිටින විට බිරිය අවකල්ක්‍රියාවෙන් යුක්‌ත වේ.

චන්ද්‍රයා හතට නීච වන්නේ වෘශ්චිකයේය. එනම් වෘෂභ ලග්නයේ අයෙකුගේය. නැතහොත් ගණන් කිරීමේදී රවිගෙන් හෝ චන්ද්‍රයාගෙන් හතට පැමිණි විටය.

චන්ද්‍රයා අඟහරුට හෝ සෙනසුරුට විරුද්ධ මුඛව සිටින විටත් අඟහරුගේ හෝ සෙනසුරුගේ රාශියේ සිටින විටත් එම ප්‍රතිඵලයම වේ. එම තත්ත්වය සිටින චන්ද්‍රයාව සිකුරුද එකතු වුවහොත් බිරිය මෙන්ම සැමියාද අවකල්ක්‍රියාවෙන් යුතුවේ. ඉහත කී ලෙසට සිටින විට කෙළින්ම චන්ද්‍රයාට පාපග්‍රහ දෘෂ්ඨිය වැටේ. එනම් හත්වැන්නේ සිටීමයි.

සත්වැන්න අධිපති අඟහරු නම් එම අඟහරු නීචව හෝ සතුරුව සිටී නම් හෝ අඟහරු රාහු වැනි පාප ග්‍රහයකුට සංයෝගව සිටීනම් හෝ බිරිය ස්‌වාමිපුරුෂයා හැරදමා යැමට ඉඩ තිබේ. අඟහරු ලග්නයෙන් සයවැන්නේ හෝ අටවැන්නේ සිටින විටද පාපග්‍රහයන්ට මැදිව සිටින විටද ඉහත ප්‍රතිඵලයම ගෙන දේ. මෙවැනි පිහිටීමක්‌ ගුරු හෝ ප්‍රබල සුබ ග්‍රහයකු ගේ දෘෂ්ටියට ලක්‌වේ නම් දුර්විපාක මඳක්‌ තුනී වේ. මෙවැනි තත්ත්වයක සිටින බුද බරපතල ලෙස පාපග්‍රහයන්ගෙන් පීඩිතව ඇත්නම් බිරිය තම සැමියා මරා දැමීමට හෝ ඔහුගේ මරණයට මඟ පෑදීමට පුළුවන. බුධ සත්වැන්නේ පාපග්‍රහ පීඩනයට පත්ව සිටීනම් එම සත්වැන්න ධනු හෝ මීන නම් සැක මුසු චරිතයක්‌ ඇති ස්‌ත්‍රියකි. මීනයේ බුධ නීච වන බැවින් සත්වැන්න අඟහරුට හෝ සෙනසුරුට අයත්වී ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු චන්ද්‍රයා හෝ සිකුරු සමඟ සත්වැන්නේ සිටීනම් භාර්යාව නරක චරිතයක්‌ ඇත්තියක්‌ වේ. පාප වෙනත් ග්‍රහයන් සමග සම්බන්ධව හෝ ඔවුන් නිසා පීඩනයට පත්ව හෝ අටවැන්නාධිපති අටවැන්නේ සිටින විට බිරිඳ පතිවත නොරකී.

සයවැන්න බිරියගේ අනියම් ලිංගික ඇසුර පාලනය කරයි. සයවැන්නාධිපති සත්වැන්න සමග හෝ පාපග්‍රහයකු සමග සිටි විටද, සයවැන්නේ පාපිග්‍රහයෙක්‌ සිටි විටද පෙන්නුම් කරන්නේ බිරියට සොර සැමියකු සිටිය හැකි බවයි.

තවද පාපග්‍රහ දෘෂ්ටියට පත්ව හෝ ඔවුන් සමග සංයෝගව හෝ සයවැන්නාධිපති, අටවැන්නාධිපති හෝ නවවැන්නාධිපති එකම රාශියක සිටිවිට තම භාර්යාව පතිවත නොරකී. පාප ග්‍රහයකුගේ දෘෂ්ටියට පත්ව සත්වැන්නාධිපති සයවැන්නාධිපති සමඟ එක්‌ව සිටින විට භාර්යාව සොර සැමියකු නිසා දරුවකු ප්‍රසූත කළ හැකියි.

මේ තත්ත්වය යම් තරමකින් වෙනස්‌ වන්නේ සුබ ග්‍රහයන්ගේ බලපෑමට ලක්‌ව සිටීම හෝ සුබ ග්‍රහයන් සමග සිටි විටය. මේ නිසා මෙකී පිහිටීමක්‌ තිබූ පමණකින් බියවියයුතු නොවේ.

උදා(- (ෂ), (ෂෂ), (ෂෂෂ)

ෂ. මෙහි මකර ලග්නයෙන් හතවන කටකයේ කුජ නීචවේ

ෂෂ. වෘෂභ ලග්නයෙන් හත්වැන්න වන වෘශ්චිකයේ චන්ද්‍රයා නීචවේ. මෙවැනි කේන්ද්‍රවල ඉහත කී තත්වයන් දැකිය හැකිය. ෂෂෂ. ධනු ලග්නයට හත්වැන්න කුජ සතුරුය. එය අපලය. එහෙත් ලග්නයේ සිටින ස්‌වක්‍ෂේත්‍ර ගුරු කුජ දකී. මේ නිසා කුජගේ අපලය නැතිවේ. එවැනි දෘෂ්ටි තිබෙන විට අපල තත්ත්වය මඟහැරේ.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here