වර්තමාන ජන සමාජයේ විවාහයට පත්වන විවාහක කාන්තාවන්ට මංගල ජීවිතයේ සාර්ථකත්වය ගොඩනඟා ගැනීමට නොහැකිව අන්ත අප්‍රමාණ දුකින් වේදනාවෙන් පසුතැවිල්ලට ලක් වෙමින් පීඩිතව සිටින අතර තවත් පිරිසක් විවාහයෙන් පසු පොලිසියටත්, පොලිසියෙන් උසාවියටත්, උසාවියෙන් පොලිසියටත්, පොලිසියෙන් සමථ මණ්‌ඩලයටත් ආදී වශයෙන් විවාහ ජීවිතය ගෙන යමින් සිටී.
එපමණක් නොව තවත් සමහර කාන්තාවන් විවාහ ජීවිත දෙක තුනකටත් සම්බන්ධ වී එයින්ද, පරාජයවී සිය ජීවිතයෙන්ද සමු ගනී. මෙවන් කාලීන සමාජ ප්‍රශ්නයන්ට මානව විද්‍යාඥයන්, මානව සමාජ විද්‍යාඥයන්, මනෝ විද්‍යාඥයන්, මනෝ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, නීතිවේදීන් සහ ආගමික නායකයන් ආදී සමාජ ප්‍රගමනයේ මූලිකත්වය දරන්නන් කෙතරම් විසඳුම්, ක්‍රමවේදයන්, නීති රීතීන් ඉදිරිපත් කළත් මේ ශෝචනීය විවාහක කාන්තා පවුල් සමාජය තුළින් ඉදිරියට ගලා යමින් පවතී. මෙහි සත්‍ය අසත්‍යතාව ඔබ සමාජය තුළින් ප්‍රායෝගිකවත් අධ්‍යයනය කරන්න.
මා මේ ලිපිය තුළින් ඔබට ඉදිරිපත් කිරීමට යන්නේ, මේ ලොව පවතින මනුෂ්‍ය සත්ත්ව ජීව, අජීව, භෞතික, අභෞතික යන සෑම ජීව සමාජයීය ප්‍රශ්නයන්ටත් භෞතික සමාජ ප්‍රශ්නයන්ටත් එකම තිරසාර නිවැරදි විසඳුම් ලබාදිය හැකි වන්නේ ජ්‍යෙතිෂ්‍ය විද්‍යාවට පමණක් බව ඔප්පු කිරීමටයි. (බුදුවරුන්, ඉසිවරුන් නොමැති මෙවන් සමාජයකට පමණයි.)

ඔබ මඳකට අපේ පැරැණි සමාජය දෙසට සිත යොමු කරන්න. මඳක් විමසන්න. එදා අපේ පැරැණි අඹු සැමියන් වසර අසූපහකට අනූවකට වඩා ආයුෂ වළ මෙළොවින් සමුගත් අයයි. ඔවුන් කිසිවකුට මෙවන් අර්බුදයක් ගැටලුවක් තිබුණේද? නැත. ඔවුන්ට එසේ වන්නට හේතු කුමක්‌ද? එදා සමාජයේ අඹු සැමියන් සියලු දෙනාම කටයුතු කළේ ජ්‍යෙතිෂ්‍ය විද්‍යාව, ගුප්ත ශාස්‌ත්‍ර, ආගම දහම, සිරිත් විරිත්වලට අනුගතවයි.
මේ නිසාම ඔවුන් දරුවන් දහ දොළොස් දෙනකු පමණ සමාජයට දායාද කිරීමට තරම් වසානාවන්ත වූහ.
අද විවාහක අඹු සැමියන්ට දරුවන් නැතිවීමද පවුල් සංඛ්‍යාව දෙදරා යැමට හේතු පාදක වී ඇත.
කාන්තා නාරි චක්‍රයට අනුව නැකැත්
මේ සියලු ප්‍රශ්නවලට හේතු පාදක වන්නේ ජ්‍යෙතිෂයයි. වර්තමාන සමාජයේ බොහෝ දෛවඥයන් විවාහ කටයුතු සඳහා ලබාදෙන නැකත් සම්පත්, සාධක, මෛත්‍රී, පරම මෛත්‍රී වශයෙන් ගැන බලා තිබුණත් කාන්තා විවාහ චක්‍රයට නැකත් ගැන නැති බව බොහෝ අවස්‌ථාවල පෙනී යයි. මේ නිසාම විවාහ වන අඹු සැමියන් අතර ගැටලු ප්‍රශ්න උග්‍ර වී විවාහය දෙදරා යයි.
මෙයට ඇති එකම විසඳුම විවාහයේදී නැකත් සාදන විට විශේෂයෙන්ම කාන්තා නාරි චක්‍රයට අනුව නැකත් ගැන විවාහ නැකත් දිය යුතුයි. අපේ පැරැණි ගුප්ත ශාස්‌ත්‍රඥයන් දෛවඥයන් මේ නිවැරදි ජ්‍යෙතිෂ්‍ය සිද්ධාන්ත අනුගමනය කිරීම නිසාත් එදා අඹු සැමියන් ජ්‍යෙතිෂ්‍ය උපදෙස් නිසි ආකාරයෙන් පිළිපැදීම නිසාත් ඔවුන්ගේ පවුල් ජීවිත සාර්ථකත්වයට පත්වුණා.
අද වර්තමානයේදී ජ්‍යෙතිෂ්‍ය උපදෙස් පිළිපදින පවුල් සාර්ථක ජීවිත ගත කරන බව ප්‍රායෝගිකව පෙන්වා දිය හැකි බව මගේ අත්දැකීමයි.

කාන්තා නාරි චක්‍රයට අනුව නැකැත් ගැනීමේදී හිසේ නැකත් තුනක්, නාභියේ නැකත් තුනක්, යෝනියේ නැකත් තුනක් විවාහයේදී විවාහක කාන්තාවට අසුභ වන අතර හෘදයේ නැකත් තුනක්, දකුණු වම පියයුරුවල නැකත් අටත්, මුඛයේ නැකත් හතත් විවාහක කාන්තාවන්ට විවාහයේදී සුබ වන්නේය.
මේ ආකාරයෙන් නිවැරදි ජ්‍යෙතිෂ්‍ය සිද්ධාන්තය යටතේ නැකත් මුහුර්ත සාදනය කර විවාහක යුවළ මංගල ගමනට පියමන් කරන මොහොතේ සිවු වරිගයක ඥති මිත්‍රාදීන්ගේ මුවින් උතුරා යන සතුට සන්තෝෂය ඉන් ඉදිරියටත් ඒ අයුරින්ම පැවතීමට නම් දෛවඥයා නිවැරදි සුබ මුහුර්ථ සාදා දිය යුතු අතර ඔබද ජ්‍යෙතිෂ්‍ය උපදෙස් අකුරටම පිළිපැදිය යුතුයි. එසේ නොවුවහොත් සිවු වරිගයක සතුට සන්තෝෂයත් ඔබේ සතුටත් යන සියල්ල ඉතා කෙටි කලකින් ගලක හැපුණු වීදුරු බඳුනක් සේ සුනුවිසුණු වී යා හැකියි. මේ නිසා නිවැරදි දෛවඥයන් සොයා ගැනීම ඔබේ වගකීමයි. එසේ වීමෙන් ඔබත් ඔබේ ජීවිතයත් බැබලේවි. ශාස්‌ත්‍රයත් බැබලේවි. ජ්‍යෙතිෂ්‍ය යනු බැබලීමයි. දීප්තිමත් වීමයි.
We found this article from Divaina on 2014/03/16.