වගුවකට සීමා නොකළ යුතු පොරොන්දම් විනිශ්චය

2648
පොරොන්දම්
පොරොන්දම්

[ratings]

විවාහයක පොරොන්දම් පරීක්‍ෂා කර බැලීම හෙවත් විවාහයට සුදුසු දැයි පරීක්‍ෂා කර බැලීමට ගැඹුරු ජ්‍යෙdතිෂ දැනුමක්‌ අවශ්‍ය වෙයි. පොරොන්දම් ගැලපීමේ ශුභ අශුභ වගුවකට මුවාවී ඒ කටයුත්ත සිදු කිරීම භයානකය. ආයුබල, රැකියා බල, දරුපල යහපත්ව හා විඳ දරා ගැනීමේ ශක්‌තියත්a සදාචාරබවත් කේන්දරය තුළින් හඳුනාගෙන ඉන්පසුව දෙදෙනාගේ සිතැඟි හා රුචි අරුචිකම් විමසීම් වස්‌ පොරොන්දම් පරීක්‍ෂා කළ යුතුයි. පොරොන්දම් ගැලපීම සඳහා කේන්ද්‍ර දෙකක්‌ ඉදිරිපත් කිරීමේදී මෙයින් පළමුවෙන්ම විමසා බැලිය යුත්තේ දෙදෙනාගේ ආයුෂ ගැනයි.

සාමාන්‍යයෙන් ලග්නාධිපතියාත් රවි හෝ සඳු බලවත් නම් දීර්ඝායුෂ ලැබීමට හේතුවන අතර පහත සඳහන් යෙදීම් ද යහපත් ආයුෂ තත්ත්වයක්‌ ලබාදෙයි.

1. සාමාන්‍යයෙන් ලග්නාධි-පතියාත් රවි හෝ සඳු බලවත් වේ නම් දීර්ඝායුෂ ලැබීමට හේතුවන අතර පහත සඳහන් යෙදීම් ද යහපත් ආයුෂ තත්ත්වයක්‌ ලබාදෙයි.

2. 3 අධිපති හා 8 අධිපති බලවත් වීම.

3. ලග්නාධිපති හා 10 අධිපතීන් කේන්ද්‍රගත වීම.

4. 2 වැන්නාධිපති හා 8 අධිපති කේන්ද්‍රගත වීම දීර්ඝායුෂ ලැබීමට හේතු වන අතර මෙම දෙදෙනා 2, 5, 8, 11 නම් මධ්‍යම ආයුෂද 3, 6, 9, 12 නම් අල්ප ආයුෂ ද ලබාදීමට හේතුවෙයි.

5. ලග්නය තිර රාශියක්‌ වී එහි අධිපති චර රාශියක සිට කේන්ද්‍ර ගත වීම.

6. ලග්නය චර රාශියක්‌ වී එහි අධිපති තිර රාශියක සිටීම කේන්ද්‍ර ගත වීම.

7. සෙනසුරු 8 අධිපති සමග යෝගවීම.

8. ලග්නය තිර රාශියක්‌ වී එහි අධිපති චර රාශියක සිට එහි අධිපති ලග්නගත වීම.

9. ලග්නය චර රාශියක වී එහි අධිපති තිර රාශියක සිට එම අධිපති ලග්නගත වීම.

පොරොන්දම් 20 න් නියෝජනය වන විශේෂ ගුණාංග

නැකැත් පොරොන්දමෙන් සැපසම්පත් ද

ගණ පොරොන්දමෙන්- ප්‍රීතිය හා සතුට ද

මහේන්ද්‍ර පොරොන්දමෙන් – දරු සම්පත්ද, දීර්ඝායුෂ ද

ස්‌ත්‍රී දීර්ඝ පොරොන්දමෙන් – තෘප්තිමත්භාවයද

යෝනි පොරොන්දමෙන් – ගැලපීමද

රාශි පොරොන්දමෙන් -ගතිගුණද

රාශ්‍යාධි පොරොන්දමෙන් – ප්‍රතිපත්ති හා ධනවත්භාවයද

රඡ්ජු පොරොන්දමෙන් – නිරෝගීභාවය හා අදහස්‌ සඵල වීමද

වශ්‍ය පොරොන්දමෙන් – දෙදෙනා අතර ඇල්ම බැඳීම හා දයාවද

වේධ පොරොන්දමෙන් – දරු සම්පත්, ධන සම්පත්, කරන කියන කටයුතු පිළිබඳවද

වෘක්‍ෂ පොරොන්දමෙන්- කායික ශක්‌තියද

ආයුෂ පොරොන්දමෙන්- ආයුෂ ගැනද

පක්‍ෂි පොරොන්දමෙන් – මිත්‍රත්වයද නැතහොත් දෙදෙනාගේ කායික මානසික තත්ත්වයද

පංච භූත පොරොන්දමෙන් – තුන්දොස්‌ පිළිබඳව ද

ගෝත්‍ර පොරොන්දමෙන් – අදහස්‌වල සමානත්වයද

වර්ණ පොරොන්දමෙන් – මාන්නය/ අධිමාන්නයද අධ්‍යාත්මික ගුණ වගාව පිළිබඳවද

ලිංග පොරොන්දමෙන් – හැසිරීම හෙවත් දෙදෙනාගේ රසාස්‌වාදය පිළිබඳව ද

නාඩි පොරොන්දමෙන් – දෙදෙනාගේ රුධිර තත්ත්වය ගැනද

දින පොරොන්දමෙන් – දෙදෙනාගේ ගති පැවතුම්වල සමානත්වය හා ධනවත් වීම පිළිබඳව ද

ග්‍රහ පොරොන්දමෙන් – සමස්‌ත ගැලපීම පිළිබඳවද විමසීමක්‌ කරයි.

පොරොන්දම් දෝෂ භංගවීමේ විධි

01. නැකැත් පොරොන්දම නොගැලපුණත්

සග දෙදෙනාගේම සඳු පුරපක්‍ෂය බලවත් වී සිටීනම් දෝෂ භංග වේ.

සසග මනාලියන්ගේ නැකතේ සිට මනාලයාගේ නැකත අතර වෙනස 18 ට වැඩි නම් දෝෂ නොසලකා හැරිය හැක.

02. ගණ පොරොන්දම – දෙදෙනාගේම රාශි රාශ්‍යාධිපති පොරොන්දම් දෙක සුබ වීමෙන් ගණ දෝෂ භංග වෙයි.

03. යෝනි පොරොන්දම – දෙදෙනාගේම රාශි රාශ්‍යාධිපති හා ලිංග යන පොරොන්දම සුබ වීමෙන් යෝනි දෝෂ පහව යයි.

-4. රාශ්‍යාධිපති පොරොන්දම – දෙදෙනාගේම නැකැත් හා රාශි පොරොන්දම සුබ වීමෙන් රාශ්‍යාධිපති පොරොන්දම දෝෂ භංග වෙයි.

05. රඡ්ජු පොරොන්දම – රාශ්‍යාධිපති හා මහේන්ද්‍ර පොරොන්දම් සුබ වීමෙන් රඡ්ජු පොරොන්දම දෝෂ පහව යයි.

06. නාඩි පොරොන්දම් – රාශි රඡ්ජු පොරොන්දම් දෙක ගැලපීමෙන් නාඩි දෝෂ පහවී යයි.

07. වර්ණ පොරොන්දම – රාශ්‍ය- රාශ්‍ය රාශ්‍යාධිපති, වශ්‍ය පොරොන්දම් සුබ වීමෙන් වර්ණ පොරොන්දම් දෝෂභංග වෙයි.

08. වශ්‍ය පොරොන්දම – රාශි, රාශ්‍යාධිපති පොරොන්දම් සුබ වීමෙන් වශ්‍ය පොරොන්දම් දෝෂ භංග වෙයි.

09. මහේන්ද්‍ර පොරොන්දම – නැකැත් පොරොන්දම් සුබ වීමෙන් මහේaන්ද්‍ර පොරොන්දම් දෝෂ භංග වෙයි.

10. ග්‍රහ පොරොන්දම – කේන්දරයේ බලවත්ව සිටි ගුරුගේ දෘෂ්ටිය ලැබීමෙන් ග්‍රහයාගේ පාපී භාවය ද නැතිවෙයි.

11. ලිංග පොරොන්දම 8 වැන්න හා 8 අධිපති සුබ වීමෙන් ලිංග පොරොන්දම නැතිවෙයි.

12. වෘක්‍ෂ පොරොන්දම 5 වැන්න හා 5 වැන්aනාධිපති සුබ වීමෙන් වෘක්‍ෂ පොරොන්දම නොගැලපුණත් එතරම් බලපෑමක්‌ නැත.

විවාහයට බලපාන අසුබ පිහිටීම්

ස්‌ත්‍රිය හෝ පුරුෂයා මිථුන, කන්‍යා, ධනු, මීන යන උභය රාශියකින් උපන් වීම, රාහු/කේතු හෝ 7 වැන්නේ සිටීම විවාහය කඩාකප්පල් වෙයි.

¥ ධනු හා කන්‍ය ලග්න හිමියන් විවාහ කීපයක්‌ කර ගනී.

¥ මිථුන ලග්න හිමියන් විවාහය අසාර්ථක වෙයි.

¥ මීන ලග්න හිමියන්ගේ විවාහය ගිනි ගොඩක්‌ වෙයි.

එහෙත් බලවත් ගුරු 3, 11 සිට ත්‍රිකෝණ දෘෂ්ටියෙන් 7 දැකීම ගුරු 1, 5, 9 යන ත්‍රිකෝණ ස්‌ථානවල සිටීම එසේ නැත්නම් එම රාහු ගුරු සමග සිටීම හා කේන්දර දෙකේම රාහු / කේතු ලග්නයේ හෝ 7 වැන්නේ සිටීම යන හේතු මත විවාහය කඩාකප්පල් නොවේ.

¥ කු/ශ යෝගය ද විවාහය සඳහා අහිතකර යෝගයකි

මෙම යෝගය යෙදීම හේතුවෙන් සහකරුට හෝ සහකාරියට හදිසි අනතුරු ඇති කිරීමට හා විවාහය බිඳ වැටීමට ඇති ඉඩකඩ වැඩියි. බොහෝ විට දික්‌කසාද වීම්, වෙන්වීම් සිදුවන්නේ ලිංගික ජීවිතය හේතුවෙනි. එහෙත් කු/ශ යෝගවීම දෘෂ්ටි ඇති වූ කල විවාහය බිඳ වැටෙන්නේ වෙනත් හේතු මතය. දෙදෙනා අතර අදහස්‌ නොගැලපීම, යම් තීරණයක්‌ ගන්නා අවස්‌ථාවලදී එකඟතාවකට පැමිණීමට නොහැකි වීම, දෙදෙනා විසින් සිදු කරන යහපත් වැඩවලදී පවා ඒවා අගය නොකිරීම ආදී කරුණු මත විවාහය අසාර්ථක තත්ත්වයට පත් වෙයි.

¥ 22 වන දෙර්කාණාධිපති 7 සිටීම හෝ 7 වැන්න පෙනීම විවාහ දිවියට ගැටලු පැනනගින කාරණයකි.

¥ පාප දෘෂ්ටි ලැබ කුජ 22 වන දෙර්කණාධිපතියා වෙමින් 7 වැන්නේ සිටීම ලිංගික දුර්වලතාවන්ට හේතුවකි.

¥ රවි 22 වන දෙර්කාණාධිපතියා වී 7 සිටීම ලිංගික ආශ්‍රිත උෂ්ණාධික

¥ ශනි 22 වන දෙර්කාණාධිපතියා වී 7 වැන්aනේ පාපයන් සමඟ සිටීම අතෘප්තිමත් විවාහ දිවියකට මග පාදයි.

විවාහ කීපයක්‌ සිදුවන යෝග

1. මිථුන, ධනු යන රාශියක ලග්නාධිපති හා 7 වැන්නාධිපති සංයෝග වීම.

2. 7 වැන්න මිථුන, ධනු, මීන යන රාශියක්‌ව එම ස්‌ථානයේ සිටින ග්‍රහයන් එම ලග්නාධිපතිට සුබ දෘෂ්ටි හෙලයිනම්

3. 7 වැන්න මිථුන, ධනු, මීන රාශියක්‌ව සිට එම ස්‌ථානයේ සිටින ග්‍රහයන්ට රාහු හෝ සඳු දෘෂ්ටි හෙලයි නම්

4. මිථුන, කටක, වෘශ්චික, ධනු, මීන යන රාශියක රවි හෝ සඳු සිට 7 වැන්නේද කුජ, ශනි, යුරේනස්‌ යන ග්‍රහයකු සිටින විට ද,

5. 7 වැන්නේ ග්‍රහයන් කීපදෙනකු පිහිටා තිබීමද

6. මිථුන, ධනු, මීන යන රාශියක සඳු පිහිටා එම සඳු ග්‍රහයන් කීපදෙනකුගේ දෘෂ්ටියට ලක්‌වේ නම් එයද විවාහ කීපයක්‌ සිදුවීමට හේතු වන්නකි.

වෙනත් අසුබ පිහිටීම්

1. පුරුෂ කේන්දරයෙහි 7 අධිපති හෝ 2 අධිපති සිකුරු සමඟ 6, 8, 12 යන ස්‌ථානයක පිහිටි විට යම් පමණ පාපයන් විසින් දකින්නේද එපමණ ස්‌ත්‍රීන් ප්‍රමාණයක්‌ නැසීම හෝ අත්හැරීම හෝ සිදුවේ.

2. පුරුෂ කේන්දරයෙහි 7 අධිපති පාපයන් සමග 5 වැන්නාධිපති ද සිකුරු ද දුර්වල නම් නැතිවීම දරු ගැබක්‌ පිහිටි කල නසී.

3. ස්‌ත්‍රී කේන්දරයට මේෂය හෝ වෘශ්චිකය 8 වැන්න හෝ 12 වැන්න වී එම ස්‌ථානයක පාපයකු සමග රාහු සිටි කල උන් තැනැත්තිය සමාජ වියෝව ඇත්තියකි.

4. 7 අධිපති රාහු හෝ කේතු සමග අනුව ස්‌ථානයක සිට සුබ දෘෂ්ටි නොලබයි නම් තම භාර්යාව තමාට වසදී මැරීමට තැත් කරයි.

5. ස්‌ත්‍රී කේන්දරයට 7 වැන්නේ සුබයෝ පාපයෝ මිශ්‍ර වී සිටී නම් තම නීත්‍යනුකූල පියා අත්හැර වෙනත් පුරුෂයන් සමග වසයි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here